2012-01-31

"කතාවක් සහ තවත් කතාවක් 3 " එදා මගේ ජීවිතේ දෙන්න පුලුවන් හැමදේම එයාට දුන්නා



මේ කතාවෙදි මම වෙනස් කරානම් ඒ නම් ටිකත්  ගම් ටිකත් විතරයි...  සමාධිගෙ පොතේ තිබුන කතාව අමුවෙන්න එහෙම දානයි මට ඕනෙ වුනෙ....  කතාවෙ නම් වලට තරු දාන්නෙ නැතුව නම් දාන්න කියපු නිසා කලින් පෝට් එක එඩිට් කරා...  ටැපලිච්ච අය ගිහින් ඒකත් බලලා... බැලුවෙ නැති අය කොටස් දෙකම බලල එන්න මේක කියවන්න....



කතාවක් සහ තවත් කතාවක් 1

කතාවක සහ තවත් කතාවක් 2


අද එතැන් සිට...




ඊට පස්සෙ කතා කරන්නත් උනා එයාල එක්ක.මම ඒ වෙලාවෙ නම් හිටියේ හොදටම බය වෙලා.ඒත් අපි දෙන්න කොහොම හරි ආව පස්සෙ ලෙක්චර් එකට යන්න ඕනෙ කියල.

එදා ඉදල තරූෂගෙන් ගෙන් මට බේරිල්ලක් නම් තිබුන නෑ.මම කැමති නොකිව්වට එයා මොකක් හරි කරන්න කලින් මට එයාගෙන අහන්න උනා මම කොන්ඩෙ කපනවනම් කොහේ හරි යනවනම් මට එයාගෙන අවසර ගන්න උනා.. තරූෂ මාව බලෙන් අයිතිකරගත්තා..මගේ භයෙන් එයා ප්‍රොයෝජන ගත්තා.. .මම මුකුත් කියන්නෙ නැතුව හිට්ය,මම හිතුව එයාට මාව ටික දවසකින් එපා වෙයි කියල.මේ විකාරෙ නතර කරයි කියල.ඒත් මට හිතුනේ මොන තරම් වැරදි දෙයක්ද කියල මට තේරෙනකොට පරක්කු වැඩි වෙලා.....


මම හැමදාම ගෙදර ආවෙ රෑට දිනෙත්  එක්ක චැට් කරන්න බලාගෙන.මුලු දවසේම ඉදල මම ඒ මොහොත වෙනකන් බලන් හිටියඒ තරමටම මම එයාට ආස කලා.දවසෙ මම කැමතිම මොහොත ඒක තමයි කියල මට හිතුන.මට කලාස් එකේ යාළුවො ගොඩක් හිටියෙ නෑ.3 දෙනෙක් විතර තමයි.එයාලගෙන් දිනෙත්ට කැමති උනේ නිමේෂි  විතරයි.අනිත් දෙන්නම කිව්වෙ එයා   ඔළුව වැඩි රස්තියාදු කාරයෙක්නේ කියලයි.ඇත්තට බැලූ බැල්මට නම් එහෙම පෙනුනට ඒ ගතියට මම ආස කරා.. faceBook එකෙ දාල තිබුන ෆොටෝස්වල එයා යාලුවොත් එක්ක අරක්කු බොන.. පාටිවල නටන ෆොටෝස් තිබුන නිසා මගේ යාලුවො එහෙම කිවුවත් එයා කතා කරනකොටනං ඒ කිසිම දෙයක් දැනුනෙ නෑ...එයාල කරේ මං වගේ කෙනෙක්ට එයාව ගැලපෙන්න නෑ කිය කියා එයාල මං දිනෙත්  ගැන කියන හැම වෙලාවකම මට බැන්නඑක .ඒත් දිනෙත්  ගැන තිබුන හැගීම මගේ හිතින් අයින් කරන්න එයාලගේ ඒ වචන වලට බැරි උනා   
 
එක දවසක් චැට් කර කර ඉන්න ගමන් දිනෙත් මගෙන් ඇහුව මම ඔයාව බලන්න එන්නද කියල.එයා එන්න හිතන් හිටපු අහපු දවසෙ මට යන්න බෑ කියල කිව්වම මට මතකයි එය ඊලඟට එන සතියේ 10 වෙනිද එන්න පොරොන්දු උනා.ඊට පස්සෙ කකුලෙ කටුවකුත් ඇනගෙන හික්කඩුවෙ ඉදන් ගෙදර ආවෙ.පොරොන්දු උන විදියටම අපි දෙන්න ජුනි 10 වෙනිද හමු උනා. මට තාම මතකයි දිනෙත් ව එක පාරටම දැක්කම මට එයාව එක පාරටම එපා උනා.ඒත් ටිකකින් ඒක හරි ගියා.එයා මට ෆිල්ම් එකක් බලන්න කියල කතා කලා.අපි ත්‍රීවිල් එකකින් කොල්ලුපිට්යට ගිහින් ෆිල්ම් එකක් බැලුවා

ඒ යන ගමන් එයා මගේ අතින් ඇල්ලුවම මට මතකයි.එයාගෙ අත් හරිම සිනිදුයි එයා තවමත් මට කියනව ඔය අපි හම්බ වුනු මුල්ම දවසෙ මුලින්ම කියපු වචනේ ඔය හරි සිනිදු ළමයෙක් අනේ කියලලු.අපි බැල්කනියෙ ෆිල්ම් එක බැලුවෙ කොල්ලුපිටියෙ ලිබර්ට් එකේ.එක තමයි කොල්ලෙක් මාව ඉම්බ පලවෙනි දවස.එයා මට තාමත් කියනව මට තේරුනා ඔයාට පුරුදු නෑ කියල කට තද කරගෙන නේ හිටියේ කියල.මම එදා බයටම වතුර බොතලේම බිව්ව ෆිල්ම් එක ඉවර වෙන්නත් කලින්ම.මට ඒ දවස කවදාවත් අමතක වෙන්න නෑ.අපි ෆිල්ම් එක බලල ඇවිත් කොල්ලුපිටියෙන් පෙස්ටි කාල ස්මැක් බිව්ව.ඊට පස්සෙ ගෙදර යන්න කියල කොටුවට යන්න කොල්ලුපිටියේ ස්ටේෂන් එකට ගියා.කෝච්චියක් එනකන් බලන් ඉන්න අතරෙ කවුරුවත් හිටියේ නැති ස්ටේෂන් එකේදි දිනෙත් මාව ආයෙම පාරක් ඉම්බෙ එදා දවසේ අන්තිම වතාවට, එයා සිගරට් බොනවට නං මං ආස නම් නෑ,ඒ උනාට එයා එදා මාව ඉඹිද්දි එයා ලඟින් ආව සිගරට් ගඳට මම තාමත් ආසයි.

ඒ මොනව උනත් මමවත් හිතපු නැති එක දෙයක් නිසා මට තරූෂට ලං වෙන්න උනා,මට හිතුන මම මොන තරම් ආදරේ උනත් දැන් නම්  දිනෙත්ට මාව ගැලපෙන්න නෑ කියල.මම හිතා ගත්ත ඇත්තටම උන දේ දිනෙත්ට කියල එයා කැමති කෙනෙක්ට එයාට ලං වෙන්න ඉඩ දෙන එක හොදයි කියල.මට හැම වෙලාවෙම හිතුන එකම දේ තමයි දිනෙත් මට ආදරේ නෑ කියන එක.මම හිතුව එයාට දැන් මාව ගැලපෙන්න නෑ කියල.එයාට හොද කෙනෙක්ට ලං වෙන්න ඉඩ දීල මම පැත්තකට වෙන එක තමයි හොදම දේ කියල.

එක දෙයක් නිසා තරූෂට ලං වෙන්න උනා කියල කියන්නෙ උගෙන් කෙල්ලට කරදරයක්වත් උනාද.... ? කියල තියෙන විදියට මොක හරි දෙයක් වෙන්න ඇති.... ඇයි දෙය්යනේ මේ කෙල්ල මෙච්චර මෝඬ....
ඌට බයවෙන්න ඌ යකෙක්ද....

මගේ හිතට ආවෙ මාර තරරහක්... ඒක තරූෂ එක්කද සමාධි එක්කද කියන්න දන්නෙ නෑ.. ඒත් තරහක්....


මම එක දවසක් ගෙදර ඇවිත් ඒ හැමදේම එයාට කියල මාව අමතක කරල දාන්න කියල කිව්ව.ඒ උනත් එයා ඒ කිසිම දෙයක් ගනන් ගන්නේ නෑ,එයා එදා ඇඩුව,මම දන්නේ නෑ ඒ උනත් මට දැනුනෙම එයා මට ආදරේ නෑ කියලම විතරයි.මම හිතුව එයා හිත හදා ගත්ත කියල. එයා මට කතා කලා මාත් එක්ක යන්න එන්න කියල මම ඔයාව එක්කගෙන යන්න එන්නම් කියලත්, ඒත් රෑ 11ට විතර අපේ ගෙදට කතා කලා එයාගෙ යාළුවෙක් ඒ දිනෙත් හොදටම බීල වැටිල ඉන්නව මුකුත් ඇහුවට කියන්නෙ නෑ ඔයා එයා එක්ක තරහ උනා කියල විතරයි කියන්නේ කියල මට බැනල එයා phone එක තිබ්බ.

මම ආයෙත් අම්ම නිදා ගත්තට පස්සෙ එයාට කෝල් කලා.එයා කතා කර ගන්නවත් බැරි තරමටම බීල හිටියේ.එදා මුළු රෑම මම අඬල නිදාගත්ත උදේ යන්න කලින් මැසේජ් එකක් යැව්ව ඔයා කතා කර විදියට මම ඔයා එක්ක යන්න එනව කියල.එදා රෑ එයා මට කතා කරල කිව්ව මට මොනව වෙලා තිබුනත් එයා මාව බාර ගන්න කැමති කියල.මටත් එයා නැතිව ඉන්න පුලුවන් තරම් හයියක් නෑ කියල මට තෙරුම් ගියා

අගෝස්තු මාසෙ 23 වෙනිද අපි දෙන්න දෙවෙනි පාරට හම්බ උනා දෙහිවලදි. එයා අපි යමු කිවුවම මම එයාගෙන් ඇහුවේ නෑ අපි මේ කොහෙද යන්නේ කියල.මට හිතුන මම එහෙම ඇහුවොත් එයාට දුක හිතෙයි කියලයි... මම එයාව විශ්වාස කරන්නේ නෑ කියල.මම එයාට මුකුත් කිව්වෙ නෑ..... එදා මගේ ජීවිතේ දෙන්න පුලුවන් හැමදේම මම දිනෙත්ට දුන්නා....  


දෙයියනේ.. මේ ඒ දවස්වල මම දැන්ගෙන ඉදි සමාධිද...... කාටවත් වචනෙකින්වත් කරදරයක් නැති අහිංසක කෙල්ලෙක්ට මේ වගේ වෙන්නෙ තරම් දෛවය නපුරු උනේ ඇයි... ??   තාත්ත ලග නොහොටපු අම්මත් එක්ක විතරක් කොළඹ නගරෙ තනිවුන අහිංසක කෙල්ලෙක ගැන මනුස්ස ලීලාවෙන් බලන්න මේ හැතිකරේට පුලුවන් උනේ නැද්ද... ??

කතාවෙ ඉතුරු ටික මම කියවගෙන ගියේ මහා කලකිරීමකින්....


 ඒත් ඒ දෙයින් පස්සෙ මම බලාපොරොත්තු උනා එයා මාව දාල යන එකක් නෑ කියල.මම මං ගැන හිතුවෙ නෑ එයාට ආදරෙ කරද්දි කිසිම වෙලාවක. මම එයාට එදත් කිව්ව ඔයාට එපා උනොත් මාව දාල යන්න කියල.එයා ඒකට මුකුත් කිව්වෙ නෑ
ඒ වෙද්දි එයා ගැන අපේ අම්මත් දැනගෙන හිටිය.අම්ම එයා එක්ක කතාත් කලා.මට මතකයි මම එදා එයාට කිව්ව අම්ම දැන ගත්තට කමක් නෑ ඔයාට මාව එපා වෙලා වගේ දැනුනොත් ඔයා යන්න.මම ගැන හිතන්න එපා කියල

ඒත් කලින් වගේම හැමදේම උනේ නොහිතපු විදියට දිනෙත් ගැන තරූෂ දැනගෙන එයා මට හැම වෙලාවෙම කරදර කලා.මට ආයෙත් කලාස්  එන්න දෙන්න නෑ කියල කිව්ව.

දවසක් තරූශ මාව භය කරල මට කියල කෝල් එකක් ගත්ත දිනෙත්ට... අරගෙන කියන්න කිවුවා මට වෙන කෙනෙක් ඉන්නවා ආයෙ මම ගැන හොයන්න එපා කියල....  මම බෑ කිවුවාම එයා මට බැන්නෙ කුනුහර්ප කියල  අන්තිමේදි එයා මගෙ කොන්ඩෙන් අල්ලං මට හොදටම ගැහුවා......නැතිනම් මාව මරණව කිවුවා...  කලාස් එන්න දෙන්නෙ නෑ කිවුවා.. අමම්ට තාත්තට එකම දූගැන හිතල මැරෙන්න වෙන විදියට වැඩ සලස්වනව කිවුවා....එයා එක්ක රන්ඩු කරන්න හයියක් මං ලඟ තිබුනෙ නෑ.....

අපි නිසාම අවුරුද් ගානක් තියෙන්නෙ පිටරටකට වෙලා දුක් විදින තාත්තටවත් නෑදෑයො කවුරුවත් නැතුව මම විතරක් ඉන අම්මටවත් මම නිසා මොනවත් වෙන්න දෙන්නෙ බරි උනා මට... මට මොනව උනත් කමක් නෑ.. ඒත් අම්මල නිසාම මම ඇස්දෙක පියාගෙන තරූෂ කියපු ටික දෙනෙත්ට කියල දැම්මා...

අන්තිමේදි තරූෂ මට දිනෙත්ව නැති කලා.


ඊට පස්සෙ මම දිනෙත්ව faceBook එකේ බ්ලොක් කරල දැම්මා... skype එකෙන් අයින් කරල දැමමා

මේක මගේ දෙයිවය වෙන්න ඇති කියල හිත හදාගත්තා... මොනව උනත් දිනෙත්ට එච්චර දුකක නෑ... ටික දවසකින් එයාට අමතකවෙයි මාව... මම හිත හදාගෙන තරූෂත් එක්ක ඉන්නව කියල  මම හිතා ගත්තා...

මම දුකෙන් ඉන්නව දැකල අම්ම ඇහුව ඇයි කියල.. මම කිවුවා දිනෙත් කතාකරන්නෙ නෑ
කියල.. අම්ම මටත් බැනල දිනෙත්ටත් බැන්නා... ඒකෙනුත් තරූෂ ප්‍රයෝජන ගත්තා... එයා අම්මව යාලුකරගත්ත... අම්මත් තරූෂට කැමති උනා...



මම දිනෙත්ව බ්ලොක් කරත් මගේ යාලුවෙක්ගෙ පරණ ප්‍රොෆයිල් එකෙන් ගිහින් මම එයාගෙ එක බලනව සමහර දවසට ටික දවසකින්  දැනුන දිනෙත් වෙන කෙනෙක්ට ලං වෙලා කියල.එයා වෙන කෙනෙක්ට ආදරෙ කලා කියල.එයත් මට හැමදේම හංඟල කියල මට හිතුනා...එයාගෙ හිත වෙන කෙනෙක් ළඟ නතර වෙලා තිබුන.මම හොදටම අසරණ උනා.එයා ඒ ළමයගෙ ෆේස් බුක් එකට ගිහින් මාව බ්ලොක් කරල තිබුන නිසා මට කිසිම දෙයක් පෙනුනෙ නැතුව තිබුන. එයාගේ වෝල් එක බලද්දි හැම දේම දැක්කෙ.මම එයාට වචනයක් වත් කියන්න ගියේ නෑ,එයත් හිතන්න ඇති මම තරූෂ  එක්ක ඉදීවි කියල.
මම එයා නිසා කොයි තරම් ඇඬුවද කියල මමවත් තවම දන්නේ නෑ.ඔලුව රිදෙනකන්ම මම අඬල ඇති.ඉස්සර බස් එකේ යනකොට එයා ගැන මතක් කර කර හිනා උන මම ඊට පස්සෙ එයා ගැන මතක් කර කර අඬ අඬා ගියා,සෙනග හිටිය කියලවත් මට දැනුනේ නෑ.මට එයාව මතක් වෙන හැම වෙලාවකම මට ඇඬුන.

රෑට නිදා ගන්න ගියාම මට හැමදාම එයාව මතක් කර කර ඇඬුව.මට තාමත් මතකයි එදා අපි අන්තිමට හමබ උන දවසෙ මාව බස් එකට දාලා එයා මගේ නළල ඉම්බ.මම ඒ වෙලාවෙ නිකමටවත් හිතුවෙ නෑ මට එයාව නැති වෙයි කියල.මම ඒ මොහොත මතක් කර කර හැමදාම ඇඬුව.දෙහිවල දකිද්දිත් මට ඇඬුන

තරූෂට මාව දිනෙත්ගෙන් වෙන් කරල දාන්න ඕනෙ කම තිබුනට එයා ඊට පස්සෙ මට ඉස්සර වගේ වද දුන්න නෑ.මං ගැන හෙව්වත් නෑ.උදව්වක් ඉල්ලුවොත් උදව් කලා ඇර එයා මට වද දෙන්න ආවෙ නෑ.සමහර විට එයාත් මව එපා වෙන්න ඇති.ෆේස් බුක් එකේ චැට් කරන එක මට එපා වෙලාම ගියා,මම ආවෙත් ඕෆ් ලයින් දාගෙන.ඇවිත් දිනෙත්ගෙ ගේ ප්‍රොෆ්යිල් එක බලල ගියා.එයාගේ වෝල් එකේ එයාගෙ අළුත් ගෑණු ළමය දාන ඒව බලල මම වුවමනාවෙන්ම මගේ හිත රිද්දගෙන ඇඬුව.

මොනව උනත් එයාව මට නැති උනත් මම එයාට හැමදාමත් ආදරේ කලා.එයා අයෙ එන්නෙ නෑ කියල මම දැනගෙන හිටිය.ඒ උනත් එයා ගැන තිබුන ආදරෙ නැති කර ගන්න මට බැරි උනා.හැම දවසකම මට එයාව මතක් උනා.අපේ අන්තිම හමුවීම මට කිසිම විදියකින් අමතක කරන්න බැරි උනා.මගේ යාළුවො මට කිව්ව අපි උගේ ඔය කෙල්ලට ඔක්කොම කියමු කියල. ඒත් මොනව උනත් මට හිතුනෙ නෑ එයාගේ ආදරේ නැති කරල දාන්න.හැමෝම මට බැන්න දිනෙත් ගැන හිතන්න එපා කියල.මාව ටිකක් හරි තේරුම් ගත්තෙ නිමේෂි විතරයි
ෆේස් බුක් ආව හැම දවසකම මම එයාගේ වෝල් එක බැලුව.

ඔහොම කාලෙ නිකන්ම ගෙවිල ගියා.. තරූෂට මාව රූකඩයක් විතරක් උනා.. ඔලුවෙ කැක්කුම එනකම් මම ඇඩුවා. එහෙම ඔලුවෙ කැක්කුම ආවාම පැනඩෝක තුන හතර එක පාරට බිවුවා...  ජීවිතේටම දෙපාරක් විතරක් දැකපු මගේ හැමදේම දීපු එයා වෙනුවෙන මට ජීවිතේම විදවන්න වෙනබව මම දැනගෙන ඉදියා...  මම ජීවත් වෙන්නම්  වාලෙ ඔහේ උන්නා.... අඩපු දවසක් නැති තරම්..

ඒත් බලාපොරොත්තු උනේ නැති විදියට අවුරුද්දකට විතර පස්සෙ ආයෙ දවසක් දිනෙත් මට සකයිප් එකේ චැට් කරා..

මගේ ජීවිතේ ආයෙත් වෙනස් උනේ එදායින් පස්ස්සෙ...


අවසාන කොටස බලාපොරොත්තු වන්න.....


අවසාන කොටස මෙතනින් කියවන්න..


                              (නම් ගම්  මනංකල්පිතයි...)



2012-01-29

"කතාවක් සහ තවත් කතාවක්...... 2 " මම තවම කියනව එයාට මම ඔයාට වශී වෙලා ඉන්නෙ කියල එතකොට එයා කියනව.. ඔවු මම ඔයාට වශියක් දුන්න තමයි කියල..



පලවෙනි කොටස බැලුවෙ නැතිනම්  බලල එන්න...

කතාවක් සහ තවත් කතාවක්......

එතැන් සිට...

වදුරට දැලි පිහිය අහු උනා වගේ මම එක ගත්ත දවසෙ ඉදන්ම කරේ රැයක් දවාලක් නැතුව චැට් කරන එකමයි.ඉස්සර 7.30 ටීවී බලන්න පටන් ගත්ත මම එතනින් නැගිට්ටෙ 9.30 විතර වෙලා.ඒත් මම මේක නිසාම කථා බලන්න යන්නෙත් නැතුව කලේ එක එක අයත් එක්ක චැට් කරපු එකමයි.

එක දවසක් රෑ 7.30 විතර අර මං කලින් කියපු නාකි ආච්චි චැට් එකට ඇවිත් මගේ නමටයි මටයි එක එක ඒවා කිය කියා චැට් කරන්න පටන් ගත්තෙ මට බැන බැන.බොරු ආච්චි කෙනෙක් නේද කියල අහුවාමත් කලේ මට බැනපු එකමයි.පස්සෙ ඉතින් මගෙ ගොන් කමට මමත් හිතා ගත්ත ඇත්තටම ආච්චි කෙනෙක්ද දන්නෙ නෑ කියල

ඊට පස්සේ දවසෙ උදේ මම facebook ලොග් වෙද්දි මම දැක්කෙ නිල් පාට ඇදුමක් ඇඳගත්ත පින්තුරයක් තියෙන පිරිමි ළමයෙක්ගෙ රික්වෙස්ට් එකක්.මම ඒක ඇක්සෙප්ට් කරල ටික වෙලාවකින් ඒ ළමය ඔන්ලයින් ඇවිත් ඉදල මගෙන් මුලින්ම ඇහුවෙ ඔයත් අර පිස්සු ආච්චිගේ යාළුවෙක් නේද කියල.එයා කිව්ව විදියට නම් මගේ ලින්ක් එක එයාට   ආච්චි කියල.මම මුලින්ම දිනෙත්  අදුර ගත්තෙ එහෙමයි.එදා ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල මුලින්ම චැට් කරද්දි මම නිකමටවත් හිතුවෙ නෑ දවසක දිනෙත් මගේ  මුළු ජීවිතේම වෙයි කියල.

කථා කරල ටික දවසකින් දිනෙත් මට එයාගෙ number එකත් දුන්න ඔයාට කැමතිනම් මට කථා කරන්න කියල.ඇත්තටම මම දිනෙත්ට ඒ දවස් වල ගොඩක් ආස කලා.එයා online එන්නෙ කොයි වෙලාවෙද කියල බලන් හිටිය.දිනෙත් කියන කථා වලට මම එයාට පුදුම විදියට ආස කලා. එයත් මට මම තරමට මට කැමති ඇති කියල නම් මම හිතුවේ නෑ ඒ උනත් මම මටවත් හිතා ගන්න බැරි තරමට දිනෙත්ට ආස කලා.ඒ ඇයි කියන්නම මම තාම දන්නෙ නෑ. කොහොම එයාට කැමති හිතුනද කියල මට හිතාගන්නවත් බෑ.මට ලෙඩක් හැදුනත් දිනෙත්ත් එක්ක කථා කලාම මගේ ලෙඩේ හොද උනා.



වෙනද කොළබ ගිහිල්ල ආවම දැනෙන මහන්සිය යටපත් කරගෙන මට ආවෙ තව තවක් ආසාවක්... සමාධිට කොල්ලෙක් ඉන්නව කියල කිවුවට පස්සෙ හිතට දැනුන හැගීම දැන්නම් හිතේන් ගොඩක් දුරට අයින්වෙලා තිබුනත් අවුරුදු පාලවකටත් වැඩියෙ මගේ ලගින්ම ඉදපු කෙල්ලගෙ හිත කවදාවත් දැකපු නැති එකෙක්ට ඇදිල ගිය හැටි දැක්කම මට ඌ ගැනනම් ඉරිසියා හිතුනා..... ඔවු.. ජීවිතේ පලවෙනි වතාවට මට කොල්ලෙක් ගැන ඉරිසියා හිතුනා... මට ඒ වෙනකොට කෙල්ලෙක් ඉදියත් ඉරිසියා හිතුනා...

මගේ ගමන් මහන්සියත් නිදිමතත් පරණ ඩයිරි එකක තිබුන අකුරු ටිකක් ඒ වෙනකොට නැති කරලයි තිබුනෙ... වතුර ටිකක් බීල ඇවිත් මම ආයෙමත් කතාව කියවන්න වාඩි උනා...

ඊලග පුටුව පුරාම ලියල තිබුනෙ සාමාන්‍ය අකුරට වඩා ලොකු අකුරුන් කවියක්...



මගේ මිහිරැති සිහිනේ
දිවා රෑ මා දකිමින්නේ
සිහින ලොව සැරි සරමිනේ
නොදනිමි ආදරයදැයි මේ දැනෙන්නේ....!!!


ඊට පස්සෙ පිටුවෙ ආයෙමත් කතාව.....



  දිනෙත් ඒ දවස්වල NGO එකක මොකද්ද ප්‍රොජෙක්ට් එකක වැඩ කලා..එහේ  ඉන්න කාලේ හොදටම රෑ වෙලා මට කතා කරනකන් මම මගෙ ෆෝන් එක කොට්ටෙ යටින් තියාගෙන නිදා ගන්නව. නිකන් වෙලාවට රෑට ගේ ඇතුලෙ උඩ වහලේ හොල්මනක් එල්ලල ඉදිවි.. හොල්මන් ගේ ඇතුලෙ ඇවිදිනවි.. කියල හිතන් තියෙන ලයිට් සේරම දාගෙන එක කාමරෙකින් අනිත් කාමරේට යන මම එයා කතා කරද්දි  කරුවලෙම මගේ කාමරේ ඉදන් පහල කාමරේට යන්නෙ ලයිට් එකක්වත් දාන්නේ නැතුව. මගෙ කාමරෙට එහා කාමරෙ නිදියන් ඉන්න අම්මට ඇහෙයි කියල.....


ඒ ටිකටනම් මට මහ හයියෙන් හිනා ගියා...  ඉස්සර  පොඩිකාලෙ ම කියන බොරු හොල්මන් කතාවලට මේ කෙල්ල හොටු පෙර පෙර අඩපු හැටි මතක් වෙලා... තාමත් ඒ ගතිය එහෙමමයි එහෙනම්....

" නිදාගන්ව දරුවො... රෑ වෙලා නැද්ද... තනියම කාමරේ ඇතුලෙ  හිනා වෙන්නෙ.... "

අම්මත් මම හිනාවෙන හඩ ඇහිල කිවුවෙ කාමරේට එබිල... මෙච්චර වෙලා ඇදුමක් මැහුව අම්මත් ලයිට් නිවල නිදාගන්න ගියා කාමරේට ....

වෙලාව දොලහත් පහුවෙලා ඇති.. මම ආයෙත් පොතට ඇස් හැරෙව්වා....

 
මම පහල කාමරෙට වෙලා දොර වහගෙන පාන්දර 3,4 වෙනකන් එයත් එක්ක කතා කලා,සමහර දවසට එයා 11. 12ට ගන්න call එක ඉවර වෙන්නෙ උදේ. ඒ වගේ වෙලාවට,මට නිදියන්න වෙන්නෙ නෑ කියල මට කවදාවත්ම එයා ගැන තරහක් හිතුනෙ නෑ.මම එයාට මටත් වඩා ආස කලා.ගොඩාක් ආස කලා. එයා එක්ක කතා කරද්දි මට නිදිමතක් දැනුනෙත් නෑ....

එයාගෙ පොඩි කාලෙ ගැන කාතා ඉස්කොලෙ යද්දි කතා තව හිනා යන කතා ගොඩක් කියනව එයා කතා කරනකොට. එයා එක්ක කතා කර කර ඉන්නකොට මට වෙලාව යනව කියලවත් එලි වෙනව කියලවත් දැනුනෙ නෑ එයා බෝඩිමේ  ඉන්න කාලේ එයා මට call ගත්තෙ card ගෙනල්ල ලගින් තියන් එකක් ඉවර වෙලා එකක් දාන ගමන්.ඒ උනාට මං හිතුවෙ නෑ එයා මට ආදරෙයි කියල.මම එහෙම බලාපොරොත්තු උනෙත් නෑ.

එයා එක දවසක් රෑ චැට් කරන ගමන් අවුරුදු 4 තිස්සෙ තිබිල ඉවර උන එයාගේ නැති උන ආදරෙ ගැනත් මට කිවව. එදා මම කිව්ව එයාට මමත් එහෙම දුකින් ඉන්නකොට කවි ලියනව කියල.මම මගේ ලියපු කවි එයාට බලන්න යැව්ව.එයත් කිව්ව එයා කවි ලියනව කියල.මම හිතුවේ එයා ඒ වෙනකනුත් එයාගේ නැති උන ආදරේ ගැන හිත හිතා දුක් වෙනව ඇති කියල.මම එයාගේ හිත හැදෙන්න එක එක දේවල් කිව්ව මට මතකයි,මට තවමත් හොදට මතකයි එයා මට කිව්ව මම කකුල් දෙකම කැඩිලත් ආයෙත් නැගිටපු කොල්ලෙක් කියල...

 මම දිනෙත්ට ආස උනත් මම කිසිම වෙලාවක එයාගෙන් ඇහුවෙ නෑ ඔයාට ගෑනු ළමයෙක් ඉන්නවද කියල.ඇත්තටම මම එහෙම අහන්නෙ නැතුව ඉන්න ඇත්තෙ මගෙ හිත රවට්ට ගන්න වෙන්න ඇති. එයා එහෙම කිව්ව නම් මට දුක හිතෙයි කියල බයක් මගේ හිතේ කොහේ හරි තියෙන්න ඇති.ඒ වෙද්දි මම මටවත් නොදැන දිනෙත්ට ආදරේ කරන්න පටන් අරන් තිබුන....ඒක මට හොදටම දැනුනා... මට හැමවෙලාවෙම මතක් උනේ එයාවම විතරයි...


තව එයා මට කිව්ව එයාගේ පස්සෙන් කෙල්ලො ඕනෙ තරම් ඇවිල්ල තියෙනව ඒ උනාට මම කැමති උනේ නෑ කියල... එයා මට එහෙම ආපු ලස්සන ගෑණු ළමයින්ගෙ ෆොටෝත් පෙන්නුව ෆේස් බුක් එකේ හිටපු.මම එයාට මොන තරම් කැමති උනත් එයා නම් මට කැමති නැතුව ඇති මම වගේ කියල මම හිතා ගත්ත.ඒ තරම් ලස්සන අයට අකමැති උනා නම් ඉතින් මට කොහොමත් අකමැති වෙනවනේ කියල මට හිතුන.ඒ මොනව හිතුනත් මම එයා එක්ක කතා කරන්න හැමදාම ආස කලා.එයා එලි වෙනකන් මාත් එක්ක කතා කරන්නේ පාලු මකා ගන්න වෙන්න ඇති කියල මම හිතා ගත්ත...


කිසිම වෙලාවක මම මට ආදරෙද කියල නිකමටවත් දැනෙන එකම වචනයක්වත් අහන්න පරෙස්සම් වෙලා හිටියෙ.ඉස්කොලෙ යන කාලෙදිත් මට කොල්ලෙක් හිටියෙ නෑ අපේ අම්ම හැම ක්ලාස් එකකටම මාව එක්කගෙන ගිය.ගිහින් දාලා අයත් ඇරෙනකන්ම එතන ඉදගෙන ඉඳල මාව ගෙදර එක්කගෙන ගියේ.කොල්ලෙක් ඕනේ කියල මට දැනුනෙත් නෑ.තාත්තත් ඒ කාලෙ අපේ ලඟින් හිටියෙ නැති නිසා කොල්ලෙක්ව යාළු කරගෙන අම්මගෙ හිත රිද්දන්න උවමනාවක් තිබුනෙ නෑ මට.ඒ කාලෙ මගේ පස්සෙන් ආපු කොල්ලන්ටත් අපේ අම්ම බැනල එලවල දැම්ම.මම තනියම කොහේවත්ම ගියේ නෑ ඒ කාලෙ.ගියපු හැම තැනම ගියේ අම්ම එක්ක විතරමයි.. අම්ම බැන්නෙ නැත්තෙ පුංචි කාලෙ ඉදල මගේ එකම යාලුව වෙච්ච පිරිමි ළමය  පොඩි මෑන් ට  විතරයි...


එහෙනම් කෙල්ලට මාවත් මතක් වෙලා  හැබැයි ඒ මතක් වෙලා තිබුන විදියටන ආයෙත් මගෙ හිතරිදුනෙ හේතුවක් නැතුවම....   දැන් මම යාලුවෙලා ඉන්න කෙල්ලට කොච්චර කැමති උනත් ආදරේ කරත්  තාමත් සාමධි වෙනුවෙන් ඇතිවෙච්ච ආදරේ මගේ හිතේ පතුලෙම මමත් නොදන්න තැනක මැරෙන්න නැතුව තියෙනව කියල දැනුනත් ඒක පිලිගන්නම මට පුලුවන් උනේ නෑ...

ආයෙත් බොහොම අමාරුවෙන් හිතන එක නවත්තල මම තවත් පිටුවක් පෙරලුවා...

ගාල්ලෙ ඉදන් මෙහේ ආවට පස්සෙ මට යාළුවො හිටියෙත් නෑ.මෙහේ ආවට පස්සෙ තමයි මම තනියෙන් ක්ලාස් යන්නත් පුරුදු උනේ.උදේ 6ට විතර හැම බදාදම නුගේගොඩ ක්ලාස් ගියා මම.තව හෝමාගම දේශපාලන විද්‍යාව පන්තියකට ගියා.එහෙම යද්දි මට කොල්ලෙක් දීපු නම්බර් එකක් මමත් ඔහේ ගෙදර අරන් ඇවිත් හංගල තිබ්බ අම්මටත් නොපෙන්න.එක මට එහෙමම අමතක වෙලා ගියා.ආයෙත් දවසක මට නුගේගොඩදි  හම්බ වෙලා ඒ කොල්ල ආයෙමත් මට number එක දුන්න මම ඊට දවස් ට්කකට පස්සෙ එයාට කෝල් එකක් ගත්ත.

ටික දවසක් එයා එක්ක කතා  කරා... මම කරේ එයා  අහපු ප්‍රස්නවලට උත්තර දීපු එකයි ...  එක දවසක් එයා  මට කිව්ව මම ඔයාට කැමතියි.. මම ඔයාට ආදරෙයි... ඒ උනත් මට වෙන එක්කෙනෙක් ඉන්නව නං ගි මට එයාව දාල එන්න විදියක් නෑ මම ඔයාට ආදරේ ඔයාව දාල යන්නෙත් නෑ කියල.එදයින් පස්සෙ මම කවදාවත් එයා එක්ක කතා කලේ නැ.එක තමයි මම දිනෙත්ට කලින් මගේ හොදම යාලුව පොඩි මෑන් ඇරෙන්න මුලින්ම කොල්ලෙක් එක්ක ඒ විදියට කත කරපු පළවෙනි වතාව....මට ඔන්නෙ උනේ නෑ කාගෙවත් ආදරයක් උදුර ගන්න. එහෙම නපුරියෙක් වෙන්න මට ඕනෙ උනේ නෑ ඒ නිසාම මම වචනයක්වත් නොකියා එය එක්ක කතා කරන එක නතර කරල දැම්ම. ඒත් මට පොඩි දුකක්වත් දැනුනෙ නෑ..  

ඒ දේවල් වලට දුකක් නොදැනුනත් දිනෙත්  එක දවසක් කතා කරේ නැතිනම් මම හිටියෙ ලෝකෙම එපාවෙලා වගේ...

 ඊට පස්සෙ හෝමගම පංතියෙ මල්ලි කෙනෙක් මගේ පස්සෙන්ම ආව.මම තාම දන්නෙ නෑ ඒ කිසිම කෙනෙක්ට මට ආදරේ හිතුනෙ නෑ.මෙහේ ආවට පස්සෙත් එහේ ඉන්නකොටත් මට කැමති මොන තරම් අය හිටියත් මට ඒ කිසිම කෙනෙක් ගැන ආදරේ හිතුනෙ නෑ.ඉස්සර ගාල්ලෙ ඉදන් කොළඹ යද්දි,එහේ ඉදන් ගාල්ලේ එද්දි එන හැම වෙලාවෙම මට කොල්ලෙක්ගෙන් number එකක් ලැබුනෙ නැති දවසක් ඇත්තෙ නැති තරම්.ඒව නොගත්තොත් උන් මට බනියි කියන බයම ඒව අරගත්තා...අරගත්තට ඊට පස්සෙ  මම කලේ ඒව ගෙනල්ල මගේ හොදම යාළුවන්ට දුන්න එක... .... 


ඔරලොසුවේ පාන්දර එක වදිනව මට ඇහුනෙ ඔය වෙලාවෙ....  අප්ප..,නිකන් දවසත් මේ වෙනකොට නිදි මම හොදටම.....

ඒත් තාම නින්ද පැත්ත පලාතක නෑ....


ඒ කිසිම කෙනෙක් ගැන මම කිසිම දාක ඇත්තටම දැක්කෙ නැති දිනෙත්ට ට තරම් හැගීමක් දැනුනෙ නෑ.එයා තමයි ඇත්තටම මගේ මුල්ම ආදරේ.මගේ හිතින් විතරක් උනත් මම එයාට පුදුම විදියට ලං වෙලා හිටිය.රෑට නිදාගන්න ගියත්,බස් එකේ යද්දිත් මම කල්පනා කර කර ගියේ එයා ගැනමයි.ඒ දවස් වල සෙනග පිරුනු බස් එකේ හිටගෙන එයා කියපු හිනා යන කතා මතක් කර කර මම තනියම හිනා වෙවී ගියා බස් එකේ.සෙනඟ තද වෙලා හිටියට මට එවා කිසිම දෙයක් දැනුනෙ නෑඒ තරමට මම දිනෙත්ට වශී වෙලා හිටියෙ.තවමත් එහෙමයි.මම එයාට තවමත් කියනව මම ඔයාට වශී වෙලා කියල එතකොට එයා කියන්නෙ ඔවු මම ඔයාට වශියක් දුන්නනෙ කියල.

මට තවම මතකයි එයා කියනව අපේ ටෂී උඩුබිරුව එක දවසක් එයා කතා කර කර ඉන්නකොට ඔයාලගේ ටෂී සින්දු කියනව නේද එයාව යවන්නකො   සුපර්ස් ස්ටාර් එකට එතකොට එයා හොද තැනකට එයි කියල මගේ ඇස් වලින් කදුළු එනකම් හිනස්සපු දවසක්... මම එපා කියද්දි දිනෙත් ,  බය වෙන්න එපා ටෂී ඔයාගේ කට හඬ ගොඩක් හොදයි ඔයා බය වෙන්න එපා ඔයා වැටුනත් වැටෙන්න අහසින් තරු අතරට කියල   සන්නස්ගල වගේ විනිස්චය දුන්න හැටි.... තව මට කතා කරන මකුනෙක් වෙන්න කියල කරපු අටපට්ට්ම් වැඩසටහන මට තාම මතකයි....
ඒ දවස් වල මම කලාස් එකට ගිහිල්ලත් හිතුවෙ එයා ගැනමයි සමහර වෙලාවට කිසිම දෙයක් තේරෙන් නැති වෙලාවට මම කලේ දිනෙත් ගෙ විහිලු කතා මතක් කරල ලෙක්චර් එක අහගෙන ඉන්නව වගේ පෙන්නපු එක


ෆේස් බුක් එකේ චැට් පිස්සුව ඒ දවස් වල හොදටම ඔලුවව්ට ගහල තිබුන. මගේ හොදම යාළුවෙකුත් මම ඩොන්ගල් එකක් අරන් ටික දවසකට පස්සෙ ඩොන්ගල් එකක් අරන් තිබුන.ඉතින් ගෙදරට වෙලා කරන්න දෙයක් නැතුව හිටිය අපි දෙන්න මුළු දවසම චැට් කර එකම තමයි කලේ.එක දවසක් එයා ඔන් ලයින් යනකොට තරූෂ කියල කලාස් එකෙ පිරිමි ළමයෙක් මට රික්වෙස්ට් එකක් දාල තියෙනව ඒ කොල්ල මාත් එක්ක චැට් කරල ඔයා ගැන අහනව කියල මගේ යාලුව මට කිවුවා....


මම ඔන්න ඔයා මොනව හරි බොරු ටිකක් මං ගැන කියල දාන්න අනේ.. කිව්ව ඇර ඒක ඒ තරම් ගනන් ගත්තෙ නෑ.ටික වෙලාවකින් මම ගිහින් ආයේ හවස ඔන් ලයින් එනකොට තම දැක්කෙ එයාගෙන් මටත් රික්වෙස්ට් එකක් ඇවිත් තියෙනව
  තරූෂ එක්ක චැට් කලා මම.එත් දිනෙත්  එක්ක වගේ නෙවේ නිකන් කලාස් එකේ අපෙ ඉයර් එකේ ළමයෙක් නේද කියල හිතල.මට තරූෂ ගැන වගේ ආස හිතෙන හැඟීමක් කොයිම වෙලාවකවත් එයා ගැන දැනුනෙ නෑ,එයා මගෙන් හැමදාම number එක ඉල්ලල බෑ කිව්වවම තරහ වෙලා ගිහින් මාව මකල ආයෙමත් රික්වෙස්ට් එවුවා මැසේජ් එකක් එක්ක.

පස්සෙ මම එයාට ඒ දවස් වල මගේ ලඟ තිබුන මොබිටෙල් number එක දෙන්න නැතුව කොල්ලන් ඉල්ලුවාම දෙන්න තියන ඩයලොග් number එක එයාට දුන්න.ඒක මම හුඟක් වෙලාවට ඔෆ් කරල දාල තිබුනෙ.පස්සෙ එයා මගේ මොබිටෙල් numberඑක මගේ යාළුවගෙන් ඉල්ලගෙන තිබුනේ එයවත් රවට්ටල


මම දැනන් හිටිය එයා මට කැමතියි කියල.එයා මට වඩා බාල නිසා මම එයා ගැන හැම වෙලාවෙම හිතුවෙ මල්ලි කෙනෙක් කියල.මට එයා ගැන දිනෙත්  ගැන වගේ හැඟීමක් ගොඩනගා ගන්න කොයිම වෙලාවකවත් බැරි උනා.මම දිනෙත්ට බැදිල වශී වෙලා හිටිය. මට දැනුන මම දිනෙත්ට ට ආස කල තරමටම තරූෂ මල්ලි මට ආස කලා කියල.

ඒ මොනව උනත් මගේ හිතට හැම වේලාවෙම දැනුන දෙයක් තිබුන ඒ දිනෙත්  මට ආදරේ නෑ කියල.මම තනියෙන් ඇඩුව.හිතින් ලත උනා.ඇත්තටම එයා මට ඒ දවස් වල ආදරේ කලේ නැතුව ඇති.මට ඒක හොදටම දැනුනා....

මාස දෙකක විතර නිවාඩුවකින් පස්සෙ පළවෙනි අවුරුද්දේ දෙවනි සිමෙස්ටර් එක පටන් ගත්ත.මම එදා බය වෙලා හිටියෙ තරූෂ  මාව අල්ලගෙන  කථා කරාවි කියල.මමයි මගේ යාලුවයි එදා කලාස්  එකට ගියේ හැංගිලා,ඒත් රිසාල්ට් වගයක් බලන්න නෝටීස් බෝඩ් එක ළඟට ගිය වෙලාවෙ කැන්ටින් එක ළඟින් එකකොට තරූශයි යි  එයාගෙ යාළුවොන්ගෙයි අතටම අපි අහු උනා.....


ඊලග කොටසට......

ඉතුරු කොටස මෙතනින් කියවන්න...

කතාවක් සහ තවත් කතාවක් 3

                              (නම් ගම්  මනංකල්පිතයි...)


  





2012-01-28

"කතාවක් සහ තවත් කතාවක්...... " කෙල්ලෙක් මේ වගේ දේවල් කොහොම විද දරාගත්තද විස්වාස කරන්න තියා හිතන්නවත් බැරි හැල හැප්පීම් වලින් පිරිණු ආදර කතාවක්....



"ජම්පින් විතරයි තියෙනෙ.. ලොකු ෂීට් නෑ..."

බස් එකේ දොරකඩ ඉදපු කොන්ද කිවුවෙ මගේ මූණවත් බලන්නෙ නැතුව ...

මම පෝලිමෙන් පැනල ආයෙත් පැත්තකට උනේ කොළඹ ඉදල ගාල්ලට ජම්පින් එකක යනව කියන එක එපාවෙන වැඩක් නිසා...  වෙලාවත් තාම 3 යි .. ඊලග එකේම යනවා....

මට පරක්කුවක් නැති උනාට ජම්පින් සීට් වල යන්න කැමති උදවිය බස් එකේ නැගල ගියාට පස්සෙ ඊලග බස් එකේ යන්න ඉතුරු උනේ හතර පස් දෙනෙක් විතරයි...

ඊලග බස් එක එනකම් තේරුමක් නැතතුව ඈත බලාගෙන ඉදපු මගේ ඇස් දෙක හොදට හුරුපුරුදු ගැහැණු රූපයක් ලග නතර උනා...

"සමාධි"

ස්කෝලෙ යන්න කලින් ඉඳලම මගේ අතිජාත යෙහෙලිය වෙච්ච...ස්කෝලෙ දිග කලිසම අඳිනත් අවුරුදු තුන හතරකට කලින් ඉදලම මගේ හිත කුළුදුලේම අයිතිකරගත්ත .. මට අයිතිකරගන්න බැරිවෙච්ච මගේ හීන කුමාරි.... අවුරුදු පහකට විතර දකින්න තියා වචනයක්වත් කතකරන්න හොයාගන්න බැරුව ඉදපු කෙල්ල එකපාරට ඇස් දෙකට අහු උනාම මම අඩි දෙකක් පස්සට විසි උනා...

"සමාධි නිවර්ථනා.. යකෝ ඒකිට දාල තියෙනෙන් දස සිල් මෑනියෙක්ට දාන්න ඕනෙ නමක්නෙ...  හැබැයි හරියටම ගැලපෙනවා.... ෂුවර් එකටම සෝවාන් වෙලා වෙන්න ඇති... "

කොල්ලො සමාධි ගැන කතාකරේ එහෙමයි.... එච්චරටම නිවිච්ච අහිංසක ගතිගුණ තිබුන අඩම්බර කමක් ගෑවිලාවත් තිබුනෙ නැති කෙල්ලෙක්... යාලුවෙන්න පස්සෙ ආඅපු එකෙක්ටවත් යාලු කරගන්න බැරිවෙච්ච කෙල්ලෙක්...

ගෙවල්වලින් තරමක් අඳුනන නිසාත් මම එහේ ගෙදර  ආව ගිය නිසාත් ස්කූල් වෑන් එකේ ඇරුනාම අම්ම නැතුව කඩේකටවත් නොගිය නිසාත් සමාධි ආස්රේ කරපු එකම කොල්ලා මමයි... 

ඇත්තටම මේ සමාධිද... ? මම ආයෙත් හොදට මූන බැලුවා... මම එයා දිහා බලාගෙන ඉදියට එයා නෙවෙයි මාව දැක්කෙ... හැමදාම වගේ බයවෙලා බෑග් එක අතින් තදකරගෙන ඒසී බස් එකක් එන දිහා කෙල්ල එබිලා බලාගෙන ඉදියා...

පස්ස ගාවට තිගට තිබුන කොන්ඩෙ උරහිසට පොඩ්ඩක් පහලට වෙන්න කපල තිබුනත් එක පැල්ලමක් නොතිබුන සුදු මූනෙ පිම්පල් එකක් දෙකක් තිබුනත් ඉදියටත් වඩා කෙල්ල ලස්සන වෙලා....

"සමාධි....."

මම වචන ගැටගහ ගත්තෙ හරි අමාරුවෙන්.. ඒ ඇයි කියන්න මටවත් තේරෙන්නෙ නෑ...

කෙල්ල ඇස් දෙක ලොකු කරල  මගේ දිහා බැලුවා.....

" ඔයා...  ඔයා කොහෙද මෙහේ...  ? "

සමාධි මගෙන් ඇහුවෙ හිනා කටක් පුරවගෙන...

"මට කලින් කියන්න ඔයා කොහෙද මෙහේ... එකපාරට අතුරුදහන් වෙච්ච කෙනා මෙන්න කොළඹින් හම්බ වෙනවා...."

"අපි දැන් මෙහේ ඉන්නෙ...  "

මාව දැකපු වෙලාව පුදුම උන නිසා වෙන්න ඇති පලවෙනි ප්‍රස්නෙ අහපු විදිය වෙනස් උනත් ඊලට සමාධි කතාකරේ  පුරුදු විදියටමයි...

"අප්පට හුඩු ඒකත් එහෙමද.... ඒක තමයි පේන්නවත් ඉදියෙ නැත්තෙ... හොදම යාලුවටවත් කියන්නෙ නැතුව අතුරුදහන් උනා...  අඩුමගානෙ ෆෝන් නොම්බර්  එකක් දීල පලයංකො...කෝ කොහෙන්ද.. මෙන්න යාලුවො...."

කෙල්ල හිනා උන විතරයි...

" පොඩි ප්‍රස්න වගයක් උනා.. ඒකයි අපි ආවෙ....  "

" හරි හරි දැන් මේ කොහෙද යන්නෙ.... ?? "

කෙල්ල අප්සට් යනව වගේ දැකපු නිසා මම කතාව වෙන අතකට හැරෙවුවා...

"ගාල්ලෙ... පුංචිලගෙ ගෙදර...."

" එලනෙ... මාත් යන්නෙ ගෙදර.. ඔන්න දැන් චැටක් දාගෙන යන්න කෙනෙක් ඉන්නවා... "

කෙල්ල  ආයෙත් හිනා උනා....

" ඒක හොදයි..  මාත් තනියම යන පලවෙනි පාර.. බයේ  ඉදියෙ මම.. දැන් බය නෑ... "

සමාධි හිනාවෙලා එහෙම කියහ්දි හිතේ කොනක පොඩි සතුටක් ඇති උනා නිකන්ම...

විනාඩි 10 යනකොට අපි දෙන්න ඉදියෙ ගාල්ල බලා යන ඒසී බස් එකේ එකලග සීට් දෙකක...  ආගිය තොරතුරු රයට කොහොමද මෙයාට කොහොමද දැන් මොනවද කරන්නෙ අරකද මේකද වෙන විශේෂ කතාවක තිබුනෙ නෑ පානදුර පහුවෙනකම්ම....

අවුරුදු ගානක් හිතේ හිර කරගෙන ඉදපු අතිජාත යෙහෙලිය හින්දම එලියට දාන්න බයේ ඉදපු අවුරුදු ගානක් තියෙනවදවත් නැතුව හොයාගන්න නැතුව තිබුණු ආයෙත් එකපාරටම ගිණි කන්දක් වගේ හිත ඇතුලෙන් එලිට ආව ගැගීම් ගොඩකින් හිතම හිරිවැටිල වගේ මට දැනුනා...  ඒ හිරිවැටිල තිබුන හිතට ඒ වෙනකොට අයිතිකාරියක් ඉදියත්... පරණ මතක ඒ ඔක්කොම වැට කඩුලු කඩාගෙන එලියට ආවෙ හරියට සුනාමිය වගේ...

" ඉතිං... කොහොමද... දැන්වත් නැද්ද අයිතිකාරයෙක්.... "

ඇතුලෙන් ටොන් ගානක් බරට හිතේ එල්ලිල තිබුන   හැගීම් ගොඩක් බොහොම  සන්සුන්ව සැහෙල්ලු වචන ටිකක් විදියට එලියට දාගත්තෙ මම අමාරුවෙන්...

කෙල්ල හිනා උනා....  ඉස්සරහ බාලාගෙන් ඉදපු ඇස් දෙක මගේ දහසක් පලක් නැති බලාපොරොත්තු පිරුණු ඇස් දෙක දිහා බලල ඔලුව වැනුවා....


" ඉන්නවා.... ...."

ඒ වචන ටික මට ඇහුනෙ හරි හෙමින්....  ඒ වෙනකොට මටත් අවුරුදු ගානක තිස්සෙ ආදරේ කරණ කෙලෙක් ඉදියත් ... මගේ එලියට ආවෙ නැති කුළුදුල් ආදරේ  නිසා හිතේ කොනකින් ඇතිවෙච්ච රිදිල්ලක් ටිකෙන් ටික වැඩිවෙන්න ගත්තෙ මටත් නොදැනිම....

" ඉතිං කියන්නකො විස්තර..."

මම වෙනසක් නොපෙන්නන ආයෙත් කිවුවා...

"මොනව ගැනද.. ??"

"ඔක්කොම ගැන.... කොහොමද හම්බ උනේ... කවුද කොහේද කින්ද මන්ද.... ... ?"

හිත රවට්ටගෙන මම දාපු බොරු හිනාවට තමන්ගෙ ආදරේ කරණ කෙනා මතක වෙලා එබ ඇත්තම හිනාවකින් සමාධි මට උත්තර දුන්නා.....

"ඒක දිගගගග කතාවක්......"

ආදරේ ගැන මතක් කරාම වෙනද නොදැක්ක දඟ කාර කමකින් සමාදි කිවුවෙ ඇදල පැදලා... ඒ දඟකාරකම කෙල්ලගෙ ලස්සනත් මගේ ඉරිසියාවත් වැඩි කරා...

"තව පැය දෙකකට වඩා තියෙනවනෙ කියන්නකො......"

මම ආයෙත් කිවුවා...
කෑලි බෑලි එල්ලෙන මල්ලෙන්  එලියට ගනිපුබෝතලෙන් වතුර ටිකක් බීපු කෙල්ල මගේ දිහා ආයෙත් බැලුවා...

" මට කියන්න මොකද්ද වගේ අනේ..."

" අයියෝ.. මම ඔයාගෙ හොදම යාලුවනෙ...  අපි දෙන්න අතර පුංචි කාලෙ ඉදලම  රහස් තිබුනද... ??

කෙල්ල ආයෙත් හිනා වෙලා කල්පනා කරා.. ඊට පස්සෙ බෑග් එක ඇරල එලියට ගත්ත පොතක්....

"මෙතන මම ලියල තියෙනවා මගේ කතාව.. පලවෙන පාරට කියවන්න දෙන්නෙ ඔයා මට ඉන්න එකම යාලුව නිසා......  එයාවත් තාම කියවල නෑ... හැබැයි දැන් කියවන්න එපා... ගෙදරගිහින් කියවන්න... මම අනිද්ද යනවා.. ආයෙ මට ගාල්ලට ගෙනත් දෙන්න එදාට  ෂුවර් එකටම... හා ද... ?? "

සමාධි කොයි වෙලාවකවත් කිසිම දෙකක් කාටවත් හංගපු නැති කෙල්ලෙක්...  ඒක තාම එහෙමමයි...  මම පොත අතට ගත්ත ආයෙ පොත ගෙනත් දෙන්න එයාට පොරොන්දු වෙලා....

ගාල්ලට එනකන් කතා කර කර ඇවිත්  දවස් දෙකට පස්සෙ එයා යනකොට පොත දෙන්න පොරොන්දු වෙලා  මම ගෙදර ආවෙ ඉවසිලක් නැතුව..

නාල කාලා මහන්සිය නිසා ඉක්මනට නිදාගන්නව කියල මගේ කෙල්ලටත් බොරුවක් කියපු මම ඇදේ හාන්සි උනේ නවකථාවක් කියවනවත් වඩා ආසාවෙන්....

එතන ඉදල සමාදිගෙ පුරුදු දිග ඇලවෙච්ච අත් අකුරින් මම කියෙවුවෙ අවුරුදු 23ක ජීවිත කාලෙ පුරවට මම අහපු දැකපු කියවපු සංවීදීම ආදර කතාවක්.....  සමාධි වගේ කෙල්ලෙක් මේ වගේ දේවල් කොහොම විද දරාගත්තද විස්වාස කරන්න තියා  හිතන්නවත් බැරි  හැල හැප්පීම් වලින් පිරිණු ආදර කතාවක්....

සමාධිගෙ වචන වලින්ම එයාගෙ පුද්ගලික විස්තර විතරක් වෙනස්  කරපු ඇත්තම ආදර  කතාවයි මේ.....

ගේ කතාව කියන්න කලින් අතුරු කතා කීපයක් කියන්නම්.ඒ අතුරු කතාවල අතුරු සිද්දීන් මගේ කතාවට කොහොමද බලපාන්නේ...මගේ කතාව ඒ හැම එකක් ගැනමයි

මම
**** එකට ගියේ දෙවනි පාරට උසස් පෙළ කරල ඉවර වෙලා.අපි කොළඹ පදිංචියට ආවේ පළවෙනි පාර උසස් පෙළ කරල ඉවර වෙලා ඉස්කෝලෙනුත් අයින් වෙලා.අපි අවුරුදු ගානක් ජීවත් වුනේ ගාල්ලේ.ගාල්ලෙන් ආපු දවසෙ ඉදලම මම හැමදාමත් ආස කලේ මට ආයේමත් ගාල්ලටම යන්න පුලුවන් වෙනවනම් කියලමයි.අදටත් මම රෑට දකින හිනවල මම දකින්නෙ අපේ ගමෙ ගෙදරමයි.මම හැම වෙලාවකම හිතුවෙ මම මෑරිලා ආයෙමත් ඉපදුනොත් මම ගාල්ලෙම ඉපදෙන්න කියලමයි.

මම
ෆෙස් බුක් ගෑන දෑන ගත්තෙ ***** එකට ගියාට පස්සෙ 2010 අවුරුද්දේ,ඉන්ටනෙට් ගැන ෆෙස් බුක් ගෑන කිසිම දෙයක් දෑනගෙන හිටියේ නැති මමයි මගේ අනිත් යාළුවොයි නිකන් ඉන්න හැම වෙලාවකම **** එකේ ලැබ් එකකට රින්ගගෙන කාත් එක්ක හරි චැට් කරන්න තමයි හැම වෙලාවෙම බලන් හිටියෙ. චැට් කරන්න කියල ගියත් මගේ ප්‍රොෆයිල් එකේ ඒ දවස් වල හිටියෙ යාලුවො 20,30 වගේ පුංච් ගානක්.ඇවිල්ල තිබුන සමහර රිවෙස්ට් මම වැඩක් නෑ කියල තියාගෙන හිටිය,එහෙම ආපු රිවෙස්ට් එකක් තමයි ********. ඒක නාකි කෙනෙක් නිසා කැත ෆොටො එකක් තිබුන නිසා මම එයාව යාළුවෙක් කර ගත්තෙ නෑ.ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලේ මගේ යාළුවෙක් *****

මාත් එක්ක බොරුවට රන්ඩුවෙලා කරන්න දෙයක් නැති නිසා එයා ඒක කලේ මම බනිද්දිම.එක ආයෙ මකල දාන්න මටත් අමතක උනා...

ඊට පස්සෙ
, ඉතින් මට ඕනෙ උනෙත් යාළුවො ගාන වැඩි කර ගන්න නිසා මමත් එක ගැන ආයෙ හිතුවෙ නෑ.

**** එකේ පලවෙනි අවුරුද්දෙ මුල් මාස හය ඉවර වෙද්දි මම හැම වෙලාවෙම හිතුවෙ ගෙදර ඉන්නකොට චැට් කරන්නෙ කොහොමද කියලමයි.අපේ ගෙදර ඒ දවස් වල තිබුනෙත්
CDMA
දුරකථනයක් නිසා ඉන්ටනෙට් ගන්නත් බෑ.ඒ නිසා මම ගෙදර ඇවිත් අම්මට කිව්ව මේ පාර නම් මට ඩොන්ගල් එකක් අරන් ඕනෙමයි නිවාඩු කාලෙත් ගෙදර වැඩ දෙනව  කරන්න කියල මම කොහොම හරි නිවාඩු දීල සතියකට විතර පස්සේ ඩොන්ගල් එකක් ගත්තා.


ඉතුරු ටික ඊලග කොටසින්.........  :)

               _____________  ෴෴෴  ___________________

ප. ලි
මෙන්න ඊලග කොටස


කතාවක් සහ තවත් කතාවක් 2  

     ___________________________________________________


ඊයෙ දාපු  ______ හාට් Piercing...✿•*`¨" එක


"වල්ලද මල්ලද ? , මයිනද බනිසද ? " ජැක් ගැහිල්ල








2012-01-27

"වල්ලද මල්ලද ? , මයිනද බනිසද ? " ජැක් ගැහිල්ල





බනිස් දැක්කම තමයි මයිනට
වෙන්නෙ බඩගිනි නංගිලා
දන්න හින්දයි බොලවු කොල්ලනි
යන්නෙ රෙදි බාගෙට ලිහා

පෙනෙන නොපෙනෙන බනිස් ගෙඩිවල
සුවද වැඩියෙන් එන නිසා
තටු ගසාලා මයිනො ඉගිලෙති
බනිස් කෑමට රුසි නිසා...

කන්න දෙන්නැති මල්ලේ බනිසක්
වල්ලෙ මයිනට පෙන්නලා..
මල්ලෙ බනිසට වල්ලෙ මයිනා
කොටනකොට යති ඔරවලා..

දෙන්න බැරිනම් කන්න මයිනට
මොකට යනවද පෙන්නලා...
කොල්ලො අපිනම් කියයි ඕකට
ඉල්ලගෙන කනවා කියා...      
                                            
______ හාට් Piercing...✿•*`¨"


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________


එ.ජ.ප/යෙ.වි.පෙ  කියුමි කෙරුම්

හිත යටදි වේසාවී (18+)
රෑ මනමාලිගෙ ඩිස්කවුන්ට් එක
ම(ව)ල් කෙල්ලෙක් මං

වේසිගෙ පුතා මම 2  අම්ම රෙද්දෙ ආදරේ (18+) ලීක් love
වේසිගෙ පුතා මම 18 + නොවේ
තහනම් ගෙඩිය
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්  


______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න

2012-01-20

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "


පුරුසාධිපත්‍යට කාන්තාවන් අභියෝග කරණකොට  ඇන්ඩම් හිටගෙන චූ කිරීම , චූ කදම්භයක් නිර්මාණය කිරීම හා චූ කඳම්භය නිස්චිත ඉලක්කයකට එල්ල කිරීම යන පිරිමින්ට පමනක් ආවෙනික සහජ දක්ෂතාවයන් උපයෝගී කරගෙන ඒ අභියෝගය ජයගත්තනෙ...

හත්වලාමෙ මෙන්න ගෑණු පාර්සවේ ඒ පාර මෙන්න මොකද්දෝ ජිල් මාට් එකක දාගෙන ඇවිත්  අපේ ඔරිජිනල් හාන්ඩෙට ආයෙ චැලෙන්ජ් කරණව ...


ඒත් වැඩේ කොට උඩ...  ඔය කොපිකැට් කෑලි වලට  නෑමෙ ලොවෙත් ඔරිජිනල් එක කරන වැඩ කරන්න...


දහස් ගානක් ඉන්න පන්තියක් මැද්දෙ  බෝතලේකට චූ බර නිදහස් කිරීම වගේ...


සීරියස් එකේ කලින්  චූ කතා දෙක කියෙවුවෙ නැතිනම්  කියවල එන්නකො....


අද චූ කතාවත් ඉහත  චූ කතා දෙක හා බැදේ......



ජිල්මාට් ගැජට් කෑලි වලින්  හිටගෙන චූ දැම්මට කරන්න බැරි තව වැඩක් මෙන්න....


මේ චැලේන්ජ් එකනම් මගේ අතිජාත මිත්‍රයෙක්ගෙන්....



ඔය ස්කෝල වල බිග් මැට්ච් තියෙනවනෙ... අන්න ඒ බික් මැච් කාල වලදි වෙච්ච එකක් තමයි....

අපේ ස්කෝලෙ බිග් මැව් එක ගහන්නෙ ඔය පිස්සලගෙ ස්කෝලෙත් එක්ක...

බිග් මැච් එකට කලින් වෙන වැඩ මහ ගොඩයි...


පෙරඩ් යාම...

කොඩි දැමීම
බිග් ඩිබෙඩ් එක
ඕල් බෝයිස් මැච් එක...
ආයෙ සීමිත් ඕවර් මැච් එක...

ඕකෙන් සෑහෙන කාලයක් කරන වැඩේ තමයි කොඩි  දාන එක....... කොඩි දානව කිවුවට නිකන් පාලං කොඩි නෙවෙයි....


ලයිට් කණුවක් මුදුනට වෙන්න අඩි 40 විතර  හරි කෙලිණ් උණ ගහක තමයි අඩි 15 විතර දිග කොඩි දාන්නෙ... අඩි 20 විතර උස ලයිට් කනුවෙ  අඩි  15 දිග 6ක් පලල කොඩිය මුදුනෙ ගැටගහපු අඩි 40 උස  උණ ගහ ලයිට් කණුවට බැදල තිබුනෙ අඩු 3ක් විතර කොටසකින්...

කොඩිය දිග ඇරීමට පෙර
දිගඇරුනාම පේන්නෙ මේ ව්දියට

 





පේනවනෙ අච්චර උස කොඩියක් ගැටගහල තියෙන කොච්චර පොඩි ප්‍රමානෙකින්ද කියල


මෙන්න මෙහෙමයි ඕක උඩට උස්සන්නෙ.. මේ පොඩිමෑන්ලගෙ සෙට් එකනම් නෙවෙයි ගූගල් දෙයියන්ට කියල හොයාගත්තෙ. පොඩි මෑණ්ගෙ සෙට් එකේ ඒව පොඩි මෑන් ගාව දැනට නැති නිසා ගෙනල්ල පස්සෙ දාන්නම් ඉස්සරහට එන බිග්මැච් රසකතා සීරියස් එකේදි...





ඉතිං ඔය වැඩේට ලයිට් කණුව උඩට බඩාගාගත්තාම  උණ ගහ උඩට උස්සල ගැට ඔක්කොම දානකම් එකෙක් හෙලවෙනව බොරු.....

ලනු දාගෙන ලයිට් කනුවට එල්ලිල ඉන්න වෙලෙ උණගහ නිකන් හරි අතින් අතඇරිලා වැටුනොත් බෙලි ගැලවෙනව ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කට්ටියක් හොස්පිටල්වල සති ගනන් ඉදියා...  ඒව පස්සට... අද තියෙන්නෙ මේ චූ කේස් එකනෙ...

ඔය විදියට ලයිට් කනුවෙ මුදුනෙම ඉන්නකොට පොඩි මෑණ්ගෙ එක්තරා මිත්‍රයෙක්ට හැදුන මාහා පට්ට චූ බරක්... මිනිහගෙ නමවත් සුරතල් නාමයවත් කියන්න විදියක් නෑ.. ලෝකප්‍රසිද්දයි... ...  දැන්ට ආරක්ෂක අංශයේ ඉහල තනතුරක් දරණ ණිලදාරියෙක්...  අපේ කට්ටියට අවුලක් නැති උනත් මිනිහගෙ රැකියාවත් එක බලල නම සදහන් කරන්න බෑ...

ඉතිං මේ මාහා චූ බරත් එක්ක අර මහා උණගහ ආං බාං කරන්න බැරි නිසා  ආයෙ මහදි බහින්නත් බැරි නිසා.... ( මිනිහ ඉදියෙ මුදුනෙම )

මිනිහ ලයිට් කණුව උඩ ඉදගෙන මහ පාර මැද්දට චූ කරා.....

මීටර් 10 විතර දිග තප්පර 10 විතර වෙලාවක් නොකැඩුනූ චූ කදබයක් නිර්මාණය කරන්න මිනිහට පුලුවන් උනා....

නොකැඩුන චූ කදම්භයක් කියන්නෙ චූ පිටවෙන අදාල ස්ථානයේ ඉදල මහපාර වෙනකං ඒකාකාරී චූ දහරාවක්........ 

පුරුස ආදිපත්‍යේ මුදුන් මල්කඩ වෙච්ච අදාල ගැජමැටික් එක හා මහ පාර , මීටර් දහයක් විතර දිග  මහා චූ කදම්භයකින් සම්භන්ද වෙච්ච ආකාරය කොල්ලො සෙට් එක හා ඒ වෙලාවෙ සිටි ගාලු වාසී ජන මනයා මහා විසිල් හඩ හා හූ හඩ මැද්දෙ නැරඹුවා....

ඔය පින්තූරවල තියෙන්නෙ දවල් උනාට අදාල සිද්දිය උනේ රෑ 8 විතර...  ඒත් සැලකිය යුතු පිරිසක් ගාල්ල ස්ටෑන්ඩ් එකේ ඒවෙලාවෙ හිටියා


ඉතිං සහෝදරවරුනි.. අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද පුරුසාදිපත්‍යට අභියෝග කරන්න... ??

බෑ බෑ... කොහෙත්ම බෑ....

අරවගේ කොපිකැට් ප්ලාස්ටික් කෑල්ලකින් ගෑනුන්ට පුලුවන්ද  අර වගේ සුවිසාල "චූ" වික්‍රමයක් කරන්න....

බෑ බෑ.. කොහෙත්ම බෑ...

එහෙනම් සහෝදරවරුනි කියන්න මා සමග...

පුරුසාදිපත්‍යට    ජයවේවා..... !!!
පිරිමින්ට...... ජයවේවා....!!!
පුරුසාදිපත්‍යට   ජ.. ය ...වේ... වා......!!!!!!!

                           






2012-01-19

"ගැජමැටික් වලින් හිටගෙන චූ කරන්න කෙල්ලනට පුලුවන් උනත් පිරිමින්ට වගේ මේ වැඩත් පුලුවන්ද ?" මෙන්න තවත් චූ කතාවක්..






ඕනය කියපු අර මොකද්ද සමාගමකින් ලංකාවටත් ගෙන්නවන කෑල්ලක් නිසා ගෑණු ළමයින්ටත් හදිස්සියට දොට්ට පිලට යන්න ඕනෙ උනාම වාඩිවෙන්න තැන් හොය හොය ඉන්න ඕනෙ නෑ... කොල්ලො වගේම ඇල්ලුව ගහක මුලකට හරි පදුරක් මුලට හරි... මාර සිම්පල්...

හැබැයි ඔය හිටගෙන චූ දාන එක කොල්ලන්ට විතරක් වෙන් වෙච්ච වැඩක්නෙ...  ගෑණු පිරිමින් කරණ හැම වැඩක්ම කරන්න පුලුන් කියල කෑ ගහනකොට ඔය හිටගෙන  චූ කිරීම සහ  චූ කදම්බය  නසි තැනට එල්ල කිරීමේ හැකියාව නිසා ඔය පුරුස ආදීපත්‍ය කියන එක ඇන්ඩම් බේර ගත්ත කතාවත් කිවුවනෙ...

කියෙවුවෙ නැතිනම් මේ තියෙන්නෙ....  ඇන්ඩම් පුරුස ආදිපත්‍ය බේරගත්ත හැටි හා අලුතෙන් ආව ගැජමැටික් එක නිසා පිරිමින්ට ඒකට කෙලවෙන්න යන  හැටි....

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට  විතරද ?? ඇයි කෙල්ලන්ට බැරිද... ??


මේක අපේ පුරුස ආදිපත්යට කෙලවෙන්න යන සින්කෝන් එකක් නිසා නිකන් ඉදල බෑ....  ඒක නිසා ඔය එක එක ගැජට් බැජට ආවට පිරිමින්ගෙ ස්යං හැකියාවට චැලේන් කරන්න බෑ කියල පෙන්නල දෙන්න තමයි මේ පෝට් එක ලියන්නෙ...

අර මම උඩින් කියල තියෙනව වගේ චූ කදම්බයක් (කදම්බය හරි වචනය නේද )නිර්මාණය කරන්න පුලුවන් පිරිමින්ට විතරයි....  ඔය අලුත එන ගැජට් වලට බෑ...

මොනවහරි  කරල ඒ වගේ එකක් හදාගත්තත් අර ඇන්ඩම් කරා වගේ නියමිත ඉලක්කයකට එල්ල කරන්න පුලුවන්ද... ?? බෑනෙ....

ඔන්න දැන් කෙල්ලො රෙදි උස්සගෙන ඒවි ඒකෙන් ඇති පල ප්‍රයෝජනේ මොකක්ද කියල...

මෙන්න මේකයි පල ප්‍රයෝජනේ...


කාලය 2006 අවුරුද්දෙ අන්තිම හරිය.... හදපානේ නිරුවත් වානර දර්සනේ පෙන්නපු කාලෙ  මම හිතන්නෙ...  පොඩි මෑන් හා හා පුරා කියල ඒ ලෙවල් කරන්න  ආව අවිතරයි..
තින්ත තෙතයිය  බලන්න ගිහින් වැඩි කාල්ලයක් නෑ...  එතකොට.. හැබැයි තංගෙයි ජොකා නැතුව පොලිස් අංකල්ට ජීවිතේ එපා කෙරුවෙ ඇන්ටිගෙ වැඩ වලට හොරෙන් බැල්මට් දාන්න ගියෙයි  ඔයිට ටික කාලෙකට පස්සෙ...

ඒ එලෙවල් කාල්ස් වල තත්වෙ දන්නවනෙ.. සූ ගාල සෙනග.... මේකත් ඒ වගේම සෙනග පිරුණ ගාල්ලෙ ප්‍රසිද්ද ෆිසික්ස් කාලාස් එකක්... උදේ පාන්දර කොහොමත් අපි එනකොට පරක්කු වෙනවා.. ... පඩිපෙල නැගල උඩට ආවාම මතුවෙන්නෙ ක්ලාස් එක මැද්දෙන්... ඊට පස්සෙ ඩෙස් උඩින් කොල්ලන්ගෙ කරවල් මැද්දෙන් පිටිපස්සෙම යන්තං පේලියක් හොයාගන්නව වාඩි වෙන්න... ආයෙ ඉතිං ඉන්ටවල් එකත් එලියට යන්නෙ  මාර අමාරුවෙන්... එච්චරටම සෙනග..

ඔය වගෙ පරක්කු වෙච්ච දවසක  පොඩි මෑන් තවත් එකෙක් එක්ක ඔය කියන කලාස් එකට ආව.. දැන් වාඩිවෙන්න තැනක් නෑ.. පස්සට යන්න ඕනෙ ඩෙස් උඩින්.. පස්සෙම පේලිවවලට යන්න කොහොමත් විනාඩි 10 විතර ගියා... සරුත් බර බරේ දැම්ම ඒ අස්සෙදි..

" වෙලාවට කාල්ස් එකට වරෙන් පුතේ... අනිත් උන්ටත් කරදරයි උඹටත් කරදරයි... "

ඉතිං ෆුල් ඇඩ් එක...

කොහොම කොහොම හරි  පිටිපස්සට ගියාම ආවෙ නැතෑ පට්ට චූ බරක්...

පරක්කු වෙලා ආව නිසා පරාක්‍රම සමුද්‍රෙ හිස් කරන්න බැරි උනානෙ... සෙල්ලං නෑ...  ඊයෙ රෑ ඉදල තියෙන ස්ටොක් එක තියෙන්නෙ...  සොරොවු ඇරියෙ නැති උනොත් වැවුබැම්මට හානි වෙන්න පුලුවන්...

දැන් ඉතිං මක්කෙදැයි දංවලදන්නෙ ඇහුවලු....  ඉන්ටවල් එක දෙන්නත් තව පැය හතරක් තියේ.... ඔය ගෑනු ළමයිනට වගේ පරිවෘතීය ක්‍රියාවද මොකක්ද එක අපේ සාපේක්ෂව අඩුයිලුනෙ.. ඒකනෙ ඕනෙම වෙලාවකට ගස් ගල් මුල්ලකට අල්ලන්න පුලුන් භාන්ඩයක් අපිට ලැබිල තියෙන්නෙ...  ඒ විතරද නිස්චිත ඉලකයකට එල්ල කරන්න පුලුවන් චූ කදම්බයක් නිර්මාණය කිරීමේ හැකියාව....

ඉතිං පොඩිමෑන් වන මම විසින්  පන්තියේම තිබුන පරණ බෝතලයක් හොයාගෙන 1200 කට අදික පිරිසක් ඉන්න තැන මගේ එහාපැත්තෙ ඉන්න එකා විතරක් දැනගනිද්දි  අර අපිට ලැබී තියෙන භාන්ඩෙ උපයෝගී කරගෙන සාර්ථකව වැඩේ අවසන් කලා... අල්ලපු එකා දන්නෙත් ඌ ට මම කියපු නිසා... ඌ තමයි  බෝතලේ හොයල දුන්නෙ...

ඉතිං මටත් සතුටුයි... බංඩියටත් සතුටුයි.. භාන්ඩෙත් මාරම සතුටුයි..

ඉතිං ඔය කොපිකැටි ප්ලාස්ටික් කෑලිවලට පුලුවන්ද සහෝදරවරුනි ඒ හැකියාවට අභියෝග කරන්න ...

බෑ බෑ... කොහෙත්ම බෑ....

ඒකෙ ආයෙ හෝදන්න දෙයක් ඇත්තෙම නෑ...

" පුරුසාදිපත්‍යට... ජයවේවා......!!!


   __________________________________


ප. ලි

කෙල්ලන්ට කොල්ලන්ගෙ පුරුසාධිපත්‍යට අභියෝග කරන්න බෑ කියල දැන් තේරෙනවනෙ.... අපේ තමයි ඔරිජිනල් භාන්ඩෙ තියෙන්නෙ...  ඒකෙන් තමයි ගේම ගහන්නෙ.....


ඒ භාන්ඩෙන් ගහපු තවත් චූ ගේමක් හෙට බලාපොරොත්තු වන්න....

  ප.ප.ලි
ආවා ආවා... චූ කතා අංක 3 ආවා....

චූ කතා අංක 3 "පිරිමින්ගෙ චූ කරණ ගැජමැටික් එකේ පවර් එකෙන් පුරුසාදිපත්‍ය රැකගැනීම "




2012-01-18

හිටගෙන චූ කරන්න පුලුවන් කොල්ලන්ට විතරද... ?? ඇයි කෙල්ලන්ට බැරිද ??

ඇම්ඩ ගැන කලිනුත් කතාවක් ලිවුවද කොහෙද මම.....

ආ... මෙන්න මේක....


දැන් අද එක...


ඔන්න එකෝමත් එක කාලෙක හිටියලු ඇම්ඩම් කියල කොල්ලෙක්... මිනිහ ගියේ ම්ශ්‍ර පාසලකටලු.... ඔන්න දවසක් කොල්ලො කෙල්ලො එකතු වෙලා  හෙන වාදයක්ලු.... මොකකද මේ වාදෙ බලන්න ඇන්ඩමුත් ඒ පැත්තට ගියාලු.....



වාද තමයි

"පිරිමියයි ගැහැණියයි සමානයි..... පිරිමිය කරන ඕනෙ දෙයක් ගැහැණියට කරනත් පුලුවන්...."


කෙල්ලො ටික එහෙම කියද්දි කොල්ලො කියනවලු නෑ... කොල්ලොන්ට කරන්න පුලුවන් වැඩ කෙල්ලොන්ට කරන්න බෑ කියල... 


ඒත් මේ කෙල්ලො ටික කොල්ලොන්ගෙන් ගේම ඉල්ලනවලු....

වාදෙ කොච්චර දරුණුවට යනවද කියනවනම්... ඔන්න දැන් මිස්ල සර්ල.. අම්මල තාත්තල පවා වාදෙට එන්ටර් වෙලා තියෙන්නෙ....  පිරිමි පාර්සවෙන් කරන ඕනෙම වැඩක් ගැහැණු පාර්සවෙනුත් කරල පෙන්නනවලු...  දැන් ඉතිං කොල්ලො ටික නෝන්ඩි වෙන්නයි යන්නෙ...


ඔන්න ඔය වෙලාවෙ තමයි ඇන්ඩම් ඉස්සරහට ආවෙ....

බිය නොවන්න සොයුරනි මම පෙන්නන්නම් පිරිමි කම කියල  ඇන්ඩම් මහා සෙනඟ මැද්දෙ ගලවල දැම්මලු
ඇඳගෙන ඉදපු ටී ෂර්ට් එක.....

ඇන්ඩම් හිතුවෙ දැන් තමන් දිනුව තමයි කියල.......  වටේම අයගෙ ප්‍රීති ගෝසා...!!! කෙල්ලොන්ගෙ මූනූ මැලවිලා...

ඒත් ඇම්ඩටත් එදා වැරදුනා.....

වාදට එන්ටර් වෙච්ච ගෑනු පාර්සවේ පැත්තෙ ඉදියලු සුප්‍රකට පෝන් ඇක්ට්‍රිස් කෙනෙක්.... ඉතිං එතුමිට ඕකත් කජ්ජක්දැ.,...   ඉස්සරහට ඇවිත්  ගලවල දැම්මලු ටීෂට් එක....

හොදි නෑ නෝන්ඩිය.... දැන් ඔල්වරසන් නගන වාරය ආවෙ කෙල්ලන්ට...

ඇම්ඩ කල්පනා කරාලු මේ නව මහ නින්ගිරාවෙන් ගැලවෙන විදියක්..... වටපිට බලනකොට දැක්කලු පොඩි එකෙක් බීම බෝතලයක් බොනවා....

ඔන්න ඇම්ඩට පහත් උනා ස්තානෝචිත අහවල් එක...


පොර ගියා... ගෙනාව බෝතලේ....  තිබ්බ බිමින්.... නැග්ග ඩෙස් එක උඩට.... උඩ ඉදගෙන බෝතලේට චූ කරාලු.....


දැන් කරල පෙන්නපංකො.......

ඔන්න එහෙමයි ඇම්ඩ පුරුස ආදිපත්‍ය බේරගත්තෙ එදා....


ඒත් මචංලා.... දැන්නම් ඒක කොරන්ට වෙන්නෙත් නෑ....   අපිට කෙලවෙන්නයි යන්නෙ....  මේ බලාපල්ලා....





















 අහෝ කොල්ලනි.. අපි දැන් කුමක් කරමුද...... ???

මෙන්න කරනවනම් වැඩ.... මේ චූ සීරියස් එකේ දෙවනි කොටස.. මෙතනින් ගිහින් බලන්න


ගැජමැටික්වලින් හිටගෙන චූ කරාට කෙල්ලොන්ට මේවැඩෙත් පුලුවන්ද ?



 _________________________________________________________________________________


පොඩි මෑන් ලියූ අලුත්ම කෙටි කතාව....

"ඉතිං ගෙම්බියේ ... ඒ ආදරේටනෙ... "
  හීන කුමාරී   කියවන්න.....