2011-12-31

අවා.. ආවා ..ආවා... පොඩි මෑන් ලියූ.. සයිබර් ගෙට්ටුවේ තීම් සෝන් එක ආවා.... !!!




දන්නවනෙ බ්ලොග් ලියන උන් සෙට් වෙන්න යනව කියල..... දන්නෙ නැතිනම් මෙන්න මෙතනට ගිහින් දැනගන්න.... ලංකාවෙන්ම එදාට කට්ටිය එනවා... ලංකාවෙන් විතරක්යෑ..  පිටරට ඉදගෙනත් එනවා..
අපේ රුචා එහෙම ...ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ...

ඉතිං ලේසි පාසු කටයුත්තක් නෙවෙයි.... ඕන්... ඒ ඒ කටයුතු ඒ ඒ විදියට තියෙන්න ඕනෙ... ඒක නිසා ඔන්න
අකෝන් මහත්තයගෙ විශේෂ අවසරය පිට පොඩි මෑන් විසින් ලියපු  ලාංකීය බ්ලොග් අවකාශයේ මිතුරගේ සුහද හමුවේ තේමා ගීතය තමයි පහත තියෙන්නෙ...

කට්ටියම පුරුදු පුහුනු වෙලා එන්න  එදාට ගායනා කරන්න...




(තාලය -  රා වන් චිත්‍රපටියේ චම්මක චල්ලෝ )



බ්ලොග් ලියනා ගාල්ලෙ කොල්ලෝ

           ඩී....ංගි චිකි චිකි ඩී.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.....ං
වැඩක් දෙන්න යනවා කොල්ලෝ
             ඩී....ංගි චිකි චිකි ඩී.....ං  ඩී....ංගි චිකි චිකි ඩී.....ං
හත් වෙනිදට ඔය හැම ගොල්ලෝ
                                                              ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ ......
ගාල්ලෙදී සෙට් වෙමුකෝ කොල්ලෝ.. ..

    ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
රට වටේම හැම කොනකම ඉදලා
සයිබර් කන එවුන්ව හොයලා
සෙට් වෙන්නට දිනයක් යොදලා තියෙනව ඔහෙලා එන්නකො කොල්ලෝ..... ... //



ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



විතරද කොල්ලෝ නෑ තව කෙල්ලෝ...
                ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
එදාට ගාල්ලෙ  එනවා කොල්ලෝ ...
                ඩී....ංගි චිකි චිකි ඩි......ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ලියනා කියනා මේ හැම ගොල්ලෝ...
                                                 ඔ.. ඔ. .ඔ  ඔ. .ඔ  ඔ  ඔඔ...... 
ගාල්ලෙදී සෙට් වෙනවා කොල්ලෝ. ...




ඩී....ංගි චිකි චිකි ඩි.....ං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං

කොළඹ ඉන්න උන් සෙට් වෙල කියලා
පැයෙන් ගාලු එන්නට කියලා..
මතක ඇතුව එනකොට ඔහෙලා බනියට කෙල්ලෙක් ගේන්න හොයලා.... //


ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං


එකතුවෙලා මේ හැම ගොල්ලෝ....
              ඩී....ංගි චිකි චිකි ඩිං  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ජපං පන්සලුත් යනවා කොල්ලෝ....
             ඩී....ංගි චිකි චිකි ඩි  ඩී....ංගි චිකි චිකි ඩී.......ං
ගිහිල්ල ඇවිදින් වැල්ලේ කොල්ලෝ....
                                                                   ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කියල අපි නටමුකො කොල්ලෝ....
                                     ඩී....ංගි චිකි චිකි ඩිං ඩිං   ඩී....ංගි චිකි චිකි ඩී.......ං



කොල්ලෝ විතරද නෑ තව කෙල්ලෝ
 
                                                                 ......... ඔ..ඔ..ඔ..ඔ...ඔ...
සිංදු කිය කියා නටනව කොල්ලෝ............. //




කොළඹ සෙට් වීමේ විස්ථර සදහා රාජ්ගේ පෝස්ට් එක බලන්න....

2011-12-29

සයිබර් මිතුරන් ආයෙත් ගාල්ලට සෙට් වන වගයි!!!!!!!!!



බ්ලොග් කියවිල්ල ලිවිල්ල නිසා වෙච්ච තවදියක් තමයි ලෝකෙ වටේම විසිරිලා ඉන්න  කට්ටිය ටිකක් දැන අඳුනගන්න ලැබීම....  කවුරු හරි එකෙක් , එකියක් ලියපු බ්ලොග් පෝස්ට් එකක් කියවල ඒකට කමෙට් එකක් දාලා ඇතිවෙන ඇදුනුම් කම මූණු පොතේ ලයිවු චැට් එකට ස්කයිප් හෑන්ෆෝන් එක දක්වා ගිහින් හැබැහින් හමු වෙච්ච අවස්ථාත් තියෙනවා.... මතක ඇතිනෙ... සයිබරයේ සිහින බක් මහ සැනකෙලිය  එහෙම....

ටිකක් හිනා වෙන්න ඇවිත් ලියන අභීත අයියගෙ අදහසක් අනුවනෙ ඕක සංවිදානය උනේ... ඒත් ඔන්න මිනිහම කියනව ආයෙ ඒ වගේ වැඩක් වෙන එකක් නෑ කියල....

ඇත්තටම අපි ආදරය කරපු බ්ලොග් කරුවන්... ඇත්තට දැන අඳුන ගන්න.... ඩිජිටල් තිරේටකට සීමා වෙච්ච යාලුමක හැබැහින් දකින්න විදින්න..ආයෙමත්  ඒවගේ වැඩක් වෙන එකක් නෑ කියන්නෙනම් ලෝක අපරාදයක්...  

ඔය සිහින සැනකෙලියට පස්සෙ බ්ලොග් කෙරුවාවට ආව අය.... ??
මේ පොඩි මෑනුත් එහෙම කෙනෙක්.... :)

අනන්න ඒක නිසා ඔය ලොකු ලොකු මිනිස්සු වගේ ලොකු ලොකුවට නැතත් පොඩි පොඩියට හරි මොකක් හරි කරන්න ඕනෙ කියල අපිට හිතුනෙ ඒක නිසයි...

ඔන්න එහෙනම් කලිනුත් වතාවක් ගාල්ලෙ බ්ලොග් කියවන ලියන උදවිය දවසක් සෙට් උනා වගේ මේ පාරත් කට්ටිය සෙට් වෙන්නයි කල්පනාව... අර උඩ තියෙන්නෙ කලිං වතාවේ සොදුරු සිතගෙ සොදුරු අයිස්ක්‍රීම් සංග්‍රහය...

සෙට් වෙන්නෙ  ගාල්ලට උනාට අපේ මේ ආරාධනාව ගාල්ලෙන් එපිට ඉන්න බ්ලොග් කියවන ලියන හැම දෙනාටමත් එක්ක.....

එන්න අපි දැන අදුනගෙන කතාකරලා විනෝද වෙමු..... ඕනෙ කෙනෙක්ට එන්න පුලුවන්....

දිනය මේ ජනවාරි 7 වෙනි සෙනසුරාදා.....
වෙලාව උදේ 9.00 ය
ස්ථානය ගාල්ලෙ දුම්රියපල හා බස් නැවතුම්ප්ල යා කරණ පාලම
යටට නෙවෙයි උඩට...

යන්නෙ රූ මස්සල...  අර හනුම  හිමාලෙ උස්සගෙන යනකොට වැටිච්ච කෑල්ල තමයි...
හනුමට වැටිච්ච කෑල්ල නෙවෙයි හිමාලෙන් වැටිච්ච කෑල්ල...









මුලින්ම සාම චෛයිත්‍යට තමයි යන්නෙ.......




වඳින කට්ටිය වැඳලා... බලන කට්ටිය බලලා ලස්සන රූමස්සල සුදු වැල්ලට ඇවිත් කථාබහ කරල ගේන දෙයක් කාල සින්දුවක් දෙකක් කියල ගෙවල් වලට යන්න තමයි කල්පනාව....

ප්‍රධාන සංවිදායක බනී තුමාගේ ප්‍රභල විරෝදය මූදේ නෑමට....  ඒත් මිනිහට හොරෙන් නන්න කැමති උන් ඉන්නවනම් මම ඉන්නව එක පයින්.... මොකද රූමස්සල සුදු වැල්ල අනතුරුදායක මුහුදු තීරයක් නෙවෙයි....




නාන්න කැමති අය පිට ඇතිල්ලීමට පොල් කොස්සක් භාල්දියක් නැතිනම් කෝප්පයක් හරි බනියට හොරෙන් ගෙනාවට කිසිම අමනාපයක් නෑ...

ඔය ගාල්ලෙන් පිට අගනුවර පැත්තෙ එන්න කට්ටියට සෙට්වෙලා ආවොත් නරකද වැඩේට....  .... හයි වේ එකේ ආවොත් හරියටම පැයයි යන්නෙ... රූමස්සල පෙනෙන සීමාවෙන් තමයි ගාල්ලෙ එක්සිට් එක තියෙන්නෙත්....  අපිනම් කියන්න පුලුවන් කට්ටියට සෙට් වෙලා එන්න කියලයි....

වැඩි වැඩ ඕනෙ නෑ... දවල් කෑමට රු 200 වගේ මුදලක්...
වැල්ලෙ සෙල්ලම් අක්‍රන්න රගර් බෝලයක් හෝ ෆුට් බෝලයක් ( පුලුවන් කෙනෙක් )
සිංදුවක් කියන්න තට්ටුකරන්න පුලුවන් සංගීත භාන්ඩයක්...
හවසට කන්න වෙන මොනවහරි ගෙනාවත් කමක් නෑ...

එච්චරයි වෙන්න ඕනෙ...

ආ... නාන්න කැමති උදවිය බනියාට හොරෙන් අදාල ආම්පන්න රැගෙන ඇවිත් බනියාට හොරෙන් පොඩි මෑන් හමුවන්න....   අදාල ආම්පන්න කිවුවෙ අදාල අම්පන්න...


වැඩි විස්ථර සදහා අමතන්න 

ප්‍රධාන සංවිදායක       :-     බනියා     - 0719250005
නියෝජ්‍ය සංවිදායක    :-    කිඩෝ      - 0775215692
නිල නොලත් සහායක  :-    පොඩි මෑන්  - 0719586007

 පැමිනීම කලින් සදහන් කරන්න පුලුවන්නම් වඩා හොදයි.... කීඩෑවත් මෙන්න මෙහෙම ලියල තියෙනව මෙතන... ඒකත් බලන්න....

සියලුම බ්ලොග් කියවන ලියන අයට එන්න කියල නැවතත් ආරාධනා කරනවා... ... ගාල්ලෙ නෙවෙයි මොන තූත්තුකුඩියෙ ඉදියත්.....


මේ අන්තිමට සිංහලෙන්ම කියනම්...   අනේ වරෙල්ල හොදේ.......


 ප.ලි

සැ. යු

බීම ජාති ගැන ඇල්මක් ඇති අය ඒ සදහා රහසිගතව යටම නො. අමතන්න....

ප.ප. ලි

ගාලු එන්න කොළඹ ඉදන් කට්ටිය සෙට් වෙලා ඉන්නෙ... තව කට්ටියට එනවනම් මෙන්න මෙතනට ගිහින්
යාලත් එක්කම සෙට් පුලුවන්....


ප. ප. ප. ලි  

ඔන්න කොළඹ ඉදන් එන කට්ටියෙගෙ ප්‍රස්නවලට පිලිතුරුත් එක්ක කට්ටිය යන විදිය...රාජ් මෙතන දාලා...

2011-12-26

මීට වුරුදු හතකට කලින් නත්තලට පසුදා සිදු උන ..කාටවත් නොකිවු,,, තවත් එක් සත්‍ය කතාවක්....



දින  අමතක වීමේ පොඩි ලෙඩක් තිබුනත් නත්තලට පසු දා නිසා පොඩි මෑන්ට දිනය හොදටම මතකයි...... පහුගිය අවුරුදු හත පුරාවටම උදෑසන වගේ හිත පුරාම පෙරලිකරමින් තිබුන ඒ කාටවත් නොකී එක් සිදුවීමත් එක්කම අදත් උදේ පාන්දරම පොඩි මෑන්ට අවදි උනා... සාමන්‍යයෙන් අවදින වෙන වේලාවට වඩා පැය හතරක් පහක් කලින් උනත් පහුගිය අවුරුද්දෙ නත්තලට පසුදා එක්ක ගත්තාම ඒකෙ අමුත්තක් තිබුනෙ නෑ...... හිත ඒ විදියටම පොඩි වෙනස්ක්වත් නැතුව පොඩි මෑන්ට රිද්දන්න ගත්තා.. ...

හැමෝම දන්න සිද්දියක එක් අතුරු කතාවක  කවුරුවත් දන්නෙ නැති කොටසක් හැමදාම හිතේ හැංගිලා තිබුනා...  වෙනදාට ඒක හිතෙන් තියාගෙන විශේෂ හේතුවක් නැතිනම් වදින්න විතරක්  පෝයකටවත් පන්සලට නොයන පොඩි මෑන් වදින්න විතරක් අවුරුද්දෙ එකම එක දවසකට පන්සල් ගියානම් ඒ දෙසැම්බර් 26 වෙනිදා.... රෑට  නෙවෙයි උදේ.... දහයට විතර....

අරුදු හතක් පුරාවට හිතේ හැංගිලා තිබුන දේ  මේ විදියට එලියට දාන්න හිතුනෙ ඇයි කියලනම් හිතෙන්නෙ නෑ...  සමහර විට බ්ලොග් කෙරුවාවට ඇබ්බැහි වෙලා නිසා වෙන්න ඇති... කාටවත් කියන්න බැරි දේවල් එලියට දාන්න හොදම තැන මෙතන කියල හිතෙන නිසා වෙන්න ඇති....කොහොමින් කොහොම හරි බ්ලොග් එකේ පලවෙනි වතාවට කටින් නොකියවුන හිතේ ගැගිලා තිබුන දෙයක් එලියට එන්නයි මේ හදන්නෙ...

දිනය හරියටම මීට අවුරුදු හතකට කලින්...  අද වගේ දවසක්...
වෙලාව...  මේ සටහන ලියන්න ගනිපු වෙලාවමයි... උදේ 7ට විතර ඇති...
හැමෝටම මතක ඇති එදා පෝට දවසක්.....


ඒ වෙද්දි පොඩි මෑන් ස්කෝලෙ දහය වසරෙ ඉගන ගනිපු... ස්කෝලෙ උන්ට වඩා ගමේ ටියුෂන් පන්තියේ කොල්ලොත් එක්ක බොක්කෙන්ම ෆිට් එකේ ඉදපු බෙල්ල කැපුවත් හිතුන දේ කරණ මහ නාහෙටම අහන්නෙ නැති එකෙක්.... හැම පෝයදවසකම වගේ ඊට කලින් කතා කරගත්ත විදියට මූදෙ නාන්න යන්න පොඩි මෑන් ලේස්ති උනා... තමන්ගෙ වයසෙ  හැම එකෙක්ටම වඩා වගේම දන්න කියන ඕනෑම එකෙක්ගෙන් පොඩි මෑන්ට වඩා පීනන්න පුලුවන් උන් ඉඳියනම් ඒ පස් හය දෙනෙකුට වඩා නෑ....  උනුත් ස්කෝලෙ ලයිෆ් ස්විමින් එකේ අයියලා... කොච්චර පීනන්න පුලුවන් උනත් තනියම මූදේ නාන්න යන්න පොඩි මෑන්ට අවසර නෑ... අනිත් උන්ටත් එහෙමයි... ඒක නිසා  ස්විමින් ට්‍රන්ක් එකට උඩින් කලිසමක් දාගෙන පොඩි මෑණ් වෙන්ද වගේම ගෙදරින් පිටත් උනා...

අපි හැමදාම උදේට ගෙදරින් පිට උනේ මැච් එකක් විකුණලයි...  ඒ කියපු විදියටම උදේ  11 විතර වෙනකම් සෙල්ලම් කරපු අපි  අපේ නිල ප්‍රවාහන සහකරු වෙච්ච පුට් සයිකල් පිටේ දෙන්න තුන්දෙනා නැගලා උනවටුන වැලෙ දේවාලෙට එන එක පුරුද්දක්....  මූදෙ නාන්නටත් වඩා  ජංගි කෑලි ගහගනිපු සුද්දියො බලන්න...  පෝය දවසක්නම් අනිවා ජංගිවලට වඩා ලංකාවෙ වටෙනම  එක එක සයිස් එකේ ලෝකල් කෑලි බහින එක අපි අත්දැකීමෙන් දන්නවා... සුද්දියොන්ගෙ යන්තං අහවල් තැන් වැහිච්ච ජංගිකෑල්ලි එල්ල ගනිපු කැරපොතුපාට ඇඟ බලනවට වඩා තෙමිච්ච කලිසමක් අස්සෙන් යන්තං පේන අපේ පුරුදු ලංකාවෙ පාටට අපි ආස වෙව්ච්ච නිසා පෝය දවසට මූදෙ නෑමනං අත ඇරියෙම නෑ....

වෙනද සෙල්ලම් කරල දවල් වෙලා වැල්ලට ගිහින් හවස් වෙනකං ඉදියත් සෙල්ලං කරන්න තරම් කට්ටියක් එදා ඉදියෙ නෑ... 

" නත්තල් පාටිවලට ගිහින් කෙලල කෙලල නිදි ඇති තාම.... " 

හසරංගයා  එහෙම කිවුවෙ නමය විතර වෙනකනුත් පිට්ටනියෙ ඉදියෙ අපි හතර පස් දෙන් එක් නිසා....

" මේ මඟුල හරියන්නෙ නෑ  බං.. යමං අන්න අද වේලාසනම නාන්න... "

වෙන්න තියෙන දේවල් නවත්තන්න බැරි නිසා වෙන්න ඇති... එකෙක්වත් අකමැති උනේ නෑ... ඉම්බුව ඇර....

"මම එහෙනම් ගෙදර යනවා...."

ඌ කිවුවෙ ඌට පීනන්න බැරි නිසාමයි... පීනන්න බැරි නිසාම ඌ වතුරට බයයි... හදිස්සියෙන් හරි අපිත් එක්ක නාන්න ආවත් කවදාවත්ම ඌ ඉනෙන් උඩට වතුර එන්න ඈතට ආවෙ නෑ...

" මෙන්න මේ විකාර නැතුව යමං... මොකද උඹලගෙ කපපු තැනින් ඇතුලට වතුර යනවද... ?? "

හැමදාම ඔයවගේ වෙලාවට මුස්ලිම් ආගමිකයෙක් වෙච්ච ඌට කට කැඩිච්ච විහිලුවක් කරේ පොඩි මෑන්.. ඒක විහිලුවක් විදියටම බාරගන්න තරම් අනිත් එවුන්ට නොතිබුන හොද හිතක් ඌට තිබුනා... ඌ නෙවෙයි කිසිම දවසක වචනයක් කිවුවෙ...

"මේ එහෙනම් දෙවටෙට දාල යමං... තාම අම්මල ගෙදර ඇති.. දැක්කොත් ඔක්කොමලට සොරි තමයි..."

 ඉම්බුවා... පොඩි මෑන්ගෙ ඒ දවස්වල ඉදපු හොදම යාලුවා...යාලුකමට ආගම ප්‍රස්නයක් උනේ නෑ කවදාවත් අපිට...  මුස්ලීම් ආගමේ ඉගැන්වීම් වලට ඒකාලෙ ඉදලම තදින් විරුද්ධ උන පොඩිමෑන් ඉම්බුවත් එක්ක වාදකරගනිපු දවස් අනන්තයි...  ඒත් උන්ගෙ අවුරුදු කාලෙට හදන වටලප්පං අපි රස බලනකොට.. අපේ කැවුම් උන් රස බලනකොට ඒ වාද විවාද ගැන හිතේ කොනකවත් තිබුනෙ නෑ...  කොච්චර බැනගත්තත්... වලිය හැමදාම ඉවර කරේ ඉම්බුවා...  ඒ පරාජෙ හැමදාම ඌ බාර අරගෙන... උපතින්ම වැඩියෙ සද්ද නොදාන එකෙක් වෙච්ච ඉම්බුවට ඉදපු එකම යාලුවා පොඩි මෑන්... අනිත් උන් එක්ක කතා කරත් සෙල්ලම් කරත් ඊට එහාට උගේ වැඩි සම්බන්දයක් තිබුනෙ නෑ...

බයිසිකල් හතරක අපි අටදෙනෙක් දෙවටෙ හන්දියට එනකොට වෙලාව නමයයි කාලට කිට්ටු ඇති...  අකුරැස්සෙ පාරෙ ඉදල දෙවටෙ හන්දියෙන් මාතර  පාරට වැටිල වැල්ලෙ දේවාලෙට තිබුනෙ කිලෝමීටර් දෙකක විතර දුරක්... පුරුදු විදිඅම හංදියෙ අයිනෙ තියෙන පෙට්‍රෝල් ෂෙඩ් එක මැදින් දාල අපිට කලිං ආව බයිසිකල් දෙකම මාතර පැත්තට හැරෙවුවා...  ෂෙඩ් එක ඇතුලෙ තෙල් ගහන්න ත්‍රීවිල් පෝලිමේ නවත්තල තිබුන බයිසිකලෙන් බැහැපු අපි දෙන්න ශෙඩ් එක අයින දිගෙ බයිසිකලෙත් තල්ලු කරගෙන මාතර පාර ගාවට ආව විතරයි.... එහාපැත්තෙ පාර අයිනෙ තිබුන මාලු ලෑලි ගලවගෙන ආව වතුර පාරට අපේ දනහිස හරියට විතර වෙනකම් පාර වතුරෙන යටඋනා..  වෙන දෙයක් හීනෙන්වත් හිතාගන්න බැරුව එක එකාගෙ මූන බලනවත් එක්කම දෙවනි වතුර පාර ආවෙ අයිනෙ කඩවල වහලවලුත් ගලවගෙන...

අනිත් හැම එකාම කරනව වගේ පන බයේ අපිත් හිස හැරුන අත දිවුවා... අන්තිමට දුවල නැවතුනේ අකුරැස්ස පාරට හැරෙන තැනට ටිකක් මෙහාට වෙන්න තියෙන රේල් ගේට්ටුව ගාව... වතුර පාරත් එක්කම අඩිගුලක් වගේ ඇවිස්සුන දෙවටෙ හංදියේ ගෑනු මිනිස්සු ළමයි වාහන ඉවක් බවක් නැතුව එහේ මෙහේ ගියා... හූ සද්ද විලාප සද්ද එක්ක මිනිස් ජීවිත උදුරගන්න ආපු වතුරපාට ගෙවල් දොරවල්  කැඩිල  යන සද්දත් එක්ක එහේ මෙහේ යන වාහනත් තුන හතරක් එකට හැපුනෙ මහා සද්දෙට... ඒ එක්කම පාර හිර වෙලා නිසා වැදුන වාහනවල හෝන් සද්දවලින් මර බයේ ඉදපු මිනිස්සුන්ගෙ ඒ බය තවත් බය තවත් වැඩි උන බව දන්නෙ අත්දැකීමෙන්...

රේල් ගේට්ටුව ගාවට එනකනුත් දුවගෙන ආව අපි දෙන්නට ඊට එහාට යන්න විදියක් තිබුනෙ නෑ... වහන පවා පාරෙ අතාඑරලා දාල දුවන  මිනිස්සුන්ගෙනුයි වාහනවලිනුයි පාර වැහිලයි තිබුනෙ... ඒ වෙනකොටත් දනහිස හරියට ටික් උඩට වතුර පාඅර තිබුනා....

මරු විකාරෙන් ඔලුව පිස්සු වැටිල ඉදපු අපි දෙන්න ඊට පස්සෙ කරේ මුහුදට සමාන්තරව තියෙන රේල් පාර දිගේ දුවපු එකයි.... තප්පර දෙක් යන්න කලින්  රේල් පාර පැත්තක තිබුන පුංචි ලෑලි ගෙවල් ගලවගෙන ආව වතුර පාරට අපිට ඉස්සරහින් දුවපු මිනිස්සු අහුවෙලා ගහගෙන යද්දි දුවන එක නවත්තල ආපහු හැරෙන්න හැදුවත් අපිට අත් උනෙත් ඒ සෙතේමයි.... තප්පර ගානක් වතුරත් එක්ක පොර බදනවත් ඉම්බුව මගේ ඇගේ එල්ලෙන්වත් තාපයක් වගේ මොක හරි ගැට්ටක් අහුවෙනවත් මට යන්තමට මතකයි.... ඒ ගැට්ට දිගේ එල්ලිලා මම උඩට නගිද්දි ඉම්බුව ආයෙමත් මගේ ඇගේ එල්ලුනා...

උගේ වම් අත මගේ දකුනූ අතින් අල්ලගනිපු මම එල්ලිලා  තාප්පෙට බඩගාගත්තා...

" රිද්ම... අනේ බං   මාව බේරගනිං.... "

මගේ අතේ එල්ලුන ඉම්බුව එහෙම කිවුව මට මතකයි.... ඒත්  යක්ෂයෙක් වගේ  ආපි වතුර පාරට තාප්පෙ කඩාගෙනන  මාව අනිත් පැත්තට වැටෙද්දි කලුපාට මහා වතුර පාර ඇතුලට උඹ  ඇදිලා ගියා..... මගේ අත අල්ලන්න දික්කරපු අතත් ඒ විදියට  දික් කරගෙනම.....


ඒ මේ ලෝකෙ ඉන්න එකෙක් උඹව දැකපු අන්තිම වතාව....

උඹේ මිනියවත් හොයාගන්න පුලුවන් උනේ නෑ...

ගාල්ලෙ ගොඩගපු හැම මිනී ගොඩකම.. අන්තිමපාරට මගේ දිහා බලල ජීවිතේ ඉල්ලපු උබේ ඒ ඇස් දෙකත් එක්ක මූන මම උඹලගෙ තාත්තත් එක්ක දවස් ගානක් හෙවුවා.... ඒත්  උඹව ආයෙත් පාරක් දැකගන්න අපේ ඇස් පිං කරල නැතුව ඇති......

උඹ යන්න ගියා.. ආයෙ නොඑන්නම...  එකම එක පාරක් උබේ දිහා බලාගෙන අඩන්නවත්... අපිට ඉඩක් නොතියම.....


මාව බේරගනිං කියල මගෙන් ජීවිතේ ඉල්ලපු උඹට.... එක දසමයක උදවුවක් කරන්න අවුරුදු ගානක් උබේ හොදම යාලුව වෙලා ඉදපු එකාට බැරි උනා...... මගේ අතේ එල්ලිලා  " අනේ මාව බේරගනින් කියද්දි උඹව උඩට ඇදල ගන්න මට බැරි උනා....  උබේ ඇස් මගේ දිහා බලල ජීවිතේ ඉල්ලද්දි.... උඹට ඒක දෙන්න මට බැරි උනා මචං........



මට දහස් වතාවක් සමාවෙයන් ඉම්බු............!!!

සෙල්ලං කරන්නෙ නැතුව උඹ අපිත් එක්ක මූදෙ නාන්න ගියපු බව උඹලගෙ තාත්ත ඉස්සරහ මම අඩ අඩා කිවුවාම වෙනදට යකෙක් වගේඋඹට අල්ලං ගහපු උඹලගෙ තාත්ත මගෙත් බෙල්ල මිරිකල දාවි කියල මම හිතුවත්.. මාව තුරුල් කරගෙන පොඩි එකෙක් වගේ උඹලගෙ තාත්ත ඇඩුවා...  ඒ මූන බලාගෙන උඹ මගේ අතේ එල්ලිලා ජීවිතේ ඉල්ලපු බව මට කියාගන්න පුලුවන් කමක් නෑ ඉම්බු... තාත්තගෙ පීනන්න බැරි පුතාව බෑ කියද්දි මූදෙ නාන්න එක්කගෙන ආපු... පීනල කප් ගහපු මට ඒ පුතාව ගෙදර එක්කන් එන්න බැරි උනා කියල කටක් ඇරල කියන්න පුලුවන් උනේ නෑ බං....

ආයෙත් මට සමාවෙයං බං.... උබේ හොදම යාලුවට සමාවෙයං.....!!!

හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් මම දැං පංසල් යනවා... ගිහින් පහනක් පත්තු කරලා මගේ ආගමේ විදියට උඹට පිං දෙනවා... උබේ ආගමේ විදියට උඹ උබේ දෙවියො ගාව ඇති... මගේ ආගමේ විදියට මම උඹට නිවන් සුව පතන්නම්....

ඉම්බු උඹට නිවන් සුව.....!!!

ප. ලි

කමෙන්ට් එකක් දාන්න හිතෙනවනම් මම හැම කෙනාගෙන්ම එකක් ඉල්ලන්නම්...

ඒ කාලකන්නි  නමවත් කියන්න එපා..... .... ....

2011-12-25

ම(ව)ල් කෙල්ලක් මං.....



                                ඔයා
                           රෝස මල්
                        සුවඳ පෙන්නල
                                දැන්..........
                           දෙහි මලක්
                               වගේ
                         දැනෙනකොට....
                            රෝසමල්
                                සුවඳ
                     මතක නැති උනත්
                                 මම.....
                          කොහොම
                     අමතක කරන්නද
                                ඔයා
                           තියල ගිහිපු
                          වෙරළු මල්
                                සුවද......

                                         
______ හාට් Piercing...✿•*`¨" 


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා..._______________ 

ලීක් love 


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 



______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න

 
ප. ලි
විභාග කටයුතු නිසා
මග දිගට පොඩ්ඩක් පරක්කු වෙන එක  ගැන පොඩි මෑන්ගෙ බලවත් මෙවුව එක...

සොරි මෙයාලා....

2011-12-24

සම්මතයෙන් එහා... අසම්මතයට නොයා...




අන්න අතනදි අදත් පෙර වගෙ
ඇය සිනහ වී නම් ගියා
මෙන්න මෙතනදි පෙරත් අද වගෙ
මම සිටිය නැවතී බලා..

තුරුණු ඇස් යට ලොවෙන් සඟවපු
නුරා හැගුමක් තවරලා..
දහස් ගනනක් නෙත් වසන් කොට
අපේ නෙත් ඇත හමු වෙලා..

පුරුදු ඉඟි බිඟි නාරි ගමනත්
එ ඇස් බැල්මෙන් හැඩ කලා
කෝඩු නොඉඳුල් කොමල හැඩ උව
ඇගේ තාලෙට පැරදිලා..

පුරුදු පරිදිම ඇගෙ ඇඟිල්ලක
කැකුළු සුරතින් එල්ලිලා
කිරි සිනා පෑ පුංචි සමනලි
හෙමි හෙමින් පාසල් ගියා...

බස් නැවතුමේ හැමදාම දෙකොනක
හිනා වෙවි හිඳ නැවතිලා
ඉන් එහාකට නොයා ඉමු අපි
බයේ ලෝකෙට ගුලි වෙලා...

_______________________________________
කලින් ගොතාපුව ටිකක්....


කා... මා...
සිප් රං දෙවොලේ අසිරි වැකි දුන් ගුරු දේවයන්ට සෙනෙහසින්

වෙරි උන ආදරේ
පලි
මතකද
තාම තියෙනවා මං ලග



"ලීක් Love " තේරුනේ නැති අයට තේ රෙවන්න... (අතිශ්‍යන්ම පිරිමින්ට පමණයි.. කෙල්ලන්ට බැලීම තහනම්)



කලින් දාපු ______ හාට් Piercing...✿•*`¨"     එක ඔබා මාමට ඇරෙන්න වෙන කාටවත් තේරිලා නෑ... ඉතිං කමෙන්ට් එකකින් පොල්ලෙන් ගැහුව වගේ තේරුම කියන්න කැමති නෑ....  ඒක නිසා මෙහෙම කියමුකෝ.....

කියවපු නැති කට්ටිය කියවල එන්න... කියවපු කට්ටියත් ආයෙත් කියවන් ආවට වැරද්දක් නෑ...

ලීක් Love _________

ඔය ආදරේ තියෙනව නේද....
එතකොට රාගය...  අන්න ඒකත් තියෙනවා...
හැබැයි..,
ආදරයයි රාගයයි අතරෙ කිසිම බැදීමක් නෑලු...
පිවිතුරු ආදරේ තියෙන තැන කාමයට, රාගයට කිසිම ඉඩක් නෑලු... 
ඒ කියන්න තමන් ආදරේ කරණ කෙල්ල  වෙනුවෙන් බොක්කෙනම පරම පිවිතුරු ප්‍රේමයක් තියෙනවනම් ඒ කෙල්ල ගැන රාගික හැගීමක්...  එන්නම බෑ....

බෑ කියන්නෙ බෑමයි.....

පරම පිවිතුරු ආදරේ ගැන අම්බානෙක දන්න කට්ටියනෙ ඔය කියන්නෙ...
මමනං නෙවෙයි... ...

එහෙම වෙන්නනම් අපේ ආදරේ මාර පොහොසත් වෙන්න ඕනෙලු... දෙකයි පනහෙ හිඟන ආදරේකට එහෙම බෑලු... උන්ට තමයිලු තමන්ගෙ පෙම්වතිය ගැන අරම අදහස් පහල වෙන්නෙ....

මගේ හිත් වහලටනං මම දාල තියෙන්නෙ දුප්පත් උළු... මොකද.. ආදරේ ෂීට් දාල වහන්න තරම් මගේ ආදරේ පොහොසත් නැති නිසා...... ෂීට් වගේ නෙවෙයි... උළුවලින් හිරිකඩ වදිනවා ඇතුලට...

එයා වැස්සක් වගේ හිත් වහලට කඩාගෙන වැටෙනකොට අර දුප්පත් ආදරඋලු අස්සෙන් වහල යටි හැංගිලා තියෙන යටලීයට හිරිකඩ වදිනවා....
 වැස්ස එන්නෙ ඉතිං ඕනෙ එකක් තෙමන්න බලාගෙනනෙ... ...  හැමදාම වහින්නෙත් නෑ...

ඉතිං යට ලීය තෙමෙනවවා...

එහෙම වෙලා තියෙන්නෙ අර ආදරේ අස්සට රාගයට රිංගන්න නොදෙන හොද ආදර  ශීට් හිත් වහලට  දාන්න තරම් මම පොහොසත් නැති නිසා.....
දාල තියෙන්නෙ දුප්පත් උළු...
ඒක නිසා ඇතුලට වතුර කාන්දු වෙනවා...

ආදරේ අස්සට රාගය ලීක් වෙනවා.. එයා වැස්සක් වෙලා එනකොට...

එතකොට යටලීය.. ??

" යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නෙ "

අහල ඇතිනෙ ඔය සිංදුව..  යටලීයෙන් නාරිලතා මල් පූදිනවා කියන්නෙ...  සිංහලෙන්ම කියනවනං  පිරිමියෙක් සයං වින්දනේ යෙදෙන එකක් ගැන....

ඉතිං මල් පිපෙන්න  තෙතමනය තිබුනොත් තමයි....

යටලීය තෙමිලා.... 
ටික වෙලාවකින් මලුත් පිපේවි....

බලං ගියාම මගේ ආදරේ පට්ට පජාතයි... හිගනයි තුච්චයි....   ඔයාලගෙ එහෙම නෑනෙ... ??

බෙල්ල ගහල යන්න තේරුම කියල දානවට වඩා මෙහෙම කියන එක හොදයි කියල හිතුනා...  පෝට් එකක් විදියටම දැම්මෙ කමෙන්ට් එකකට දිග වැඩියි වගේ නිසා....

මේකත් තේරෙන්නෙ නැතිනං අනේ මං දන්නෙ නෑ... අමුවෙන්ම දාන්නම් මම කැමති නෑ... එහෙම කට්ටියට ඊයකින් තේරුම එවන්නං...
ඒත් ඉතිං එච්චරම බබාල ඉන්නවද..... ?? ඔබා නං බබා නොවෙන හින්ද පටගාල තේරුනා.... :D

හැබැයි කෙල්ලොන්ට නං බෑ....  ආ.. මේක කෙල්ලොන්ට බලන්න තහනං කරානෙ මම... වෙලාවට කතන්දරගෙන් ඕක ඉගන ගත්තෙ... නැත්තං කෙල්ලො ඕව බලල කිසිම කෙල්ලෙක් මට කැමති නැති වෙනවා....

කෙලොන්ගෙ තෙම්මෙන්න යටලී තියෙන එකක්යැ....   ඒව ගැන ප්ස්සෙ ලියන්නංකො...


අන්තිමට කියමු බලන්න කැමතිනං
දැන් ඔය කියවපු කට්ටියගෙ වහලෙ තියෙන්නෙ ශීට්ද...??  දුප්පත් උළුද.... ??
කවදාවත් යටලීය තෙමිලම නැද්ද..... කිවුවෙ නැතත් කමක් නෑ.... හාට් එක Pierce ✿•*`¨" කරගන්න....

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න  ....



කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...________________


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 




2011-12-23

ලීක් Love _________ හාට් Piercing...✿•*`¨ ය..



                              ශීට් දාල
                         වහන්න තරම්
                          මගේ ආදරේ
                          පොහොසත්
                           නැති නිසාද....
                       ඔයා වැස්ස වෙලා
                          වැටෙනකොට
                               මගේ.....
                           හිත් වහලට
                       දුප්පත් ආදර උළු
                            අස්සෙන්
                        වතුර බේරිලා....
                        තෙමෙන්නෙ
                            යටලීය
                             සේරම.......
                                                _______ හාට්  Piercing...✿•*`¨


ඊයේ  රෑ දාපු 100 වෙනි පෝස්ට් එක මෙතනින් බලන්න


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...________________


වේසිගෙ පුතා 2  " රෙද්දෙ ආදරේ.. (18+)
වේසිගෙ පුතා මම 18 + නොවේ

නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට් 


______ හාට් Piercing...✿•*`¨"  

ප.ලි  

තේරුනේ නැතිනම් මෙන්න මෙතන තෝරලා තියෙනවා... ගිහින් බලන්න...



  හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න

පොඩි මෑන් කිවුවට පොඩිම නෑ... ඔන්න 100යි...





 මේ ලියවෙන්නෙ පොඩි මෑන්ගෙ සියවෙලි ලට්ටෙ  හරි ලොට්ටෙ හරි.....මේ කියන්නෙ පොඩියට ඉදියට කොල්ල සැලකිය යුතු වැඩක් කරල කියන එකනෙ... මේ අවුරුද්දෙම මැයි  29 වෙනිද ආයෙමත් බ්ලොග් කෙරුවාවට අතගහද්දි කීයටවත් හිතුවෙ නෑ මෙච්චර  ලියන්න පුලුවන් වෙයි කියලනම්... මොකද කලිනුත් බ්ලොග් එකක්  ලියන්න පටන අරන් පෝස්ට් දෙකකින්ම නවත්තල දාපු නිසා...

බ්ලොග්  ගැන කියල දුන්නෙ තරුඳු විජේරත්න  මගේ බැජා... ඊට කලින් ඉදන්ම කතන්දර බ්ලොග් එක කියෙවත් ඔය බ්ලොග් මගුල ගැන  මම දැනගෙන ඉදියෙ නෑ... 

පොඩි මෑන් මුලින්ම ලිවුවෙ මූනු පොතේ... ... ඊටත් කලින් ඉදලම ඔය ස්කෝලෙ එක එක ඒවට එකැක ඒව ලියන නිසා කට්ටියම දැනගෙන  ඉදියා මූන මොනවහරි පොඩ්ඩක් ගැටගහන්න පුලුවන් කියල...  ඒක නිසා විජේ මට කතාකරල මේක ලියපං කියල.. කියල දුන්න.. ඒ පටන් අරගත්ත බ්ලොගේ තමයි පටන් ගත්ත තැනල ලොප් උනේ...

ඊට පස්සෙ ටික කාලයක් අවුරුද්දක් විතර බ්ලොග් කියවන්න ඇති....  ඊටත් පස්සෙ සිත් අහස ලියන ප්‍රාර්ථනා තමයි ආයෙත් පොඩි මෑන්ව බලෙන්ම බ්ලොග් ලිවිල්ලට තල්ලු කරේ...   ලියන්න නෑ කිය කිය ඉදියෙ  බ්ලොග් එකක් හදාගන්න කම්මැලි කමට... අන්තිමේදි ප්‍රාර්ථනාම බ්ලොග් එක් හදල දීල  ලියනව හලෝ කියල කිවුවට පස්සෙ ඔය එක එක කෑලි ටිකක් අටවගෙන ලියන්න පටන් ගත්තා...

පලවෙනි පෝස්ට් එකටම මම කියවපු පලවෙනි බ්ලොග් එක වෙච්ච කතන්දර බ්ලොග් එකේ කකා ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාම  වැඩේට ආව පොඩි කික් එකක්....

ඔහොම ලියාගෙන යද්දි බ්ලොග් අවකාශ දැවැන්තයො කීප දෙනෙක්ම   ලොකු තල්ලුවක් දුන්නා... ඒකත් මෙච්චර දුරකට එන්න එක හේතුවක්...  හිටපු බස් සභාපති තුමා වැප්.., බ්ලොග් අවකාශේ  පොඩිමෑන්ගෙ කැමතිම බ්ලොග් එක පූසන්ගෙ බ්ලොග් ගඩොල් ලියන පුරුපුරු... එතකොට මෙම්ම මේක උඹට තමයි හරියන්නෙ කියල සමහර මාතෘකා එවපු මාතලන්....  එතකොට බ්ලොග් නිසාම හදුනාගන්න ලැබුන  බ්ලොග් ගැන නොදන්න දේවල් කියල දුන්න බනියා  මේ වෙලාවෙ මතක් කරන්නෙ ගොඩක් ආදරෙන්....

පස්සෙ පස්සෙ බ්ලොග් ලියන ගොඩක් දෙනෙක් ඊමේල් වලින් මූනු පොතෙන් කතාකරල දැන අදුන ගත්ත්තා.. බ්ලොග් කලාවට පොඩ්ඩක් වෙච්ච පොඩි මෑන්ට යමක් කමක් කියල දුන්න... ඒ හැමෝටම ස්තූතියි...

100 ලියාවි කියල පොඩි මෑන් කවදාවත් හිතුවෙ නෑ...  ඒත් ඒකට ශක්තියක් උන අනිත් හේතුව තමයි බ්ලොගේ කියවන්න ආපු අය... පොඩි මෑන් හිත හැදෙන්නවත් අත කහනවටවත් කම්මැලිකමටට්වත් බ්ලොග් ලියන්නෙක් නෙවෙයි... පොඩිමෑන්ගෙ නිර්මාන අනිත් අය අතරට ගෙනියන්න.. හිතෙන දේවල් කියන්න බ්ලොග් ලියන්නෙක්.... බ්ලොග් එක බලන්න මිනිස්සු ආවෙ නැති දවසට පොඩි මෑන් මේක නවත්තල දානවා.... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නෑ...

දින 206 විතරක් පරණ බ්ලොග්  එක  හිට්ස් 79000 ක්  ෆලෝවස්ල 287 ක්  වගේ ප්‍රතිචාර ලැබෙද්දි ඒ අතරින් හැමදාම බ්ලොග් එක කියවන්න ආව.. බ්ලොග් එකේ කමෙන්ට් තීරුවට සීමා නොවුන කීප දෙනෙක් ඉදියා.....  ADKකොලුවා  කිඩෝ , බනියා , පිස්සා පලාමල්ල, මාතලන්,  රෑ එලිවෙනකං මගදිගට පෝස්ට් වල පෲෆ් බලල දීපු ගායනා අක්කා.. ,  ගයාන් ,දුෂ් , වැප් , පුරුපුරු ,  මදාරා , තනි අලියා , නිසූපා , ලට්ට ලොට්ට ෆෑන් පේජ් එක හදල දීපු මගේ සහෝදරයා උදාර මලයා.... , මගදිගට කතාවෙ විහඟ ව්‍යංගට ගොඩක් ආදරේ කරපු.. කතාව කියවල එක පාරක් ඔලුවත් පලාගනිපු නිපුනි නංගි...  මෙච්ච දුරක් එන්න පොඩි මෑන්ට ඉදවු කරපු තවත් අය කීප දෙනෙක්..   හමදාම කියවල කමෙන්ට් දාපු අයත් මග ගොඩක් ඉදියා.... නම් වශයෙන් නැතත් උන්ටත් ටැන්කූ හොදේ....

මේ හැමෝටම වඩා... කවදාවත් කමෙන්ට් නොකරපු ඒත් පොඩි මෑන් ලියන ඒව කියවපු සෑහෙන පිරිසක් ඉදියා.... උන් ඔක්කෝටමත් මෙන්න  සැලියුට්....

තෝ ලියන ඒව ඉදපං තොගේ කෙල්ලට පෙන්න කියල කීප දෙනෙක්  කියද්දි...  පොස්ට් එකක් ලියනව කිවුවාම  මිස් කෝල් එක්වත් නොගහපු  හැම පෝස්ට් එක්ක්ම කියවලා ගුනදොස් විචාරපු   නිහඩ රසිකාවිය  මගේ සුද්දිටත් ඔන්න උම්ම එකක්....

තව නම කියන්න අමතක උන කවුරුහරි  ඉන්නවනම තරහ වෙන්න එපා.. ඒ අයටත් පොඩි මෑන්ගෙ හදපිරි මෙවුව එක එකෙන්ම හිමිවෙනවා හොදේ... ..

එක අතකට 100 ලියපු එකත් මහ දෙයක් නෙවෙයි බලාගෙන ගියාම... මොකද කියනවනම් පෝස්ට් සීයෙන් හතක අටක්ම  වචන හතරපහකට වඩා වැඩි නොවුන ඒවා.... ඒවට ලැබුන කමෙට් දිගයි ඊට වඩා.... විලිලැජ්ජයි ඕයි....

ඒත් ඒ වචන හතර පහ ඇතුලෙ පිටු ගානක දිග කතාවක් තිබුන නිසාම ගල් මුල් මැදන් හිට් කවුන්ටර් කඩාගෙන ලට්ට ලොට්ටත් එක්ක පොඩිමෑන් ඉස්සරහට අරගෙන ගියා....

මේ පෝට් 100 ඇතුලෙ කොටස් වශයෙන් ලියන  මගදිගට නවකතාව...  එතකොට      ______ හාට් Piercing...✿•*`¨"  නමින් ඉදිරිපත් කරපු  කවි වලට ගොඩක් ප්‍රතිචාර ලැබුනා.. ඊට පස්සෙ වැඩියෙන් කට්ටිය කැමති උනේ මගේ ලට්ට ලොට්ට ලේබලේ යතතෙ ලියන පොඩි මෑන්ගෙ පහුගිහිපු ලොකු ලොකු වැඩ ගැන ලියපු  පොඩි පොඩි කතාවලටයි...

 කොහොම කොහොම  හරි පෝස්ට් 100 ක් ලියපු එක පොඩි මෑණ් වගේ පොඩි කොල්ලෙක්ට ලොකු දෙයක්.... ..

ඔය සීය අතරෙ හිට්ස් 2000 පැනපු පෝස්ට්  එක්කම හිට්ස් 1000ක්ට වඩා ලැබුන පෝස්ට් 15 විතර ඇති....

පොඩි මෑන්ට ඒ ගානත් මාරම ලොකුයි.... ... ඇයි දෙයියනෙ පොඩි කොල්ලනෙ තාම....

පොඩිමෑන් කියන නමින් බ්ලොග් එක ලිවුවත් .. ඇත්තටම පොඩිමෑන් කවුද කියල නොකිවුවත් ඒක වෙන කිසිම තැනක පොඩි මෑන් හැංගුවෙ නෑ... ඇත්ත නම දන්න අය ඒ නම කියල කමෙන්ට් කරත් ඒව මැකුවෙ නෑ... පොඩිමෑන්ගෙ ඇත්තම ෆොටෝ පහ හයක්වත් තියෙනව බ්ලොග් එකේ..ඕක මොකකද හත්තිලවුවෙ හෑන් ෆෝන් නම්බර් එකත් තියෙනවා....

එහෙම වෙලත් සාමාන්‍යයෙන් කවුරුවත් ලියන්නෙ නැති මාතෘකා ගැන පොඩි මෑන් කවි කතා ලිවුවා...  සයිබර් දඩු මුගුරු උස්සගෙන  ඕනෙ තරම් කට්ටිය ආවත්  ඒකෙන් උන එකම දේ බ්ලොග් එක ජනප්‍රිය උන එක විතරයි... 

බ්ලොග් එකට කමති නෑ කියල මූනට බැනපු අයත් නැත්තෙ නෑ.... 

ඔය ඔක්කෝමලටත් පට්ට ටැන්කූ....  ආයෙ එකෙන්ම.... 

ඔය ඔක්කොම අස්සෙ කම්මැලි කම නැමති මහා භාදක පවුරත් මැඩගෙන එල්ලි එල්ලි 100ටත් ආව...


ඔය තියෙන්නෙ එල්ලි එල්ලි ආව හැටි....

පොඩිමෑන්ගෙ කවි වලට කතාවලට කැමති උන පාඨකයන්ට පොඩි හැපි නිවුස් එකක් දෙන ගමන් පෝස්ට් එක පිනිස් කොරන්නයි කල්පනාව...

පොඩි මෑන්ගෙ ජීවිතේ රසබර... දුක් බර.. සාමන්‍යන් කෙනෙක් නොලබන ... අත්දැකීම්, කතා විදියට ඉස්සරහට කියවන්න පුලුවන් වේවි... ඒ වගෙම ලට්ට ලොට්ට වල ජනප්‍රියම අංගය, මග දිගට  තව ටික කාලයක් ඇවෑමෙන් නිමා කොරල  පොඩිමෑන්ගේ ඊලග නවකතා ව්‍යායාමය...
තවත් අප්සට්ම අප්සට් ලවුස්ටෝරියක් වෙච්ච "ඇහි පිල්ලමක් යට"    කියවන්නත් ඔහෙලට පුලුවන් වේවි...

හබැයි එච්චර කල් ලියාවිදනම් දන්නෙ නෑ...  කකාට වගේ වෙන්න පෝට් ලයිස්තුවක් තිබුනත් තියෙන්නෙ හිතේ... ඕව කොටන එක තමයි සීන් එක....

දැනටනම් ලියන්නෙ පට්ට කැමැත්තෙන්....

එහෙනම් 100 වෙනි කඩඉම දක්වා එන්න අත හිත  දුන්නු...  ගේම දාපු.. බාල්දි පෙල්ලපු හැමෝටම.... ආයෙත් ටැන්කූ......

අපේ හිතේ කහට නෑ ඔන්න...  බඩේ බත් ටික වගේ බුදු ෂුවර්....

යන්නං
ටටා...

2011-12-20

සමනළයා , නපුංසකයා , පො**යා




මේ ගැන ආයෙත් ලියන්න හිතුනේ බ්ලොගයකම පෝස්ට් එකක් දැකලාය...කලින් ලිවුවේ කවියක්ය.. ඒත් මෙහෙම ලියන්න වෙලාවක් උනේ නැතිය... ඒත් අද ලියනවාය...

ලෝකයේ ගැහැණු ඉන්නවාය... පිරිමිත් ඉන්නවාය... ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැතිය...  ඒ වගේම ඔය දෙපැත්තටම නැති නපුංසක කියා ජාතියකුත් ඉන්නවාය.... ඔවුන් හරි අඩුය...  නමුත් අමතක නොකල යුතු දේ නම් ඔවුනුත් ඔය කියන ගැහැණු සහ පිරිමි වගේම මනුස්සයින් බවය...

නපුංසකයන් ලිංගයට අයත් අය සමාජයේ ඉද හිට දැකගත හැකිය...  පිටින් පිරිමියෙක් වගේ උනත් ගෑනු ගති පෙන්නන අය ඉන්නවාය... ඔය ඇහැට පේන අය පමනය...  නමුත් ඇහැට නොපෙනෙන සම්පූරණයෙන් ගැහැනියක් වගේ උනත් පුරුෂ ලිංගික අවයව තියෙන අයත් ඉන්නවාය...  වීඩියෝ පටවලින්  නොව ඇහැටම දැකලා තියෙනවාය... වීඩියෝ පටවලනම් වැඩිහරිය බොරුය..  ඔවුන් එක්ක කතා බස් කොරලාත් තියෙනවාය..... හොංකොන් ගිහින් තියෙනවානම් වීදුරු පෙට්ටිවල දාලා පනපිටින් ඉන්නව දැකගන්න පුලුවන්ය... ෂී මේල් ගනිකාවන් ඉන්න තැන් වෙනමම තියෙනවාය... දැකලා නැති නෝනා මහත්තුරු ඉන්නවානම්  හොර රහසේ සේෆ් සර්ච් ඕෆ් කර  ෂී මේල් කියා ගූගලේ කොටා බලනවා හොදය... බඩු බනිස් වෙන්න තියෙනවාය...


නපුංසක  කොටස් තුනක් ඉන්නවාලුය...

1.)පුරුෂ අවයව තිබුනත් ස්ත්‍රී ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය...

2.)ස්ත්‍රී ලිංගික අවයව තිබුනත් පුරුෂ ලිංගික පද්දතියක් ඇතුලතින් තියෙන අයය

3.)අනිත් කොටස අවයව සහ ලිංගික පද්දති දෙවිදියටම තියෙන අයය...   අර ෂී මේල් ලෙස හැදින්වුනේ ඒ අය ගැනය...

ඒ ඒ  ලිංගික පද්දතීන් නිසා ඇතිවන හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසා  ඒ ඒ හැගීම් පහල වී ඒ ඒ ආකාරයට කටයිතු අකරණවාය

ඒත් අපේ සමාජයේ නෝනා මහත්යලාට මේවා ෆුල් මැජික්ය...  උදැල්ලෙන් කර කැපූ හැට්ට ඇදගෙන අඩ්යේ සාය අගල් හයක් පලා ඇදගෙන බාගෙට හෙලුවෙන් යනගමන්  මේ නංපුංසක ලිංගයට අයත් එකෙක්  ගෑහැණු ඇදුම් ඇදගෙන යනවා දැක්කෝත් නෝනලාට මල පනිනවාය...   නෝනලාගේ වගේ රවුමට බෝලවට නැති නිසා දෙස් දෙවොල් තියනවාය...
පිලිකුල් කරනවාය ... බිමට කෙල ගහනවාය...  ඊයා.. චිකේ.. කියනවාය... එහෙනම  ඔය නෝනලා  ජංගිය යට අදින පුංච් තුවා ටීවී එකෙ ඇඩ් එක දානකොටත්... වැඩේ උනාම බන්ඩක්කා උටපු හට්ටිය වගේ ඇතියැයි හිතී ප්රිමි අපිත්  චිකේ කියන්න ඕනෑය....

ඒත් එහෙම කරනවානම් ඌ අම්මාගෙන් බඩෙන් ආ එකෙක් නෙවේය..   

කාන්තාවකගේ මාසික ශුද්දය 100% ස්වාභාවික සංසිද්දියක් වගේම එය නැතිනම් එකම පිරිමියෙක් ලොවට ඉපදෙන්නේද නැතිය..  නංපුංසක ලිංගයත් එවැනිම ස්වාභාවික හේතුවක්ම වන්නේය...

එම නිසා චිකේ.. ඈක්කා.. ඊක්ක.. ඕක්ක කියන්න ඕනෑ නැතිය.....

මහත්තයලාත් එහෙමය... මේ පාත්තයලා ගන්නෙ ඊට වඩා දෙකයි පනහේ ආතල්ය... ඔය පාත්ත්යලාම හදාගත් අලුත් ත්‍රෙන්ඩ් එක්ක් තියෙනවාය... ඒ ඔය ජාතියේ උන් කොල්ලන්නට කැමති බවය... උන්ගෙන් ගාන කඩාගන්නද පුලුවන් බවය.... සමහරක් වෙලාවට වැඩේ ඇත්තය... බාහිරින් පුරුෂ අවයව තිබුනත් ඇතුලතින් ස්ත්‍රී ලිංගික පද්දතියක් හා ඒ හා අදාල හෝමෝන ඇති උන්ට.. මහත්තයාගේ නෝනාට අවශ්‍ය ගාන මහත්තයාට දෙන්න බැරි උන දවසට අල්ලපු ගෙදර එකාට කියා කබ්බා ජිලේ දාගන්න හිතෙනවා වගේම... පාත්තයාට ස්කෝලෙ යන පොඩි කෙල්ලෙක්ගේ ගවුම උඩ ගිහින්  පේන කකුල් දෙකට කලිසම ඇතුලේ ජියර් දානවා වගේම එයත් ඔවුන්ගෙත් ලිංගික අවශ්‍යතාවන්ය...  සමාජයේ සාමන්‍ය ලිංගික චර්යාවන්ට වඩා වෙනස් නිසා  සල්ලි දීලා හෝ වැඩේ කරගන්න ඔවුන් පෙලබෙනවාය...

සල්ලි තියෙන මහත්තයා රට  සමහර නෝනලා ස්කෝලෙ යන ඇහැට කනට පේන කොල්ලනව ෆෝන්ද අරවද මේවාද අරන් දී අල්ලාගෙන  කබ්බ ජිලේ දාගන්න එක කමක් නැතිය....  පාත්තයලා  ගෙදර චිකන් ෆ්‍රයිඩ්‍රයිස් තිබුනත් හැමදාම නොකන පරිප්පු හොද්ද හොයාගෙන ගොස දාස් ගනන් පූජ කර වතුරටික මාරු කරගෙන එන එක අවුලක් නැතිය...

ඒත් නංපුංස ලිංගිකයන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටුකරගන්නා එක හෙනම ප්‍රස්නෙය... ඔවුන් හදුන්වන්නෙ   "පොන්නයා"  කියාය...

දැන් ඒ වචනෙ මේ බ්ලොග් එකේ ලිවුවාට  පාත්තයලා නෝනලා රෙදි උස්සන් එනවා ඇතිය... ඒත් ඒ ඉස්සූ රෙදිම ඇදගෙන එක එකාට පොන්නයා කියා බැන වදිනවාය...   නපුංසක ලිංගිකයෙක් නොවුනත් ඔවුනම අවමන් කරන්නෙ පොන්නයා කියා බැන වැදිලාය...   එයින් පෙනී යන්නෙ ඔය නෝනලා පාත්තයලා හිතාගෙන ඉන්නේ  නංපුංසකයා යනු සමාජයේ පහත් පිරිසක් බයවය.... කොන්කල යුතු පිරිසක් බවය...

එයත් ගැහැණු පිරිමි වගේම එයත් එක ලිංග කොට්ටාසයක් බවත්.. ඔවුන්ගේ අවශ්‍යතා අපය සාපේක්ෂ කෝනයකින් බැලූවිට අසාමාන්‍ය සේ පෙනුනත් ඒවා අපට ඇතිවෙන හැගීම් මෙන්ම සාමන්‍ය හැගීම් නිසා ඔවුන් කරණ ක්‍රියාවන් බවත් තේරුම ගන්න ඕනෑය... .. ඊයා ච්කේ  කියා පිලිකුල් කරන්නවත්... පොන්නයා කියා බැනවදින්නවත්... අඩුම තරමේ ඒ වචනයෙන් හදුන්වන්නවත්.. ඔවුන්ට අනුකම්පා කරන්නවත් නොයා යුතුය..

තවත් සමාජයේ එක සාමන්‍ය මිනිසෙක් බව හිතින්ම තේරුම්ගන්න ඕනෑය...

අද්‍යාපනය ලැබීමේ අයිතිය...  ඕනෑම වෘතියක නියලීමේ අයිතිය... අදහස් දැක්වීමේ අයිතිය... වගේම තමන්ගේ ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමේ අයිතිය... ඇතුලු අනික් ගැහැනියට පිරිමියාට  ලැබිය යුතු සියලුම දේ අවිවාදයෙන් ඔවුන්ටත් ලැබිය යුතුය...

නොදන්න කම නිසා මොවුන් කොන්කිරීම සිදුවූවා විය  හැකිය.. බොහෝ දෙනා මේ ගැන කතාකරන්නේත් නැතිය... ඒවා කුණුහරුප නිසාය... පාසලේ විද්‍යාව හෝ සවුක්‍ය පාඩමටවත් නපුංසල ලිංගයක් ගැන උගන්වන්නේ නැතිය.. ඒවායේ තියෙන්නෙ කෙල්ලෙක්නම් ජම්බුගහෙන් වැටුනාම අහවල්තැන මයිල් එනවාය.. අහවල් වැඩේ මාසෙකට සැරයක් වෙනවාය.. කොල්ලෙක්නම්.... උගෙත් අහවල් තැන මයිල් ඇවිත් උගුරු ඇටේ ඉස්සරහට එනවා කියා විතරය... ඒවා උගන්නන මිස්ල සර්ලාත් ඕක කියන්නෙ කටේ තියාගෙනය... තමන්ගෙ එකේ වගේම අනිත් එකාගේ අහවලෙ එකේත් ඔය කියන මයිල ඇවිලා බව ඔක උගන්නනකොටම දැන් ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දන්නවාය....

අපි ඒ  ඒ ලිංගයන් ගැන දනා තරමට මේ ගැන නොඅසා තිබෙන නිසා සමාජ රෝගියෙකුට සේ ඔවුන්ට සැලකීම අතිෂ්‍යය අමානුෂිකය... අපි ඒ ගැනත් නිවැරදිව දැනගෙන නොදන්න යටත් කියා දී නියම මනුස්සයන් වන්නට ඕනෑය....

අවසානයේ පොඩිමෑන්ට පුල් ආතල් ඉමැජිනේෂන් එකක් එනවාය... ඒ මේකය...

 ඔය නපුංසක ලිංගයට පත්වීම උපතේදී වගේම ඉන් පසුවත් හෝමෝන ක්‍රියකාරීත්වය නිසා ඇතිවන්න පුලුවන්ලුය...

ඔය පට්ට ඩීසන් මහත්තයලා නෝනලාගෙත් අහවල් ඒවා මාරුවී අර චීයා ඈයියා ඒවා ඕනෙඋනොත් කොහොමට හිතේවිද
කියාය....

එතකොටනම් ගූ ගොඩේ ගල් බනිස්ය....


මේ ඊයෙ දැම්ම ______ හාට් Piercing...✿•*`¨"  එක






2011-12-19

වේසිගෙ පුතා මම 2 " අම්මගෙ රෙද්දෙ ආදරේ " ( 18+ වඩාත් සුදුසුයි )





මාස දයක්  මම හිටියලු 
උඹේ බඩේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
නැතිනම් උඹ කරපු
ඒ වැඩේ..
නිසා පල දුන්න කරුමෙද
උඹේ..

ගූ හුජ්ජ ඇද්දලු
උඹ මගේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
බැරිවෙලා හෝදන්න
හිටි එකා බඩේ..
වදපු පවට ඇද්දද උඹ
ගූ මගේ..

දුන්නලු කිරි උඹ
මට තනේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
එරෙනවා කිරි වැටුනාම
හිටි එකා බඩේ..
අම්මගෙ රෙද්දෙ "ආදරේ"
මොකටද කට මගේ..

කවන්න මට ගියාලු උඹ
මහන්න ජංගි පලේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
ලිහුවෙ නැද්ද උඹේ ජංගිය
මැනාට එහේ..
කුකුල් ගාත ප්‍රරයිඩ් රයිස් මම විතරද
දැම්මෙ බඩේ..

උගන්නන්නට මට දැම්මලු කාසි
මරුවගෙ කටේ..
එහෙවු පලියට උනාද
මම පුතා උඹේ..
එකම සැරයක් ආදරෙන් කිවුවද
මගේ සුදු පුතේ..
අම්මගෙ රෙද්දෙ "ආදරේ"
මොකටද කට මගේ..
                                                
______ හාට් Piercing...✿•*`¨"

_____________________________________________________________________________________

ප.ලි
මේකෙ පලවෙනි කොටස  වැඩිහිටියන්ට පමනයි නෙවෙයි උනාට මේක එහෙම ලියන්නෙ කොහොමද කියල
හිතාගන්න බෑ...  ඔන්න ඔහේ ලියල දැම්ම.. කියන්න තියෙන ඒව අමු තිත්ත සිංහලෙන්ම කියල යන්න කිසිම කමෙන්ට් මොඩරේෂන් එකක් නෑ...  සිංඩිවලින් අයින් කරත් කමෙන්ට් මකන්නෙ නෑ... කියන්න තියෙන දේ කියල යන්න...





කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...


වේසිගෙ පුතා මම 18 + නොවේ
නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


මම තවත් විදුහල්පතිතුමාගේ පුකට පයින් නොගසමි



ඒ  ජීවිතේ ලස්සනම කාලෙ... ඔවු... ගොඩක් අය ආයෙත්  යන්න කැමති ඒත් යන්න බැරි කිය්න්න බැරි තරම් ලස්ස්න මතකයන් ටිකක් විතරක් ඉතුරුවෙච්ච පාසල් කාලෙ....  ඒ කලෙත් හොදම හරිය... ඒ ලෙවල් කරන කාලෙ...

ඒ ලෙවල් වලට මැත්ස් කරන්න ගියාපු පොඩි මෑන් අවුරුදු දෙක පුවාවටම පන්තියේ ඉදියෙ බොහොම  ටික දවසයි.... පාසලේ ජේ‍ෂ්‍යට ශිෂ්‍ය නායකයෙක් විදියට තේරුනාට පස්සෙ පන්තියට ගියේ අතේ ඇගිලි වලින් ගනින්න පුලුන් දවස් ගානක්...

ඔන්න ඔය කියන පට්ටම ලැබුන මුල් දවස්වල  පොඩි මෑන් ඇතුලු අනිත් උදවිය  ඉදියෙ පොඩ්ඩක් විතර පොලවට උඩින්...  තමනුත් එකොලහ වසරෙදි ඔය කියන ශිෂ්‍ය නායක අයියලගෙ දන්ඩ නීති සංග්‍රහයට යටත් වෙලා උන්ව මරාගෙන කන්න තරම් කේන්තියකින් ඉදපු බව එක මාත්‍රාවක් මතක තිබුනෙ නෑ...

දැන් අයියල අපිනෙ ඩෝ....

ඉස්සර කොච්චර හොදට කොන්ඩෙකපාගෙන සපත්තු පොලිෂ්කරගෙන ගියත් උන්ට මොකක්ම හරි වැරැද්දක් තිබුනා  ඒක නිසා ගොඩක් ඉස්කෝලවලට පොදු ධර්මතාවයක් වෙච්ච ශිෂ්‍යනායකයන්ගෙ හා එකොලහවසර ගැටුම් හැම අවුරුද්දෙම කෙලවරක් නෑ... පොඩි මෑන් එකොලහවසරෙත් තිබුනා... පොඩිමෑන් ඇතුලු පිරිස ශිෂ්‍යානායකො උන අවුරුද්දෙත් තිබුනා...

අවුරුදු තුනක ශිෂ්‍ය නායක ජීවිතේ පලවෙනි අවුරුද්ද ඉතිං ජුන්ඩො ... ලොකු අයියලගෙ මහා පාලන තන්ත්‍රයට යටත් වෙලා පාසලේ විනය රකින්න ඇප කැප වෙලා ඉදපු පරමාදර්ශ නායකො උන අපි අපේ බලපරාක්‍රමය පෙන්නුවෙ ඉකෝලෙ අනිත් උන්ට....

මේ සිද්දිය උනේ පට්ටම ලැබිල මුල් කාලෙමයි.... හදපානේ නිරුවත් වානර ජවනිකාව පෙන්නන්න ආසන්න කාලෙක..  ඔය ඇන්ටිගෙ ගෙදර වහලෙන් බැල්මට් දැමීම... ජොකා නැතුව කලිසම විතරක් ඇදල පොලිස් අංකල්ට සසර කලකිරීම  වගේ සීන් උනේ මීට මාස ගානකට පස්සෙ... ජුන්ඩ ඉයර් එකේ අන්තිම කාලෙ...

දැන් ලස්සනම කාලෙ කියල හිතුනට ඒ දවස්වලනම් උදේට හිතුනෙනම් ජීවිතේ එපාම කරපු කාලෙ කියලයි...අලුතින්ම ශිෂ්‍යනායකයො පත් උනාම උදේ පාන්දර ඉකෝලෙ ඇවිත් ඩියුටි දාන එක අනිවාර්යි...  7.30 පටන්ගන්න ස්කෝලෙට එන්න ඕනෙ වෙලාව උදේ 6.15

ඇවිත් වෙලාව දාල අත්සන් කරන්න ඕනෙ..  විනාඩියක් පරක්කු උනා කියන්නෙ ඉතිං පුටු තමයි...  රූම් එකේ තිබුන  අපිට වාඩිවෙන යකඩ පුටු ටික වැඩිහරියක් තිබුනෙ කන්දෙකේ ගෑවෙන්න  උස්සපු  අපේ අත් උඩ... එක පුටුවක්ද දෙකක්ද... උස්සන වෙලාව විනාඩි දහයද පැයක්ද එහෙමත් නැතිනම් පැය තුනද හතරද... හිටගෙනද දනගහලද ආදිය තීරනය උනේ වැරැද්දෙ සභාවය අනුව....

ඔය පුටු කෙරුවාවෙ අමාරුව දන්න නිසා කොහොමහරි උදේ 6.15 කලින් ස්කෝලෙට එනව බෙල්ල කඩාගෙන හරි... වෙනද නැගිටින වෙලාවට දැන් අපි ඉස්කෝලෙ.. එහෙම ඇවිත් පොත අත්සන් කරලා තමන්ට නියමිත ස්තානවල රාජකාරියට යන්න ඕනෙ... ගේට්ටු වලට එහෙමත් නැතිනම පන්තිවලට...

ගේට්ටුවල  ඩියුටි තියෙන අය පාසලේ නීතිසම්ප්‍රදායට අනුකූලව  අනිත් ශිෂ්‍යයෝ එනවද නැද්ද... ඉතා විමසුමෙන් ඉන්න ඕනෙ...
පන්තිවලනම් අතුගාන්න නියමිත අයට කියල තුගාවලා... පහන පත්තු කරලා සයිලන්ස් බෙල් වලට සද්ද නවත්තලා ඉන්න මල්ලිලාව යොමුකරවන්න ඕනෙ....

මේ අවාසනාවනත දවසෙ පොඩිමෑන්ට රාජකාරි තිබුනෙ එකොලහවසරෙ පන්තිවල... දහය වසර තිබුනෙත් ඊට එහාපැත්තෙ... උඩ පන්ති තුනයි යට පන්ති තුනයි විදියට ශෙක්ෂන් එකකට පන්ති හයයි... ප්‍රිෆෙක්ට්ස්ලා දෙන්නයි... උඩට එක්කෙනයි යටට එක්කෙනයි... ෂෙක්ශන් දෙකට හතරයි...

වැඩි කලබලයක් නැතුව මුල් පැය ගෙවිල ගියා...  ඒත් පලවෙනි බෙල් එක ගහන්න කිට්ටුවෙනකොටම යට පන්තිවල මොකක්හරි වලියක පෙරනිමිති දැනුන නිසා පොඩිමෑනුත් හෙමින් හෙමින් පහල පන්ති පැත්තට ඇවිදගෙන ආවා... පහල පන්ති ටික බාරව තිබුනෙ කෑදරට...  පොඩි මෑන් එතනට යනකොට... එකොලහවසරෙම උන් වගයක් ආරම්බ කරපු රංඩුව කෑදරගේ දේහදාරී අත්වලින් හා දහයවසර යට පන්ති භාරව ඉදපු ටැංකියවත්ත මැර කලූගේ භයානක  හයේ හතරේ කනේ පාරවල්  නිසා නිමාව දකිමිනුයි තිබුනෙ...

රංඩුවට සහභාගීවෙච්ච වැරදිකාරයන්ව එලියෙ  වැඩිදුර පරීක්ෂන කටයුතු සදහා සිර අඩස්සියේ රදවාගනිමින් ප්‍රේක්ෂක ජනතාව නැවත්තත් පන්තිවලට යොමු කෙරුනා....

එතකොටම පලවෙනි සයිලන්ස් බෙල් එකත් ගහල ඉවරයි...

පහල පන්තිවල සද්දයක් නොතිබුනත්...  පොඩිමෑන්ගෙ පාලන තන්ත්‍රයෙන් මිදුන උඩ පන්තිවල උන් තවමත් කෑකෝගහමින් වලියට ප්‍රතිචාර දක්වමින් ඉදියෙ පොඩිමෑන්ගෙ යකා හිස් මුදුනට නග්ගවමින්

උඩ පන්තිවලට යන පඩිපෙල තිබුනෙ බිල්ඩිමේ එහා කොනේ... ඉදපු තැන ඉදල ටිකක් දුරයි...  .. වහාම ක්‍රියාතමක් උන පොඩි මෑන් පඩිපෙල තරණය කරලා පාසලේ විනය කඩකරමින් අවිනීත ලෙස හැසිරෙන නොසන්ඩාල ශිෂ්‍යයන් දමනය කිරීමේ උතුම් චේතනාවෙන් පඩිපෙල පැත්තට දුවගෙන ආවා....

පඩිපෙල නගින්න පලවෙනි පඩියට අඩිය තියනවත් එක්කම පන්ති තුනම මීයට පිම්බ වගේ නිෂ්ශබ්ද උනේ එක පාරට...  යකා ආවේසයෙන් පඩිපෙල මුලට ආව පොඩි මෑන් පඩිපෙල මුදුනට ආවෙ .., තමාගැන මහත් ආත්ම අභිමානයෙන්... ඇයි යකෝ තමං එනව දැක්කලනෙ මුන් ටිකට බයේ පන්තිවලට දුවල විනීත සුවිනීත ශිෂ්‍යයො උනේ....

තමන් ගැන එසේ ඇතිකරගත් ස්වයං අභිමානයෙන්පඩිපෙලේ මුදුනට ලගාවෙද්දි, දැකපු දර්ශණයෙන් , යටපත් උන යකා...  ආයෙත් හිස් මුදුනටම එන්න එක තප්පරයක් ගියේ නෑ...

පොඩිමෑන් වැනි අති ගාම්බීර ශිෂ්‍යනායකයෙකුගේ පැමිනීම තබ සතේකට ගනං නොගනිපු  නොසන්ඩාල එකෙක් තාමත් කොරිඩෝවෙන් ලී වැටට අත්දෙකත් තියාගෙන එබිල පහල බලාගෙන ඉන්නවා......

වහාම මේ අවිනීත ශිෂ්‍යාට දඩුවම් කල යුතුයි....   ඒ පොඩි මෑන්ගෙ හිතට ආව සිතුවිල්ල...

අඩියට දෙකට මේ අවිනීත නොසන්ඩාල ශිෂ්‍යා ලගට ගිය පොඩිමෑන් ශිෂ්‍යාගේ පස්චාත් ප්‍රදේශය කරා දැවැන්ත පා පහරක් එල්ල කරා...

වේදානාවෙන් මිරිකුන ශිෂ්‍යා අත් දෙකෙන්ම තම පස්චාත් ප්‍රදේශය අල්ලගෙන පොඩි මෑන්ගෙ දිහාවට හැරුනෙ ශනිකයෙන්


කිරිගෝරිස් ආත මුචලින්ද නයාම කාපිය.... !!! 

පොඩිමෑන් ශිෂ්‍යයෙක් කියා පයින් ගහල තිබුනේ එවකට වැඩබලන විදුහල්පති තුමාට....   එතුමාත් වැඩි ඇගපතින් මහත නැති  ප්‍රමානයෙන් කුඩා පුද්ගලයෙක්....  ඒ මදිවට දිනපතාම පාසල ඇන්දෙත් සුදු කලිසමත් සුදු ෂර්ට් එකත්...  පාසල් ළමයෙක්ගෙන් වෙන්කර අදුනාගැනීමට තිබුන එකම දේ කලිසමට බැදපු  පටියයි, ටයි එකයි විතරයි...

අවීනීත ශිෂ්‍යයෝ හරි මගට ගැනීමට තිබූ උතුම් චේතනාවෙන් ඇස් අන්දවීගිය පොඩි මෑන්ට  අහෝ....ඒවා නොපෙනී ගිය කරුමෙක මහත.....

විදුහල්පතිතුමාගේ වියපත් දෑසට ප්‍රථමයෙක් පොඩිමෑන්ගේ කකුල් දෙක ක්‍රියාත්මක උනා...

අඩි දෙකකට පඩිපෙලෙන් පහලට පැනපු පොඩි මෑන් නැවතුනේ රූම් එකේ...  ශිෂ්‍යනායකයන්ගෙ කාමරේ...

එතැනින් නොනැවතුන පොඩි මෑන් සියලු සබ්බ සකලමානාවත් ඇතිව පාසලේ පිටිපස ප්‍රදේශයෙන්  පැදුරටත් නොකියා නිවස දක්වාම පලා ගියා...

දවස් දෙකකට පස්සෙ ආයෙත් පාසලට එනකොට ලොකු අයියලා සින්කෝන් එක දැනගෙන  නිසා පැය ගානක් පුටු දෙකක බර බලා හාෆ්ෂිට් සීයක දෙපැත්ත  පිරෙන්න  "මම තවත්  විදුහල්පතිතුමාගෙ පුකට පයින් නොගසමි" කියා ලිවුවත් සයිලන්ස් බෙල් එකට  අවනත නොවුවන වරදට තමාට දඩුවම් කල එකා මොකාදැයි තාමත් එතුමා දන්නෙ නෑ...




2011-12-18

තහනම් ගෙඩිය ______ හාට් Piercing...✿•*`¨" ය




                              
ගලේ
                               රීපු
                               බළල
                               වගේ
                                
______ හාට් Piercing...✿•*`¨"


කලින් හා(ර්)ට් එකේ Pierce  කරපුවා...


නූතන ගජමන්ගෙන් ඇලපාත මුදලිට 18 +
පීතෲ
වඳ ගෑනි
@ හනිමූන්
චික් සාදු  වල් .. ල් .. ල් .. ල් .......
අන්න බොල වේසාවී ( 18+)
වැල ෆිල්ම් වල නිළියෝ 2 " නෝ එන්ට්‍රි " 18 +
තාත්තට හොද වැඩේ ( වැඩිහිටියන්න වඩාත් සුදුසුයි)
සෙකන්ඩ් හෑන්ඩ් කන්‍යාවී
ග(ර්)ල්ස් හොස්ටල්වේසිගෙ පුතා මම 18 + නොවේ
වැල ෆිල්ම් වල නිලියෝ.. 18 +
මගුල් කෑම
ඇයි ෆර්දාව
ඌ හා ගිය හැතිරිට
දෙයියො දීපු ලබ්බ  18 +
මම රස්තියාදුකාරයා
බැල්ලිගෙ පුත්තු
ලයිසන් බඩුව 
ආමි බූට්
 

______ හාට් Piercing...✿•*`¨"     හදවත් සිදුරු කර සිතුවිලි පලදින්න


මගදිගට 16  බැලුවෙ නැද්ද ??  

2011-12-16

මගදිගට 16 "අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි..."



දවස් ගානක් රවුටර් එකේ අවුලක් නිසා මේ පැත්තෙවත් එන්න බැරි උනා....  පෝස්ට් එකක් ලියන්න බැරි උනේ ඒක නිසයි..... ඒකට බලවත් මෙවුව එක... ඔන්න බලන් ඉදපු කොටස...

අද වෙනකන් කතාව....


මගදිගට 1            මග දිගට 5             මගදිගට  9            මගදිගට  13
 
මගදිගට 2            
මගදිගට 6             මග දිගට 10          මගදිගට 14



අද එතැන් සිට...


පිස්සු බම්ප් වෙනවා.... දැන්නම මට විකාරයි වගේ...    විමංසා කිවුවා........  එතකොට... එතකොට... මේ....
...... ...... ......

මම මාරුවෙන් මාරුවට දෙන්න දිහා බලල තටමද්දි අනිත් එක්කෙනත් අපි ලගට ඇවිත් ඉවරයි.... ඔලුව පිස්සු බම්ප්වෙන තරමට පැටලැවිල ඉන්න වෙලාවෙ දැන් වෙනව රගපාන්නත්....

දැන් එතකොට මෙතන මගේ අතත් අල්ලගෙන මට ආදරෙයි කිය කිය ඇඩුවෙ මගේ තුන් හිතේවත් නොතිබුන විමංස කියල කෙනෙක්....  අනේ මම දන්නෙ නෑ.... 

"මොකද උනේ විහඟ...  කොහොමද තුවාල උනේ මේ....   ??"

 මම හිතින් ආදරේ කරපු ඇත්ත ව්‍යංගා තමයි මේ මම දිහා මේ පුදුමෙන් වගේ බලාගෙන ඉන්නෙ... තුවාල වෙලා කියල එයා දන්නෙවත් නෑ....  මේක නිකන් බොබ්මාලිගෙ කොන්ඩෙටත් වඩා  ලිහාගන්න බැරි තරමටම පැටලැවිලයි තියෙන්නෙ...  පිස්සු හැදිලා ආයෙ හැදෙනවා.... අර වැටිච්ච වෙලාවෙ රෝදෙ ඔලුව උඩින්ම ගියානම් මාර සනීපයි වගේ....

" මුකුත් නෑ.... "

මම නිකන ඕනවට එපාවට වගේ කිවුවා...  ඇත්තටම මොනව කරන්නද.. මොනව කියන්නද.. දෙන්නත් එක්ක කොහොම කතාකරන්නද මොනවද උනේ... කිසිදෙයක් තාම හිහාගන්නවත් බෑ... ඒ හෙම වෙලත් ව්‍යංගට මොනවත් කියන්නෙ නෑ කියල විමංසට මම මේ දැන් පොරොන්දු උනා...   ඒ ඇයි කියල මටවත් හිතාගන්න බැරි උනත් ඒ පොරොන්දුව  කඩන්නනම් මට හිතුනෙ නෑ....

"බස් එකෙන් වැටිලලු අක්කි... "

මෙච්චර වෙලා  සද්ද නැතුව ඉදපු වි‍මංසත් කට ඇරියා... හිනාවෙලා එයා එහෙම කිවුවට කලින් අඩපු පාරවල් කලුවරේ උනත් ඒ සුදු මූනෙ බලාගන්න එච්චර අමාරු උනේ නෑ...

විමංස එහෙම කිවුවාම ව්‍යංග එයා දිහා බලපු බැල්මෙනම් තිබුනෙ සැකයක්... අපි දෙන්න මෙතන කතා කර කර ඉදපු එක මෙයාට එච්චර දිරවන්නෙ නෑ වගේ...

" එතකොට ඔයා අක්කි මෙයා නංගි....  කොහොම කොහොම හරි අක්කල නංගිල එකතු වෙලා ලොකු ලන්නක් දුන්න නේද මට... ??"

 මගේ උපරිම භාවාත්මක රංගනයෙන් එහෙම කියල මම කතාව ආයෙමත් ට්‍රැක් එකට ගත්තා... නැතිනම් අක්කල නංගිල  මෙතන කෙහිවලු පටලවාගන්නවා  ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

" අනේ නෑ...  ඔයාටනෙ අපි දෙන්නව මාරු උනේ....  අපි දෙන්න ඔයාට ඒක කිවුවෙ නෑ එච්චරයි..."

ව්‍යංගා හිනාවෙලා  කිවුවා... ව්‍යංගා, විමංස කියල අදුනගන්න පුලුවන් උනේ දෙන්න දෙපැත්තෙ ඉදපු නිසාය.. ආයෙමත් තැනකදි දැක්කොත්නම් ආයෙ හොයනව බොරු...

"ඉතිං කිවුවෙ නැති එක තමයි ඉතිං දීපු ලන්න...."

මම අහක බලාගෙන කිවුවා....  ටික වෙලාවක් යනකම්  දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කරේ නෑ...

මමයි ව්‍යංගයි ඉදියෙ ගෙදර දොර පැත්තට පිටිපස්ස හරවගෙන.. අපි දෙන්නගෙ ඉස්සරහ ඉදපු විමංස එක පාරටම ව්‍යංගගෙ අතින් ඇල්ලුවා...

" අක්කි... අම්ම..."

එහෙම කිවුවාම අපි දෙන්නටත් ඒ පැත්ත බැලුනෙ ඉබේටම... ව්‍යංගලගෙ අම්ම දොරෙන් එලිට ආවෙ ඇන්ටිලා තව තුන් හතර දෙනෙකුත් එක්ක... ඇවිත් එතනම තිබුන ලොකු කුඩයක් යටින් වාඩි උනා...

තනියම නොවුනත් කොල්ලෙක් එක්ක මුල්ලකට වෙලා කතාකකරනව දැක්කොත් ඇන්ටි මොනව නොකියාවිද... තව දවස් හතරකින් කපන්න තියෙන මැහුම් ටික ඇන්ටි දැන්මම කපාවි මයෙ හිතේ....

"අපි අරෙහෙට යං.... "

මට හිතුන එක ව්‍යංගටත් හිතිල වගේ....

අපි තුන් දෙනාම දොර පැත්තට ඇවිදගෙන ආවා... දෙන්න කෙලින්ම යන්නෙ අම්ම ලගට...  ඇන්ටිත් දනවද දන්නෙ නෑ වෙච්ච දේවල්.... හිමීට මාරුවෙන්නත් බෑ....  දැන් මොකද කරන්නෙ...  ඇන්ටිත් දන්නවනම්  ඉතිං හොදි ඕනෙ නෑ නෝන්ඩිය...

මම එහෙම හිත හිත හිමීට ඒ දෙන්නගෙ පස්සෙන් ඇවිදගෙන ආවා... එක අතකට මම මොකටද බයවෙන්නෙ.... මම වැරද්දක් කරල නෑනෙ...   එහෙම කියල හිත හදාගන්න හැදුවත් මොකක්ක්දෝ හේතුවකට ඇන්ටි ලංවෙනකොට මගේ පපුව මටත් නොකියම ස්පීඩ් එක වැඩි කලා...

ඇයි යකෝ වැරද්දක් කරල නෑ කියන්නෙ.. දැන් විනාඩියකට කලින් අර මුල්ලක් පල්ලෙ මගේ කුලුදුල් ආදරේ හොර හොරෙන්ම නිල වසෙන් ස්ටාර්ට් කලේ ඇන්ටිගෙ එක දුවෙක් එක්ක නේද.... එයත් එක්ක ලව ස්ටාර්ට් කරාට... එයා විමංසලු...ඒත් හැම  රෑකම  මගේ ජීවන ගංගාවෙ පැදයන්න හීන දැකපු  ප්‍රේම යාත්ත්‍රාව  ව්‍යංගා... දැන් ටිකට කලින් වෙන එක්කෙනෙක් බලෙන්ම වෙන එකට මාව ඇදගත්තා..... අයියෝ විස්කි... මීට වඩා හොදයි කසිප්පු ගැහුවනම්...  

ඇන්ටියි අංකලුයි තමයි මේවට වග කියන්න ඕනෙ....  ඇයි හත්වලාමෙ මුන් දෙන්නව දෙපාරකට හදන්න බැරි උනේ....එහෙම උනානම් මගේ දුප්පත් මෝටසයිකලේට හන්දිය දෙපැත්තෙම රෙඩ් ලයිට් වැටෙන්නෙ නෑනෙ ... දැන් කොයි පැත්තකටවත් හරවගන්න බෑ වගේ.......

" අම්මෙ මේ මෙහේ ශ්‍යාමිකගෙ යාලුවෙක්...විගඟ... අපේ ක්ලාස් වලටමයි එන්නෙ.. අර මම  අම්මට කිවුවෙ..."

ඇන්ටි ලංවෙනකොටම ව්‍යංගා මාව අම්මට ඉටඩ්‍රිඩියුස් කරල දුන්නෙ එහෙමයි...  ... ඈ... ඒ ව්‍යංගද.. නැත්නම් විමංසද.... මල කෙලියයි.... මනෝ පාර ගහන් ආව ඩිංගට මුන් දෙන්නව ආයෙ මාරු  උනානෙ.... අම්මප හරියට
 අහගෙන කොටන්න  හිතෙනව නම  නලලෙ... නැතිනම් අපි මැරෙන්නෙ ඉදිආප්ප දාපු තුවක්කුවකින් වෙඩි කෑව වගේ පැටලිල...
ඒක නිකන් බඩේ බත් වගේ.... බුදු ෂුවර්....

ආ... මේ ළමය නේද ලොකු දුවගෙ පර්ස් එක අහුල දුන්න කිවුවෙ.... මොකද පුතේ මේ තුවාල වෙලා.... ??

හරිනෙ වැඩේ... ඒ කියන්නෙ අම්මත් සීන් එක දන්නවා.... අනිත් හරියත් දනනවනම් දැන් මෙතන පට පට ගාල එලියට ඒවි මගේ පැටලුන ප්‍රේම පුරානය.... වටේ ඉදපු ඇන්ටිල ලැන්ටිල ටිකත් බලාගෙන ඉන්නවා....කටවල් ඇරං...
කාල ගිලිනව යකෝ මම මේ ලයිට් වැලේ ලයිට් ඔක්කොම.....

" බස් එකෙන් වැටුන ඇන්ට්.... "

මමත් හිනාවෙලා හෙමීට කිවුවා... 

" පරිස්සං වෙන්න එපැයි දරුවෝ...  ඔයිට වඩා දෙයක් උනානම්..... "

කොච්චර උනත් ඇන්ටි මාත් එක්ක සිරාවට කතාකරා... වෙන දෙයක් ඇන්ටි දන්නෙ නැතුව ඇති... ඊට පස්සෙ පන්තියේ ඒවයි අරවයි මේවයි බලා බලා ගොඩකට පස්සෙ ඇන්ටි අනිත් ඇන්ටිලත් එක්ක කතාව පටන් ගත්ත නිසා... මම හෙමීට එතනින් ලිස්සල ආවෙ එතන ඉදිය කියල නිදහසේ කතා කරන්න බැරි නිසා... වෙන වෙලාවකනම් මොනවහරි බයිලයක් ගහගන්න තිබුනා... ඒත් තාම අගක් මුලක්  දන්නෙ නැතුව
එක්කෙනෙක් එක්ක හොරෙන් ලවු කර කර.... ලටපාවාගන්නෙ නැතුව ඔතන ඉන්න එකනම් ආයෙ මොන දෙයියන්නාන්සෙටවත් කරන්න බැරි වැඩක්...

මම ශේප් එකේ... අපේ එවුන් ඉන්න දිහාවක් ඩයිල් කරත් මීටරේට කිසි ප්‍රතිචාරයක් නෑ.....

කොහේ හරි මුල්ලක සෙට් වෙලා ඇති.... ආයෙ හෝදන්න දෙයක් නෑ...

දැන් ඉතිං කොහොමද  මුන්ව හොයාගන්නෙ... ෆෝන් එකක්වත් නැති කොට.....

ආයෙමත් හිමීට ව්‍යංගල ඉන්න තැනට කිට්ටු කරා හිමි හිමීට... 

මේ.. පොඩි උදවුවක් කරන්නකො....  ෆෝන් එක චුට්ටක් දෙනවද....  කෝල් එකක ගන්න.. ඔයාලත් එක්ක කතාකරණ වෙලාවෙ අපේ සෙට් එක මොන ලෝකෙට උනාද දන්නෙ නෑ... 

කතා නොකරම  මම ලගම ඉදපු එක්කෙනා  ෆෝන් එක හිමීට දික් කරා මට....

මම කහිරුවගෙ නම්බර් එක ඩයිල් කරනකොටම ෆෝන් එකේ තියෙනව නම්බර් එක සේවු කරල...

Lhiru (V)

 ඒ කියන්නෙ මේ විමංසා....  ව්‍යංගා ගාව නම්බර් තියෙන්න විදියක් නෑනෙ....

මම ෆෝන් එක අරන ටිකක් එහාට ගියා...

"හෙලෝ..."

ටික වෙලාවකට පස්සෙ ලහිරුවගෙ මදුර මනෝහර කටහඩ ඇහුන එහා පැත්තෙන්... මූ පැනි හැලියම දාලයි කතාකරන්නෙ  කෙල්ල කියල හිතලා...

" කොහෙද බොල මූසලයො ඉන්නෙ... "

ලහිරුවවට එකපාරට හිතාගන්න බැරි උනා  වගේ... ව්‍යංගගෙ නම්බර් එකෙන් ඒවගේ සුමිහිරි ආමත්‍රණයක්...

" ආ.. උඹනෙ... වරෙන් පිටිපස්සෙ මඩුව එහාපැත්තට.... "

" මම ෆෝන් එක කට් කරල හෙමීට ව්‍යංගල ලගට  ඇවිදගෙන ගියා.. ඔක්කොම ඉනෙ ලොකු කයිය පිට ... ඒක නිසා මම ටක් ගාල ෆෝන් එකේ මැසේජ් වලට ගිහින් මෙහෙම ටයිප් කරා...

yana kalin maawa meet wenna
kohoma hari
thaniyama

 ගහල එ ටික එහෙමම තියෙද්දි ස්ක්‍රීන් එක එයාගෙ මූන පැත්තට හරවල ෆෝන් එක දීල ඇහෙන ෆෝන් එක පෙන්නල... අනිත් එක්කෙනාටයි ඇන්ටිටයිත් යන්නම් කියල හිමීට ලහිරුවල ඉදපු දිහාට ඇවිදගෙන ආවා...

ශ්‍යාමිකයලගෙ ගෙදර පිටිපස්සෙ පරන ලට්ට පටස් දාපු මඩුව තිබුනෙ කන්ඩිය අයින හරියට වෙන්න... කන්ඩියයි මඩුවයි අයිනෙ තිබුන පුංචි ඉඩේ අපේ එවුන්  පස් දෙනෙක්  බෝතලේකුයි කෝප දෙකතුනකුයි වටකරගෙන වාඩිවෙලා....

තිලිණයයි.. නිමේෂයයිත් ඇවිල්ලා....මම දැක්කෙ ඇවිත් වාඩි උනාටත් පස්සෙ... ඒ තරමට එක එකාව අදුන ගන්න බැරිවෙන තරමට මීදුම....

"මොකෝ උනේ...."

පැංච ඇහුවෙ මම මඩුවෙ අයිනක කොටයක් උඩින් වාඩිවෙනකොටම ..

" සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රස්නයක් බොල....."

මම හිනා වෙලා   නිමේෂයගෙ  අතේ තිබුන සිගරට් එක අරගෙන කටේ ගගෙනම  බෝතලේට සම්මාදම් වෙන එක පටන්ගත්තා...

ඊට පස්සෙ ශ්‍යාමිකලගෙ ගේ පිටිපස්සෙ මදුව හා කන්ඩිය අතර අපේ පාර්ලිමේන්තුවේ කතානායක උනේ මේ දිසානායක මුදියන්සෙලාගේ විහඟ නෙත්මික විඳානගමගේ තමයි.... අතේ තියෙන සිගරට් ඔහේ අලුවෙලා යද්ද්දි  සැන්ඩි කරන්න අමතක වෙලා බඩු දාගෙන මූනු ඇඹුල් වෙද්දි... ඉතිහාසයේ රනකුරින් ලියවෙන අතිපූජනීය පරම පිවිතුරු ප්‍රේමවෘතාන්තය අහගෙන කට්ටිය සද්ද නැතුව රවුමට ඇන තියාගෙන ඉදියෙ වෙහෙරහේන පන්සලේ පඩිපෙලේ අඹල තියෙන වාමන රූප ටික වගේ....

ඒ වෙනකොටත් පලවෙනි බෝතලේ අඩිය දකිමින් ඉදපු නිසා කට්ටියම ඉදියෙ උඩ සාක්කුවෙ පොඩි සල්ලි ගන්කර කර....
ඔලුව කැරකැවෙන වෙලාවෙ සඳ බොදවෙන කරකැවෙන ලා චෝරු වෙන කතාවක් අහගෙන ඉදපු අපේ සෙට් එකම තව ටිකක් ෆලැකෑන්ස් වෙලා ගියා....

" අඩෝ... පික්ක්...ෂු හැදෙනවනෙ....  දැන් එතකොට උඋඋඹට සෙට් වෙලා තියෙන්නෙ වෙන කෑල්ලක්.... ?? "

"ඔවු බං විමංස .... එයා නංගි... ඒත් මේ දෙන්න මාරු උනේ මොන වෙලාවෙද කියල දෙයියො තමයි දන්නෙ.... "

"දැන් එතකොට හොස්පිටල් එකට ආවෙ.... නංගිද... එයා කොහොම්ද හොස්ස්ස්පිටල් ආවෙ... බස් එකේ ඉදියෙ ව්‍යංගනෙ බං... ව්‍යංග අක්කද නංගිද බං..... එතකොට ඔය විමංස කවුද බං..."

පැංචට ටිකක් වැඩියි වගේ හැමදාම බොන්න ගත්තොත් මූඩියෙන් එකක් වැදුනත් ඇති  ගූ ගොඩේ සීනි බනිස්,,,,,
සීනි බනිස් කොච්චර හොඳ උනත් ගූ ගොඩේ වැටුනාම වැඩක නෑ වගේ.. මූත් කොච්චර හොද උනත් බිවුවාම වලි දෙයියා... චාටර් ලෝකයයි... ගූ ලොරියයි...

 "මේ පැංච... උඹ හොඳ සිහියෙන් ඉන්න වෙලාවක ආයෙ කියල දෙන්නම්.... අපිටත් පටලවන්නෙ නැතුව ඉදපං... .. තව බින්දුවක්වත් බොන්නෙ නෑ උඹ... ඒපාර අපිට යන්න වෙන්නෙත් රෙදි නැතුව....."

වෙනදට හැමදාම ලහිරුවත් එක්ක කියවගත්තට ලහිරුවගෙ ඒ විදානෙට පැංච කට වහගත්තා....

" ඒ මට වැවැවැ ඩීද බංස්... ??? "

ඌ ශ්‍යාමිකයගෙන් ඇහුවෙ රහසින්....  ඌ එක අහපු විදියට ඉන්න තැන අමතක වෙලා අපි ඔක්කොටම හිනා ගියේ මහ හයියෙන්...

දැන්නම් ඉතිං මෙතන ඉදිල්ල සරීර සවුකෙට එච්චරම ආතල් නෑ... අපි එකා දෙන්න විවිද දිසාවන් වලට හෙමීට තාවකාලික විස්ථාපනයන් ලබාගත්තා....

" උඹට කෝල් එකක් මැසේජ් එකක් ආවෙ නෑනෙ... ??"

මම ලහිරුවගෙන් ඇහුවෙ ගේ පැත්ත දිගේ ඉස්සරහට එනගමන්... 

" අම්මට හුඩු ආවද දන්නෙ නෑ...  මම ෆෝන් එක සයිලන්ට් දාල තිබුනෙ.. සීක්‍රරට් මිෂන් එකකනෙ ඉදියෙ.."

එහෙම කියල ලහිරුව ෆෝන් එක අරන් බලනකොට මිස්කෝල් හතරයි මැසේජ් දෙකයි.... ඔක්කොම ව්‍යංගගෙන්... නෑ වැරදුනා... විමංසගෙන්.....

ai 4n eka answer naththe...
tharahada math ekka...
ane tharaha wenna epaa
oyaa text karanakam balaagena innawaa

හුටා.. නයි කයිද රෝස් පාන්..... 

api yanawa... puluwan welaawaka cl karanna
plzz.. mama  balaagena innawaa..

tc.bs

අපි ජංගි මැහුවොත් එදා ඉදල එක කෙල්ලෙක් ඉපදෙන්නෙ නෑ.. කොල්ලො විතරයි....ඒක නිකන් ආයෙ බඩේ බත් ටික වගේ බුදු ෂුවර්..... දැන් මොකද කරන්නෙ...

" සොරි බං මට දැනුනෙ නෑ.. අරක පල්ලෙ ඉදිද්දි මේ හු _ _ _ වැදුනොත් ඉවරයිනෙ.... ඒකයි සයිලන්ට් කරේ... උඹ කෝල් කරාට පස්සෙ ෆෝන් එක සාක්කුවෙ දාගත්තා.... මොකද ව්‍යංගා ගිහිල්ලද...??"

ලහිරුවගෙ මූනත් මැලවිලා....

" මොනව කරන්නද බං.. ගිහිල්ල තමයි... "

මම එහෙම කියල ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තා... වෙලාව 11.04 යි...  වෙලාව යනව දැනුනෙවත් නෑ අපට...
මමම මීට් වෙන්න ඕනෙ කියල මටමයි ආන්සර් කරන්න බැරු උනේ... මූට මේක වයිට්බ්‍රේට්වත් දාගන්න බැරි උනානෙ... ෂික්...

ෆෝන් එක දෙසරයක් රින්ග්ස් යන්නත් කලින් එහා පැත්තෙන් ආන්සර් කරා....

 “වි..හ..ඟ.... ”

එහාපත්තෙන් ආපු කටහඩ අහපු මගේ.. පපුව කඩා වැටුනෙ ඉබේටම... බිවුවෙත් ටිකයි.. ඒවත් කොහෙන් ගියාද නෑ...

අනේ සොරි... මම යාලුවොත් එක්ක ඉදියෙ.. මේකෙ සද්දෙ නිසා ඇහිල නෑ... ඔයා ගෙදරද ඉන්නෙ... ??

මට කියන්න වෙන බොරුවක් කටට ආවෙත් නෑ ඒ වෙලාවෙ...

“ඔවු....”

කෙල්ල තාමත් අඩනවද කොහෙද...

“සොරි ව්‍යංගා... නෑ.. විමංසා...  ඔයාව මීට් වෙන්න විදියක් නැති උනානෙ.. කතා කරන්න....  මම තරහට නෙවෙයි කතා නොකරෙ...ඇත්තමයි.. රත්තරං.... සත්තයි....”

ඉස්සර ඉදලම කොල්ලො කෙල්ලො වස්තුවෙ රත්තරං කිය කිය ආදරේ කරනකොට ඒව පට්ට බොලදයි කියල හිනාවෙවී ආතල් ගත්ත මගේ කටින්ම නොදැනිම ඒ බොලද වචන එලියට පැන්නෙ මටත් නොදැනම.... ආදරේ කියන්න එක සිරාවට බොලද වෙන්න ඇති....ඇත්ත තමයි... හරියට ආදරේ නොකර ඒක ගැන තේරුම් ගන්න බෑ කවදාවත්... ඒක මගේ හිතට දැනෙන නිසා... ඒ ආදරේ දැනෙන නිසා දැන් මම දන්නවා.... මහා පන්ඩිතයෙක් වගේ... මවාපාලා ආදරේ කරන්න ඕනෙ නෑ මට..... ආදරේ බොලදනම්... මගේ හිත ඉල්ලන්නෙ ඒකනම්... ඒ දේවල් වලට මම ඉඩ දෙන්න කැමතියි...... ඒක නිසා වෙන්න ඇති ඒ වචන එහෙම මගේ  කටින් පිට වුනේ ....

එහාපැත්තෙන් කෙල්ල ඉකි ගහනව ඇහුනාම මට ඔක්කොම අමතක වෙලා ගියා... ව්‍යංගා තිය විමංස තිය   වත්සලා වනමලී   උනත් කමක්  නෑ...   මම බස් එකෙන් වැටුනට පස්සෙ මාව බලන්න දුවගෙන ආවෙ මේ කෙල්ල....  මුලින්ම පර්ස් එක අහුලල දුන්නෙ ව්‍යංගට... මම දන්නව ඒක...  එදා තිබුනෙ  ව්‍යංගගෙ අයි ඩී එක... ඒත් කොහොම කොහොම හරි පස්සෙ මේ විහඟ, අහන්න මග බලාගෙන ඉදියෙ මේ කටහඩ... ආපු කොහේ හරි මගදිගට එක තැනකදි  මාරුවෙලා නොදැනම හරි මම මෙච්චර කල් ආදරේ කරේ මේ හිතට.... ඒක බොරුවක්වත් බලෙන් ඇතිකරපු දෙයක්වත් නෙවෙයි කියල මම හොදටම දන්නවා....   ... ඒ කටහඩේ...ඒ හිතේ.. ඒ ආදරේ අයිති කාරි අඩනව අහගෙන ඉන්න බෑ මට.....

බඩේ තිබුන ඒව නිසාද දන්නෙ නෑ.. මම මවාගෙන ඉදපු බොරු වංඩිය එලවල දාල හිතේ පතුලෙම ගැංගිල ඉදපු නියම විගඟ එලියට ආවා...

නම වැරදුන නිසාද  නැතිනම් මම රත්තරං කියපු නිසාද දන්නෙ නෑ කෙල්ලට කොහොම හරි හිනා ගියා.... ඒ හිනා වෙන සද්දෙට මටත් හිනා ගියේ... ඉබේටම...

මම හිනාවෙවී කතාකරනව දැකල  ටිකක් එහාට වෙන්න හිටපු ලහිරුවයි කොහෙන්දෝ එතනට ආව නිමේශයයි කම්මුලට අත ගහගෙන අනේ අපොයි කියල මට ඇද කරා...

“ අන්න එහෙම හිනා වෙන්න.... ”

මම කිවුවෙ ටික වෙලාවක් ඒ හිනා හඩ අහගෙන ඉදලා....

“ හ්ම් හ්ම්ම්ම්.....”

දැන්නම් ඒ  කටහඩේ දුකක් නෑ....

“ ඔයාගෙන් කතාවෙ ඉතුරු ටික අහගන්න ඉදියෙ.. කොහෙද දැක්කෙ නෑනෙ.... ආයෙ ඉතිං කවද මීට් වෙයිද කතාකරන්න ලැබෙයිද දන්නෙ නෑ... ”

මම කිවුවෙ ඇත්තම දුකෙන්....

“ තාම ඔයා ශ්‍යාමිකලහද ඉන්නෙ..... ”

කෙල්ල කතාකරේ රහසින්....  ටික වෙලාවකට පස්සෙ....

“ ඔවු...”

“ඔයාට පුලුවන්ද පිටිපස්සෙ තාප්පෙ ගාවට එන්න කරපිංච ගහ ගාව... මම එන්නම් එතනට...”

“ඔයා... ඒත් කොහොමද... අම්ම... අක්කි... ??”

“ එයාල නිදි.. ඔයා එනවද... ??”

 “හා...”
 
“මම එලිට ඇවිත් රින්ග් කරන්නම්.....”


එහෙම කියල කෙල්ල ෆෝන් එක තිබ්බා.... ලව ස්ටාර්ට් කරපු මුල්ම දවසෙ මම ඉතිහාස ගතවෙන්නයි හදන්නෙ...
අපේ එවුන් පේන්නත් නෑ.. ආයෙත් ස්ථාන ගතවෙලා ඇති ... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... පාටි එකේ කට්ටියත් එච්චර නෑ දැන්... මිදුලෙ නටන උන් ටිකක් ඇරුනාම ගේ ඇතුලෙ ඉදපු කීප දෙනා විතරයි...

මම හෙමින් හෙමින්  කරපිංච ගහ ගාවට කලුවරේම ආවා.... එතකොටම ආව ම්ස් කෝල් එකක්...

කෙල්ල ඉන්නව තාප්පෙ එල්ලීගෙන...

රෝසපාට රෑ ඇදුමක්  ඇදගෙන කොන්ඩෙ කරල් දෙකට ගොතල හැමදාමමම දැකපු ලස්සනට වඩා වෙනස්ම ලස්සනක්...
 තාප්පෙ දෙපැත්තෙ ඉදගෙන අපි විනාඩියක් විතර අත් මිරිකගෙන ඉන්න ඇති....

කුලුදුලේ උපන්න ආදරේ... මංගල දවසෙම මේ වගේ හමුවීමක් හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි දෙන්නම...
මටම අයිති වෙච්ච මගේ චූටි රෝසපාට සුරංගනාවියි මායි අතරෙ තිබුනෙ එකම එක සිමෙන්ති ගඩොලක පරතරේ විතරයි.... ආදරේ  දරාගන්න බැරි තරමට හිතට දැනෙද්දි.... කවදාවත් විදපු නැති හැගීම වලින් මුලු ඇගම හිරිවැටිල යද්දි තාප්පෙ මෙහාපැත්තට වෙලා ඉන්න තවත් මගේ කොලුකම මට ඉඩ දුන්නෙ නෑ...

ඇහැක් බැරි ගාතෙ තුවාල වෙච්ච කකුලත් උස්සගෙන ගඩොල් පේලි පහේ තාප්පෙ පැනල මගේ පුංචි සුරව්ගනාවි ගාවට එන්න මට වැඩි වෙලා නෑ...
දන හිස ගාවට කොට රෑ ඇදුම විතරක් ඇදගෙන  ඉදපු නිසා වෙන්න ඇති කෙල්ල ලැජාවෙන් බිම බලාගෙන....  ඒ හැමදාම මම ආදරේ කරපු රෝස පාට මූන මගේඅත් දෙකෙන් උස්සලා... හැමදාම මගේ හීන වල සෙල්ලම් කරපු ඒ ලොකු වීදුරු ඇස් දෙකට  මැද නලලට..අවුරුදු දාහතක මගේ ජීවිතේ කෙල්ලෙක්ට දුන්න මගේ පලවෙන හාද්ද දුන්නෙ වෙවුලන තොල් වලින්....

ආයෙමත් ඒ වීදුරු වැස්වල පියන් කඩාගෙන වැටුන ලොකුම ලොකු  කදුලු බිංදු දෙකක්... ඒ කම්බුල් දිගේ පහලට ගලාගෙන යනවත් එක්කම... විමංස අත්දෙකම මගේ ඉනවටේ දාල මට තුරුල් උනා...

මොකක්දෝ විස්තර කරල කියන්න බැරි සුවදක් එක්ක... ඒ රෑ ඇදුමෙන් විතරක් වැහිච්ච   පුංචි සිනිදු පපුවෙ රස්නෙ මගේ දාඩියෙන් පෙඟුන ෂර්ට් එකට මැදින් පපුව පලාගෙන මුලු ඇගම හිරි වැටිල යද්දි මගේ පුංචි සුරංගනාවි බදාගෙන මමත් තාප්පෙට හේත්තු වෙලා ඇස් දෙක පියාගත්තා......


ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
පෙම්පාටින් තව තව දිලිසෙනකොට
සිපගන්නැතුවම ඉන්නේ කොහොමද

දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
එක එක තියලා ඇහිපිල්ලම් යට
කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
සරසිමි සිහිනය තව හැඩ වන්නට

මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
නිදියන්නැතුවම දෑස් පියාගෙන
එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම


මගදිගට 17 න්.... ....