2014-12-22

කාලීන ජාතක බන අංක 01 ... පන්සීය පන්ස් එක් වැනි ජාතක කථා වෂ්තුව ... " නූතන මහින්දාගමන පජාතකය "





ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!

කාලීන ජාතක බන අංක 01 ...  පන්සීය පනස් ජාතක කතා පොතට අලුත් පරිචේදයක් එක් කරමින් ..  පන්සීය පන්ස් එක් වැනි ජාතක කතා වෂ්තුව ....

ඉදිරිපත් කිරීම  හා බෙදා හැරීම ....
_______________හාට්Piercing‬...✿•* සාදර නුග්‍රහයෙන්....

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!

" නූතන මහින්දාගමන පජාතකය ..... "

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!


දේශකයානෝ  ... .. ගූගල් ලන්තේ බ්ලොගර් යායේ   පොඩිමෑන්  සූස්ථිකයානෝ .......

ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං
ඩිංටර රක්ට,, ඩිංටර රක්ට  ,, ඩිංටර රක්ට ,,,  ඩිගටං ඩිගටං ඩිංංංංංංං  ..!!!



යටගිය දවස ඉන්දියන් සාගරේ අමුතු ඇට දීපයේ .. හද්ද පිටිසර ඩොටේ ගමක මහින්ද මහ සහතන් වහන්සේ හිච්චි ඇබින්දන් කොළුවෙක් ලෙස උපත ලැබුවේය ... උන්නාන්සෙගේ කොළු කාලය හා අනිත් කතාවලින් උපාසක උපාසිකාවන්ට ජාතක කතා පොඩ්ඩ බෝරින් වෙන්නට ඇහැකි නිසා  කථාව පොඩ්ඩක් පාස් පෝවඩ් කරනවාය ...

 උන්නාන්සේ පැවදි වී හීනියට ලාවට පිඬු  සිඟා  පාරක් වැඩගෙන වැඩගෙන ...
 බනක් බාවනාවක් කරගෙන හීන් සීරුවේ වැඩගෙන සිටින අවස්ථාවෙ. පෙර සසරෙ කල මහා කුසල කර්මයන් හිටගෙන පඩිසන් දෙන්නට දෙන්නට පටන් ගත්තේය ...

දෙවුදත්තර ඝන්ඨාර සිංහ පරම්පරාවේ බඩේ බායිලා සෙට් එකක් ඒ කාලේ අමුතුඇට දීපයේ තිබූ තඩි සයිස්  ගලක් පෙරලන්න හොද මුක්කුවක් හොයන කොට හොයන කොට ... හිටගෙන පින පඩිසන් දෙන වෙන්ඩ මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ මොකද්දෝ මෙවුවා එකකට සෙට් විය ... 

ඔය දෙවුදත්තරලා සෙට් එක ඊට කාලෙකට ඉහතදී ගල් පෙල්ලන්නට  සංඝායනා පවත්තලා පවත්තලා ...  අමුතු ඇට දීපය තවත් අමුතුකොට පස්සෙ පස්සෙ...... පුක බිම ඇනී  ලාචෝරුවි සිටි බායිලා සෙට් එකකි ... පස්සෙ පස්සෙ  බායිලා  ජටාව වෙනස් කොට  රැවුල් මොඩ් කර අමුතුම ධර්මෙකින් ගල් පෙරලන ගේමට බැස්සේය ... ගල් පෙරලන්නට කියා  උදේ හවස පාන් ගේන්නට  පක්කලි කමේ යන්නට උන් හොයා ගන්නට  හිමාල වනෙන් ගෙනා බලගතු තෙලක් පාවිච්චි කලේය ... තෙල් බිංදුවක් හිසට දාගන්න පූස් පැටවු උවද මාහා  දරුණු බෙන්ගාල වියාග්‍රයන් සේ  කෑ මොර දීගෙන දීගෙන  කඩේ යන්නේය ...  පෙරලෙනා ගලේ ආතල් එක පෙන්නා  දෙවුදත්තර බායිලා උන්ගේ සීනුව ලාවට හොල්ලන්නෙය වනන්නේය  ... පූසෝ කොටි වී කඩේ යන්නේය ...

එහෙම පූසෝ කඩේ යද්දී ගල පෙරලන්නට මුක්කුව විදියට පොඩ්ඩක් පොඩ්ඩක් එහෙන් මෙහෙනුත් ලල් වී සිටි මහින්ද වෙන්ඩ සහතන් වහන්සේ  කැරට් පෙන්නා මුක්කුවට ගෙනත් යන්තං යන්තං  ගැසුවාය ...

බායිලාගේ ගේම හරි ගියාය ... හැබැයි පොඩි පුංචි  හිච්චි .. මේම් මෙතෙක්කිතර අප්සැට් එකක් හිටියාය ...

බායිලා ලුලුම්බා වලින් ගෙනා කැරට් අලේ පිටින් ගිල්ලා ගිල්ලා  වගේ උනාට  අමුතු ඇට දීපයේ ඩොටේ සිට ආ ගමේ බයියා වහන්සේ අලේ දිරවා තනි බෙට්ටට රුන්නාය .. බායිලාගෙ රෙද්දෙ ගියේ  ඒ වෙලාවේය ...

බායිලා දෙකට නැමී බුරිය විකාගෙන විකාගෙන පල්ලන් බැස්සාය ... පල්ලන් බහින බායිලාට ලුලුම්බා වලින් ගෙනා කැරට් වලට වඩා අමුතු  ඇටේ  දීපයේ ගමේ බයියා වහන්සේගේ ගමේ හේනෙ කැරට් පෙන්නා  බායිලාගේ සීනුවේ සද්දෙ දාන පුංචි කෑල්ල  වෙන්න සහතන් වහන්සේ බා ගත්තාය ... එකෙන්ම  බාගත්තාය

එදා බාපු සීනුවේ සද්දෙ එන කෑල්ලත් චාටර් වෙවී වෙවී හෝ තාමත් සද්දෙට උන්නාන්සේගෙ බනේ තාලෙට  හෙලවෙනවාය ...

උන්නාන්සෙ ගානට බන තලනවාය
සීනුවේ ගැලවිච්ච කෑල්ල  හෙලවෙනවාය ...

බන තලනවාය
සීනුව ගැලවිච්ච කෑල්ල  හෙලවෙනවාය ...

හෙලවි හෙලවී  තවුතිසාවේ වැඩ වාසය කරන ගූගල් මහා දිව්‍ය පුත්‍රයාටත් ගේම දාන්නට ගොස් බැරිම තැන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ වටා පතේ මිටෙන් පුංචි කෑල්ලට ටොක්කක් ඇන්නාය ...

ඒක නිසා දැන් කෑල්ල හෙලවෙන්නට කලින් වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ දිහා පොඩ්ඩක් පොඩ්ඩක් බලනවාය ...

කොහොම කොහොම හරි මුක්කුවට ගහපු වෙන්ඩ සහතන් වහන්සේ මුල් ඇදලා පැලවෙද්දි ..  ආයෙත් හිටගෙන පෙර පින පලදීගෙන පලදීගෙන ගියාය ...

අමුතු ඇටේ දීපයේ  ඇටේ උඩ කෑල්ල ඉල්ලා සද්දෙ දාගෙන දාගෙන ආව  එළාර අංකල්ට ගේමක් දෙන්නට පැළවේගෙන යන වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ කම්පනාවට ආවාය ...

උන්නාන්සේ වහාම ගමේ චන්ඩියා  මරුමුස් කලවැද්දා මාමාව චැනල් කරේය  ... කොටන තුවක්කුව වෙනුවට පතුරන් තුවක්කුවක් දී ... අමුඩෙ වෙනුවට මඩකලපුවේ එලකිරි බතික් සරමක් ඇන්ඳුවාය .... එකෙන්ම  ඇන්ඳුවාය  ...

කල්වැද්දා මාමා සැර වැඩ්ඩාය ... සැර වැඩ්ඩා කලවැද්දා මාම සරම ගැහුවට පස්සේ තට්ටම් වැසී  පුල් සැටිස් වී ගේමට බැස  එලාර අංකල්ගේ වෙලට පැන සිල්ප දක්වාගෙන දක්වාගෙන ගොස්  හොම්බ  රිවට් වෙන්න ඇන බෝක්කුවේ ඔබාගෙන ඔබාගෙන  ගේම දුන්නාය ...  එලාර අංකල්ට ඇඩ්‍රස් නැති වී බෝක්කුවේම හොත්තේය ...

එලාර අංකල්ගේ බලු පැටවු ටික එහෙ මෙහෙ වාශ්ප වෙද්දී වෙද්දී  .... ගේම කම්පනාවට ආ වෙන්ඩ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ... ලාවට පැලවේගෙන පැලවේගෙන  ආ මුක්කුව...,  වහා අහසට පැන පෙලහර පා .. රශ්මී විහිදුවා .... දහසකුත් ජහමනයාගේ  සාදුකර මැද මහා ජිජ්ජකූට පර්වතයේ සේ මහා විසාල කලු ගලක්ව.... උතුම් වූ මහරහත්බව ලැබ අමුතු ඇටදීපයේ මද්‍යයේ අරලිය පවුවේ  හොත්තේය ....

ජහ මනයා සාදු කාර දුන්නේය.... එකෙන්ම ....
දුන්නේය  ... !!!

බායිලාගේ කට ඇරී  දිව හැපී දෙඇස් මොරගෙඩි සේ දොට්ට පැනන අතරේ ... දළ හැලී ගිය නාකි අලි සෙට් එක නැට්ට පෑගී වසුරු වගුරවා  මුමුනමින් මුමුනමින් බලා සිටි මළ සේක ....

ඔය අල්ලෙ පනල්ලේ එලාර අංකල්ට ගේම ගැසූ  කළවැද්දා මාමා,,,, මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේම  දීපු මඩකලපු සරමම  උස්සාගෙන උස්සාගෙන පුක පෙන්නාගෙන පෙන්නාගෙන පැවදී වී ... එලාර අංකල්ට ගේම ගැසූ පිනෙන්  තමා උතුම් වූ අරහත් ඵලයට පත්වෙන බව කියා අමුතු ඇට දිපයේ එහේ මෙහේ යමින් දුෂ්කරක්‍රියාව ඇරඹුවාය ....

අමුතු ඇට දීපයේ සිටින්නෙ අමුතු ජහමනයාය .. පරණ  ඇටේ පරන  වෙද්දි පරණ වෙද්දී  ඕනෑම ඇටේකට ජිල්මාට් වීම අමුතුඇට දීපයේ ජහමනයාගෙ හැටිය ...  ඒක නිසා සරම උස්සාගෙන පුක පෙන්නා පැවදි  කල්වැද්දා මාමාට එකෙන්ම එක දෙන්නට  ලාවට පටන් ගත්තාය...

පෙර සසර පුරුදු කර ඇත්තා වූ ගල් පෙරලීමේ මහා අකුසලයම මුල් කරගත්තාවූ  ලුලුම්බාවේ කැරට් කෑ රැවුල් ජී බඩේ බායිලා ආයෙත් ගල පෙරලන්නට මුක්කුවක් හොය හොයා යන අවස්ථාවේ කලවැද්දා මාමාගෙ රැස්පොට් දැක පෙර පරිදිම කැරට් පෙන්නා  සෙප්පඩ නාකි වේගෙන යන අලිද කැන්දා මහත් වූ උත්සවත්ශීයෙන් පෙරහැර කරවා මුක්කුවට ගැසුවාය .... එකෙන්ම ....
ගැසුවාය .....

එපමනක්ද නොව පොකුනක් සාදවා ... කලවැද්දා මාමාට  මඩ කෙලින්නට කෙලින්නට හැර පාලුවට පොඩි හංස පැටියෙකුත් ගෙනත් දැම්මාය  ...

එහෙත් ....
දත විකා බඩ උලා ගැසූ ගේම ලාචෝරුවෙන බව මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේගෙ  ලෝකවිදූ ...  තුන්කල් දක්නා ණුවනට ඊට කලින්ම ලාවට  පෙනී පෙනී  ගියේය ....  එවකට පහලවී සිටි බඩ බැදගෙන ආවා වූ අගසවුවන් වහන්සේලාද  මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේට පෝර දැම්මාවූ මළ සේක ......


එකල්හි ....
 අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තමාගෙ අමුතු ඇට දීපෙම පදිරි... එරිදි බලෙන් හීන් සීරුවමේ නූලක් මතුරවා කලවැද්දා මාමට මළපෙරේතයෙක් බන්දවා
බෝතලේක සිරකොට ඇඩ්‍රස් නැති කරාය .... එකෙන්ම .....
කලවැද්දා මාමාට හොදටම කරාය  ....

රැවුල් ජී බඩේ බායිලා මැද කෑල්ල නැති  සීනුව හොලවද්දී හොලවද්දී .. නාකි අලි තටමද්දී තටමද්දී ... ජහමනයාද පොඩ්ඩක් අබ්ලික් වේගෙන වේගෙන  ආවේය ...

මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ ඒ පුර පසලොස්වක පෝය දා ... සෙට් එක ගෙන අරලිය පවුවට වැඩමවා අප්සට් වී  කවදත් එදා වේලට මොණර දඩයමේ  යමින් සිටි ජහමනයා ඇමතුවාය .....

මුලදී මුලදී බඩේ බායිලාගෙ තෙලෙන්ද  අලි මන්තරෙන්ද කුලප්පුවී සිටි ජහමනයා ...අප මහ සහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ බණ අසා  සෝවාන් ගානට කිට්ටුවට ආවාය ...

එහිදී ජහ මනයාගේ දැණුම පරික්සා කර බලන්නට සිතූ උන්නාන්සේ මහින්ද මහ සහතන් වහන්සේ  මෙසේ මොණර දඩයමේ යමින් සිටිනා ජහ මනයාට ප්‍රශ්ණාවලියක් ඉදිරිපත් කල සේක ...

" ජහ මනය ...  මේ අලය කුමක්ද  ...  ?? "
" ස්වාමීනී මෙය කැරට් අලයක් ....  "

" මේ කැරට් අලය හැර වෙනත් කැරට් අල දැක තිබෙනවාද ... .. "  ??
" අම්බානෙක ස්වාමීණී ... අපිට එක එක උන්නාන්සේලා අම්බානෙක කැරට්  අල පෙන්නා තියෙනවා ... "

" මේ කැරට් අලයත් ඒ කැරට් අලත් හැර වෙන අල දැක තිබෙනවාද ....  ?? "
" කොඬලල.. බතලල ... හින්නල .. ගෝනල ... අපෝ සොවාමීනි දැකල නෙවෙයි කාලත් තියෙනවා .... එකෙන්ම හොද නැතුව ගිලල තියෙනවා .... "

" ඒ කැරට් අලත් වෙන කාල තියෙන අලත් හැර ... වෙනත් අල තිබෙනවාද .... .. ???
" ඇයි ස්වාමීනි ... ඔබතුමාගෙ මේ කැරට් අලේ ... " ??

එයින් සෑහීමක පත් නොවූ මහසහතන් වහන්සේ මහින්ද උන්නාන්සේ තවත්  ඒ ජහමනයාගේ දැණුම
පරික්සාකිරීමට සිතා ඉදිරිපත් කල අනිත් ප්‍රස්නාවලියට මත්තෙන් ...

දේශකයානෝ .. සූස්ථියක් සදහා  මද විරාමයික් ලබගන්නා මළ සේක .....

2014-12-20

මල් පිපෙන්නෑ අපේ පැත්තෙ ....


මල් පිපෙන්නෑ අපේ පැත්තේ ...
වෙනද වගෙ දැන් රෑවෙලා ...
පාලුවට ගිය පාර අයිනේ
ගෙම්බො ටිකනං රජ වෙලා ...


උඩහ වෙල ලඟ ඇලේ බැම්මේ
තෝරු මෝරුන් යන නිසා ..
පහල දෙවැටේ බෝක්කුවෙ හිටි
හාල් මැස්සො හැංගිලා ...


කොටි වලස්සුයි සිංහයොයි ටික
ලයිට් කනුවල එල්ලිලා ...
උන්ට බුර බුර බල්ලො සේරම
පාර දිගෙ එහෙ මෙහෙ ගියා ...


මලුත් තියලා බණත් අහලා
පිං කරපු උන් විසිරිලා ...
මිනිස් පුලුටක් නෑ රෑට දැන්
සත්තු සර්පයො බෝ වෙලා ..


කන්න දගලන කාල බුදියන
තිරිසනුන් හට ඉඩ තියා ...
කරපු පිංවල බලේ මහිමෙන්
එකෙක් දැන් දෙවුලොව ගියා ...



 ___________________________හාට්Piercing‬
...✿•*