2011-07-31

මග දිගට 3 " අනේ විහඟ.. මම ටිකට් ගත්තෙ නෑ....."



පලවෙනි කොටස් දෙක බැලුවෙ  නැත්නම් කරකවල ඇත ඇරිය වගේ  වෙයි... ඒක නිසා ටග් ගාල දුවල් ගිහින් කියවල එන්න...

මග දිගට 1
මගදිගට 2

අද ඇතැන් සිට.....



යකෝ ලහිරුව මාව වතුර ගහලා ඇහැරෙවුවා නේද... ඒත් හීනෙන්  දැකපු ව්‍යංගා මේ නගින්නෙ බස් එකට බැබලි බැබලි....
මේකත් ශුවර් නෑ ආයෙ හීනයක්ද දන්නෙ නෑ... අරූගෙන් වතුර පාර කාගෙනම මම ආයෙ නිදාගෙනද ? එහෙම උනොත්  සුනාමි තමයි...ආයෙ හෝදන්න දෙයක් නේ ඒකෙ... මම මගේ අතම කොනිත්තගෙන බැලුවා... 
ඈ... නෑනෙ... එතකොට හීනයක් නෙවෙයි... අර ඉන්නෙ ලහිරුවත් බස් එකේ තාපස බැබුමෙක් වගේ  පොල්ලෙ එල්ලිලා... හීනයක් උනත් ඌව මට හීනෙන් පේන්න මාව පිස්සු වදුරෙක් කන්න ඕනෙ... එහෙම දෙයක් වෙලා නෑනෙ... එහෙනම් මේ ඇත්තටම ව්‍යංගා තමයි බස් එකට නගින්නෙ....... පිස්සු බම්ප් වෙනව යකෝ....

මම හිටියෙ බස් එකේ මැද්දට වෙන්න... ලහිරුව දොර ගාවම හිටගෙන... කෙල්ල දැක්ක විතරයි මස් කඩේ තඩි අබ්දුල්ල කාරය හරකෙක් දිහා බලනව වගේ ලහිරුවත් කටින් බලන් ඉන්නවා... අම්මපා.. මූට දෙකක් දෙන්න විදියක් නැති හැටි...

එයා ලහිරුවත් පාස් කරගෙන ඇවිත් මට ශීට් 3ක් විතර එහායින් එක අතකින් ශීට් එකක් අල්ලගෙන අනිත් අතින් පොත් ටිකත් තුරුල් කරගෙන හිටගෙන ඉන්නවා... මේ පැත්තනම් බැලුවෙ නෑ.....
බලනවකො ඕයි....... මගේ හිත කෑ ගහල කිවුවා... ඒත් එයාට ඇහෙනව එකක් යැ...
 දැන් කොහොමද මෙයාට මේ පැත්ත බලවන්නෙ....
 
ලහිරුවනම් මගේ පැත්ත බලල ඇස් දෙක ලොකු කරා... ගලවනව මම තොගේ ඇස් දෙක......

මෙයා බලන්නෙම නෑනෙ... කතා කරන්නත් බෑ... ලගට යනත් බෑ බස් එකටම ඇඩ් එක... මොකද බස් එකේ හිටගෙන ඉන්නෙ අපි තුන් දෙනා විතරයි... මොකට මම මෙච්චර දුරක් ආවද බස් එකේ අච්චර ඉඩ තියෙද්දි.... ෂික්...
 හරි මට පොඩි අදහසක් ආවා.... බස් එක පොඩ්ඩක් ගැස්සෙන වෙලාවක් බලල මගේ අතේ තිබුන පොත් ටික බැරිවෙලා වැටෙනව වගේ මම දඩස් ගාල බිම ඇත ඇරියා..... දැන්වත් බලනව ඕයි... මේ බස් එකේ එකෙක් වැටෙන්න යනවා....
පොත් ටික වැටෙන සද්දෙට යන්තන් මේ පැත්ත බලපු එයා ආයෙ ඉස්සරහ බලා ගත්තා...
 

නයාම කාපිය.... මෙයා මාව අදුනගත්තෙ නැද්ද... මම පහත්වෙලා පොත් ටික අහුල ගනිද්දි හිමීට තව පාරක් ඒ පැත්ත් දිහා බැලුවා... අදනම්  ඩෙනිමක් ගහල රෝස පාර ටොප් එකක් ඇදල... කොන්ඩෙනම් වෙනසක් නෑ... ඒදා වගේමයි... අර පනාව එක්ක තරහ කොන්ඩ කෑල්ල... මූන පුරාම... කොච්චරවත් ඒක හදනවා... ඒත් මේ පැත්ත බලන්නෙ නෑ... කපන්න හිතෙනව මට කොන්ඩෙ අල්ලලා....

මම පොත් ටිකත් අරන් නැගිටින කොටම ආයෙත් නිකමට වගේ එයා මේ පැත්ත බැලුවා... මමත් ඒ පැත්තබලාගෙනමයි ඉදියෙ... රුහුණුකුමාරියි රජරට රැජිනයි එකම රේල පාරෙ ඇවිත් මූනට මූන හැප්පෙනව වගේ අපේ ඇස් හැප්පුනා...... දඩෝංංංංංංංං.....

ඇයි ෆර්දාව ...




ඇයි උඹ

ගෑනිගෙ මූණ
ෆර්දාවෙන් වහන්න කියල
බලකරේ..
උඹ බයද
තුන්කාලට වඩා
සම්පූරණ එක
දිග නිසා... ??__________________ හාට් Piercing...✿•*`¨

2011-07-29

ඌ හා ගිය හැතිරිට...




නොමැතිව යදම් සීමා
පිදූ පෙම නුඹට මේමා
මගදමා ගොස් ඌ හා
දුන්න දුක නම් බෝමා

හිටි හැටි මුනින් වැතිරී
ලය මත දෙතන තැවරී
ඒ සුවදනම් නම් ඉතිරී
ඌ හා ගියා හැතිරී

වැටි දිනක අහස බොදවී
ඉදන් උඹ තුරුලෙ සිරවී
නැතැයි පිරිසිදුය ලියවී
ඇඩුවා තව මටම ගුලිවී

රෙද්ද මත ලේ බිදුවේ
නැතයි ආලය සෙවුවේ
ගැහෙන උබේ  පපුවේ
මතකද තබා අත කිව්වුවේ

යලි දිනක අහස බොදවී
හිස් යහනෙ උඹ කදුළු බෝවී
බැල්ලියක් උඹ ඌ කියාවී
වරෙන් මම  තව මග බලාවී

                                 __________ හාට්  Piercing...✿•*`¨

අද දාපු දෙවනි පෝස්ය් එක... පලවෙනි එක මෙතනින් බලන්න

ස්තුතියි කේට්..

 

ස්තුතියි කේට්.....



2011  වසරේ අප්‍රේල් 29 වැනිදා ලෝකයේ බොහෝ දෙනෙකු මෙන්ම ඩයමන්ඩ් මාෂල් ද විලියම් -කේට් රාජකීය විවාහය නැරඹුවාය. එහෙත්, ඒ සයහැවරිදි ඩයමන්ඩ් හිටියේ රෝහලේ සයනයක් මතය... පුංච් ඩයමන්ඩ් දරුණු පිලිකා රෝගයකින් පීඩා විදින  ජීවත් වෙන්න ඉතිරිව තිබෙන දින ගනින පුංචි මල් කැකුලකි... ඇගේ පියා ඇය අසල ඉද තව ටික දිනකින් පරවෙන තමාගේ ලෝකයේ එකම වස්තුව දිහා දෑස් දල්වා බලා ඉදියි...
ලෝකය හැර යන්නට තව දින කිහිපයක් පමනක් තිබුනත් ඩයමන්ඩ්ගේ සිඟිති ලොවේ සුරතල් සිහිනවල අඩුවක් නොවුනාය... ඇයට පුංචි බලාපොරොත්තුවක් ඇති වුනි... ඇය එය තම පියාට පැවසුවාය...

"තාත්තෙ.. කේට් කියන්නෙ එතකොට හිම කුමාරි වගේ ඇත්තම කුමාරිකාවක්ද ?? අර සුරංගනා කතාවල ඉන්නව වගේ...?"

"ඔවු දුවේ..."

"එහෙනම් මට එයාව මුණගැහෙන්න ඕනෙ... අනේ ඔයාට පුලුවන්ද ඒක කරල දෙන්න....?"

තව දින කීපයකින් ලෝකය හැර යන අම්මා නැති තම පුංචි සුරංගනාවගේ අවසන් එකම පැතුම පියාගේ හිතට බර වැඩි විය... දෑසින් හැලෙන කදුලු නොපෙනෙන්නට ඔහු තමාගේ පුංචි කුමාරිව තුරුල්කරගත්තේය....

ඔවු රත්තරනේ... මම කොහොම හරි ඒක කරල දෙන්නම්... මම පුලුවන් තරං උත්සහ කරන්නම්...

කොහොම කරන්නදැයි හිතේ කිසිම විස්වාසයක් නොතිබුනත් තව ටික කලක් පමනක් තමාට හිමිවන.. පසුව තමාගේ මවගේ ලෝකයට යාමත නියමිත තමාගේ පුංචි කුමාරිකාවගේ හිත රිදවන්න ඩයමන්ඩේ පියාට නොහැකි විය... ඇයගේ අම්ම බිඉගත් දරුණු මාරයාම ඇයවත් බිලිගන්නට බලා සිටිනබව පුංච් ඩයමන්ඩ්ට ඒ හැටි වැටහීමක් නොවුනාය...

සැබැවින්ම පියෙකු ලෙස ඩයමන්ඩ්ගේ පියා අන්ත අසරන තත්වයට පත්වී සිටියේය...

අවසානයේ.. ඔහු childrend Wish පදනමට ලිඋපියක් ලිවීමට තීරනය කලාය... 1984 ඇරඹුන මේ පදනම මේ වනවිට දරුවන් 17000පමන අනාගත හීන හැබෑකර දී තිබේ....
ඩයමන්ඩ්ද තම හීනය ගැන  මෙහෙම ලීවාය...



මම ඩයමන්ඩ්.... විලියම් කුමාරයාගෙ අම්ම ඩයනා කුමරියනම් නම් සමහර විට මම ගැන අහල ඇති ඇය මගේ අම්මත් එක්ක සවර්ගයේ ඉන්නෙ කියල මම දන්නවා.... අම්ම එහෙදි මම ගැන කියනව කියල විස්වාස නිසා ඩයනා කුමරිය මම ගැන දන්නව ඇති ඇත්තටම මට ඕනෙ මෙච්චරයි මම කේට් කුමරිය මුනගැහෙන්න කැමතියි.. ඔයත් මාව මුනගැහෙන්න කැමතිද ?

පුංචි ඩයමන්ඩ්ගේ ලිපිය සමග පියාත් මෙහෙම ලිවුවේය...

මගේ පුංචි දුවට ඩිස්නිලන්තයේ සුරංගනා ලෝකය ඇස් දෙකෙන් බලාගෙන නිදිකුමරියගෙ කතාවෙ ඉන්න සුරඔගනවන් එක්ක කෑම කන්න තරම කාලයක් ඉතුරුවෙලා නෑ ඇයට ජීවත් වෙන්න තියෙන්නෙ බොහොම ටික දවසක් විතරයි... ඊට පස්සෙ ඇයත් ඇයගෙ අම්ම ඉන්න දිහාවට යාවි... ම තාත්ත කෙනෙක් විදියට බොහොම බැගෑපත් වෙලා  ඉල්ල සිටිනවා කේම්බ්‍රිජ් ආදිපාදිවරිය එක විනාඩියකට මගේ දුවට මුන ගැහෙන්න අවස්ථාව ලබා දෙන්න කියල .. ඒ විනාඩිය මගේ දුවට ශක්තියක් වේවි.... ඇගේ හීනය ඉටුවීම අපට සදාතනික සැනසීමක් වේවි...
 

සිහින පිලිබදව විස්වාස කරන්නෝ තම හීන හැබෑ කරගනිති... පුංචි ඩයමන්ඩ්ගේ බලාපොරොත්තුව ඇය ජීවත් කලාය... අවසානයේදී ඇගේ හීනය ඉටුවිය....

කැනඩා සංචාරය සදහා පැමිනෙන විලියම් කේට් යුවල  පුංචි ඩයමන්ඩ්  මුනගැසීමට කැමති බව දන්වා සිටියාය...

අවසානයේ ඒ සුවිශේෂි දිනය උදාවිය රෝසපැහැති ගවුමකි සැරසුන ඩයමන්ඩ් කෙස් ගැලවී ගිය තම තට්ට හිස මත රෝස පැහැති හිස පටියක් පැලද සිටියාය..

අවසානයේ පුංචි ඩයමන්ඩ් තාමගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරගත්තාය... තම අත වූ මල් පොකුර  ඇය කුමරියට පිලිගැන්වූවාය.. කැතරින් කුමරිය පුංචි ඩයමන්ඩ් ආදරයෙන් වැලද ගත්තාය.. ඒ හැගුම් බර මොහොතේ පුංචි ඩමන්ඩ් ගේ හැර අන් සැමගේ දෑස් කදුලු වරින් පිරුණි...

තව ටික දිනකින් නියත වශයෙන්ම ලෝකය හැරයන පුංචි ඩයමන්ඩ් ගේ අවසාන බලාපොරොත්තුව කැතරින් කුමරිය ඉටුකලේ ඒ අයුරිනි...



අන්තර් ජාලය ඇසුරින්..............

2011-07-23

අමුතු ඇටේ දියවන්නාව මහ සත්තුවත්තට යන්නට පස්ට් ස්ටෙප් එකට අද චෑනිස් එක....


මගේ රට ඉන්දියන් සාගරයේ අමුතු ඇටයයි.. එය එකසිය ගානට අප්සට් ඇටයක්ය.. එහි සිද්දවෙන ඒවාද එකසිය ගානටම අප්සට්ය....
මේ අමුතු ඇටේ අප්සට් කරන්නේ ඇටේ කරවන තැනයයි කියවන දිවන්නාව නැමති සත්තුවත්තක ගාල් වී සිටින අප්සට් ඇනිමල්ලා ටිකකි...

නිලියන් ගණිකා වෘතියේ නියැලෙන අතර ගණිකාවෝ දියවන්නාව මැද සත්තු  වත්තේ සිටිනවාය.... ඒ සත්තුවත්තට පොඩි මෑන්ට කියාගන්න බැරි දිග අමුතු අප්සට් නමක් කියනවාය..
 ඒ සත්තු වත්තේ අප්සට් එක එක ජාතියේ සත්තු රට කරවනවාය... සත්තුන්ටද නම් ගොඩාක් තියෙන අතර වෙන වෙනම ගාල් වී සිටිනවාය....
තවත් එක අප්සට් සිද්දියක්නම් මිනිස්සු තම කැමැත්තෙන්ම මේ සත්තු රට කරවන්නයැයි සත්තුවත්තට යවනව එකය... පිස්සු බම්ප් වී රම්මපට පොරි හැලෙනවාය
රට කොරන්නට යන සමහර සත්තු සිංදු කියනවාය..
ඊට වඩා රෙස්පෙක්ට් සත්තු පගපානවාය..
පැන්ශ්න් යන සත්තු ආන්ඩුකාරයෝ වෙනවාය...
ලොන් හැලී දත් වැටී පුක බිම ඇනුනත් සත්තුවත්තට පය තැබීමේ ආනුභාවයෙන් ඕනෑතරම් කල් ක්‍රිකට් ගහන්නවාය......

සත්තු කුඩු විකුනනවාය.... ඒත් අසරණ මිනිහෙක් කසිප්පු ගොට්ටක් එක්ක මාට්ටු උනොත් පස්ටම බැස්ටිය හම්බ වී හිරේ යනවාය... ඒ සත්තු වටේ සත්තුන්ගේ පදේට නටන හිවල් සෙට් එක වැඩේ ලෙසටම කරනවාය... මේ හිවල් සෙට් එකත් පස්ටම අමුතුම අමුතුය...

ඕනෑම සතෙකුගේ පුක ලෙවකන්නට සැදී පැහැදී ඉනවාය... මිනිස්සුන්ට පඩයක් ගියත් එකසියගානට ගොරවනවාය... නිල් රතු කොල අදින්න පුලුවන් අය ගාවදිනම් මේ ගෙරවිලි බලු වෙනවාය.....
මේ නිසා හිවල් සෙට් එක අප්සට් බව මිනිස්සු සත්තුන්ට උද්ගෝෂණය කොට කියනවාය...
එවිට හිවල් නායකයා මාරු වෙනවාය... අලුත් නායකයා ඇවිත් සිංහනාද දානවාය... අප්සට් හිවල්ලු සුද්ද කර ඔක්කොම සිංහයන් කරනවායි පඩි ටෝක් දෙනවාය.... ඒත් අන්තිමේදි සිංහ හම ගැලවුන හිවල් ලොක්කාම සුද්දවී බලුවී ගෙදර යනවාය.. හිවල්ලු ඒ ලෙසම පසට ලෙස අප්සට් අමුතුවැඩවල යෙදෙනවාය...

සත්තු වත්තට සත්තු තෝරාගන්න කාලය වෙනකොට පස්ටම ආතල්ය... එක එක සත්තු එක එක ආකාරයට හඩතලමින් පස්ට විකාර අමුතු ජෝගි නටනවාය... වැඩියෙන් අමුතු ජෝගි නටනා සත්තු වැව මැද සත්තුවත්තට යනවාය.. අමුතු ඇටේ අමුතු මිනිස්සු කැමති ඒ සත්තුන්ටය.. ආයෙ හෝදන්න දෙයක් නැත්තේය... ඇල්වතුරට උල් පිහියෙන් ඇන්නා වාගේය....

 සතා අමුතු උනත් එක පාරටම වැව මැද මහ සත්තු වත්තට යනට බැරිය... ඒ සදහා පොඩි පොඩි සත්තුවතුවල ස්ටෙප් බයි ස්ටෙප් ට්‍රේනින් කරන්න ඕනෑය...  ට්‍රේනින් කාලය තුල තම ගාලේ ලොක්කා සතාට ප්‍රෝග්‍රස් එක පෙන්නවන්න ඕනෑය... හාල්මැස්සා සේ පොඩි සත්තුවත්තට යන සතා... පස්සෙ බඩ තඩි මෝරා දක්වා වර්දනය වන්නට ඕනෑය... අමුතු ජෝගි නටන්නට හැකිවෙන්නට ඕනෑය...බෝක්කු දෙකතුනකින්ද හිටවන ලයිට්කනු දෙක තුනෙන්ම ප්‍රාඩෝ එකක් ගන්නට පුලුවන් වෙන්නට ඕනෑය...  දත් තිස් දෙකම පේන්නා සිනා වී සිරා ලෙස ගාතය උස්සා ටටා කියන්නට පුලුවන් වෙන්නට ඕනෑය...ඒ සුදුසුකම් සපිරූ විට රැලේ නායකා නියත විවරණ දෙනවාය... මිනිස්සුන්ට ඕනෑත් එච්චරය... දැන් වැඩේ එලකිරි වී සෙට් වී හමාරය... ජෝගි නටා ආතල් එකක් දී  හූ කියා ගොරවා රවා පුප්පා පෙන්නූ විට ලෙසටම කතිරය වැටෙනවාය... ආයෙ හෝදන්න දෙයක් නැතුවාය...

දියවන්නාව සත්තුවත්තට යන්න ප්‍රථම ට්‍රේනින් සත්තු වත්තට අද සත්තු තෝරනවාය... නැටූ ජෝගිවල තරමට.. තාප්ප වල වේලුන තරමට.... ලයිට්කනු වල එල්ලී සිටි තරමට ටේනින් කොලීජි වත්තට යන්නට ඉඩ වැඩිය...

සත්ගුණවත් නැණවත්-පිංබර-සොමිබර-ඉඩම් හිමි-වැවිලිකරු-අවංක-එඩිතර-සුවච කීකරු-දානපති-ගමේ චංඩියා මහතාට සතාට කතිරය පූජාකර එන්නට පොඩිමෑන්ද දැන් යනවාය... පුක උඩදමාගෙන ගොස් කතිරය ගසා සතා පොඩිමෑන්ට කොරනවා ඇතයි කට බලියාගෙන බලාගෙන ඉන්නවාය... සතා මුලදී විරිත්තූ දත් වෙනුවට පුක පෙන්න පෙන්නා යන හැටි දකින විට කස්ටිය සමග කුණුහරුපෙන් බනින්නට පොඩිමෑන්ටද චෑනිස් එක ලැබෙනවාය... ඒත් අවුලක් නැත... ටික දවසකින් කලින් වගේම ඕවා ඔක්කොම අමතක වී අලුත් සතෙක්ට කඩේයෑමට පටන්ගන්නවා ඇතිය... අමුතු ඇටේ කස්ටියගේ හැටි එහෙමය... ඉතිං පොඩිමෑනුත් එහෙමම වෙනවාය... ආයෙ හෝදන්න දෙයක් නැතුවාය... ඇල්වතුරට උල්පිහියෙන් ඇන්නා වගේය....පිස්සු බම්ප් වී රම්පටපොරි හැලෙනවාය..

ඔහේලාට ජයවේවාය...





ප.ලි
අදහස ප්‍රකාශ් සොයුරා එවූ මේලයකින්ය...

2011-07-18

කවි කාරයා මං




                                දැකපු සිහිනත් කරල සායම්
                                වැටෙන කදුලින් ගොතල  මල්කම්
                                හෙලපු සුසුමින් දමල රන්දම්
                                නුඹට කවි ලී....
                                කවිකාරයා මම....

                                රෑ අදුර මැද මවල පද වැල්
                                දමා තනුවද රැගෙන තරුවැල්
                                ගැයූ හැඩටද නැතුව අත්වැල්
                                නුඹට කවි කී....
                                කවිකාරයා මම....

                               බිඳුනු හදවත යලිත් පාරා
                               සොයා සිතමත මතක  දහරා
                               ලිහා ඇදිවත ලොවට පහරා
                               නුඹට කවි ලී....
                               කවිකාරයා මම...


අද දාපු කලින් පෝස්ට් එක....  පලි...

පලි....



                              අඳුර මැද දුටු ඒ සහන්              එලි
                              වලින් මගෙ ඇස් අන්ඳ වී         යලි
                              විලස නැති ලෙස ලොවට ඇති  විලි
                              අඳී තවමත් ප්‍රේමයේ                බලි

                              පිපුන පියුමක සුවද විඳ            යලි
                              කුමර බඹ සර වෙලා ඇත         බිලි
                              විගස නැග විත් මතකයේ         සුළි
                              අවුලුවා ඇත මසිත ගිනි         කෙළි

                              මැරුණ සිත යට තිබුණු වී         ගුලි
                              ඔය දෑසෙ ඇදි සිත්තමක්           යලි
                              විලස ලෝදිය හදෙන් හා          පැලි
                               කඳුලු දීපන් ඉල්ලුවා                පලි

2011-07-16

මග දිගට 2


පලවෙනි කොටස දාල දෙවනි එක දාන්න කල් ගියා... මීට කලින් කීප වතාවක් දානව කිවුවට දාන්න උනේ නෑ ...මොකද කියල බ්ලොග් එක කියවපු අය දන්නව ඇතිනෙ... ඔන්න දැම්මා...
පලවෙනි කොටස බැලුවෙ නැති අය දුවල ගිහින් බල එන්න

මගදිගට 1    

ඔන්න අද එතැන් සිට...... 

බස් එකේ කවුරුවත් නෑ... අපි දෙන්න විතරයි..බස් එකත් හැටට හැටේ යනවා... මොන දීපංකරේක යනවද දන්නෙ නෑ මට ඒවයින් වැඩක් නෑ මොකද  ව්‍යංගාත් මගේ ලගම වාඩි වෙලා ඉන්නවා....
එයා හිනා වෙනවා... මාත් හිනා වෙනව...
කතා කරපන් යකෝ... මගේ හිත මටම කෑ ගහල කියනවා... මම කට ඇරල දිව හපල කොච්චර ට්‍රයි කරත් කටට වචන එන්නෙ නෑනෙ... ශික් විතරක්... යකෝ ආයෙ මෙච්චර හොද චාන්ස් එකක් එනවද... එදා පර්ස් එක අහුලල දීල මම ගන්න පුලුවන් උපරිම ලකුණු දාගෙන ඉන්නෙ... ඉතිං මට බැරිද චන්ඩිය වගේ ටෝක දාන්න.. ඒත් මේ කෙල්මල් දිව නැවෙන්නෙම නෑනෙ අප්පා... කපල විසිකරන්න හිතෙනව ජනේලෙන් එලියට.... බම්බුව...

එයා දිගටම හිනාවෙනව නවත්තන්නෙම නෑ... අදත් අර චොකලට් පාට සකර්ට් එකයි කහපාට බලවුස් එකයි ඇදගෙන ඉන්නෙ... අර මූනපුරා වැටෙන කොන්ඩ කෑල්ල අදත් එහෙමමයි... හුලගට මූන පුරාම දුවනවා... එයා ඒක හදනවා... මම බලන් ඉන්නව කටුපොල් කාල දිරවගන්න බැරි වෙච්ච  උගුඩුවෙක් වගේ.....

ඔන්න එක පාරට හීතලක්..... ආ...... බස් එක නුවර එලියෙද යන්නෙ... මම වටපිට බැලුවා.. නෑ වතුරනෙ වැටෙන්නෙ.... වහිනව වත්ද....ඒත් බස් එක ඇතුලට කොහොමද මල හත්වලාමෙ වතුර වැටෙන්නෙ......ව්‍යංගානම් හිනාවෙනව... හිනාවෙනව... ඉවරයක් නෑ... මේ මොන හෝම්කමින් එකක්ද වෙන්නෙ....??

මගේ එහාපැත්තෙ වාඩිවෙලා ඉදපු එයා ඔන්න ටික ටික ඈතට යනවා... ඒ එක්කම... අර ලස්සන සුදු මූන ටික ටික බොද වෙලා යනව... අයියෝ... මොකද මේ වෙන්නෙ.... ඒ සුදු මූන එහෙමමම බොදවෙලා යද්දි ටිකෙන් ටික  ලහිරුවගෙ හැප්පිච්ච මොරිස් මයිනර් කාර් එකක පස්සපැත්ත වගේ මූන ටිකෙන් ටික මතු උනා...

"නැගිටපිය ගොං අලියා... තෝ අද ඉකෝලෙ යන්නෙ නැද්ද ? "

ලහිරුව ඉන්නව මගේ ඇදගාව වතුර කෝප්පෙකුත් තියාගෙන ස්කූල් යුනිෆෝම් එකෙන්.....
නයි කයිද රෝස් පාං... එතකොට මම දැකල තියෙන්නෙ හීනයක්... මගේ හීනෙට ගංවතුරාදාර දීල මාව ඇහැරවල තියෙන්නෙ මේ පුක රෝස බැබුමද ...???? මුගේ බඩමාලු කන්න එපැයි යකෝ......#@$%^&*())_)(*&^%

"තෝව නයා කාලද බොල.. අද සෙනසුරාද කොහෙන්ද ස්කෝලෙ.... ශික් පට්ට ආතල් හීනයක් බල බල ඉදියෙ... තෝ කෑව එකේ.... "
"අද සිකුරාද බූරුවො.... තෝ ඊයෙ මට කිවුවා අද අනිවා එනව, තෝ එනකන් යන්න එපා කියල... මම අරෙහෙ බලන් ඉදල බලන් ඉදල බැරිම තැන ගෙදර එනකොට... මැලේරියා කාරයෙක් වගේ පෙරවන් නිදි... "

ඇත්ත නේන්නං... මම මූට ඊයෙ එහෙම කිවුවනෙ...  කොහෙද මම තාම හීනෙනෙ ඉන්නෙ.... ශික්... ඒක කෑවනෙ මූ... ස්කෝලෙ කවද යන්න බැරිද.. ඒවගේද හීනෙ... පර්ස් එක අහුලල දුන්නට පස්සෙ අතුරුදහන් උනා උනාමයි... හීනෙන්වත් බලාගන්න ඉඩක් දෙන්නෙ නැති හැටි... මුනුත් යාලුවොනෙ... නොදකින්...
ම ඌට හිතින් බැන බැන ඇදෙන් නැගිටා... වෙලාව හතට දහයයි.... දැන් ඉතිං යයි කෝලෙම..

2011-07-15

හඳ ගැන හදට හිතුන හැටි...




 හඳ මගේ අහසෙන් බැහැල ගියානෙ...... ඒක නිසා මම හඳට අන්තිම කවියත් ලිවුවනෙ..... ඒකත් ඔය සමහර චිත්‍රපටි වගෙ... කතාවෙ අන්තිමෙන් තමයි පටන්ගන්නෙ... කලින් වෙච්ච ඒව මතක් වෙන එක තමයි චිත්‍රපටිය...

අවුරුදු දෙකයි මාස තුනක් වගේ කාලයක් හඳ මගේ අහසෙ පායල තිබුනා.... හඳෙ හැටි දන්නවනෙ.. එක එක දවසට එක එක විදියයි.. ඒක නිසා අහසත් එක එක විදියයි... ඔය හඳ එක එක විදිය උන වෙලාවලදි එක එක හැඩේට හඳ ගැන අවුරුදු දෙකයි මාස තුනකට ආසන්න කාලයක් මගේ අතින් හඳට ලියවෙච්ච කවි වලින් ටිකක් දාන්න හිතුනා....සමර ඒව දුකට ලියපුවා.. තවත් සමහර ඒව සතුටට.. තරහට වගේම ආදරේට ලියපුවත් තියෙන්වා...ඒත් ඉතිං ටිකයි

                             හඳ ගැන මම ලිවු කවි ටික ඔක්කොම
                             තියලා පෙලකට අහසේ දොරකඩ
                             හිටියලු හඳ ඒ ලගකම හිටගෙන
                             සේල් සේල් කියලා කෑ ගහගෙන

                            
                              හෙට රෑ හඳ එන වෙලාව වෙනකොට

                             ඔරුවක් අරගෙන තනියම පැදගෙන
                             සිතිජය ගාවට ගිහිල්ල ඉදගෙන
                             පනිනව හඳ ඇතුලට හඳ එනකොට


                             හැංගල හඳ තඩි වලාකුලක් යට
                             ඒත් එලිය වැටිලා ගං දිය මත
                             දෝතට ගෙන ගං දිය හඳ නැතිවට
                             අහුරු අහුරු බොමි පිරෙනා තෙක් බඩ

                           
                              දුරක ගියා මම හඳ එක්කම අද

                             ආකාසෙ ඈතක එපිටට දුර
                             මගදි ගියා හඳ මට නොකියම පැන
                             කාගෙන් කොහොම මම පාර අහන්නද

                            
                             ඉද හිට හඳ මට

                             දානා සත්තම්
                             ඉවසන් ඉමි සිත
                             කරගෙන වත්තම්

                            
                             හඳ ගැන එක එක

                             අය කවි ලිවුවට
                             මගෙ කවි විතරයි
                             ඉල්ලන්නේ හඳ

                             ඇවිත් යන්න හඳ එන්නට එපාලු

                             ගියාම මම දුක හොදටම දැනේලු
                             හැමදාමත් ලග ඉන්නට ඕනෙලු
                             කොහොම ඉන්නදැයි නොම මට හැගේලු

                           
                             දවසක් රෑ හීනෙන් හඳ දැක්කා

                             හිනාවෙලා මා ලගකම ඉදියා
                             නින්දෙන් පිබිදී පාලුව දැනුනා
                             එලියඅට ඇවිදින් උඩ බලාන ඉදියා


                             එක එක සමාන පද හඳ ගැන ඇත
                             ඒ එක පදයක් "හඳ" මෙන් හැඩ නැත
                             වැඩි කැටයම් මට ඕනේ නම් නැත
                             හැමදා හද මගෙ හඳ ගැන විතරය

                              හඳට බනින උන් අල්ලන් අද හෙට

                              කනෙන් ඇදන් මම යනවා වද ගෙට
                              කටු ගහලා මම කපලා කන්දෙක
                              හඳ එලියෙම එල්ලනවා හරහට

                             
                              හඳ ගැන මගෙ හිත

                              හිත හිත ඉදියට
                              හඳ මගෙ හිත ගැන
                              කවද හිතනවද

                           
                             ඉස්සර හඳමයි ඔය දැන් තියෙන්නෙ

                             ඒ ගැන සැකයක් මොකටද හිතන්නෙ
                             හඳ කවදත් අහසේමයි තියෙන්නෙ
                             ලග නැති නිසාද මට දුක හිතන්නෙ
 

                             හඳ අල්ලන්නට
                             අහසට යන්නට
                             ඕනේ නම් නෑ මම
                             දන්නව කෙටි ක්‍රම

                           
                             ගංදිය මත හඳ වැටිලා තිබුනා

                             දෝතට ගත් විට කැඩිලා පෙගුනා
                             ටිකින් යලි හඳ අහසේ තිබුනා
                             ආයෙත් හද මට ලන්නක් දීලා

                            
                              රෑ තිස්සෙ හඳ ලග නිදි මරලා

                              නොදැනෙන්නට තනි ලගින්ම ඉදලා
                              දවල් වරුවෙ පොඩ්ඩක් නිදි කියලා
                              හොදටම හඳ මට ඇත දොස් කියලා

                              
                               එක එක දවසට එක එක හැඩේට

                               හඳ පායා ආවත් මගෙ අහසට
                               හැමදවසක මම ගොතාපු කවිවල
                               ආදරෙ අඩුවක් හෙම නුඹ දැක්කද

                              
                               මතක් වෙලා වෙසගට හැම අයට හඳ

                               ලියූ කවි දැකල හද පිම්බිලා තව
                               අමතක කලා හැමදා කවි ලියපු මම
                               නැතිවද දන්නෙ නුඹ හැමදා වෙසක් නැත

                              
                               වෙන අය හඳ ගැන

                               කවි ලියනා කොට
                               තදවෙනවා මට..
                               මගේ වෙලත් හඳ

                             
                              උඹටත් වැඩියෙන් හඳ අයිතියි මට

                              කියන එකෙක් අද හම්බ උනා මට
                              පුලුවන්නම් උඹ නැගලා අහසට
                              නවතාපන් හඳ එලිය නොදී මට
 

                              කවියක් හද ගැන නොලිවූ රෑක
                              හිත ගලවල මම යැවුවා හඳට
                              කවි නැති හිස් හිත එවුවද මොකට
                              අයියෝ හඳ එවු බැනුමක මහත

                              
                               වෙසක් සඳලු අද

                               පායල තියෙන්නෙ
                               වෙනදා හඳමයි
                               මටනම් පේන්නෙ

                             
                               හඳ ගැන ලියන්නෙ

                               සියවෙනි කවියයි
                               හඳනම් මට කවි
                               කියලා නෑමයි

                             
                              වලා කුලක් කලු ඇවිල්ල කලියෙන්

                              හිටගත්තා හඳ වහගෙන මැද්දෙන්
                              තෙමුනත් ගොරවන් වැටෙනා  වැස්සෙන්
                              බලන් ඉදිමි හඳ දකිනා අටියෙන්

                             
                              අව අටවකහඳ

                              අවලස්සන නැත
                              පුර හඳ නොවුනට
                              ආදරෙ අඩු නැත

                             
                              හඳ ගැන ඔය හැටි මොකට හිතනවද

                              දවසක් තරුවක් ආවා අහගෙන
                              දෙකකුත් ඇනලා කියලා විස්තර
                              තැබුවා අහසේ ඈතින් මුල්ලක

                             
                               ගනං ගත්තෙ නැතිවට හඳ මං ගැන

                               මම නැති වෙනකොට දුක හිතෙනා වග
                               මමත් දන්න බව දැනගං උඹ හඳ
                               තරුවක් කිවුවා උඹ ඉකි ගැහුවග
 

                               දවසක් හඳ මට රහසේ කියාපි
                               අමාවකට හමු වෙමුදැයි අහාවි
                               එදාට හඳ නෑ මිනිස්සු කියාවි
                               හද ඇත මගෙ ලග උන් නොම දනීවි

                              
                               හඳ ගැන ලිවු කවි ඔක්කොම අරගෙන

                               එක දෙක තුන කියලා පිලිවෙලකට
                               තියලා බැලුවම එකක් අඩුයි නෙව
                               මට මතකත් නෑ ඒ මොන කවියද

                             
                               හඳ ගැන මම ලිවු කවි ටික අරගෙන

                               පේලිය පේලිය ගලවන් හෙමිහිට
                               එකපිට තියලා බැන්දොත් ඉනිමග
                               පුලුවන් වෙයි මට හදටම යන්නට

                               
                                කලකට පස්සේ හඳ අද මගෙ ලග

                                ඉදගෙන ඉදියා දෙපැයක් තිස්සෙම
                                වෙලාව ආවම යන්නට අහසට
                                බෑමයි කියලා ඇඩුවා හරියට

                               
                                 හැමදාකම මම

                                 හඳ ගැන ලිවුවට
                                 එක දවසක් හද
                                 වදනක් දෙඩුවද

                                
                                 හඳ ගැන කවි ඇත

                                 එකසිය ගානට
                                 කියලා මොකටද
                                 අහන්නෙ නැති කොට
 

                                 හඳගැන මම කවි ලියනව දැකලා
                                 පොඩි තරු ඒදැක ඉකිබිද හඩලා
                                 මම ගැන කවියක් කියන්න කියලා
                                 එක දවසක් මගෙ ලගටම ආවා


                                 හඳ වට තරු මල්
                                 තියේලු ලස්සන
                                 මටනම් ඔය තරු
                                 ලොකු නෑ එච්චර

 

                                 වලා කුලක මම උදේම නැගලා
                                 හඳ ගැන කවියක් ලියලා තැබුවා
                                 මටත් කලින් වෙන අය ඇවිදිල්ලා
                                 හඳ ගැන තව කවි ලියලා තිබුනා


                                 හඳ එන්නැද්දැයි කවියක ලියලා
                                 තැපැල් කරා මම මොකදැයි අහලා
                                 හැරෙන තැපෑලෙම පිලිතුරු එවලා
                                 තව සතියක් හඳ නිවාඩු කියලා

                                
                                 හඳට මම බැනපු තරමක්

                                 ඒත් තරහ නෑ හඳ තාමත්
                                 නැතුව වගෙ කිසිම ගානක්
                                 එලිය දෙයි හඳ තාමත්

                               
                                 වැස්සට පෙගිලා හඳ අද

                                 ගැහි ගැහි ඉන්නව දැක්කම
                                 වලා කුලක් හිල් කරගෙන
                                 මම ගිය කුඩයක් අරගෙන

මේ අන්තිම එකට කලින් එකට කලින් එක

                                         
                               හඳ යට ඉදගෙන

                               දුක කී පලියට
                               බිමට බැහැල හඳ
                               කවදා ඒවිද ..

අන්තිම එකට කලින් එක


                               දවසක් ඒවිද

                               මතු කවදා හරි
                               නොලියා හඳ ගැන
                               මට ඉන්නට හැකි

මෙන්න එහෙනම් අතිම එක ආයෙත්...
                       
                             හඳට මින් පසු කවි මුකුත්               නැති
                             මගෙ හිතින් හඳ ගැලවිලා                ඇති
                             යන අහක හඳ යන්න ඉඩ                 දුනි
                             මහ පොලොවෙ මම මගෙ ගමන     යමි



  මොකද හිතෙන්නෙ ?

2011-07-13

Modern Love සමීකරණය විසදීමෙන් කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/= ??







Modern Love සමීකරණය
---------------------------


ආදරය = කොල්ල +කෙල්ල
කොල්ලගෙ පරිත්‍යගය = රු 800/=(room එකට),
කෙල්ලගෙ පරිත්‍යාගය = කෙල්ලගේ කන්‍යා භාවය ,
නම්... පහත Modern Love සමීකරනය විසදන්න


ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )


පිලිතුර..
ආදරය = පරිත්‍යාගය(කොල්ලගෙ +කෙල්ලගෙ )
ආදරය = කොල්ලගෙ පරිත්‍යාගය+ කෙල්ලගේ පරිත්‍යාගය


ඉහත අගයන් ආදේශයෙන් ...


කොල්ල +කෙල්ල = රු 800/=(room එකට) +කෙල්ලගේ කන්‍යා භාවය
කොල්ල - රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය - කෙල්ල
කොල්ල +කෙල්ල -රු 800/=(room එකට) = කෙල්ලගේ කන්‍යා භාවය --1
කොල්ල +කෙල්ල + ආදරය -- 2
(1-2)
(කොල්ල +කෙල්ල) - (කොල්ල +කෙල්ල) - රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය - ආදරය
- ආදරය = ඔ නිසා
- රු 800/- = කෙල්ලගේ කන්‍යාභාවය
සමීකරණය - න් වැඩිකිරීමෙන
රු 800/- = කෙල්ලගේ කන්‍යා භාවය -
(-) නැතිවූ
එමනිසා
රු 800/= = කෙල්ලගේ නැතිවූ කන්‍ය භාවය


එමනිසා පිලිතුර...


කෙල්ලෙක්ගේ කන්‍යාභාවය = රු 800/=

අලුත් මගක



මගේ හඳ මගේ අහසින් බැහැල ගිහිල්ලා......
හඳට පායන්න මගේ අහස ගැලපෙන්නෙ නැතිලු....
අවුරුදු දෙකයි මාස දෙකක් පායල එලිය දුන්න හඳ බහැල ගිය ඉක්මනටම වෙන අහසක පායලා....
මගේ අහසෙ බොරු කැටයම් තිබුනෙ නෑ...
තිබුනෙ ඇත්ත කරුවල විතරයි...
ඒත් ලස්සන ලස්සන දේදුනු වලින් හැඩ දාපු... වලාකුලු වලින් කැටයම් දාපු.. තරු වලින් එලිය වෙච්ච අහසක හඳ පායල.....
ඒත් කරුවල වලාකුලු නැති හිස් අහසකට අහින්සක හඳ කොච්චර ලස්සනද කියල හඳට මම පොලොවෙ හැපිල කියල දුන්නත් තේරුනේම නෑ...

මම බලෙන්ම හඳ ගෙනත් මගෙ අහසෙන් තිබ්බා...
මගේ අහසින් බැහැල ගියොත්... අමාවක ගැන ලෝකෙට කියනව කිවුවා.....
ඒත් අහසට ගෙනල්ල තියපු හඳකින් ඇති වටිනාකම මොක්ද... ??
වෙනද වගේ හඳ පායන්නෙ නැතිනම්....

ඉතිං මම හඳට යන ගමනක් යන්න ඉඩ ඇරියා........

හඳ නැති අහසෙන් මම අද පොලවට බැස්සා......

පොලවෙ කකුල් දෙක වදිද්දි.... අහසට වඩා හොදයි කියල හිත හදාගත්තා.... කොච්චර අමාරුවෙන් උනත්....
තාම ටිකක් කකුල් වදිනව හොරයි පොලවට.....
ටික දවසකින් හරියාවි...

ඔන්න හඳ උඹ උඹේ ගමන පලයන්.... මම මගේ ගමන පොලව උඩින් යන්නම්......
උඹ හැමදාම අහසෙ එකම රවුමෙ පලයන්..... මම පොලව උඩින් මගේ ගමන යන්නම්....
මීට පස්සෙ මගෙන් කවිත් නෑ උඹට....
උඹ හිනා වෙනව නේද .... ?? ඒත්..දවසක අඩාවි..... හැබැයි එදාට මම ගොඩක් දුර...

ඔන්න මගෙන්  අන්තිම කවිය.....

 

                       හඳට මින් පසු කවි මුකුත්          නැති
                       මගෙ හිතින් හඳ ගැලවිලා           ඇති
                       යන අහක හඳ යන්න ඉඩ            දුනි
                       මහ පොලොවෙ මම මගෙ ගමන යමි

2011-07-11

ඇස් බී මාමාගේ නායකත්ව පුහුණු ටොපිය වෙනුවට දුමින්ද දිසානායක මාමාගේ චොකලට් එක


රත්ගමයා කියන විදියට ඇස් බී මාමාගෙ නායකත්ව පුහුණු ටොපිය අජපල්ය..පොඩි මෑන්ගේ ටිංකිරි මොලේට වැටහෙන පරදි ඇස් බී මමා හදන්නේ ඔලුව අතගා ටොක්කක් අනින්නය... නාකත්ව පුහුණු කතාවක් දමා කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට පොඩි ආතල් එකක් දී ඇස් බී මාමලා කරණ  අප්සට වැඩ වලට කෑගහන උන්ගේ කට වසන්නටය... ලැප් ටොප් දෙන බවද කියති... පොඩි මෑන්ට පුකෙනුත් හිනාය... රත්ගමයාගේ ලිපිය හා තවත් කස්ටියගෙ අසා දැනගත් පරිදි පුහුණුව ප්‍රායෝගික නැත... පුහුණුව කෙසේ වෙතත ඩී ජේ නයිට් හා මියුසිකල්නම් ලෙසටම තිබුනේලු....

ඇස් බී මමාගේ ටොපිය කෙසේ වෙතත් දුමින්ද දිසානායක මමානම් ලංකාවේ කොල්ලන්ට කෙල්ලන්ට වැඩක් වෙන විදියේ නායකත්ව චොකලට් එකක් දුන්නේය.. ඒ Emerging Young Leader Award  හෙවත් EYLA ය.

පබ්ලිසිටිය මදිකම නිසා වැඩි දෙනෙක් දැනගතේ නැතිවද ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය (NIBM ) හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයෙ මගින් සංවිධානය කර මේ වැඩේනම් පස්ටය...මෙය නිකන්ම නිකන් නායකත්ව පුහුණුවක් විතරක් නොවේය.. ලංකාවේ හොදම තරුණ නායකයන් 10දෙනා තෝරා උන්ට තෑගිත් දෙනවාය..

1 ස්ථානය :-  මුදලින් රු මිලියනයක්, පිටරට සවාරියක් NIBM එකේ නොමිලේ ඩිග්‍රියකට චෑනිස් එකක් සමගම ජොබක්ය.

2 ස්ථානය  :- මුදලින් රු ලක්ෂ 5ක් . පිටරට සවාරියක්, NIBM එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.

3 සිථානයේ සිට 10 ස්ථානය දක්වා :- මුදලින් රු ලක්ෂයක් හා (NIBM) එකේ නොමිලේ ඩිපක් කිරීමට චෑනිස් එකකය.


ලැබුන මේල් එකක්  මගින් දැනගත් අයිලාවට පොඩි මෑනුත් ඇප්ලයි කරාය..
ඉන්ටවීවු දෙකකිනුත්  ටෙස්ට් එකකිනුත් පසු ලංකාවේ අවසාන 100 තේරෙන්නට පොඩි මෑන්ටත් හැකියාව ලැබුනේය... සෙමි ෆයිනල් එක තිබුනේ කිරිඇල්ල විජය හොලිඩේ රිසෝට් හා ඇඩ්වෙන්චර් පාර්ක් එකේය... කොලඹ NIBM එකේ සිට අලි පත බස් 3කින් කිරි ඇල්ලට ගිය සියදෙනාට දවස් දෙකක් ඇතුලට ලැබුන අත්දැකීම්  හා දැණුම  පස්ටය....ආතල් එක කියලා වැඩක් නැත...

 
                            

හැමදේම 100% ප්‍රායෝගිකය... ඇස් බී මාමාගේ ඉලවු නායක්ත්ව පුහුණු ටොපිය නැතුව ඒ සල්ලි වලින් මේ චොකලට් එකට ලංකාවේ හැම කොල්ලෙක්ටම කෙල්ලක්ටම එන්ටර් වෙන්න චෑනිස් එක දුන්නානම් කොච්චර පස්ටදැයි පොඩිමෑන්ගේ ටිංකිරි මොලයට කල්පනා වෙන්නේය... එහෙනම් හැංගී ඇති වැඩකාරයෝ ලෙසටම එලියට එනවා ඇත...
දුමින්ද මාමා සභාව අමතමින්


කෙල්ලන්ටත් ඇඩ්වෙන්චර්


අවසානයේ පැය විසිහතරකින් සංවිධානය කර ටැලන් ශෝ එකක්ද කලෝය... ටැලන් ෂෝ එකත් මල් හතය.. ඒකෙ ආයෙ හෝදන්න දෙයක් නැත. ලංකාවේ මෙච්චර පස්ට මීටර් හා වැඩකාරයෝ ඉදීදැයි දැක පොඩි මෑන්ගේ පොඩි කට ලොකුවට ඇරුනේය...
කදවුරු ගිනිමැලයක්ද තුබුනේය...  කසිටිය කැසි බොල් වෙනක්න් සින්දු කියා නැටුවේය...
දවස් දෙකක් තුල ලංකාවෙ අට පැත්තෙන් ආපු උන් 100 දෙනෙක් පස්ට ලෙස සෙට් වීය. අන්තිමේදී තරගකයකට අපු උන් ලෙස නොව සහෝදරයන් වෙන්වී යන කලක ලෙස උන් ඇඩුවෝය...

ඇස් බී මමාගේ ටොපිය කෑවෝ මෙය දැක සුසුම් නොහෙලනු මැනැවි... EYLA GENERATION 02 එක ඊලග අවුරුද්දේ තියනවායි කස්ටිය කියන්නේය... ඒ කෙසේ වෙතත්  EYLA නම් පස්ටම පස්ටය... අවසන් 10 දෙනා කවුදැයි තාම ප්‍රකාශ කොරලා නැත්තේය... පොඩි මෑන්ටත් පොඩි චෑනිස් එකක් ඇත්දැයි කට ඇරගෙන බලාගෙන ඉන්නවාය.... එහෙම චෑනිස් එකක් නැතැත් EYLA වලින් පොඩි මෑන් ඉගනගත්ත දේවල්නම් පස්ට ලොකුය.



EYLA ගැන පොඩි ඩිස්කසන් එකක්  11 වෙනිදා ඒකියන්නෙ අද 2 ට රූපවාහිනියේ යනවාලු...කස්ටිය පුහුනුවේදි දැමූ වැඩ කෑලිත් පෙන්නනවාලු... කල් ඇතුව මේක දැක්කෝ බලනු මැනවි. කැප්චර්ඩ් කොට ලින්කුව පසුව ඔබන්නෙමි....

 
EYLA කොරපු ඇත්තන්ට පිංය..   EYLA ජයවේවායි එක සිතින් පතමි..!!!



වයන පදට තබමින් ප්ය කම්ල්ලා
( ටැලන්ට් ෂෝ එකේ අවස්තාවක්)
   

අපි මෙතනයි නිදා ගත්තෙ
 
අපි එකා වගේ
(පුහුනුවේ ප්‍රායෝගික අවස්තාවක්)
      


කදවුරු ගිනිමැලය වටා කස්ටිය නටමින්




පොඩි මෑන්ගේ ලොකු වැඩ

එමින් ගමන්
ටැලන්ට් ෂෝ එකේ කස්ටිය වැඩ පෙන්වමින්
කවද කාපු ටකරන්ද
 



















පොඩි මෑන් කරලියේ :D