2012-01-29

"කතාවක් සහ තවත් කතාවක්...... 2 " මම තවම කියනව එයාට මම ඔයාට වශී වෙලා ඉන්නෙ කියල එතකොට එයා කියනව.. ඔවු මම ඔයාට වශියක් දුන්න තමයි කියල..



පලවෙනි කොටස බැලුවෙ නැතිනම්  බලල එන්න...

කතාවක් සහ තවත් කතාවක්......

එතැන් සිට...

වදුරට දැලි පිහිය අහු උනා වගේ මම එක ගත්ත දවසෙ ඉදන්ම කරේ රැයක් දවාලක් නැතුව චැට් කරන එකමයි.ඉස්සර 7.30 ටීවී බලන්න පටන් ගත්ත මම එතනින් නැගිට්ටෙ 9.30 විතර වෙලා.ඒත් මම මේක නිසාම කථා බලන්න යන්නෙත් නැතුව කලේ එක එක අයත් එක්ක චැට් කරපු එකමයි.

එක දවසක් රෑ 7.30 විතර අර මං කලින් කියපු නාකි ආච්චි චැට් එකට ඇවිත් මගේ නමටයි මටයි එක එක ඒවා කිය කියා චැට් කරන්න පටන් ගත්තෙ මට බැන බැන.බොරු ආච්චි කෙනෙක් නේද කියල අහුවාමත් කලේ මට බැනපු එකමයි.පස්සෙ ඉතින් මගෙ ගොන් කමට මමත් හිතා ගත්ත ඇත්තටම ආච්චි කෙනෙක්ද දන්නෙ නෑ කියල

ඊට පස්සේ දවසෙ උදේ මම facebook ලොග් වෙද්දි මම දැක්කෙ නිල් පාට ඇදුමක් ඇඳගත්ත පින්තුරයක් තියෙන පිරිමි ළමයෙක්ගෙ රික්වෙස්ට් එකක්.මම ඒක ඇක්සෙප්ට් කරල ටික වෙලාවකින් ඒ ළමය ඔන්ලයින් ඇවිත් ඉදල මගෙන් මුලින්ම ඇහුවෙ ඔයත් අර පිස්සු ආච්චිගේ යාළුවෙක් නේද කියල.එයා කිව්ව විදියට නම් මගේ ලින්ක් එක එයාට   ආච්චි කියල.මම මුලින්ම දිනෙත්  අදුර ගත්තෙ එහෙමයි.එදා ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල මුලින්ම චැට් කරද්දි මම නිකමටවත් හිතුවෙ නෑ දවසක දිනෙත් මගේ  මුළු ජීවිතේම වෙයි කියල.

කථා කරල ටික දවසකින් දිනෙත් මට එයාගෙ number එකත් දුන්න ඔයාට කැමතිනම් මට කථා කරන්න කියල.ඇත්තටම මම දිනෙත්ට ඒ දවස් වල ගොඩක් ආස කලා.එයා online එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් හිටිය.දිනෙත් කියන කථා වලට මම එයාට පුදුම විදියට ආස කලා. එයත් මට මම තරමට මට කැමති ඇති කියල නම් මම හිතුවේ නෑ ඒ උනත් මම මටවත් හිතා ගන්න බැරි තරමට දිනෙත්ට ආස කලා.ඒ ඇයි කියන්නම මම තාම දන්නෙ නෑ. කොහොම එයාට කැමති හිතුනද කියල මට හිතාගන්නවත් බෑ.මට ලෙඩක් හැදුනත් දිනෙත්ත් එක්ක කථා කලාම මගේ ලෙඩේ හොද උනා.



වෙනද කොළබ ගිහිල්ල ආවම දැනෙන මහන්සිය යටපත් කරගෙන මට ආවෙ තව තවක් ආසාවක්... සමාධිට කොල්ලෙක් ඉන්නව කියල කිවුවට පස්සෙ හිතට දැනුන හැගීම දැන්නම් හිතේන් ගොඩක් දුරට අයින්වෙලා තිබුනත් අවුරුදු පාලවකටත් වැඩියෙ මගේ ලගින්ම ඉදපු කෙල්ලගෙ හිත කවදාවත් දැකපු නැති එකෙක්ට ඇදිල ගිය හැටි දැක්කම මට ඌ ගැනනම් ඉරිසියා හිතුනා..... ඔවු.. ජීවිතේ පලවෙනි වතාවට මට කොල්ලෙක් ගැන ඉරිසියා හිතුනා... මට ඒ වෙනකොට කෙල්ලෙක් ඉදියත් ඉරිසියා හිතුනා...

මගේ ගමන් මහන්සියත් නිදිමතත් පරණ ඩයිරි එකක තිබුන අකුරු ටිකක් ඒ වෙනකොට නැති කරලයි තිබුනෙ... වතුර ටිකක් බීල ඇවිත් මම ආයෙමත් කතාව කියවන්න වාඩි උනා...

ඊලග පුටුව පුරාම ලියල තිබුනෙ සාමාන්‍ය අකුරට වඩා ලොකු අකුරුන් කවියක්...



මගේ මිහිරැති සිහිනේ
දිවා රෑ මා දකිමින්නේ
සිහින ලොව සැරි සරමිනේ
නොදනිමි ආදරයදැයි මේ දැනෙන්නේ....!!!


ඊට පස්සෙ පිටුවෙ ආයෙමත් කතාව.....



  දිනෙත් ඒ දවස්වල NGO එකක මොකද්ද ප්‍රොජෙක්ට් එකක වැඩ කලා..එහේ  ඉන්න කාලේ හොදටම රෑ වෙලා මට කතා කරනකන් මම මගෙ ෆෝන් එක කොට්ටෙ යටින් තියාගෙන නිදා ගන්නව. නිකන් වෙලාවට රෑට ගේ ඇතුලෙ උඩ වහලේ හොල්මනක් එල්ලල ඉදිවි.. හොල්මන් ගේ ඇතුලෙ ඇවිදිනවි.. කියල හිතන් තියෙන ලයිට් සේරම දාගෙන එක කාමරෙකින් අනිත් කාමරේට යන මම එයා කතා කරද්දි  කරුවලෙම මගේ කාමරේ ඉදන් පහල කාමරේට යන්නෙ ලයිට් එකක්වත් දාන්නේ නැතුව. මගෙ කාමරෙට එහා කාමරෙ නිදියන් ඉන්න අම්මට ඇහෙයි කියල.....


ඒ ටිකටනම් මට මහ හයියෙන් හිනා ගියා...  ඉස්සර  පොඩිකාලෙ ම කියන බොරු හොල්මන් කතාවලට මේ කෙල්ල හොටු පෙර පෙර අඩපු හැටි මතක් වෙලා... තාමත් ඒ ගතිය එහෙමමයි එහෙනම්....

" නිදාගන්ව දරුවො... රෑ වෙලා නැද්ද... තනියම කාමරේ ඇතුලෙ  හිනා වෙන්නෙ.... "

අම්මත් මම හිනාවෙන හඩ ඇහිල කිවුවෙ කාමරේට එබිල... මෙච්චර වෙලා ඇදුමක් මැහුව අම්මත් ලයිට් නිවල නිදාගන්න ගියා කාමරේට ....

වෙලාව දොලහත් පහුවෙලා ඇති.. මම ආයෙත් පොතට ඇස් හැරෙව්වා....

 
මම පහල කාමරෙට වෙලා දොර වහගෙන පාන්දර 3,4 වෙනකන් එයත් එක්ක කතා කලා,සමහර දවසට එයා 11. 12ට ගන්න call එක ඉවර වෙන්නෙ උදේ. ඒ වගේ වෙලාවට,මට නිදියන්න වෙන්නෙ නෑ කියල මට කවදාවත්ම එයා ගැන තරහක් හිතුනෙ නෑ.මම එයාට මටත් වඩා ආස කලා.ගොඩාක් ආස කලා. එයා එක්ක කතා කරද්දි මට නිදිමතක් දැනුනෙත් නෑ....

එයාගෙ පොඩි කාලෙ ගැන කාතා ඉස්කොලෙ යද්දි කතා තව හිනා යන කතා ගොඩක් කියනව එයා කතා කරනකොට. එයා එක්ක කතා කර කර ඉන්නකොට මට වෙලාව යනව කියලවත් එලි වෙනව කියලවත් දැනුනෙ නෑ එයා බෝඩිමේ  ඉන්න කාලේ එයා මට call ගත්තෙ card ගෙනල්ල ලගින් තියන් එකක් ඉවර වෙලා එකක් දාන ගමන්.ඒ උනාට මං හිතුවෙ නෑ එයා මට ආදරෙයි කියල.මම එහෙම බලාපොරොත්තු උනෙත් නෑ.

එයා එක දවසක් රෑ චැට් කරන ගමන් අවුරුදු 4 තිස්සෙ තිබිල ඉවර උන එයාගේ නැති උන ආදරෙ ගැනත් මට කිවව. එදා මම කිව්ව එයාට මමත් එහෙම දුකින් ඉන්නකොට කවි ලියනව කියල.මම මගේ ලියපු කවි එයාට බලන්න යැව්ව.එයත් කිව්ව එයා කවි ලියනව කියල.මම හිතුවේ එයා ඒ වෙනකනුත් එයාගේ නැති උන ආදරේ ගැන හිත හිතා දුක් වෙනව ඇති කියල.මම එයාගේ හිත හැදෙන්න එක එක දේවල් කිව්ව මට මතකයි,මට තවමත් හොදට මතකයි එයා මට කිව්ව මම කකුල් දෙකම කැඩිලත් ආයෙත් නැගිටපු කොල්ලෙක් කියල...

 මම දිනෙත්ට ආස උනත් මම කිසිම වෙලාවක එයාගෙන් ඇහුවෙ නෑ ඔයාට ගෑනු ළමයෙක් ඉන්නවද කියල.ඇත්තටම මම එහෙම අහන්නෙ නැතුව ඉන්න ඇත්තෙ මගෙ හිත රවට්ට ගන්න වෙන්න ඇති. එයා එහෙම කිව්ව නම් මට දුක හිතෙයි කියල බයක් මගේ හිතේ කොහේ හරි තියෙන්න ඇති.ඒ වෙද්දි මම මටවත් නොදැන දිනෙත්ට ආදරේ කරන්න පටන් අරන් තිබුන....ඒක මට හොදටම දැනුනා... මට හැමවෙලාවෙම මතක් උනේ එයාවම විතරයි...


තව එයා මට කිව්ව එයාගේ පස්සෙන් කෙල්ලො ඕනෙ තරම් ඇවිල්ල තියෙනව ඒ උනාට මම කැමති උනේ නෑ කියල... එයා මට එහෙම ආපු ලස්සන ගෑණු ළමයින්ගෙ ෆොටෝත් පෙන්නුව ෆේස් බුක් එකේ හිටපු.මම එයාට මොන තරම් කැමති උනත් එයා නම් මට කැමති නැතුව ඇති මම වගේ කියල මම හිතා ගත්ත.ඒ තරම් ලස්සන අයට අකමැති උනා නම් ඉතින් මට කොහොමත් අකමැති වෙනවනේ කියල මට හිතුන.ඒ මොනව හිතුනත් මම එයා එක්ක කතා කරන්න හැමදාම ආස කලා.එයා එලි වෙනකන් මාත් එක්ක කතා කරන්නේ පාලු මකා ගන්න වෙන්න ඇති කියල මම හිතා ගත්ත...


කිසිම වෙලාවක මම මට ආදරෙද කියල නිකමටවත් දැනෙන එකම වචනයක්වත් අහන්න පරෙස්සම් වෙලා හිටියෙ.ඉස්කොලෙ යන කාලෙදිත් මට කොල්ලෙක් හිටියෙ නෑ අපේ අම්ම හැම ක්ලාස් එකකටම මාව එක්කගෙන ගිය.ගිහින් දාලා අයත් ඇරෙනකන්ම එතන ඉදගෙන ඉඳල මාව ගෙදර එක්කගෙන ගියේ.කොල්ලෙක් ඕනේ කියල මට දැනුනෙත් නෑ.තාත්තත් ඒ කාලෙ අපේ ලඟින් හිටියෙ නැති නිසා කොල්ලෙක්ව යාළු කරගෙන අම්මගෙ හිත රිද්දන්න උවමනාවක් තිබුනෙ නෑ මට.ඒ කාලෙ මගේ පස්සෙන් ආපු කොල්ලන්ටත් අපේ අම්ම බැනල එලවල දැම්ම.මම තනියම කොහේවත්ම ගියේ නෑ ඒ කාලෙ.ගියපු හැම තැනම ගියේ අම්ම එක්ක විතරමයි.. අම්ම බැන්නෙ නැත්තෙ පුංචි කාලෙ ඉදල මගේ එකම යාලුව වෙච්ච පිරිමි ළමය  පොඩි මෑන් ට  විතරයි...


එහෙනම් කෙල්ලට මාවත් මතක් වෙලා  හැබැයි ඒ මතක් වෙලා තිබුන විදියටන ආයෙත් මගෙ හිතරිදුනෙ හේතුවක් නැතුවම....   දැන් මම යාලුවෙලා ඉන්න කෙල්ලට කොච්චර කැමති උනත් ආදරේ කරත්  තාමත් සාමධි වෙනුවෙන් ඇතිවෙච්ච ආදරේ මගේ හිතේ පතුලෙම මමත් නොදන්න තැනක මැරෙන්න නැතුව තියෙනව කියල දැනුනත් ඒක පිලිගන්නම මට පුලුවන් උනේ නෑ...

ආයෙත් බොහොම අමාරුවෙන් හිතන එක නවත්තල මම තවත් පිටුවක් පෙරලුවා...

ගාල්ලෙ ඉදන් මෙහේ ආවට පස්සෙ මට යාළුවො හිටියෙත් නෑ.මෙහේ ආවට පස්සෙ තමයි මම තනියෙන් ක්ලාස් යන්නත් පුරුදු උනේ.උදේ 6ට විතර හැම බදාදම නුගේගොඩ ක්ලාස් ගියා මම.තව හෝමාගම දේශපාලන විද්‍යාව පන්තියකට ගියා.එහෙම යද්දි මට කොල්ලෙක් දීපු නම්බර් එකක් මමත් ඔහේ ගෙදර අරන් ඇවිත් හංගල තිබ්බ අම්මටත් නොපෙන්න.එක මට එහෙමම අමතක වෙලා ගියා.ආයෙත් දවසක මට නුගේගොඩදි  හම්බ වෙලා ඒ කොල්ල ආයෙමත් මට number එක දුන්න මම ඊට දවස් ට්කකට පස්සෙ එයාට කෝල් එකක් ගත්ත.

ටික දවසක් එයා එක්ක කතා  කරා... මම කරේ එයා  අහපු ප්‍රස්නවලට උත්තර දීපු එකයි ...  එක දවසක් එයා  මට කිව්ව මම ඔයාට කැමතියි.. මම ඔයාට ආදරෙයි... ඒ උනත් මට වෙන එක්කෙනෙක් ඉන්නව නං ගි මට එයාව දාල එන්න විදියක් නෑ මම ඔයාට ආදරේ ඔයාව දාල යන්නෙත් නෑ කියල.එදයින් පස්සෙ මම කවදාවත් එයා එක්ක කතා කලේ නැ.එක තමයි මම දිනෙත්ට කලින් මගේ හොදම යාලුව පොඩි මෑන් ඇරෙන්න මුලින්ම කොල්ලෙක් එක්ක ඒ විදියට කත කරපු පළවෙනි වතාව....මට ඔන්නෙ උනේ නෑ කාගෙවත් ආදරයක් උදුර ගන්න. එහෙම නපුරියෙක් වෙන්න මට ඕනෙ උනේ නෑ ඒ නිසාම මම වචනයක්වත් නොකියා එය එක්ක කතා කරන එක නතර කරල දැම්ම. ඒත් මට පොඩි දුකක්වත් දැනුනෙ නෑ..  

ඒ දේවල් වලට දුකක් නොදැනුනත් දිනෙත්  එක දවසක් කතා කරේ නැතිනම් මම හිටියෙ ලෝකෙම එපාවෙලා වගේ...

 ඊට පස්සෙ හෝමගම පංතියෙ මල්ලි කෙනෙක් මගේ පස්සෙන්ම ආව.මම තාම දන්නෙ නෑ ඒ කිසිම කෙනෙක්ට මට ආදරේ හිතුනෙ නෑ.මෙහේ ආවට පස්සෙත් එහේ ඉන්නකොටත් මට කැමති මොන තරම් අය හිටියත් මට ඒ කිසිම කෙනෙක් ගැන ආදරේ හිතුනෙ නෑ.ඉස්සර ගාල්ලෙ ඉදන් කොළඹ යද්දි,එහේ ඉදන් ගාල්ලේ එද්දි එන හැම වෙලාවෙම මට කොල්ලෙක්ගෙන් number එකක් ලැබුනෙ නැති දවසක් ඇත්තෙ නැති තරම්.ඒව නොගත්තොත් උන් මට බනියි කියන බයම ඒව අරගත්තා...අරගත්තට ඊට පස්සෙ  මම කලේ ඒව ගෙනල්ල මගේ හොදම යාළුවන්ට දුන්න එක... .... 


ඔරලොසුවේ පාන්දර එක වදිනව මට ඇහුනෙ ඔය වෙලාවෙ....  අප්ප..,නිකන් දවසත් මේ වෙනකොට නිදි මම හොදටම.....

ඒත් තාම නින්ද පැත්ත පලාතක නෑ....


ඒ කිසිම කෙනෙක් ගැන මම කිසිම දාක ඇත්තටම දැක්කෙ නැති දිනෙත්ට ට තරම් හැගීමක් දැනුනෙ නෑ.එයා තමයි ඇත්තටම මගේ මුල්ම ආදරේ.මගේ හිතින් විතරක් උනත් මම එයාට පුදුම විදියට ලං වෙලා හිටිය.රෑට නිදාගන්න ගියත්,බස් එකේ යද්දිත් මම කල්පනා කර කර ගියේ එයා ගැනමයි.ඒ දවස් වල සෙනග පිරුනු බස් එකේ හිටගෙන එයා කියපු හිනා යන කතා මතක් කර කර මම තනියම හිනා වෙවී ගියා බස් එකේ.සෙනඟ තද වෙලා හිටියට මට එවා කිසිම දෙයක් දැනුනෙ නෑඒ තරමට මම දිනෙත්ට වශී වෙලා හිටියෙ.තවමත් එහෙමයි.මම එයාට තවමත් කියනව මම ඔයාට වශී වෙලා කියල එතකොට එයා කියන්නෙ ඔවු මම ඔයාට වශියක් දුන්නනෙ කියල.

මට තවම මතකයි එයා කියනව අපේ ටෂී උඩුබිරුව එක දවසක් එයා කතා කර කර ඉන්නකොට ඔයාලගේ ටෂී සින්දු කියනව නේද එයාව යවන්නකො   සුපර්ස් ස්ටාර් එකට එතකොට එයා හොද තැනකට එයි කියල මගේ ඇස් වලින් කදුළු එනකම් හිනස්සපු දවසක්... මම එපා කියද්දි දිනෙත් ,  බය වෙන්න එපා ටෂී ඔයාගේ කට හඬ ගොඩක් හොදයි ඔයා බය වෙන්න එපා ඔයා වැටුනත් වැටෙන්න අහසින් තරු අතරට කියල   සන්නස්ගල වගේ විනිස්චය දුන්න හැටි.... තව මට කතා කරන මකුනෙක් වෙන්න කියල කරපු අටපට්ට්ම් වැඩසටහන මට තාම මතකයි....
ඒ දවස් වල මම කලාස් එකට ගිහිල්ලත් හිතුවෙ එයා ගැනමයි සමහර වෙලාවට කිසිම දෙයක් තේරෙන් නැති වෙලාවට මම කලේ දිනෙත් ගෙ විහිලු කතා මතක් කරල ලෙක්චර් එක අහගෙන ඉන්නව වගේ පෙන්නපු එක


ෆේස් බුක් එකේ චැට් පිස්සුව ඒ දවස් වල හොදටම ඔලුවව්ට ගහල තිබුන. මගේ හොදම යාළුවෙකුත් මම ඩොන්ගල් එකක් අරන් ටික දවසකට පස්සෙ ඩොන්ගල් එකක් අරන් තිබුන.ඉතින් ගෙදරට වෙලා කරන්න දෙයක් නැතුව හිටිය අපි දෙන්න මුළු දවසම චැට් කර එකම තමයි කලේ.එක දවසක් එයා ඔන් ලයින් යනකොට තරූෂ කියල කලාස් එකෙ පිරිමි ළමයෙක් මට රික්වෙස්ට් එකක් දාල තියෙනව ඒ කොල්ල මාත් එක්ක චැට් කරල ඔයා ගැන අහනව කියල මගේ යාලුව මට කිවුවා....


මම ඔන්න ඔයා මොනව හරි බොරු ටිකක් මං ගැන කියල දාන්න අනේ.. කිව්ව ඇර ඒක ඒ තරම් ගනන් ගත්තෙ නෑ.ටික වෙලාවකින් මම ගිහින් ආයේ හවස ඔන් ලයින් එනකොට තම දැක්කෙ එයාගෙන් මටත් රික්වෙස්ට් එකක් ඇවිත් තියෙනව
  තරූෂ එක්ක චැට් කලා මම.එත් දිනෙත්  එක්ක වගේ නෙවේ නිකන් කලාස් එකේ අපෙ ඉයර් එකේ ළමයෙක් නේද කියල හිතල.මට තරූෂ ගැන වගේ ආස හිතෙන හැඟීමක් කොයිම වෙලාවකවත් එයා ගැන දැනුනෙ නෑ,එයා මගෙන් හැමදාම number එක ඉල්ලල බෑ කිව්වවම තරහ වෙලා ගිහින් මාව මකල ආයෙමත් රික්වෙස්ට් එවුවා මැසේජ් එකක් එක්ක.

පස්සෙ මම එයාට ඒ දවස් වල මගේ ලඟ තිබුන මොබිටෙල් number එක දෙන්න නැතුව කොල්ලන් ඉල්ලුවාම දෙන්න තියන ඩයලොග් number එක එයාට දුන්න.ඒක මම හුඟක් වෙලාවට ඔෆ් කරල දාල තිබුනෙ.පස්සෙ එයා මගේ මොබිටෙල් numberඑක මගේ යාළුවගෙන් ඉල්ලගෙන තිබුනේ එයවත් රවට්ටල


මම දැනන් හිටිය එයා මට කැමතියි කියල.එයා මට වඩා බාල නිසා මම එයා ගැන හැම වෙලාවෙම හිතුවෙ මල්ලි කෙනෙක් කියල.මට එයා ගැන දිනෙත්  ගැන වගේ හැඟීමක් ගොඩනගා ගන්න කොයිම වෙලාවකවත් බැරි උනා.මම දිනෙත්ට බැදිල වශී වෙලා හිටිය. මට දැනුන මම දිනෙත්ට ට ආස කල තරමටම තරූෂ මල්ලි මට ආස කලා කියල.

ඒ මොනව උනත් මගේ හිතට හැම වේලාවෙම දැනුන දෙයක් තිබුන ඒ දිනෙත්  මට ආදරේ නෑ කියල.මම තනියෙන් ඇඩුව.හිතින් ලත උනා.ඇත්තටම එයා මට ඒ දවස් වල ආදරේ කලේ නැතුව ඇති.මට ඒක හොදටම දැනුනා....

මාස දෙකක විතර නිවාඩුවකින් පස්සෙ පළවෙනි අවුරුද්දේ දෙවනි සිමෙස්ටර් එක පටන් ගත්ත.මම එදා බය වෙලා හිටියෙ තරූෂ  මාව අල්ලගෙන  කථා කරාවි කියල.මමයි මගේ යාලුවයි එදා කලාස්  එකට ගියේ හැංගිලා,ඒත් රිසාල්ට් වගයක් බලන්න නෝටීස් බෝඩ් එක ළඟට ගිය වෙලාවෙ කැන්ටින් එක ළඟින් එකකොට තරූශයි යි  එයාගෙ යාළුවොන්ගෙයි අතටම අපි අහු උනා.....


ඊලග කොටසට......

ඉතුරු කොටස මෙතනින් කියවන්න...

කතාවක් සහ තවත් කතාවක් 3

                              (නම් ගම්  මනංකල්පිතයි...)


  





42 comments:

  1. අනේ මචන්.. මේකට නම් දාල ලියපන්. එතකොට කියවීමට ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අමාරු වැඩේ.... කියවීමට අප්‍රියවීමත් එක අතකට කලාවක්... :D

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. :O කෝ..... ?? මම එක නමක්වත් ලිවුවෙ නෑනෙ...

      Delete
    2. "එකකොට තරූශයි යි එයාගෙ යාළුවොන්ගෙයි අතටම අපි අහු උනා....."

      ඔන්න ඔතන කලින් තිබ්බේ අර මම කියපු නම :D

      Delete
  3. සිරාවටම නම් දාල ලියපන්කො මචං..
    කවදාවත් නැති ඒකාකාරී ගතියක් දැනුනා අද:/

    ReplyDelete
    Replies
    1. හේකත් එහෙමද.,... එහෙනම් නම් දාන්නම්...

      Delete
  4. aththatama thamath adareda eyata............

    ReplyDelete
  5. ඔව් බං නම් දාලා ලියපන් නැත්නම් කියවනකොට රිදම් කැඩෙනවා.
    අනික අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙයන්....මොකද්ද ඔයතරම් කලබලයක්...
    එක වතාවක් proof read කරල පබ්ලිෂ් කරපන්....

    ReplyDelete
    Replies
    1. ආයෙ කියවන්න කම්මැලියි බං... අනික මම කියවන ඒව මට අහුවෙන්නෙ නෑ... :( ඕක ලෙඩක්

      Delete
  6. බොරු නම් හරි දාලා ලියන්න පුළුවන් නම් හොඳයි...
    කතාව නම් නියමෙට ගලාගෙන යනවා. ඉතුරු කොටසත් ඉක්මණ ට දාන්න....

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
    Replies
    1. හරි හරි... නම් දාන්නම්.... :D

      Delete
  7. ම්ම්...කතාව ස්පීඩ් මදි ගතියක් මට එනව..එකම තැන කැරකිලා වගේ හිතෙනව..සමාරවිට මං ආස ස්පීඩි කතා වලට නිසා වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. පොතේ තිබුන ටික එහෙමම ලියන එකයි මම කරන්නෙ... ඒක නිසා වෙන්න ඇති...

      Delete
  8. ela kiri ayya. nam daala ethuru tika denna...:)

    ReplyDelete
  9. අනේ මන්දා මම එක එක දේවල් හිස්තැන් වලට දාලා කියෙව්වා එතකොට නම් මාර ආතල් හි හි පුළුවන්නම් බොරු නමක් වත් දාලා ලියන්න නැත්තම් හැමදාම දකින හැකියාව කෝ කියලා අහන්න වෙනවා

    ReplyDelete
  10. නම් ආදේශ කරලා හරි ලියන්න!

    ReplyDelete
  11. අදයි දෙකම කියෙව්වෙ..
    නියමයි කතාවනම් ඉතිරියත් දාන්ටෝ..

    ගැමියාගේ පත් ඉරුව++++

    ReplyDelete
  12. හිස් තැන් වලට නමක් දාමු නේ.. හැබැයි ඉතින් නම් දාන්න ගියාමත් දැන් මාරම ප්‍රශ්ණේ.. බ්ලොග් නොලියන එකෙක්ගේ නමක් දැං හිතට එන්නේම නෑනේ..

    ReplyDelete
  13. නම් දාපංකො බං.. එෆා වෙනවානෙ.. උඹෙ මෙලො රහක් නැති කතා බලන්න ආවාම.. තවත් එපා කරවනවා :D

    ReplyDelete
  14. ඔව් අනේ..නමක් තිබ්බානම් නියමයි පොඩි මෑන්.. නමක් දාලා ලියන්නකෝ.... කියවගෙන එද්දිම මටත් හිතුනේ ඒකමයි!!!

    ReplyDelete
  15. ඊළඟ කොටසේදී ඉඳන් ******* වෙනුවට නමක් දෙකක් දැම්මනම් ගොඩ. යාළුවා. නැත්තම් ගිය ඉස්කෝලෙයි, නමුයි, ගමුයි ටැපලෙනවා ටැපලෙනවා වගේ

    ReplyDelete
  16. මේකත් හොඳය , එත් මගදිගට කතාව නවත්තලද ? අනේ එක හරි ආසාවෙන් මල්ලි කියෙව්වේ .. ඒ කතාව ඉක්මනට දාන්නකෝ please ..

    ReplyDelete
  17. මේ කතාව ඇත්තම සිද්දියක්ද? මේ වගේම කතාවක් මම දන්නා කෙනෙක්ටත් උනා ...

    ReplyDelete
  18. ඔව් ඉතින් හැමෝම කියන්නා වගේ නම් දැම්ම නම් හොඳයි තමා.. මම ඉතින් මට හිතෙන විදියට නම් දාගෙනම කියෙව්වා... එපා උනේ නෑ... ලස්සනයි!!!

    ReplyDelete
  19. *** නිසා කතාව ටැපැලෙන එක නැත්නම් මරු කතාව. හැබැයි මට නම් හිතෙන්නෙම හොඳ කුණු හරුප හත අටක් කියල උබට බනින්න.ඇයි බං උඹත් නිකන් ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයෝ වගේනේ.මග දිගට මග හරහට වෙලා අතර මග වෙලා.දැන් මේ වෙන එකක් පටන් අරන්.එත් ඉතින් අපි කියවන එක ඇරෙන්න වෙන මොන කරන්නද මල්ලි?උඹේ බ්ලොග් එකේ උඹට ඕන ඒවා මිසක් අපිට ඕන ඒවා ලියල හරි යන්නේ නැහැනේ.එල කිරි,ඊලඟ පාර්ට් එක නම් ටිකක් එක්කම දැම්ම නම් මසුරන් වටිනවා.

    ReplyDelete
  20. තවත් කොටසක් තියෙනවද.....

    ReplyDelete
  21. මචං තරු ටික අයින් කරල නමක් එක්ක (බොරු 1ක් හරි) දාපං සිරා.. !

    ReplyDelete
  22. අඩේ.... *** ටිකත් එක්ක කියවන්න ගියාම මාරම අමාරුයි නෙ.. :(((

    ReplyDelete
  23. අායෙත් ත්‍රීවිල් ඩ්‍රයිවිං පටංගත්ත නේ!

    ReplyDelete
  24. කතාව ඉවර වෙන්නයි යන්නේ කියලා දැක්කම ... ශිකේ කියලා හිතුනා බන් ...

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. This comment has been removed by the author.

    ReplyDelete
  27. කොල්ලො,නම් දාල ලියපං බං...
    උඹ අසභ්‍ය මෙව්වා එකක කොටු දානව වගේ කතාව ලියද්දි තරු දැම්මම අපිට තරු පෙනිලා කරකවලා අතෑරියා වගේ වෙනවා බං...ඒක නිසා ‍නම් ගම් අරෙහෙමයි කියලා අර මෙව්වා වල දානවා වගේ දාල, බොරු නම් ටිකක් දාල ලියහං බං....

    ReplyDelete
  28. පිස්සු හැදෙන්න එනව...බොට නෙමේ...මට....

    ReplyDelete
  29. ඉතින් ඊට පස්සේ....???

    ReplyDelete
  30. මේක උබේ කතාවක් නෙමෙයි නිසාද මන්ද මේකේ ලට්ට ලොට්ට ගතිය නෑ කියල හිතුන අද...

    ReplyDelete
  31. නම් එක්ක කියෙව්වාම තවත් දුකයි මේක ඇත්ත වෙන්න දෙන්න එපා මචං සිරාවට

    ReplyDelete
  32. Thanks for every other informative blog. Where else may just I
    am getting that kind of information written in such an ideal
    approach? I've a project that I am simply now operating on, and I have been on the glance out for such info.
    Here is my web blog :: michigan football news

    ReplyDelete
  33. Its like you read my mind! You seem to know so much about this, like you wrote the
    book in it or something. I think that you can do
    with some pics to drive the message home a little bit, but
    other than that, this is great blog. A fantastic read.
    I will definitely be back.
    my site - english premier league transfer news and rumours

    ReplyDelete
  34. I'm really enjoying the theme/design of your web site. Do you ever run into any internet browser compatibility problems? A small number of my blog visitors have complained about my blog not working correctly in Explorer but looks great in Opera. Do you have any ideas to help fix this issue?
    Also visit my homepage ; transfer rumours arsenal summer 2010

    ReplyDelete