2012-02-01

පංචාංග ලිතෙන් ඔප්පුවන ලංකාවෙ ලෙස්බියන් සීන්.,...


කොටස් වශයෙන් ලියන කතා දෙකක් යනවනෙ මේ දවස්වල  බ්ලොග් එකේ... දැන්  මේ එයින් එකක අන්තිම කොටස ලියන්න කියල වාඩි උනා විතරයි.. අපේ අම්මත් ඇවිත් මගේ ගාවින් වාඩිවෙලා අරක මේක කියන්න ගත්තා... ඔන්න ඔය සීන එක නිසා මම වැඩේ පොඩ්ඩකට නවත්තල සින්දුවක් දාගෙන අම්මත් එක්ක චැට් එකක දාගෙන හිටියෙ මගේ වැඩේ තනියෙන් කරන්න  මම කැමති නිසා... අම්ම ගියාම ලියනව ... මම හිතුවෙ  එහෙමයි...

ඒත් මෙන්න බොලේ එක පාරට මොකද්ද වැටුනා මගේ උරහිසට... මම උඩ විසිවෙලාගියා...බයවෙලා  දඟලලා පුටුවෙන වැටෙන්නෙත් නැතුව අම්ම ඉස්සරහ සරම කඩාගන්නැත් නැතුව ලෝක මාරුවෙන් බේරුනා කියමුකො...

වැටිල තියෙන්නෙ හූනෙක්... නොදකි විතරක්...

හූනත් ඩිම් පුල් වෙලා වැටිච්ච පාරට එහෙමම ඉන්නව හෙලවෙන්නෙ නැතුව බිම...

ඌට ඕනෙවෙලාවක යන්න ඇරල මම ආයෙත් වාඩි උනා පුටුවෙ...

මෙන්න අම්ම කියනව හූනං ඇගවැටීමේ පලාපල බලන්නලු......  මොනවද තියෙන්නෙ කියල...

" ඔක වැටුන කියල මොකද්ද අම්මෙ වෙන්නෙ ...... ඇයි මූ සුර දූතයෙක්ද...... නැතිනං සාතන්ගෙ අවතාරෙද..."

 මම කෑගහල නිකං ඉදියා...

" ඔය නිකන් තියෙන ලිතේ  බලපංකො දරුවො..."

අම්මගෙන් බේරෙන්න බෑ....

" අම්මට ඕනෙනම් බලාගන්න.. මට වැඩක කරගන්න දීල... "

මම එහෙම කියල ආයෙත් මොනිටරේට මූන ඔබාගත්තා...

අම්මත් කාමරෙන් එලියට ගියා ආයෙ මොනවත් නොකියම.. ඔන්න දැන් මේක ලියල දාන්න පුලුවන්.. එහෙම හිතාගත්තට ආව මට පොඩි පහේ චූ බරක්...   බරවල් තියාගෙන මේක ලියතෑකිද...  ඕක දාල එන්න ඕනෙ...

මමත් ගියා බාත් රූම් එක පැත්තට...

මෙන්න මම යනකොට අම්ම කුස්සියේ බිත්තියේ අලවල තියෙන ලිත බලනවා... ....

මම එතනින් යනකොටම අම්ම හිනාවෙලා යන්න ගියා.. ... අම්ම මහ කින්ඩි හිනාවක් දාපු නිසා යනගමන පැත්තක තියල මමත් ඔන්න ඔහේ එබිල බැලුවා ලිතට...


හූනං ඇගවැටීපේ පලාපල... 

නළල- තානාන්තර
හිස -කලහ
බැම- රජුන්ගේ බුහුමන්
මුහුණ - බන්දු දර්ශන

යකෝ හූනෙක් වැටෙන්න ඕනෙද අර අල්ලපු වැටේ ඉන්න හරක් බන්දුව දකින්න... දවසට දහ දොලොස් වතාවක් ඕකා බුලත් කහට දත්සැට් එක පෙන්නල විරිත්තනවනෙ... හූන කෙසේ වෙතත් ඕක රෑකට දැක්කොත් මහසෝනෙක් වගේ වෙයි...
 
මට ඒවයින් වැඩක් නෑනෙ.....කෝ මේ වම් උරහිස.... මම හොයාගෙන හොයාගෙන යනකොට මෙන්න තියෙනව බඩු...

යකෝ චූ බර වාස්ප උනා... ආව ආතල් එකට....

වම් උරය - ස්ත්‍රී සැප

ෆුල් ආතල්...

මට හිනා ගියා මහ හයියෙන්... අම්මත් මරුවෙලා ගියා යන්න....

ආයෙත් කාමරේට ඇවිත්  ඇවිත්  උන මට ආවෙ බ මට ආවෙ මාර ප්‍රස්නයක්...

ඔක්කොම දමලගහල මේක ලිවුවා ප්‍රස්නෙ නිරාකරණය කරගන්න...
දැන් මේකයි ප්‍රස්නෙ...

ඕකෙ පුරුසද ස්ත්‍රීද කියල නෑනෙ... එතකොට ස්ත්‍රී පරානෙක වම් උරහිසට හූනෙක් වැටුනත් ස්ත්‍රී සැපද... ?? 

ඔය පංචාග ලිත කියන්නෙ සෙල්ලම් පහේ බඩුවක්ද.. අවුරුදු නැකතෙ ඉදල අරකද මේකද හැම එකකම තියෙන්නෙ ඕකෙනෙ...ඒක නිසා වැඩේ ඇත්ත වෙන්න ඇති...

අනික ඉතිං හූන කිවුව වගේ කියන්න නිකන්යැයි... බලං ගියාම  පංචාංග ලිතෙන් ඔප්පු වෙනවනෙ ලංකාවෙත් ලෙස්බියන් සීන් තියෙනව කියල...

ආයෙ හෝදන්න දෙයක් නෑ... හූන කිවුව වගේම තමයි....


ම්ම හිතන්නෙ කොල්ලොන්ගෙ වම් උරහිසට වැටෙන්නෙ  නොකන හූනො වෙන්න ඇති... එතකොට කෙල්ලොන්ගෙ... ??

77 comments:

  1. ලිතේ පුරුශසැප කියල එකක් එහෙම නෑනෙ?. එහෙනං බයවෙන්න දෙයක් නෑ

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතිං අපේ උන් හූනො අල්ලගෙන ගිහින් කෙල්ලොන්ගෙ ඇගට විසි කරාවි

      Delete
  2. matath ooka una bro.. mona hu**K wath une na :P

    ReplyDelete
    Replies
    1. ඒ කියපු එක හැර වෙන්ත් සැප තිබේ.... ;)

      Delete
  3. දැන් ඉතින්, ඕක මීට කලින් ලැබිල නැතෙයි ..? ස්ත්‍රි සැප ....

    ReplyDelete
    Replies
    1. ඕනෙ නැති ප්‍රස්න අහන්න එපා...

      Delete
  4. අපි එනවනම් එන්නෙ එලිපිට හරි... හූනන්ගෙ වෙස් අරන් එන්නෙ නෑ... උඹට ඔය කියන සැප ලැබුනොත් කියපන්කො... ;)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මම කිවුවෙ... හා මම කියන්නංකො...

      Delete
  5. ඇයි වදේ හූනට ගෑණු පිරිමි අඳුනන්න පිලිවන්නෙව..... ඌ බලලා පනිනව ඇත්තෙ...

    ReplyDelete
    Replies
    1. පනින හූනො ගැන නං මම අහල නෑ නොකන හූනොනං ඉන්නව...

      Delete
  6. මේ මචං.. චූ කරලා ඉදපං.. :D

    ReplyDelete
    Replies
    1. උබේ කමෙට් එක දැක්කාම දැම්ම ගිහින්...

      Delete
  7. අපෙත් කුස්සියේ බිත්තියේ අලවල තියෙන්නේ "ලිත"

    පට්ට චින්තනය බොල. ඇත්ත තමා... හූනෝ කේස් වලින් බ්ලොග් පිරෙයි වගේ. ලගදිත් හූනු කතාවක් බැලුව ‍බ්ලොගක.

    මාත් දාගන්ට ඕනේ අහවල් එකෙක් අහවල් තැනට !

    ReplyDelete
    Replies
    1. අහවල් එකේ අහවල් එක තමයි තියෙන්නෙ... හරියට හරි

      Delete
  8. ඉස්සර දවසක් මගේ උර හිසටත් හුනෙක් වැටුනා බං. අපරාදේ කියන්න බැ හිටපු එකිත් වෙන කෙනෙක් කසාද බදාගෙන ගියා. පරිස්සමින් හිටපන් කොලුවෝ.මේ කලියුග කාලේ ඔක්කොම වෙන්නේ අනිත් පැත්තට.

    ReplyDelete
    Replies
    1. උඹ දන්න බම්බුව... ගිහින්බලපං ලිත උබේ වැටිල තියෙන්නෙ අනිත් උරහිසට දකුණු උරහිසට... එතකොට තියෙන්නෙද
      දීර්ගායු...

      ඉතිං බොරුද... ???

      Delete
  9. එ මේ බිත්ත්යේ යන හුනො අරගෙන උරහිසේ තියා ගත්තොත් ඔක හරියනවද දන්නේ නෑනෙද...?

    ReplyDelete
  10. දැන් කස්ටිය හූනා වැටෙනකන් වම් උරහිස අල්ලන් ඉඳියි. ඔය හූනා ගැන කතා බෝහෝය. හුදී ජන පහන් සංවේගය උදෙසා මෙහි ලියනවාය.
    හූනා නොකන්නේ රෑටය...
    හූනත් මුත්තත් එක වගේය..
    හූනාගේ නැත්තේ මයිල්ය...

    ReplyDelete
    Replies
    1. නොකන හූනා කෙදිරිගායි...

      Delete
    2. හූනා චිකන කොට නරි කැලේ දුවයි

      Delete
    3. ඇනෝ ++++ නරි කැලෙන් පිට පනියි කිවුවනං නේද හොද... ??

      Delete
  11. පිස්සු හැදෙන සීන් එකක් නේ..හිකිස්‌...//..
    කොහොමත් ඔකේ මල කොමිටල් ඒවා ගොඩක් තියෙනවා..කිව්වත වගේ මේ රටේ හැම එකක්ම හදන්නේ ඕකෙන් නේද..අපේ රටට බඩුම තමා.

    ReplyDelete
    Replies
    1. අන්න කොල්ල ආව තැනට..... :D :D

      Delete
  12. බිත්තියේ හූනෙක් ඉන්නවද කියලා බලන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. පුලුවන්නම් ඇගට දාගන්න

      Delete
  13. අඩේ කොමෙන්ටුවක් දාන්න ඉස්සල්ලා විනාඩියක් ඉදපන් හූනෙක් හොයාගන්නකම්

    ReplyDelete
  14. ඊයා මේකා කියුවොත් කියන්නේ මේ වගේ එකක් තමයි :/

    ReplyDelete
    Replies
    1. වර්ඹගෙ ඇගටත් හූණො වැටිල තියෙනවද ?

      Delete
    2. අනේ නැහැ බොල. අම්මෝ වැටෙන්නත් එපා :ඩි

      Delete
  15. හිතලා වට්ට ගන්න බැරිවෙයිද දන්නෑ අපිට ඕනි තැනකට...

    ReplyDelete
  16. ඔය ලිතේ බලහන් හූනෙක් අල්ලල දැම්මොත් මිසක් වැටෙන්න ඉඩක් නැති තැන් වලට හුනන් වැටීම ගැනත් ඵලාපල තියනවා, නිකමට හිතල බලහන් ඒ තැන් වලට හුනන් වැටීම ගැන ..ආ.... තව දෙයක් , ඒ එක අවයවයක් යටතේ මරු පලාපලයකුත් තියනවා ,ඒක දැක්කාම හිතට එන්නේ වෙනමම ආතල් එකක් !

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත... ගුදය කියලත් තියෙනව... මම හිතුව ඔය කියන්නෙ ඉතිං පුකට නේද කියල.. මෙන්න පහලින් තට්ටමට වෙනම පලාපල තියෙනව... යකෝ එතකොට ඔය කියන තැනට වැටෙන්න හූනො යනකොට තට්ටං දෙක අතින් පලල් කරගෙන අරක උඩට අල්ලගෙන ඉන්න ඕනෙ...

      Delete
  17. හික්ස්ස්... පොඩි මෑනුත් හිතන එව්වා නෙ?? කොහෙ ගියත් වල් කතාවක්..:p

    ReplyDelete
    Replies
    1. ඇත්තක් කිවුවත් වල් කතාවක්ලු...

      Delete
  18. හූනන් මකන්න දන්නෙ නෑ කියලා කවුද පොරක් කියලා තිබුණා. ඒකයි ඕවා ඔය විදියටම තියෙන්නෙ...

    ReplyDelete
  19. කෙල්ලෙක්ව හොයා ගද්දී අහන්න වෙයි නේද වම් උරට හූනෝ වටිලා තියනවද කියලා...:D

    ReplyDelete
    Replies
    1. එහෙනං වහාම ඒ කෙල්ල අතඇරල දාපං... ඒ කෙල්ලට ලැබෙන්නෙ ස්ත්‍රී සැප :D

      Delete
    2. ඕං අපේ දුමා ඉල්ලන් කනවා.....කොහොමද දුමාගෙන් කෙල්ල සැප ඉල්ලුවොතින්

      Delete
  20. බොරු කතා... කවද්ද අපේ වම් උරහිසට හූනො වැටුනෙ ???

    ReplyDelete
  21. හෙටවත් හුනෙක් වැටියන් වම් උරහිසට.

    ReplyDelete
  22. පොඩි කාලේ ඔය ලිත බලලා යෝනිය කියන්නේ මොකක්ද අහලා තාත්තා කන මිරිකුවා මුත්‍රා යන්න....

    ReplyDelete
    Replies
    1. මමනං ඇහුවෙ නැඹයි යෝනියෙයි වෙනස මොකද්ද කියල...

      Delete
  23. කරුමෙට ඉතාලියේ හූනෝ නෑනේ....

    ReplyDelete
    Replies
    1. ආයෙ ලංකාවට ආවම හූනෙක් අල්ලං පලයං... :D

      Delete
  24. ෂික් .කරුමේ කියන්නේ මෙහේ හූනෝත් නෑ ...ලිතකුත් නෑ ..අහම්ම්බෙන් හරි මොකෙකේ හරි වැටුනොත් ..ඔය කියන ස්ත්‍රී සැප ලබා ගන්න ..ගෑනුත් නෑ ..බන් ..මෙහේ ඉන්න නින්ජලගෙන් සැප ගන්න ගියොත් ..ලොවෙත් නෑ ..පොඩි මෑන් ඔය විස්තර තියෙන්නේ ඈ පයියගේ ලිතේද බන් ...

    ReplyDelete
  25. යකෝ තාම චූ කරේ නැද්ද ?? ස්ත්‍රී සැප ලැබෙන්න කලින් චූ කරල හිටු.. නැත්තම් කරදරයි

    මාතලං +++++

    ReplyDelete
    Replies
    1. උඹ ඕක කිවුවාම මතක උනේ.. බලල තියෙනවද ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට් කියල ෆිල්ම් එකක්... ඒකෙ එක තැනක වැඩේ මැද්දෑවෙදි ඌට චූ බරක හැදිල චූ දාන්න හෙන ගේමක් දෙන්නෙ.... :D :D

      Delete
  26. හූනා රෑට නොකයි.... නොකන හූනා කෙට්ටු වේ.....

    ReplyDelete
  27. අපෝ...ඔය ලිත් වල තියෙන ඒවා ඇත්ත වෙන්න ගියොත් මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන්නෙ නෑ... :P

    කෝ මඟ දිගට?????

    ReplyDelete
    Replies
    1. අරක ඉවර කරල දානං හොදේ...

      සිරාවට අර වුරුදු නැකැත්වල තියෙන්නෙ ගිනිකොන දිෂාව බලා රැකිරක්ෂාවලට පිටත්වනු මැනවි කියල... අපේ ආච්චිලගෙ ගෙදර ඉදිද්දි දවසක් සීය ලිත ඉරුවා... ගෙදර ගිනිකොන දිසාවෙ තියෙන්නෙ කොහිල වලක්,.,,:D

      Delete
  28. පුරුෂ මූලික සමාජේ නිසා 'ස්ත්‍රී සැප' කියල තියෙනවද කවුද දන්නේ? :PP
    ඇත්තට කෝ මග දිගට??? විහඟයා හිටි කියල තාම දුවනවද?

    ReplyDelete
    Replies
    1. හරි මොන මූලික සමාජෙ වුනත් කෙල්ලෙක්ගෙ ඇගට වැටුනොත් ඒත් ස්ත්‍රී සැපද ??? එහෙනම් ගෑනුන්ගෙ අවයව වලට වෙන වෙනම තියෙනව... ඕක තියෙන්නෙ පොදුවෙ..

      Delete
  29. මම හූනන්ට කැමති නැත්තෙ ඔන්න ඔය සාස්තරෙ හන්දමයි ඕන්..

    ReplyDelete
    Replies
    1. ඇයි ජෝන් කැමති පුරුෂ සැප වලටද ??

      Delete
  30. malli oya babala thiyenne panchanga litha nemei . oka awrudu nekath gahala thawa bahubuutha tikak liyala keeyak hari hoyaganna hadapu podi kolayak.. panchanga litha kiyananne loku pothak.. wedi visthara danna kenekugen ahaganna

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද... ඒකෙ ගහල තියෙන්නෙ එහෙමනෙ...

      Delete
  31. මේකනම් හෑල්ලුවට ගන්න එපා පොඩ්ඩෝ... ඔය හූනන්ගේ අනික්වනම් මම දන්නේ නෑ.. ඔය වම් උරේ සීන් එකනම් ඇත්ත.. අපේ අයියා කාරයාගේ උරහිසට හූනෙක් වැටුනා. මම කිව්ව අඩෝ ස්ත්‍රී සැප කියලා. කිව්වත් වගේ පහුවෙනිදා ඌට සෙට් වෙලා හිටපු කෙල්ල ගලේවෙල යන්න පර්මිසන් දීලා. එදා ඉඳන් දිගටම ඌ නානාප්‍රකාරයේ දේවල් ලැබුවා කියලා පත්පොතේ සඳහන් වෙනවා.. ඒ කීවේ උගේ ඩයරියේ...

    ReplyDelete
    Replies
    1. බි. පෙ . සි

      ෆුල ආතල් ඕයි... :D :D

      Delete
  32. හූනෙක්ට පුළුවන්නම් ස්ත්‍රී සැප දෙන්න මාරයිනේ මේ ඒක නෙමෙයි.....ඔය ලිතේ තියෙන්නේ හූනන් ඇඟ වැටීමේ මෙව්වානේ එතකොට මචෝ හූනියන් ඇඟ වැටුනාම මොනා වෙනවද දන්නේ නෑ නේද......ඉක්මන්ට ගිහින් චැක් කොරාපන් ඒ හූනෙක්ද හූනියෙක්ද කියලා

    ReplyDelete
  33. උඹ ඔහොම දෙයක් කියනකන් මීටර් වුනේ නෑ බං....

    ReplyDelete
  34. පොඩි මෑන් මල්ලියෝ
    "නැකතත් හූනාටය" කියලා කියනවා .
    ලංකාවේ "ස්ත්‍රී සැප " තවම නීති ගත කරලා නැති නිසා කෙල්ලන්ට හූනන් ගෙන් පරිස්සම් වෙන්න කියලා තව අලුත් කතාවක් ලියපන් .

    ReplyDelete
    Replies
    1. මල්ලියෝ
      අපි පාසල් යන කලේ කරපු වැඩක් සහ "හුජ්ජ බෝතලයක් " ගැන කතාවක් මම උඹගේ බ්ලොග් එකේ කොමෙන්ට් එකකට ලිව්වා .
      උඹ කියෙව්වද .......උඹගේ වැඩනම් මරු......

      Delete
  35. හූන වැටුනාම ස්ත්‍රී සැප ලැබෙනවනං ස්ත්‍රියක් වැටුනම ලැබෙන්නෙ හූනු සැපද?

    ReplyDelete
  36. සිරා කතාව
    . හූනත් මාර ඩයල් එකක් නේ බං. බූඩිත් ලිතක් හොයාගන්න ඕනේ කොහොමහරි හූනෙක් වට්ට ගන්න උරහිසට !

    ReplyDelete
  37. Incredible! This blog looks just like my old one!
    It's on a completely different topic but it has pretty much the same page layout and design. Outstanding choice of colors!
    My web-site chelsea transfer news falcao

    ReplyDelete
  38. Howdy just wanted to give you a quick heads up. The text in your article seem to be running off
    the screen in Internet explorer. I'm not sure if this is a format issue or something to do with internet browser compatibility but I thought I'd post to let you
    know. The design look great though! Hope you get the issue fixed soon.

    Many thanks
    Feel free to surf my blog chelsea transfer news falcao

    ReplyDelete
  39. An impressive share! I have just forwarded this onto a
    colleague who has been conducting a little homework on
    this. And he in fact ordered me dinner because I found it for him.
    .. lol. So let me reword this.... Thank YOU for the meal!
    ! But yeah, thanx for spending some time to talk about this topic here on your web site.
    Take a look at my website - arsenal transfer news

    ReplyDelete
  40. I for all time emailed this web site post page to all my
    associates, because if like to read it afterward my contacts will too.
    My web-site ; football transfer rumours tottenham hotspur

    ReplyDelete
  41. මාරම මෝඩ අතල එකක් නේද ඔබතුමා ගන්නේ...අනේ පව් අසරණ බූරු හරක් පැටව්. හරකුන්ට දාව ඉපදිලද මන්ද

    ReplyDelete