2016-01-02

පොඩි මෑන් ප්‍රසැන්ට් - අති විශේෂ ( DCSL) ජනෙල් සුප්


සිංහල බ්ලොග් අවකාසයේ  සූප සාත්‍රය පටන ගත්තේ .. මං දන්නා තරමින්  " මාරයාගේ  හෝරාවය "

දේස දීපාංකරේ සිංහල කෑම ඒලක උක විදින උන් පමනක් නොව  අපේ ඛේට දාතුවද ස්මයිල් අන කෑම ජාති  එක එක එවුවා හදාගෙන පොර මේකේ ඇලෙවුවාය ...

පස්සෙ පස්සෙ ඔය ලෙඩේ  බොගෙත් .. බුකියෙත් සීග්‍රයෙන් පැතිර ගියෝය ...

බුකියෙත් , ටීවී එකෙත්  කෑම ජාති මොන යකා මොන ලෝකේ හදපුවාදැයි මටනං තේරෙන්නෙ නැත ...

ටීවී එකේ ද අර සරණිය මේ පවනියා කියා එකසිය ගානට කුකරි ප්‍රෝග්‍රෑම් යනවාය. 

අපේ ගෙදර උන්දලාත් පොත් පෑන් පැන්සල් තියාගෙන...ලියාගෙන ... ඕවා බලනවාය 
ඒත් හදපු මළ බතක් මතක නැත ...

ඕන්න ටික කාලෙකට ඉහතදීනං , සුදු උස තොප්පියක් දැමූ මිස්ටර් ඕපාත අංකල් කියාලා දුන්න විදියට එලෝලු රොටි හැදුවා මතකය ...

හැඩේ පොඩ්ඩක් ලෙඩේ වී තිබුනත් රසනං එකසියගානට මරුවට තිබුනාය . ඒත් ඉතිං එලෝලු රොටි හදන්නට ගලදාරී හෙඩ් චෙෆ් උවමනා නැත . හංදියේ බේබි අයියාගෙ කඩේ ආප්ප මල්ලිගෙන් ඇහුවානං .. 

එලෝලු රොටි විතරක් නොව බිත්තර රොටි , මස් රොටි , මාලු රොටි , ගෝදම්බ රොටිය දකවා පට් ගාලා කියා දෙනවාය ...

රොටියේ අවුට් ලේයර් එකේ ගෝල්ඩන් කලර් එක ප්‍රොටෙක්ට් කර ගැනීමට , නන් ෆැට් බටර් පින්සලෙන් ගා සොෆ්ට් ටිෂූ එකක ඔතා මයික්‍රොවේවු එකේ පැරන් හයිට් 130 තර්ටි මිනිස්ට් බේක් කර ගැනීමට කරදර නොවී ආප්ප මල්ලී ... , ඇලුමිනියම් මේසයේ අතුරා , නවා පිටි පොඩ්ඩක් දියිකරගා අලවා සිස් ගාල තැටියට විසිකොට ඇගිලි දෙක පුකේ පිහිදාගන්න ලේසි ක්‍රමය කියා දෙනවා ඇත ....

මුන්ට ඕවා නොතේරෙන්නේ මන්දැයි මට තේරෙන්නෙ නැත ...

තවත් බොහෝ කලකට ඉහතදී දවසක් .... 
මාලුවෙකු ගෙන්වා .. උගේ බඩ පලා .. අරමා මේවා ඔබා ... 
ඉසුරු නොබ් දෙකක් ගසා .. වෙලේ පාස් ඔයිල් ගල්වා පැය බාගයක් පමන පොඩි පත්තකින් තට්ටු කරමින් මාලුවාට දෙනු ලබන මසාජ් එක මොකද්දැයි ඇහැ දංකුඩ කරගෙන මම බලාගෙන සිටියාය ..

ඊට පසු ඌ පෙති කපා බැද රවුන් කොට පුප්පවා ... ගුලිකොට බෝල බෝල කොට අවන් එකේ දැමුවාය ...
මගේ ඇස් බෝල කුස්සිය පුරා බම්ප්වෙනු දැක

" අපි _ෆිශ් ඩුග්ලරි_හදනවායැයි කුස්සියෙන් උත්තර ලැබුනේය ... "

මොන ලැරිය හරි අලුත් කෑමක් කෑමේ චිත්‍තක් ප්‍රමෝදයෙන් යුතුව ඇග පත සෝදා මේසට ආ කල වෑන්ජන දෙකකුත් කටලටුත් බතුත් තිබෙනු දැක මගේ ෆිශ් ඩුග්ලරියට කුමක් සිදු උනාදැයි බියෙන් මම විලාප තැබුවෙමි ....

අවසානයේ ලගට පැමිනි පිස් ඩුගලරි නිෂ්පාදිනී ... මා කටලට් යැයි රැවටුනේ අසවල් ඩුග්ලරියට බව මට තරයේ කරුනු පැහැදිලි කරමින් කියා දුනි ...

හැඩයැනුත් රසයනුත් වෙනසක් නැති .. උපන්දා සිට කට්ලට් යැයි හදුන්වා දුන් රවුම් බෝල කෑම විෂේශයක් " ෆිස් ඩුග්ලරියැයි " කියා බඩපුරා කා .. අතුරුපසට ඇල්ටොනික් වීදුරුවකින් සන්තර්පනය වී එදා රාත්‍රිය සතුටෙන් අප සැම නින්දට ගිය හැටි මගේ මතකයෙ අද වගේ නොමැකී සටහන්ව තිබේ ....

ඉස්සර ඕපාත අංකල්ලා පබිස්ලිස් සීයලා වැඩ දැම්මාට දැන් දැන් , එක එක චෙෆ් අයියලා අක්කලා මාමලා නැන්දලා සූ ගාලාය...

බුකියෙත් ඕනෑතරම් ඉන්නවාය ..

මේ අල්ල පනල්ලෙ අලුත් කෑමක රෙසිපියක් දා මටත් නිකන් චෙෆ් පට්ටමක් ගසාගැනීමට මට පුල් චුවෑනිස් අයිඩියාවක් පහල විය ...

ඒ අඩියාව පහල වීම නිමිත්තෙත් මෙන්න මං චෙෆ් තුමා කුලුදුලේ ඉදිරිපත් කරන


අති විශේෂ  (DCSL )- ජනෙල් සුප් -


මේ සදහා අපට උවමනවා වෙන්වා පරන ජනේලයක් ...

දැන් මේ කාලෙ කවුරුත් තමන්ගෙ ගෙවල් නවීන පන්නයට හදනවනෙ ...

එතකොට පරන අයින් කරපු ජනේලෙකින් අපිට පුලුවන් රසවත් සුප් එකක් හදාගන්න ...

පරන ජනේලයක් අරගෙන පොරවක් අදාරයෙන් කුඩා කැබලි වලට පලා ගන්න ...
ඊට පස්සෙ ලොකු වතුර මුට්ටියක් ලිපේ තියලා ...

අගල හතරෙ ඇන 100g 
ග්‍රීස් ස්වල්පයක් 
සරනේරු පොඩි කෑල්ලක් ...
දැකල තියෙනව නේද ඉස්සර අර ජනෙල් වල දාල තිබුන පොලු ... 
අන්න ඒ පොලු කෑල්ලකුත් මේකට එකතු කරගන්න පුලුවන්නම් සුප් එක වඩාත් රසවත් වේවි ...

ඊට පස්සෙ ස්පැනර් එකක් අරගෙන මේක හොදට නටනකන් හැදිගාගන්න ... 
ඊට පස්සෙ උනු උනුවෙන්ම පිලිගන්වන්න ...

ඔය කොච්චර එපා කිවුවත් ජනෙල් උඩ නගින දුවන පනින අපේ දග පොඩ්ඩො 
ජනෙල් පඩිය උඩ තියාගෙනම රස ගුන සපිරි

" ජනෙල් සුප් "

කෝප්පයක් බොන්න හරිම කැමති වේවී .......


ටං ටංංනා ......... ++++++++

9 comments:

  1. දාන්ට ආපු එක දැම්මොත් බොරුවක් කියලා හිතයි ද මන්දා...

    මම අද කන ගමන් කිව්වා සිංහල වෙච්ච එකේ වාසියක් තියෙනවා කෑම නිසා
    කියලා...
    ඒත් එක්කම මම කිව්වා සමහර විට අපි පුරුදු වුණ විදියද දන්නේ නෑ කියලා...

    ReplyDelete
  2. පුකෙන්වත් හිනයන්නේ නෑ තොගේ මේ මෝඩ චූන් වලට.

    ReplyDelete
  3. මමත් ඔය සරණි නං බලල තියෙනව ඒත් හදපු ලබ්බක් නෑ.
    මේකවත් හදල බලමු. හැක්..

    ReplyDelete
  4. ජනෙල් විතරද සුප් එකට ගන්න පුළුවන්? දොරවල් එහෙම?

    ReplyDelete
  5. අඩෝ මග දිගට කතාව සේරම දැම්මද තව එන්න තියේද මම 20වෙනකල් කියෙව්වා ඉතුරු ටික හොයන්න නෑනේ

    ReplyDelete