2011-06-26

මෙලෝ රහක් නෑ 2 එක නැට්ටෙ ලබු




                                තද කරල උඩ ඇන්දෙ දාගෙන
                                පැද්දි පැද්දී තියෙන ලස්සන
                                හැට්ටෙ අස්සේ වගේ රුවාගෙන
                                එක නැට්ටෙ ලබු මයි මතක් උන

                                පාරෙ යන උන් කෙල පෙරාගෙන
                                පොටෝ අරගති කට අයාගෙන
                                ගෙදර ගෙනගොස් දත විකාගෙන
                                සුද්ද කරවති පන දමාගෙන



පලවෙනි කොටස බැලුවෙ නෑ... ?? ඔන්න එහෙනම්
                                             මෙලෝරහක් නෑ 1
                                      

ඔන්න ගෑණු ළමයි එහෙම මට මේකෙ කමෙන්ට් කරන්න අකමැතිනම් මේල් එකකින්වත් බනින්න... ඔය දෙවනි කවිය තේරෙන්නෙ නැති  ටියුබ්ලයිට්ස් කට්ටියත් මේල් එකක් දාන්න.අර ප්‍රීතියෙන් මිනී මැරීම කස්ටියට තේරෙන්නෙ නැතුව අහගත්ත වගේ...
podima.k9@gmail.com

කසාදය
පෝස්ට් එකනම් කස්ටියට හොදට තේරුනා  ඇල්වතුරට උල්පිහියෙන් ඇන්න වගේ....

හෙට උදේටට වැඩිම ප්‍රතිචාර තිබුන මගදිගට   එකේ දෙවනි කොටස දානවා.... ආයෙ හොදන්න දෙයක් නෑ ඒකෙ බුදු ශුවර්                                          

2011-06-25

හෙලයේ ප්‍රතම ඔන්ලයින් නාඩගම 2 නාට්‍යට දුස් සීල හිමිනමකගෙ අධෝ වාත ප්‍රහාරයෙන් බාදා



ඇත්තටම මම මේක ඔන්ලයින් නාටකයේ පලවෙනි කොටස  දාපු කලින් පෝස්ට් එක වගේ  එඩිට් කරල දාන්න යන්නෙ නෑ... මොකද කියනවනම් පට්ට කට්ටක් කන්න ඕනෙ එහෙම දාන්න...

බස් එකේ තියෙන කමෙන්ට් ටික කොපි කරල වෙලාවවල් මකලා ස්පේස් තියල.. නම් ආදේශ කරලා පාට කරල... හපෝයි...!!!!!  එස්කිමෝ කාරයෙක්ට පොල්ගස් නගින්න උගන්නනව වගේ වැඩක් උනා මට...  ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.....

ඊයෙ රෑ නාට්ටිය  ඉවර වෙලා උදේ 4 විතර වෙනකනුයි... අද උදේ 10 විතර ඉදල පැය 3ක් විතරයි වැඩේට ගියා... ඒ මදිවට කරන්ට් එකත් ගියා එක පාරක්....  මගේ යූ පී එස් එකටත් කෙලවෙලා හින්දා එඩිට් කර කර ඉදපු ටිකට පයනු අත දිග ලෝයනු තමයි...

ඉලෙක්ට්‍රසිටි බෝඩ් එකේ උන්ගෙ පැටිකිරියෙ වරුනනාව දිගාරින ගමන් ඒ වැඩේ ඉවර කරා කියමුකො...

දෙවනි කොටසත් දාන්න ගියොත් බඩු පැකට් වෙනව මට. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

ඒ මදිවට දවනි එක පලවෙනි එකට වඩා දිගයි... හපෝයි... බෑ බෑ දාන්න බෑමයි...

තින්තතෙතයිය එක කොටසින් ඉවර කරාට...  හපානෙ නිරුවත් වානරය 1 සහ දෙක කලින් ලියල තිබුන නිසා ඩොස් ගාල එක ලගම පෝස්ට් දෙක ඔබාගත්තාට අර වැඩිම ප්‍රතිචාර ලැබුන 2 කොටස එනකම් බලන් ඉන්න මගදිගට  පෝස්ට් එකේ පාට් 2 එකත් තාම පෙන්ඩින්...

ඒක නිසා මෙන්න මෙහෙම  මම ඇග බේරගන්නයි යන්නෙ... කොහොමද....විරාමයෙන් පසු නාට්ටිය ගිය බස් එකේ ලින්ක් එක දාලා...

ඔන්න මෙතනින් යන්න..


අවුලක් නෑනෙ...
අවුලක් තිබුනත් ඉතිං කරන්න දෙයක් නෑ... සොරි වේවා.....

2011-06-24

අධෝ වාතයෙන් කැලබී ගිය ප්‍රේක්ෂකාගාරයේ දහසකුත් ගිනි විජ්ජුම්බර මැද දිග හැරුනු හෙලයේ ප්‍රතම ඔන්ලයින් නාටකය


නිෂ්පාදනය : රජිත් අබේසිංහ
සම්භන්ධිකරණය : සිහින
පිටපත : හසී සමගින් ලසී

රංගන දායකතවය
Lasitha Benaragama : ෂර්ලොක් හෝම්ස්
Randika Sedara : Dr. වොට්සන්
හසී . : අයිරින් ඇඩ්ලර්
rajith abeysinghe : ලෙස්ට්‍රෙඩ්
wap Nishantha : අස්ප කරත්තය දක්කන (_)නා
Beetle Bailey : පීකර්, ශ්‍රව්‍ය උපකරණ සැපයුම්කරු / ගැලවුම්කරු
Sihina Reborn - පොතේ ගුරා / බර්නාඩ් බොතේජු

ට්‍රැක්ඩොලී ක්‍රියාකිරීම - සෝරෝ
කුමරියට ෆේසල් දැමීම - සුදු හංසි
නැකත් බලලා සුභ වෙලාව වෙන්කරලා දුන්නේ - මාරයා මහතා
තාප්ප ගානේ පෝස්ටර් ඇලෙව්වේ - මඩසාන්

ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරී ඇත... හෙලයේ ප්‍රතම ඔන්ලයින් නාටකය " ෂර්ලොක් හෝම්ස් සහ අයරින්ගේ නැති වූ මුද්ද "  වේදිකාගතවීමට සියල්ල සූදානම්....

Buzz Radio - (෴තිරය ඇරේ෴)

මගේ මරණය - විසිල්

Thushara Ravindra -  එ යි මෙ තියටර් එකෙ බොක්‍ස් පහසුකම් තියනවද( පෙක්ශකාගාරයෙන්)

මගේ මරණය - ඇයි මොකෝ උඹට එහෙම නැතුව නාට්ටි බලන්න බරිද?( පෙක්ශකාගාරයෙන්)

මගේ මරණය - හූ............................( පෙක්ශකාගාරයෙන්)
පොතේ ගුරා - ආරම්භය...

ලන්ඩන් නගරයේ... බක්කරේ වීදියේ...

ෂරලොක් හොම්ස් නම්... නුවණැති බුවෙක් ඉන්නේ...

මගේ මරණය - විසිල් සමග අත් පුඩි( පෙක්ශකාගාරයෙන්)
පොඩි මෑන් - විසිල් විසිල්.....( පෙක්ශකාගාරයෙන්)
මගේ මරණය - හූ.................................( පෙක්ශකාගාරයෙන්)
(සියලු දෙනා පසෙකට වී නාට්ටිය නරබන්න)

Thushara Ravindra - යකො නාට්‍ය තියන තාත්වික බව එන්නෙ අපි විසිල් ගහද්දි...
වොට්සන් හු..............................................( පෙක්ශකාගාරයෙන්)
.

මගේ මරණය - අඩෝ හීනයා පස්සට ගියාම පේන්නේ නැහැ මට ඉස්සරහා ඕනේ :-D( පෙක්ශකාගාරයෙන්)


rajith abeysinghe - හිනා වෙන්න හූ කියන්න එපා බන්.ආධුනිකයින්ට අතදීපන්

මගේ මරණය - කෝ යකෝ අය රින් මට පේන්නේ නැහැ( පෙක්ශකාගාරයෙන්)


Thushara Ravindra - හිටපන් එනකම් තාම අදිනවා

ෂරලොක් හොම්ස් - වොට්සන් මගේ මිතුරා
ඔබට පේනවාද අර ඈතින් එන කත

 Dr. වොට්සන් - කත නොවෙයි මිත්‍රයා ලද

මගේ මරණය - ආ අයරින් නංගී..............................( පෙක්ශක පතිචාර)
Thushara Ravindra - හු................................ ෆි.................................( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - ඕනි එකක් යකෝ.. ඒ ලඳ එන්නේ කොහේ ඉඳන් කියලද හිතන්නේ....

Pravin Indranama - විසිල්.....( පෙක්ශකාගාරයෙන්)
පොඩි මෑන් - අයිරින් නංගී... අපි කලුද.......( පෙක්ශක පතිචාර)

 Dr. වොට්සන් - මට නම් හිතා ගත නොහැකියි ශර්ලොක්... දිව්‍යලෝකේ ඉදලා වගෙයි
Thushara Ravindra - ෆි......................ආ අයරින් නංගි.............( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - වොට්සන් අපි නිගමන වලට එනකොට බාහර ස්වරූපය අමතක කරන්න ඕනි. ඔබට පේනවාද අර.. ලඳට එහා පැත්තේ බාගයක් ගහලා වගේ වැනි වැනි එන අනෙක් පුද්ගලයා....
Dr. වොට්සන් - අහා.. ඔව් නේද.. සිනහවෙන් හෝ කතාවෙන් බෑ නේ මනින්නට මිනිසා
නමුත් ඈ මිනිසෙකු නොවෙයි නේ ගැහැනියක්

Thushara Ravindra - වොට්සන් කලින් චැක් කරලා ව්අගෙ ( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - ඒ එන්නේ අයිරින් ඇඩ්ලර්. අසලින් එන්නේ ඇයගේ සහකරු බර්නාඩ් බොතේජු.. ඔහු ඉන්නේ කසිප්පු පානය කර.. ඇය එන්නේ යමක් නැතිකරගෙන හැඩයි.. මම දුටු රූමත්ම ලඳක් වොට්සන්.. බලමු අපි ඇය එන්නේ කුමකටද කියලා....

පොඩි මෑන් - ඉගුරු දෝසි බැදපු කඩල රට කජී.............ය... (පේක්ශකාගාරයට රටකජු වෙලෙන්දෙක් ඇතුලු වෙයි )

 - (පඩි නගින හඬක් ඇසේ.)

Pravin Indranama - "කසිප්පු" වචනේ වාරණය කරපියෝ....( පෙක්ශක පතිචාර)

 Dr. වොට්සන් - බලමු ශර්ලොක්... මොනා උනත් ඇයට පිහිට වීම අපගෙ යුතුකමනෙ

අයිරින් ඇඩ්ලර් - ටොක් ටොක් (දොරට තට්ටු කරයි)

Thushara Ravindra - කජ්ජො මෙ බොක්ස් එක පැත්තෙ එන්න...
හිම කුමරිය.. දැන් නාට්‍ය බලමු අන්න කජ්ජා මෙ පැත්තට එනවා රටකජු කමුද ( පෙක්ශක බොක් එක ඇතුලෙ කතා බහක් )

මගේ මරණය - හායි අයරින් තට්ටු කරන්න හෙමින් ............................( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - ඔව් මගේ හිතාදර වොට්සන් අපි බලමු ඇයට අපෙන් මොනවද කෙරෙන්න ඕනි කියලා. ඇය දැනටමත් ඇවිල්ලා වගේ
yasith miuranga - කවුද ඔය පොඩි එකෙක් අඬනවා ඇහෙන්නේ?.( පෙක්ශකාගාරයෙන්)
Thushara Ravindra - අයරින් ගෙ( පෙක්ශකාගාරයෙන්)
Pravin Indranama - අර බර්නාඩ් බොතේජුවා කාමරේ ඇතුලේ කබා දායිද දන්නෑ සර්ලොක්කා!.( පෙක්ශක පතිචාර)
මගේ මරණය - අයරින් ඔය දොර නැත්නම් අපේ ගෙදර දොර තියේ තට්ටු කරනන් හොඳේ :-D( පෙක්ශකාගාරයෙන්)

 Dr. වොට්සන් - (කරාස් වොට්සන් ගොස් දොර හරියි ) ආ අයිරින් මැතිනිය .. ගුඩ්මෝනින්

rajith abeysinghe - හික් හික්.ඔය යන්නේ තුන් දෙනාම ඩබල් දාලා( පෙක්ශකාගාරයෙන්)

පොඩි මෑන් - අයියා ගන්නවද පොතු ඇරපුව තියෙනව... (කජ්ජා බොක්ස් හිමිහරුට කජු විකුනයි)

සුදු පූසා - අහ් පොඩ්ඩක් පරක්කු වුනා. කෝ කවුරුත් නැද්ද යකෝ ටෝච් එක අල්ලන්න, කළුවරේ මට මුකුත් පේන්නේ නෑ :D

Buddhika (පැන්ඩා) - මම යනව ඉස්සරහ සීට් එකකට තොපි මෙතන කැ ගහද්දි මොකුත් ඇහෙන්නෙ නැ.අනික මට නිළිය හොඳට බලාගන්නත් ඕනි

ෂරලොක් හොම්ස් - ආ එන්න අයිරින් මැතිනිය මොනවද ඔබ මේ පාර නැති කරගත්තේ.

අයිරින් ඇඩ්ලර්- ගුඩ් මෝර්නින්.... මට සර්ලොක් හොල්ම්ස් මහත්තයාව හම්බ වෙන්න පුලුවන්ද?

මගේ මරණය - ඕකා වලා ( පෙක්ශකාගාරයෙන්)

ෂරලොක් හොම්ස් - මම තමයි සර්ලොක් හෝම්ස්.. මේ මගේ සහායක වොත්සන්..

Thushara Ravindra - නිලියගෙ කොච්චර බැලුවත් ඔච්චරයි බන් වොට්සන්ව ගෙන් පරිස්සමෙන් කොල්ලො ඔකා ගැනිවත් දාලා ශ්‍ර්ලොක් කාරයා ගාවට ආවෙ( පෙක්ශකාගාරයේ කතා බහ)
පොඩි මෑන් - එයා හම්බවෙලා ගොඩක් කල් නංගී හූ,,,,,,,,,,,,,,, (ප්‍රේක්ශක ප්‍රතිචාර)

 Dr. වොට්සන් - කියන්න ඔබට ඕනම දෙයක් අපි ඕනම දෙයක් හොයල දෙන්නම්!අයිරින් ඇඩ්ලර් . - මේ මගේ මහත්තයා බර්නාඩ් බොතේජු මහත්මයාණෙනි

Pravin Indranama - ෂර්ලොක් කුකුලා............ හූ.................... (ප්‍රේක්ෂකාගාරයේ කොලුගැටවු හූ තියති)

බොතේජු - හලෝ මිස්ටර් සර්ලොක් මම තමයි මෙයාව ළඟදී විවාහ කරගතේ...

බොතේජු - මල්ලිගේ සුරුට්ටුව පොඩ්ඩක් දෙනවද

 Dr. වොට්සන්- ආ මෙන්න මිස්ට බොතේජු

Thushara Ravindra - බලාගෙන නංගි.... මහත්තයා බිලා ඉද්දි අයුතු ප්‍රයොජන ගනි මුන් දෙන්නා ඔයාගෙන් බය වෙන්න එපා අපිත් බලන් ඉන්නෙ ( පෙක්ශක පතිචාර)
ෂරලොක් හොම්ස් - ඔහු හොඳටම වෙරිමතින් වගේ ගැටළුවක් නෑ අපි කෙලින්ම කතාවට බහිමු මොකද වුනේ
Thushara Ravindra - බැදහන් යකො සර්ලොක් බැන්දාට පස්සෙ කොච්චර දෙවල් වෙනවද........ ( පෙක්ශක පතිචාර)

මගේ මරණය - කියන්න නංගි මොකෝ වෙන්න ඕනේ

අයිරින් ඇඩ්ලර් . - ඇත්තටම මහත්මයා මේකයි කාරණේ..

Pravin Indranama - බර්නාඩ් කබා දාන්න එපෝ.... මිසිස් හඩ්සන් ඔලුව පලාවි සර්ලොක්ගේ වටිනා බුමුතුරුණ උඩ කබා දැම්මොත්.....

පොඩි මෑන් - නැතිවෙච්ච ඒව අපිත් හොයල දෙනව නංගී.... එන්න මේ බැල්කනිය පිටිපස්සට.... ( පෙක්ශක පතිචාර)

අයිරින් ඇඩ්ලර් . - ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)

මගේ මරණය - අඬන්න එපා නංගී ( පෙක්ශකාගාරයෙන්)

Thushara Ravindra - අඩනවද හිනාවෙනද අයරින් ( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - බොන්න බොතේජු මහත්තයා දෙහි ටිකක් එතකොට ඔය ගතිය ඇරිලා යයි...

Pravin Indranama - ඔබේ කඳුලු වලට මෙන්න මගේ ලේන්සුව

මගේ මරණය - ඉන්දරයාගේ ලේන්සුව ගන්න එපා ඒක හෝදලා නැහැ මන් දෙන්නම් අමුඩ ලේන්සුව
Pravin Indranama - මගේ මරණය - උඹේ අමුඩ ලේන්සුව නාහෙට ලංකලොත් සර්ලොක්ගේ කාමරේ ඇතුලෙම මරණයක් තමා :
සුදු පූසා - අඩෝ කවුද නංගිව ඇඩෙව්වේ (ප්‍රේක්ෂක ප්‍රතිචාර)
හිම කුමාරි - අනේ.. එයා අඩනවා........( පෙක්ශකගාරෙන්)
මගේ මරණය - හූ.................................
බොතේජු - මලේ මට ඇල වෙන්න තැනක නැද්ද??

මගේ මරණය - උඹට ඇල වෙන්න නෙමෙයි බැරිද ගඟක් වෙන්න ( පෙක්ශක පතිචාර)
පොඩි මෑන් - ඇයි දැන් කෙලින් වෙලාද ඉන්නෙ හූ.... ( පෙක්ශක පතිචාර)
Dr. වොට්සන් - මේ දෙහි ටික බීලම ඇලවෙන්න මහත්මයා

Pravin Indranama - බොතේජුවා එලවනු! ඌ නිසා නාට්ටිය කචල් ( පෙක්ශකගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - මහත්මයා මම මුල ඉදන්ම කියන්නම්.අපි කසාද බැන්දේ පෙරේදා......

ෂරලොක් හොම්ස් - ඔය දෙහි ටික බ්ව්වාම හරියයි ඕවා බිබිලේ දොඩම් බොතේජු මහත්තයා


Thushara Ravindra - වොට්සන්ගෙ කාමරෙ තියනවා හැබැයි අපිනම් එන්නෙ නැහැ ක්ලිනික් යන්න ( පෙක්ශක පතිචාර)

පොඩි මෑන් - හනිමුන් ගියේ නැද්ද මෙතන ඇල වෙන්න හොයන්නෙ.... හූ... විසිල්.. ( පෙක්ශක පතිචාර)

 පොතේ ගුරා - දිනක් මුන් දෙන්නා..චාටර් කකා ඉද්දී...අයරින් කියාලා... එල කෑල්ලක් එන්නේ...
.අයරින් අඩාලා, පොඩි කෝලමක් දාලාවොට්සාට ඉඟි මරාලා... ලොකු කතාවක් පටන් ගත්තා

Thushara Ravindra - හිම කුමරි කාලා ඉවරද...... රටකජු ( පෙක්ශක බොක්ස් ඇතුලෙ කතාබහා)

බොතේජු - බ්‍ර්ර්ර්........ බ්‍ර්ර්ර්ර්ර්.........

 Dr. වොට්සන් - වොට්සන්ද ශර්ලොක්ට ඉගිකරයි

| සෝරෝ | - චිරි චිරි චිරි චිරිස්................. ට්‍රැක්ඩොලී ක්‍රියාකිරීමේ සද්ද :D

yasith miuranga - උණු උණු වඩේ තියනවා (වඩේ වෙලෙන්දෙක් පැමිනේ)


මගේ මරණය - බයිට් විතරද බොන්න මොකුත් නැද්ද (පෙක්ශකාගාරෙ කතාබහක්)

අයිරින් ඇඩ්ලර් . - ඇත්තටම මගේ ජිවිතේ විනාස උනේ එදා තමා... පේනවානේ මේ මිනිහා කරන දේවල් ඉහි ඉහි

 (මේ අතර බොතේජු බර නින්දේ...)

සුදු පූසා - (වොට්සන්ද ශර්ලොක්ට ඉගිකරයි)ඊයා හූ............(ප්‍රේක්ෂක ප්‍රතිචාර)

ෂරලොක් හොම්ස් - කියන්න ඇඩ්ලින් මහත්මිය මොකද්ද ගැටළුව

Pravin Indranama - කඩලේයි... ටේස් කඩලේයි..... (වෙලෙන්දෙක්)

Thushara Ravindra - වඩෙ බොක්ස් එක ඇතුලට වරෙන්.... හිම කුමරි ඔයාට ඔනාද ( පෙක්ශක බොක්ස් ඇතුලෙ කතාබහා)

මගේ මරණය - අඩෝ මට රුපියල් 5ක් කඩල දීපන්  (පෙක්ශක කතාබහා)


අයිරින් ඇඩ්ලර් . - ඇත්තටම ඔහු හොද ගතිගුණ තියෙන මහත්මයෙක්..එත්

 Dr. වොට්සන් - ඔව් ඔව් ඒක පේනව මැඩම් දැක්ක ගමන්ම

මගේ මරණය - බොන උන් හොඳා නංගී (ප්‍රේක්ෂක ප්‍රතිචාර)

ෂරලොක් හොම්ස් - නිරවුල්ව පවසන්න ඇඩ්ලර් මහත්මිය

Thushara Ravindra - හරි ඔකට අපි දන්නවා උත්තරෙ... අයරින් සර්ලොක් ගාවට ගිහින් තෙරුමක් නැහැ ( පෙක්ශක පතිචාර)

අයිරින් ඇඩ්ලර් . - අපි මදුසමයට පිටත් වෙලා ගිය දවසේ රෑ මේ මිනිහා හොදටම බිලා මේ වගේම වැටිලා හිටියා..


 Thushara Ravindra - අමු හරකෙක් ( පෙක්ශක පතිචාර)

පොඩි මෑන් - එයා බීල නිදියනවද නංගී... කියන්න අපි එන්නම් ඔය පැත්තෙ... ( පෙක්ශක පතිචාර)

 Dr. වොට්සන් - ඈ... පුදුම මිනිහෙක්නේ

Pravin Indranama - ඔන්න කොටු කොටු දර්ශනයක් එනවෝ....(ප්‍රේක්ෂක ප්‍රතිචාර)

හිම කුමාරි - ඔව් ඕනී... (පෙක්ශකාගාරෙ කතාබහක්)

සුදු පූසා - අපෝ ඕකව බැන්ඳත් එකයි අපේ මරේව බැන්ඳත් එකයි (ප්‍රේක්ෂක ප්‍රතිචාර)

අයිරින් ඇඩ්ලර් . - එදා රෑ මම කෑම කන්න යනකොට මෙයා කාමරේ ඉද්දි මම පහලට ගියා

Buddhika (පැන්ඩා) - ආන් නංගි වරද්ද ගත්තු තැන(ප්‍රේක්ෂක ප්‍රතිචාර)

Thushara Ravindra - කාලා ඉවර වුන ගමන් අපි ආපහු පටන් ගමු හිම කුමරිය කන්න මෙ වඩෙ, ( පෙක්ශක බොක් එකක් ඇතුලෙ කතා බහ )


ෂරලොක් හොම්ස් - ආ ඉතින් ඊට පස්සේ මොකද වුනේ


අයිරින් ඇඩ්ලර් . - ඉහි ඉහි ඉහි (ඉකිගසමින්)


Thushara Ravindra - මෙකි ආපු වෙලාවෙ ඉදන් අඬනවානෙ... මහගෙදර වගෙ ( පෙක්ශක පතිචාර)

ෂරලොක් හොම්ස් - කීයට විතරද අයිරින්

Pravin Indranama - (සභාවේ වැඩි පිරිස හොරැහින් රවීන්ද්‍ර මහතාගේ බොක්ස් කුටිය දෙස බලති)


හිම කුමාරි - අනේ... එයා ආයෙ අඩනවා... (පෙක්ශකාගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - රාතී‍්‍ර 7ට පමණ

ෂරලොක් හොම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

Pravin Indranama - අන්න රවා කිස් එකක් දුන්නා.....................!!!!!!!!!!!(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)
Dr. වොට්සන් - ( වොට්සන් පුංචි පොතක් ගෙන කියන දෑ ලියාගනියි )

Thushara Ravindra - අඩො ව්................... අපිට අහිංසකව නාට්‍යක්වත් බලන්න නැහැ මුන් එක්කලා.. බලන්න හිම
කුමරියනි ( බොක්ස්යෙන් නැගිට රවා කැගසයි )
Beetle Bailey - අයරින්ට මුද්ද හම්බවෙන්න කලින් හිම කුමාරිට රවාගෙන් බබා හම්බ වෙයි වගේ...(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)
සුදු පූසා - හොඳ ෆිල්ම් එක පිටිපස්සේ බොක්ස් එකේ :(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

අයිරින් ඇඩ්ලර්. - ඊට පස්සේ මම මෙයා කාමරේ ඉද්දි දොර ලොක් කරලා පහලට ගියා
හිම කුමාරි - ආ... මේ මේ ඔයා ඉදගන්න අපි මේක බලමු (පෙක්ශකාගාරෙ කතාබහක්)

 Dr. වොට්සන් - ඔබට හොදටම විශ්වාසද දොර අගුලු දැම්ම කියල
යිරින් ඇඩ්ලර් . - ඔව් මහත්මයාණෙනි

Thushara Ravindra - බලන්න හිමා මුන් එක්ක නාට්‍යක් බලන්න ආවා.. අපි දෙන්න එලියට යමු එන්නෙ.. (හිම කුමරියට )
Pravin Indranama - අඩෝ රවා......... ඔය මොනවද කරන්නේ.... හූ... හූ... (ප්‍රේක්ෂකාගාරයේ ඝෝෂා)
සුදු පූසා - ඇයි ඒ ඌව ලොක් කලේ හොර කෙල්ල! :(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)
පොඩි මෑන් - (බොක්ස් එක දිශාවෙන් දඩං බඩං සද්ද කීපයක් ඇසේ... සියල්ලෝගේම අවදානය මදකට ඒ දෙසට...)
ෂරලොක් හොම්ස් - ඉතින් ඊට පස්සේ මොකද වුනේ

මගේ මරණය - බොක්ස් එකේද?(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)
අයිරින් ඇඩ්ලර් . - මම කාලා එනකොට අයියෝ.... ඉහි ඉහි ඉහි

Buddhika (පැන්ඩා) - මගුල් නාට්ටිය වැඩක් නැ හරො ගනිල්ල පුටු ටික බොක්ස් එක පැත්තට(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

| සෝරෝ | - නලිං වාඩි වෙයං යකෝ අපිට පේන්නෑ.......... :(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

Pahan Sarathchandra - යකෝ හෝම්ස් කාරයත් බොක්ස් එක දිහා බලාගෙන ඉන්නෙ(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

ෂරලොක් හොම්ස් - වොත්සන් අයිරින් නෝනාට තුවායක් දෙන්න

Beetle Bailey - සනීපාරක්ෂක එකක් ද?(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

මගේ මරණය - කවුද යකෝ හොටු පිහින්න තුවා දෙනෙන :-(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

Thushara Ravindra - හිම කුමරිය මෙ වලත්තයොත් එක්ක ආයෙ එන්නෙ නැහැ මම චිත්‍රපටි බලන්න.. තොපිත් වරෙව්කො ( පෙක්ශක පතිචාර)

සුදු පූසා - (නැඟිට කෑ ගසමින්) යකෝ තොපි නාට්ටියක් බලන්නවත් දන්නේ නෑ. කෑ ගහන්න එපා යකුනේ දෙබස් ඇහෙන්නේ නෑ :

අයිරින් ඇඩ්ලර් . - අනේ මහත්මයෝ.... මම හීනෙන් වත් නොහිතපු දෙයක් වෙලා තිබ්බා

මගේ මරණය - පූසා කට වහපන් :-(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

 Dr. වොට්සන් - ( වොට්සන් කාමරයට පැමින තුවායක් සොයයි ) ආ මෙන්න අයිරින් නෝනා තුවායක් ( තුවාය ඉබ දෙයි )

පොඩි මෑන් - මල්ලිලා සද්ද එපා හරිය අපිත් ටිකක් අරන් ආවෙ... සද්ද නොදා ටාට්ටිය බලපල්ල හරී දන්නවනෙ නැත්නම්.. (ප්‍රේක්ෂකාගාරයේ පිටිපසි ඇසේ)

මගේ මරණය - කවුද ඩෝ සද්දේ :-(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

ෂරලොක් හොම්ස් - ආහ් මොකද්ද වෙලා තිබුනේ අයිරින් අපට වහා පවසන්න

සුදු පූසා - කවුද යකෝ බොක්ස් එකේ හැංගිලා කෑ ගහන එකා! (ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

rajith abeysinghe - ඇයි ඇයි.දැන් වලි කවුද?.ඔය එකෙක්වත් මට ලොකු නෑ හරිය(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)

අයිරින් ඇඩ්ලර් . - (වොත්සන් දෙස බලා තුවාය අතට ගනිමින්)
මගේ මරණය - ඕක හෝදලා නැහැ නංගී(ප්‍රේක්ෂකාගාරයෙන් ඇසේ)
Thushara Ravindra - (හිම කුමරිය ඉන්න තැන මම හාල් වෙන්න හොදනැහැ සද්දයක් දාන්න ඔනා..... හිතමින්) යකො අපිත්
බොක්ස් ටිකට් අරන් ආවෙ යකො

අයිරින් ඇඩ්ලර් . - අපේ කාමරේ දොර ඇරලා තිබ්බා...

Beetle Bailey - හෝල් එකේ අයිති කරු : එලියේ නෝනා කෙනෙක් ඉන්නවා රවා කියලා මහත්තයෙක් ඇතුලේ ඉන්නවද අහනවා

ෂරලොක් හොම්ස් - ඊට පස්සේ මොකද වුනේ අයිරින්

හිම කුමාරි - මේ... මේ... දැං සද්ද ඇති අනේ... මට නාට්ටිය බලන්න ඕනි... :( (පෙක්ශකාගාරෙන්)

මගේ මරණය - කෝ කෝ ඉන්දරේ කැගහන්න එපා ඉස්ටේජ් එකේ උන් බැහැලා එයි :-D

Buddhika (පැන්ඩා) - ඇයි බන් තුවායක් දුන්නෙ නා ගන්නද

Thushara Ravindra - අයරින් මම නැහැ කියපන් (නැඟිට කෑ ගසමින්)

මගේ මරණය - ඇයි අනේ යතුරු හිලෙන් බලන්න තිබ්බ නම් ඇති නේ :-D

අයිරින් ඇඩ්ලර් . - මම දුවගෙන ගියා කාමරේ ඇතුලට

මගේ මරණය - තුවාය කෝ

Thushara Ravindra - ස්....................................... (නැඟිට කෑ ගසමින්)

 Dr. වොට්සන් - ආ ඉතින් ඉතින්

Buddhika (පැන්ඩා) - දැන් අයිරින් නාන්න ගියාද තුවාය අරගෙන..කො ඒ සීන් එක
yasith miuranga - වැටුනද(පෙක්ශකාගාරෙන්)

ෂරලොක් හොම්ස් - ඇයි එකපාර දුවන්න හිතුනේ

සුදු පූසා - කවුද යකෝ බොක්ස් එකේ ඉදන් ස්....... ගාන්නේ :D(පෙක්ශකාගාරෙන්)


Nalin Kariyawasam - ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්(පෙක්ශකාගාරෙන්)
yasith miuranga - සූ(පෙක්ශකාගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - මගේ ස්වාමියාට කරදරයක් වෙලා ඇති කියලා හිතුනා

Nalin Kariyawasam - අපිට නාට්‍ය බලන්න දීපල්ලා
 (මේ අතර බොතේජු : බ්‍ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර් බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් )
Thushara Ravindra - මරු ස්වාමියා.. හනිමුන් එක දවසෙ බිලා නිදි බුරුවා , හරකා (නැඟිට කෑ ගසමින්)
Pravin Indranama - මට පේන්නේ බොතේජු බීලා තියෙන්නේ කොකාකෝලා (පෙක්ශකාගාරෙන්)
පොඩි මෑන් - නංගි ඌ නිදිනම් අපි එන්නද... (ප්‍රේක්ෂකාගාරය දෙසින්)
Buddhika (පැන්ඩා) - එ ඇයි බොතේජු කොකා කොලා බොනවද(පෙක්ශකාගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - ඉහි ඉහි ඉහි

 Dr. වොට්සන් - ඇයි ඔබට ඒ නෝන වගේ දෙයක් හිතුනෙ ඒවගේ බොහොම ආරක්ශා ඇති හෝටලයකදි


සුදු පූසා - ඇයි මෝඩියේ අරක්කු සැපයි කියලා හිතන් ඉන්න එකෙක් බැන්ඳේ :D(පෙක්ශකාගාරෙන්)

Thushara Ravindra - @ හිම කුමරි .. ඔයා ඔක්කොම රටකජුයි වඩයි කැවද.......

Udith Ishara Madusanka - බොතේජු බොන තැනින් හොරෙන් සැන්ඩි ටික උස්සලා බීලා ඒකට වෙරි වෙලා :D (පෙක්ශකාගාරෙන්)

බොතේජු - කවුද ඔය....... (සිහිනයෙන් මෙන්...)

ෂරලොක් හොම්ස් - මොකද එකපාර එහෙම හිතුනේ ඔබේ කතාවල් හරිම අවුල් සහගතයි සන්සුන්ව කියන්න වොට්ස්න් අයිරින්ට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙන්න

මගේ මරණය - අඩෝ පුසාඅ කට වහපන් :-D

අයිරින් ඇඩ්ලර් . - ලොක් කරලා තිබ්බ දොර ඇරලා තිබ්බාම බය වෙන්නේ නැද්ද?

Pravin Indranama - වොට්සන්, අයිරින්ට බ්‍රැන්ඩි දෙනගමන් මට විස්කි ටිකක් දෙන්න(පෙක්ශකාගාරෙන්)

Thushara Ravindra - කාන්තව මත් කරලා අයුතු ප්‍රයොජන ගන්න යන්නෙ නෙද උබලා (නැඟිට කෑ ගසමින්)

පොතේ ගුරා -.
බ‍රැන්ඩි හෙම පොවලා... අල්ලා වාඩි කරවා..

විස්තරේ කියන්නයි... ශර්ලොක්කා කියන්නේ.

හිම කුමාරි - @ රවා අයියා - ඔව්... නාට්ටිය හොදයි වගේනෙ

Pravin Indranama - නලින් උඹ වාඩිවෙලා ඉඳපන්. උඹට විස්කි හොඳ නෑ :D(පෙක්ශකාගාරෙන්)

 Dr. වොට්සන් - වොට්සන් ‍ලැබුන අවසරයෙන් ඉතා කලාතුරකින් අරින බැරැන්ඩි ඇති කබඩ් එක හැර බැරැන්ඩි ස්වල්පයක් බී ඉතිරි බැරැන්ඩි ටික ඇයට ගෙන ගොස් දෙයි

අයිරින් ඇඩ්ලර් . - ස්තුතියි ඔබට

පොඩි මෑන් - හූ........................ අන්න සැලොක් අයරින්ට ඒව මේව කරනවා...(පෙක්ශකාගාරෙන්)
Buddhika (පැන්ඩා) - හිම කුමරි ඔන්න ඕකව අල්ලල තොත්තුවක් දීල ශේප් කරල නිදි කරවගන්නකො..අපිට මේක සැනසිල්ලෙ බලන්ට(පෙක්ශකාගාරෙන්)
Thushara Ravindra - ඔවා කියපියව් කොන්ඩෙ බැදපු චින්නුන්ට..... (නැඟිට කෑ ගසමින්)
@ හිම කුමරිය - එක තමයි නංගි අපිත් එක්ක එද්දි ඔන ජාරාවක් දිව්‍ය ලොකයක් කරනවා අපි(පෙක්ශකාගාරෙන්)
Pravin Indranama - ප්‍රේක්ෂකාගාරයේ ආච්චිලා දෙදෙනෙක්: පෙනේද අර දැරිවිගෙ ලැජ්ජ නැති කමක හැටි! පුරුසයො ඉස්සරහ අරක්කු බොන්න! අනේ කාලේ වනේ වාසේ!(පෙක්ශකාගාරෙන්)

ෂරලොක් හොම්ස් - ඉතින් කියන්න අයිරින් ඊට පස්සේ මොකද වුනේ

Thushara Ravindra - අහගන්නද දැන් උබ බැන්ඩි දුන්නෙ.. හොල්මනයො (නැඟිට කෑ ගසමින්)

අයිරින් ඇඩ්ලර් . - මම දුවගෙන දුවගෙන ඇවිත් බලද්දී මගේ ස්වාමියා කලින් විදියටම නිදාගෙන හිටියා.. එත්
සුදු පූසා - යකෝ සදාචාරේ බල්ලට ගියාද? (ප්‍රේක්ෂක ප්‍රතිචාර)
Pravin Indranama - නෘත්‍යශාලා භාරකරු: රවීන්ද්‍ර මහත්මයා, නිශ්ශබ්දව නාට්‍යය බලන්න බැරිනම් මට ඔබව බලෙන් එලියට ඇද දමන්න සිදුවෙනවා මහත්මයා. ඔය අනිත් අයට කරදරයක්
පොඩි මෑන් - අඩෝවු... සද්දෙ එපා.... නාටිට බලපල්ල නිකන් පු* ටිංකිරි ගාගන්නෙ නැතිව සද්ද දාලා... (ප්‍රේක්ෂකාගාරයේ පිටිපසින් නැවතත් ඇසේ)
හිම කුමාරි - කෑ ගහන්න එපා අයියා ඇහෙන්නෑනෙ (පෙක්ශකාගාරෙන්)

Lasitha Benaragama - කියන්න අයිරින් මොකද වුනේ

අයිරින් ඇඩ්ලර් . - මම වටපිට බලද්දී දැක්කා කාන්නාඩි මේසේ උඩ තිබ්බ වාස් එක බිම වැටිලා තියෙනවා

Pahan Sarathchandra - හපෝ ඒක බිඳුන නිසාද ඔයා අඬන්නෙ(පෙක්ශකාගාරෙන්)

පොතේ ගුරා - අයරින් කියන්නේ... ෂර්ලොක් අහන්නේ...

මගියෝ කෑගහන්නේ/නරඹන්නේ...

ඊට පස්සේ මොකද වෙන්නේ... ඒ...ඒ......ඒ...........ඒ.....................!!!


Thushara Ravindra - ( කෙල්ල ඉස්සරාහා ප්‍රවියට හාල් වෙන්න බැහැ...හිතමින්.... ) අඩො අපිත් බොක්ස් ටිකට් අරන් ආවෙ යකො.. වරෙල්ලා කවුද මාව එලියට ඇදලා දාන්නෙ කියලා බලමු.. ( (නැඟිට කෑ ගසමින්)

Malith Kushan - මක්කැයි? අඩේ ඇහෙන්නෑ බොලවු!(පෙක්ශකාගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - මගේ මගුල් මුදුව අතුරුදහන් වෙලා තිබ්බා මම එතන තියලා ගිය

පොඩි මෑන් - බොක්ස් එකේ ඉන්න එකා කෑල්ල ඉස්සර චන්ඩිය වෙන්න එපා හරී... ගලවනක කලිසම ඔලුවෙන් (ප්‍රේක්ෂකාගාරයේ පිටිපසින් නැවතත් ඇසේ)

Pravin Indranama - තරුණයන් පිරිසක්: කෝ බං මේ මධුසමය කිසි ආතල් එකක් නෑ වගේනේ


ෂරලොක් හොම්ස් - ඕ අයරින් අයරින්.. ඔබ මීට වඩා කල්පනාකාරී විය යුතුව තිබුනා

yasith miuranga - ඇහෙන්න නැති උන් කන සුද්දකරගනිල්ල

Thushara Ravindra - (ප්‍රවියට කොල් එකක් ගනිමින් ) .. මචන් කෙල්ල ඉන්නවා මට පොඩ්ඩක් සද්දයක් දාන්න චාන්ස් එකක් දිපන් නැත්තම් හරි නැහැනෙ (නැඟිට කෑ ගසමින්) වොව් වොව් වොව්.. එනගමන් උගස් තියලා බුරු ගහලා පැරදිලා ඔකා... අරක්කුකාරයා(පෙක්ශකාගාරෙන්)

 Dr. වොට්සන්- ඔබට හොදටම විශ්වාසද ඔබ මුද්ද එහි තබා ගියා කියා ( වොට්සන් කට බලියාගෙන බලා සිටී )

අයිරින් ඇඩ්ලර් . - ඉහි ඉහි මෙවැනි හෝටලේක මෙය කෙසේ විය හැකිද? අනේ දෙවියනි හෙට මගේ මව මට හොදටම බනි

Thushara Ravindra - @හිම කුමරි ; කාලකණ්නි ලමයො මුන් එක්ක ද අපි නාට්‍යක් බලන්න ආවෙ.....(බොක්ස් ඇතුලේ කතා බහ)
Pravin Indranama - වොට්සන් ඔය කොහෙද බලං ඉන්නේ.. හූ.. හූ..... :D
පොඩි මෑන් - (ප්‍රයිවට් කොල් එකකට ආන්සර් කරමින්) හ්ම්ම්ම්ම්ම්ම්ම් එහෙනම් යනගමන් බාගයක් අරන් දියන් හොදේ,,, නැත්නම් දන්නවනෙ...

අයිරින් ඇඩ්ලර් . - ඔව් ඔව් මම ඇඟිල්ලෙන් මුදුව ගලවලා එතන තියලා ගියේ

Nalin Kariyawasam - හූ.. හූ හූ.. හූ හූ.. හූ හූ.. හූ හූ.. හූ හූ.. හූ
Pravin Indranama - කෝ කෝ ප්‍රේක්ෂකාගාරයේ ඇන්කෝර් මදී.... සද්දයක් දීපියෝ....

අයිරින් ඇඩ්ලර්. - අනේ මගේ මුදුව සොයා දෙන්න

Thushara Ravindra - @පොඩි මෑන් - රයිට් මචන් (නැගිට කැගසමින්)

ෂරලොක් හොම්ස් - කලබල වෙන්න එපා අයරින් සියල්ල මා හට බාර දෙන්න. දැන් ඔබ ගෙදර යන්න.. වොට්සන් ලෙස්ට්‍රේඩ්ට ඇමතුමක් ගන්න

බොතේජු - කවුද ඔය කා ගහන්නේ යකොව්.. මට ටිකක් නිදාගන්න දීපියව්ව්..... (බොතේජු අසිහියෙන් පවසයි)

අයිරින් ඇඩ්ලර් . - බොතේජු නැගිටින්න.. අප ආපසු යා යුතුයි

හිම කුමාරි - @ රවා අයියා - මේ ඔයානෙ ඉතිං මාවත් එක්ක ආවෙ.. නාට්ටි බලන්න කියල ඇවිත් මෙතන කෑ ගහනව
Pravin Indranama - බොතේජුවා වොට්සන්ගේ ඇඳේද නිදාගෙන ඉන්නේ?(පෙක්ශකාගාරෙන්)
පොඩි මෑන් - අනේ අයරින් මටත් ටිකක් බාර දෙන්නකෝ... මමත් කැමතියි බලාගන්න.. (ප්‍රේක්ෂක ප්‍රතිචාර)
Malith Kushan - (සභාවෙන්) ලෙස්ට්‍රේඩ් ගෙදර දොයි!

ෂරලොක් හොම්ස් - මම හිතන්නේ අපිට අස්ව කරත්තයක් වුවමනා වෙයි. ඉන්න අයිරින් මම උදව් කරන්නම්

බොතේජු - මට බෑ ගෑනියේ... මං මේ කොහෙද ඉන්නේ.....

බොතේජු - කවුද මේ හපුටෝ දෙන්න..

අයිරින් ඇඩ්ලර් . - ස්තුතියි ඔබගේ උදව්වට

Pravin Indranama - බොතේජු උඹ ඉන්නේ භයානක එකෙක්ගේ ඇඳක(පෙක්ශකාගාරෙන්)

අයිරින් ඇඩ්ලර් . - මෙහෙ එනවා මිනිහෝ මට ලෑජ්ජා නොකර

බොතේජු - බෑ බෑ බෑ (ළදරුවෙක් මෙන් පවසයි)

අයිරින් ඇඩ්ලර් . - සික් මෙහෙමත් බේබද්දෙක්..

Anushka (Bunny) - ළමයි මෙකේ ඉන්ටරව්ල් එකක් නැද්දෝ ? මට චූ බරයි.. :P

 Dr. වොට්සන්- ( වොට්සන් ඇමතුම ගනී ) මිස්ට ලෙස්ට්‍රේඩ් ... ඉක්මනින් බේකර් වීදියට එන්න.. ලොකු හදිස්සියක්

ෂරලොක් හොම්ස් - ආ එය ගැටළුවක් කරගන්න එපා මමයි වොත්සනුයි ඔහුව අස්ව කරත්තයකට ඇරලවන්නම්

පොඩි මෑන් - යන එවුන් පලයන් ඩෝ කෑ නොගහ..... අපිට බලන්න දීල (ප්‍රේක්ෂකාගාරයේ පසිපසින් ඇසේ)

අයිරින් ඇඩ්ලර් . - මට වචන නෑ ඔබට ස්තුති කරන්න

ලෙස්ට්‍රඩ්-හදිසි රාජකාරි වගයක් තිබ්බා හෝම්ස්.ඒකයි පරක්කු උනේ

 Dr. වොට්සන්- අනේ ඕක සුලුදෙයක් ... මීට වඩා ලොකු දෙයක් උනත් ඕනෙ වෙලාවක කියන්න 


අයිරින් ඇඩ්ලර් . - හ්ම්ම්..... (හොරැහින් බලමින්)

Thushara Ravindra - අයරින් නොනා මි බෙටි පැකට් එකක් කන්න මුද්දක් නිකන් හම්බෙනවා.... සමහර වෙලාවට පිඹින නලාවක් වුනත් ගත්ත හැකි......( නැගිට කැගසමින්)

ෂරලොක් හොම්ස් - ඔබ වැනි ලඳකට උදව් කිරීම සතුටක් අයිරින්. හෙට හෝටලයේදී හමුවෙමු මම හිතන්නේ ලෙස්ට්‍රේඩ් අපිට උදව් කරයි

පොඩි මෑන් - අයිශම්මා.... අයරින් නන්ගිගෙ බැල්මට් එක.... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම...(ප්‍රේක්ෂකාගාරයේ පසිපසින් ඇසේ)
අයිරින් ඇඩ්ලර් . - ස්තුතියි ඔබ දෙදෙනාටම අප ඉක්මනින් හමුවෙයි කියලා විස්වාස කරනවා

ලෙස්ට්‍රඩ්-ඇයි කාටහරි කරදරයක් වෙලාද?

Pahan Sarathchandra - ඇයි හෝම්ස් උඹට තනියම බැරිද?..(ප්‍රේක්ෂකාගාරයේ හූ)
පොඩි මෑන් - අපි හමුවෙන්න ආස නැද්ද නංගී... බොතේජුවට පොල්ලද... ?? (ප්‍රේක්ෂකාගාරයේ පසිපසින් ඇසේ)

 Dr. වොට්සන් - ඔව් ඔව් අප දෙදෙනාත් එහෙම ප්‍රාර්ථනා කරනවා අයිරින් මහත්මිය

Thushara Ravindra - අඩෙ මගෙ කෙල්ල ඉන්නවා බන් එකි නරක් වෙයි ( නැගිට කැගසමින්)

Anushka (Bunny) - චූ බරයි යකුනේ.. (කුපාඩි කොල්ලෙක් කැ ගසයි..)

ෂරලොක් හොම්ස් - ඔව් ලෙස්ට්‍රේඩ් අයිරින්ගේ මගුල් මුද්ද නැතිවෙලා අපිට හෝටලය පරික්ෂා කිරීමට ඔබේ උපකාර අවශ්‍යයි..
සිර කරුවා - සද්දෙ මදි
Malith Kushan - (ප්‍රෙක්ශකාගාරයෙන් හූවක් ඇසෙයි!) කවුද යකෝ හූ කියන එකා!

ලෙස්ට්‍රෙඩ් - ඔය මුද්ද ගත්ත එකා මට කවුද කියලා හිතාගන්න පුලුවන්

ෂරලොක් හොම්ස් - හා හා ලෙස්ට්‍රේඩ් දැන්ම උපකල්පන වලට එලඹෙන්න එපා

Thushara Ravindra - @හිම කුමරිය.. ඔව් මෙයා අපි දෙන්න සද්දෙ නැතුව මෙක බලමු.. මුන් එක්කලා අනිත් දවසෙ එන්නෙ නැහැ නාට්‍ය බලන්න.. මුන් එක්ක ආවොත් ඔයාව අරන් එන්නෙ නැහැ (පෙක්ශකාගාරෙන්)

ලෙස්ට්‍රෙඩ් - ඕනෙනම් කනෙන් පෙන්නන්නම්.

 Dr. වොට්සන් - ( වොට්සන් අයිරින් මැතිනිය අල්වාගෙන හෙමින් පඩිපෙල බස්සවා අස්වකරත්තයට නග්ගයි )

බොතේජු - අඩෝ මාව දාල ගිහින් ඔහේ හිටු මගාඩ් දෙන්නා..

පොඩි මෑන් - අඩේ වොට්සන් වැරදි තැන්වලින් අල්ලන්න එපා... (ප්‍රේක්ෂකාගාරයේ පිටිපසින් ඇසේ)
Anushka (Bunny) - අනේ අයරිං.. අයි ලවු යූ පැටියෝ.. (නැවතත් කුප්ප කොල්ලා
Malith Kushan - (අස්සයා පෝම් වෙයි!) කවුද බං මේ අස්සයත් එක්කත් ගේමට එන්ටැර් වෙන එකා? (පෙක්ශකාගාරෙන්)

Anushka (Bunny) - අස්සයාගේ වැරදි තැනකින් අල්ලලා :P(පෙක්ශකාගාරෙන්)

ෂරලොක් හොම්ස්- දැන් තව ටිකකින් වොත්සන් එයි අපි ඔහු එනකම් ටිකක් ඉමු

ලෙස්ට්‍රෙඩ් - මට නම් හිතෙන්නෙම ඕකට ගේම දුන්නේ සෝරෝවා.මිනිහගේ කල් ක්‍රියාව යහපත් නෑ.පෙර කළ වැරදි තියෙනවා හෝම්ස් මහත්මයා.

Thushara Ravindra - @හිම කුමරිය.. බලන්න මුන් නම් මහා අසිකිත මානසික අසහන කාරයො ටිකක්.. මුන් ගෙ දෙමව් පියන්ට බනිනෙ මිනිස්සු

බොතේජු - බොතේජු පාරට පැමිණ වෙනත් ටාට නැනෝ රථයක ගොඩ වෙයි - මේ මල්ලි මේකේ මීටරේට නේද ගාන කඩන්නේ

 Dr. වොට්සන් - ( වොට්සන් පට්ට ජොලියකින් පඩිපෙල නැග ශර්ලොක් දෙසට එයි )

ෂරලොක් හොම්ස් - සෝරෝ කියන්නේ අර රූම් සර්විස් කරන කොළු ගැටයා නේද?

හිම කුමාරි - @ රවා අයියා - ඒක තමයි මටනං බයේ බෑ.. (හොරෙන්)
පොඩි මෑන් - බොක්ස් එක දෙසට පේක්ශකාගාරයෙන් ලේස්ර් එලියක් වැටේ

ලෙස්ට්‍රෙඩ් - ඔව් මහත්මයා.රෑම් සර්විස් කරන කොල්ලා තමයි.අද රංගගේ මගේ ලෝකය පෝස්ට් එකේ හිටිය බුලට් එක මතකයි නේ :D :D

පොඩි මෑන් - ඇයි ඌ අයරින්ව මරලද ? :D :D(පෙක්ශකාගාරෙන්)
Thushara Ravindra - @ හිම කුමරිය.. බය වෙන්න එපා නංගි... ඔයා සුරක්සිතයි මෙ විසගොර සර්පයින් අතරෙ මම ඉන්නවා ඔයාව රැක ගන්න...

ෂරලොක් හොම්ස් - එහෙනම් ලෙස්ට්‍රේ පරීක්ෂන බලපත්‍රයත් එක් ඔබ හෙට හෝටලයට එන්න අපි උදේ 9 වනවිට හෝටලයේ ඉන්නවා

හිම කුමාරි - @ රවාඅයියා- ඒක තමයි වැඩියෙන්ම බය (සිතමින්)
Malith Kushan - මෙන්න නයෙක් ප්‍රේක්සකාගාරයේ!!!!!!!!!!!!!(පෙක්ශකාගාරෙන්)
පොඩි මෑන් - අයරින් නංගී... ඔයාගෙ වැනිල්ල මාරයි ආ..... (ප්‍රේක්ෂකාගාරයේ පිටිපසින් ඇසේ)
Anushka (Bunny) - හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඋ :P

ලෙස්ට්‍රෙඩ් - හරි.හෙට උදේ මම 8.59 වෙනකොට අදාල ස්ථානයට වාර්ථා කරන්නම්.සුභ ගමන් හෝම්ස් මහත්මයා

Thushara Ravindra - @හිම කුමරි ඔයා නෙමෙ නංගි බය වෙන්න ඔනා මම... දැන් කාලෙ හැටියට.....බලන්න සුදු නරි හු කියනවා....
පොඩි මෑන් - නයා පේන්ෂකාගාරෙට ආවෙ බොක්ස් එක පැත්තෙ ඉදලා හූ......(පෙක්ශකාගාරෙන්)

ෂරලොක් හොම්ස් - සුබ සන්ධ්‍යාවක් ලෙස්ට්‍රේඩ්
Dr. වොට්සන් - එහෙනම් වෙලාවට ඉන්න ලෙස්ට්‍රේඩ්
Anushka (Bunny) - අඩොව් කන්න දියව්.. බඩ ගිනියි..!
ට්රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං තිරය වැසේ විරාමය...

හාමුදුරුවන්ගේ අදෝ වාතයෙන් කැලබී ගිය ප්‍රේක්ෂකාගාරයේ ගිනිකෙලි මැද ෂ්‍ර්ලොක් හෝම්ස් හා අයරින්ගේ නැති වූ මුද්ද ඊලග කොටස මීලග පෝස්ට් එකෙන් (මේකත් පට්ට දිග උනා.. ඒත් නොදා කොහොමද ?)

2011-06-23

දවස් 26යි, පෝස්ට් 16, ෆ්ලෝවස්ලා 50යි, කමෙන්ට් 114 යි, හිට්ස් 3056 යි,

                      

                බ්ලොග් එක ලියන්න පටන් අරන් දවස් 26 යද්දිම ෆලෝවස්ලා 50 වෙලා...  ඉතින් පොඩි මෑන්ට මාර හැපි... ඔය උඩ මාතෘකාව දැක්කනේ  හෝදන්න දෙයක් නෑනෙ ආයෙ ආයෙ ඒකෙ...නැද්ද...

බ්ලොග් එක හදල දවස් 16 ගියාට පස්සෙ තමයි ඔය දැන් බ්ලොග් එකට ඔබල තියෙන හිට් කවුන්ටර් කෑල්ල එබුවෙ.. ඒකෙ තියෙන්නෙනම් 1201 කොහෙදෝ... ඒත් ගූගල් දෙයියො කියනවනෙ හිට්ස් 3056 කියල... ඔය චූ කොල්ලොන්ට වගේද .. ගූගල් කාරයට වරදින්න බෑනේ... ඉතිං මට තවත් හැපි.... බකස්..

කොහොම කොහොම හරි බ්ලොග් එක එලියට දාපු දවස්වලම තමයි ඔය මාර අයියා  මගේ ලෝකයේ රංග අබේපාල මාම එහෙම අලුත් බ්ලොග් කාරයන්ට තල්ලුව දුන්නෙ.... මමත් ඉතිං ඒ තල්ලුවේ එල්ලුනානෙ..වැඩේ පොඩ්ඩක් නැගල ගියා

ඒ වගේම වැප් වගේම කතන්දර දීපු තල්ලුවත් අමතක කරන්න බෑ.. ඊට පස්සෙ තමයි කස්ටිය මගේ බ්ලොග් එකට එන්න ගත්තෙ...  කොහොම කොහොම හරි කස්ටියටම ඔන්න පොඩි මෑන්ගේ අචාරය..
        සැලියූට්.....!!!

කවි කතා ඔක්කොම ලියාගෙන යන මේ බ්ලොග් එකේ වැඩිම ප්‍රතිචාර ලැබුනෙ  මග දිගට පෝස්ට් එකට... ඒකෙ දෙවනි කොටස දැම්මෙ නැත්තෙ අර පලවෙනි කොටස හිට් උන ෆිල්ම් වල දෙවනි කොටස පටාස් ගාල එලියට දාල... එක ගූ ගොඩේ ගල්බනිස් වගේ වෙලා පලවෙනි එකේ හොදත් එතනින් චක බලාස් වෙනවා වගේ කරගන්න ඕනෙ නැති නිසා... ඔය සැම්පලේට යන්න ගියොත් පොඩි එකා වෙච්ච මටත් වෙන්නෙ රෙද්දෙ ගාගන්න තමයි..එහෙම හොද නැති නිසා ලියල ඩ්‍රාෆ්ට් කරල එහෙම කොලිටි එකට ලගදීම මගදිගට 2 එනවා...

        අනිත් සිද්දිය තමයි කවි.  ඔය කවි වලදි පොල්ලෙන් ගැහුව වගේ ලියන ඒවට වැඩි ප්‍රතිචාර ලැබුනා.. වැඩේ කියන්නෙ සමහර වැඩියෙ තේරෙන්නෙ නැති වගේ ප්‍රබුද්ද වෙන්න ලියපුවට නෝ කමෙන්ට්ස්...අනේ මගේ ප්‍රබුද්ද හික්.. ඒ උනාට හිට්ස්නම් තියෙනවා.. අනික මම කැමති වැඩිපුර ඒව ලියන්න... මේක මාකට් එකටම ලියල හරියන්නෙ නෑනෙ... මම කැමති ඒවත් ලියන්න ඕනෙ.. ඒකයි කමෙන්ට් හිට්ස් ලැබුනත් නැතත ඒවත් දිගටම ලියනවා...

මග දිගට පෝට් එකට වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්න ඇත්තෙ ඒක තියෙන රචනා ශෛලියට වෙන්ඩැ.. කතාවත් එහෙම තමයි ..කතන්දරත් එහෙම කිවුවා... හැබැයි මග දිගට වඩා හිතට මගේ හිතට අල්ලල ගිහිපු .. ලියද්දිති  හිනාවෙවී නවත්ත නවත්ත ලියපු හදපානේ නිරුවත් වානරයා 1,  හා දෙවනි කොටස කට්ටිය එච්චර බලල නෑ වගේ... මොකද බ්ලොග් එකේ මුල්ම පෝස්ට් එක ඒක... ඒ කැටගරියෙම එකක් වෙන තින්තතෙතයියා  නම් ටික දෙනෙක් විතර බැලුවා...  බලපු නැති කට්ටියට ඕනෙනම් ඔන්න  බලන්න ලින්ක් ටික දැම්ම බලල කමෙන්ට් එකකුත් දාන්න.. බ්ලොග් කාරයෙක්ට වෙන මොනවද ඉතිං නේද...

එහෙනම් මග දිගට 2 න් හමුවෙමු...  කමෙන්ට් කරපු මාව දිරිගන්වපු විවේචනය කරපු හැමෝටම පොඩිමෑන්ගේ බොක්කෙන්ම තැන්කූ කිවුවා... ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

2011-06-22

කසාදය



                                             තම වර්ගයා
                                            බෝ කිරීමට
                                            ආණ්ඩුවෙන්
                                            ලයිසන්ගෙන
                                            නැන්දම්මාට
                                            ට්‍රයල් පෙන්වීම

2011-06-21

විපුල මල නුඹ



                                       විපුල් මල නුඹ
                                      කොපුල සිඹ සිඹ
                                      තෙපුල් බස් රස
                                      කොඳුල ඒ මට

                                      නිකැල් දඹ යුග
                                      දුහුල් සලු මැද
                                      වියල් වූ කල

                                      කඳුල කුමටද

2011-06-20

මෙලෝ රහක් නෑ 1


                                   
                               තට්ට තනියම ගියත් විදගෙන
                               රෙද්ද තද වී ඇති හෙයින්
                               යනෙන උඩ යට නටන තට්ටම
                               තද කරයි කරු දෙක මුලින්

                               පැලුන දෙකොනම අතින් වහගෙන
                               සලෙලු කොල්ලෝ ඇති හෙයින්
                               ගස්ස ගස්සා දුවන ලඳකගෙ
                               පස්ස දැක්කා යන්තමින්

මෙන්න කලින් ගොතාපු ඒවා..
        ප්‍රීති-යෙන් මිනී මැරීම
       අවජාතකයාගේ යුතුකම් ඉටුකිරීම
       ගොතාපු ඒවා 3
       සසර දුකෙන් එතෙර වෙන්න දහම් දෙසාපන් අම්මෙ
       මතකද
       තාම තියෙනවා මං ලග      

හිතෙන්නෙ මොනවද කියලත් කිවුවනම්.....

2011-06-16

මිස්ට ඇන්ඩ් මිසිස් මනමේගේ අප්සට් හනිමුන් එක සහ ඉතින් ඊට පස්සෙ


   මේ දවස්වල බ්ලොග් අවකාශෙ ටිකක් කතාවවෙනවා මේ ගැන .. මනමේගෙ හනිමුන් එක ගැන නෙවෙයි ඔය මනමේ නාට්‍ය ගැන... සිත් අහසෙ ප්‍රාර්තන ලියල තිබුනා එයාගෙ මවුතුමීට හම්බවුන මනමේ ගැන විචාරයක්.ඔන්න ඉතිං මටත් මනමේ ගැන හිතුන ඒව.

සිරාවටම මනමේ කුමාරි කුමාරයට බූට් එක තිබ්බද...  නැත්නම් වැද්ද කුමාරයට බැස්ටිය දීල කුමාරිව ඉස්සුවද.. කියන එක හෙන ප්‍රස්නයක්.... ඔය නාට්‍ය බලනකොටනං මනමේ කුමාරි අරන් එන කඩුව වැද්ද උදුරල ගන්නවා... අරෙගෙන කොටනව කුමාරයාට... බඩු බනිස්.. කෑල්ල උස්සගන්නවා.. යනව...

ඒ අතින් වැද්ද සිරා පොර ... දැක්ක ඕනෙ උනා... ගේම දැම්ම ඉස්සුවා..ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

බලන් ගියාම වැනිල ඩ්‍රීම් එක වගේ කෑල්ල උනාට මනමෙ කුමාරිත් පට්ට කට්ට වෙට්ට පිත්තල අම්මන්ඩි.  වැද්ද පොර බව  තේරිලාද කොහෙද  මෙන්න මේ ගෑනි කියාපි
"මම කඩුව දෙන්න ආවෙ ඔයාටනෙ අනේ...." නයි කයිද රෝස් පාන් ඔන්න ගෑනු,,,

අන්න මනමෙ කුමාරි ඉල්ලන් කෑව තැන ...... වැද්ද හිතුව, යකෝ බැදල දවසක් යන්න කලින් වෙන එකෙක් දැකල ඌට කැමතිවෙලා තමන්ගෙ හස්බන්ඩ්ඩට ටොපිය සෙට් කරපු ගෑනි... මට වඩා හොද බුවෙක් හම්බ උනොත් අනිවා මටත් ඉතින් පයනු අතදිගලෝයනු තමයි... ඔය අර පේශල් මේ පේශල් කරල පොත්ත සුද්දට තිබුනට බැද්දෙ ඉන්නවනෙ ඉටිකිරිස් කෑලි.. කලු උනාට මොකද.. ඔය දොදොලුත් කලු උන තරමටනෙ රහ කියනවනෙ..

ඇද්ද  කඩුව.. දුන්න මනමේ කුමරයට දුන්න බැස්ටියම කුමාරිටත්... බඩු පැකට...!!!

අන්න වැද්දට වැරදුන තැන... .. ඇයි හත්වලාමේ... ඔන්න වෙඩිම ඉවර උනා විතරයි.. ඩීපිසර් එකෙන් එලියට ගත්ත වැනිල ඩ්‍රීම් එක වගේ කෑල්ල තමයි මන්මෙ කුමාරිත්... දැන් බැදාම මොකද කරෙනෙ.. දෙක වසරෙ එකෙක්ගෙන් ඇහුවත් කියයි යන්නෙ හනිමුන් කියල... ආයෙ හෝදන්න දෙයක් නෑනෙ ඒකෙ...

දැන් ඉතින් කැලේ යනව දෙන්නත් එක්ක... මනමෙ කුමාරිත් බලන් ඉන්නව දැන් දැන් මෙයා වැඩේට එන්ටර් වෙයි කියල.... මිග්.... මෙන්න මේ යකා සිංදු කියනවා... සිංදුව කියල මූඩ් එක රොමෑන්ටික් කරගෙන වැඩේට එන්ටර් වෙයි... කුමාරිටත් මාර හැපි දැන්.. එයත් කියන්ව සින්දුවක්...
කියනව.. කියන්ව...කියනව... යකඩෝ මේයකා පරන වෑර්ලස් එකක් වගේනෙ... ඔන්න දැන් කුමාරිට තනි ඇහැට ඇඩිල ඉන්නෙ.... දැඩිම මල

ඔන්න  දැන් අපි පොඩ්ඩක් අලමුකො ඔය ම්නමේ කුමාරිගෙ ඩැඩා කාරය එහෙම නැත්නම් මිස්ට දිසාපාමොක් කරේ බෝයිස්කූල් එකක්නෙ... ඉතිං මනමේ කුමාරි යන්තන් ගැටිස්සි කාලෙ ඉදල දැක්කෙ කොල්ලො විතරයි.. ස්තිරියක් උනාත් මනුසස පරානෙ නෙව..කෑම දැක දැක බඩගින්නෙ ඉදල ඉදල ඉදල  ඔන්න මගුලකුත් බැන්ද කියමුකො.. හත්තිලවුවෙ මේ යකා පරන බයිස්කෝප් කාරයෙක්ද වගේ... සිංදු කියනව විතරයි නෑනෙ කිසිම කික් එකක්... මල පනින එක අහන්නත් දෙයක්ද...

හැබැයි කුමාරිටත් අමතක වෙච්ච දේ තමයි කැලේදිම හනිමුන් එකට සෙට් වෙලා රජවාසලට ගිහින් නැන්දම්ම  සුදු රෙද්ද බැලුවම තමයි මල රෙද්දක් වෙන්නෙ.. ඒපාර ඒගෑනි කෑ ගහවි පුතන්ඩියා ගෙනත් තියෙන්නෙ සෙකන්ඩ් හෑන්ඩ් එකක් කියල.. ඒපාර ඌටත් ලෙඩේ..
පොර කිවුවට පිලිගන්න නැති ජාතියෙ එක්කෙනෙක්ද දන්නෙ නෑනෙ ඔය මනමෙගෙ මමී... ඒක එහෙම නිසාද දන්නෙ නෑ මනමෙත් හෙමීට පොත පෙරලගෙන සින්දුවෙන් ගේම ගහගෙන රජවාසලට දක්කන් යන්න හැදුවෙ මේ නෑම්බිව...

කොහෙද ඉතිං........
ඒ අස්සෙනෙ ඔය වැද්ද වැඩේ අජපල් කරේ සීන් එකට එන්ටර් වෙලා...කුමාරිටත් මනමෙගෙ පොත තේරුනේ නෑ... ඔන්න දීල දැම්මා කඩුව වැද්දට... කුමාරි හිතුවෙ මනමෙගෙ මූන විතරයි ලස්සන ඇග නිකන් සයිබීරියාවෙන් ගෙනාපු ලීම කරලක් වගේ, ඒ වගේද වැද්ද, හයේ හතරෙ පොර කියල... කන්න ඕනෙ වෙලාඅවට කබරත් තලගොයා වෙනවනෙ...

අන්තිමට ගෑනිත් ඉල්ලගෙන කෑව...
වැද්දත් මෝඩයා.. මනමෙත් මෝඩයා.. කුමාරිත් මෝඩයා....
අර කතන්දර කියනව වගේ කුමාරිගෙ වර්ජිනිටි එක නැති උනෙත් නෑ... හැබැයි ඉතින් කවුද දන්නෙ ඔය කොල්ලො ගොඩේ ඉදල මොන මොනව උනාද කියල... කොහෙද ඒව බලාගන්න දුන්නෙ නෑනෙ වැද්ද වැඩේ කෑවනෙ...

ඕක මෙහෙම උනානං අන්න කතාවෙ බල්ටි විසිල් හරිය...
ඔන්න කුමාරි යනව රජවාසලට.. හනිමුන් එකේදි වැඩේ අබ්ලික්.... නැන්දම්ම ඉල්ලනව ගේම.. මනමෙට තදවෙනව.. උබලගෙ දේපල මට එපා කියල බහිනව පාරට... ඔන්න කැලේ එද්දි වැද්දව සෙට් වෙනවා.. වැද්ද දානව සිද්දිය..
ඔය ඊට පස්සෙ මොනව මොනව හරි කරල කොටස් දෙක තුනක් ගැහුවනම්... වැඩේ ගොඩනෙ... කොහෙද වැද්ද ඉස්සර උනානෙ... ශික්... අර ගෑනිටත් කටවහන් ඉන්න බැරි උනා.....

කොහොමින් කොහොම හරි ඔන්න මිස්ට ඇන්ඩ් මිසිස් මනමෙ දෙන්නම පරලොවනෙ... වැඩේ කියන්නෙ ඔන්න මනමෙ කුමාරිට අහු උනාලු දවසක් මනමෙකුමාරය... ඒ ලෝකෙදි.. ඔන්න කුමාරය සිද්දියය දාන්වලු කුමාරිට.....හපොයි මේක දිග වැඩි උනා.. ඉතුරු ටික නිසදැසකින් ඔන්න එහෙනම්

                            මනමේ කුමරියට
                            හමුවී..
                            මනමේ කුමරුන්
                            මලවුන්ගෙ ලෝකයේ
                            දවසක්....
                            ඇහුවාලු
                            මනමේ කුමරු
                            කුමට වැද්දාට
                            දුනාද කඩුව
                            තරහින්..
                            බැදල හැටපැයක්
                            සිංදු කිවුව මිස
                            එක්කන් ගියාද
                            තමුසෙ මාව
                            හනිමුන්...
                                                              ඇතිනෙ.... මනමෙ පට්ට පජාතයි එහේදිත්... ... පවු අප්ප මනමෙ... මටන දුකේ බෑ කොල්ල ගැන





ප්‍රීති-යෙන් මිනී මැරීම

                                    
     මිනී මරන එක එල්ලුන්ගස් යන්න වෙන වැඩක්...ඒ අහුඋනොත්ත්නෙ.....එක එක සෙල්ලන් දාල මිනී මරල හැංගිල ඉන්න අයව හොයන්න ඔය පොලීසිය රහස් පොලීසිය වගේ ඒව තියෙන්නෙ..අහු උනොත් කුදලගෙන ගේනවා නඩු දන්නවා සාක්කි අහනව වැරදිකරුනම් හිරේ.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ.. ඔය ශර්ලොක් හෝම්ස්ල වගේ අය ඉදියොත් බඩු පැකට්.. මොකද වැඩේ අහුවෙනවාමයි..අනික සියලු ආගම් වලට අනුවත් පර පණ නැසීම පාපයක් පොඩි මෑන් ගෙ පොඩි දැනුමෙ හැටියට...
එතකොට ඔය පන නැති එකක් මැරුවම  ......??
පන නැත්නම් කොහෙද බොල මිනී මැරුමක්.....
හා එතකොට පන එන්න හදද්දි එන්න දෙන්නෙ නැත්නම්....???
ඒකත් මිනී මැරුම් ජාතියක්ද ???
හ්ම් ම්ම් ..ම්   ඒකන්ම් ඔය අපරාද පොත්වල නැති කැටගරියෙ එකක් වෙන්න ඕනෙ...
එහෙම වෙන්න බෑනෙ.. ඒ විදියට මරන්න කියල ඔය හැමෝම කියන්නෙ.....
එහෙම කියනවද??
නැත්නම්... මාත් එහෙම කරන්නයි යන්නෙ..පූජාවක් කාරිය තියල, ඒක නිසා අවුලක් නෑ
ඒ කොහොමද..??
මෙන්න මෙහෙමමෙහෙම.....

                                      දෙගල් දොරු
                                      දෙවොලෙ පූජා අද
                                            රෑ තිස්සේ....

                                     ගිනි කන වැටුන
                                     දායකයා නටත්
                                            ඒ අස්සේ....

                                     ගන්දබ්බයන්
                                     පොරකන නිසාම
                                           හිස් අහසේ....

                                    වන්දනාවෙ කිරිපිඩු
                                    රබර් මල්ලට
                                           හොර රහසේ....

2011-06-15

කතන්දරගෙන් හා වැප් ගෙන් පොඩිමෑන්ට තල්ලුවක්...




    බ්ලොග් එක ලියන්න පටන් අරගෙන අද වෙනකොට (අද කිවුවට මේක දාන්න වෙන්නෙ හෙට, මොකද මම මේක ලියන්න පටන්ගන්න කොට වෙලාව 11.50 ) සති තුනක් නෑ... ලැබුන වැඩිම හිට්ස් ගාන වගෙම කමෙන්ට් ගාන ලැබුනෙ අද... අද බ්ලොග් එක පැත්තෙ ඇවිත් බැලින්නම් මෙන්න බ්ලේ මලකෙලි විසි එකොලහයි... මෙන්න හෙනගහන්න හිට්ස්... කමෙන්ස්.. ෆලෝවස්ලා... නයි කයිද රෝස් පාන් කිවුවලු

"ඒ මේ මොකක්ද බලන්නෙ හො(ර්)අ මූවි එක්ක්ද...  මොකද කට ඇරගෙන..."

නංගි ලගටම ඇවිත් එහෙම අහනකොටයි මට  තේරුනෙ මම ඉදපු තත්වෙ...එයා හිතල තියෙන්නෙ මම කටත් ඇරගෙන හොල්මන් චිත්‍රපටියක් බලනව කියල... යකඩෝ ... මොක්ද එකපාරට මෙහෙම වෙන්න හේතුව.. ??

දියත් කරා මහා විමර්ශන හෙහෙයුමක්...  බලාගෙන යද්දි කතන්දරගෙ  බ්ලොග් එකෙන් තමයි වැඩිම ගානක් ඇවිත් තියෙන්නෙ... කතන්දර ඉතින් බ්ලොග් එක පටන් ගත්ත දවසෙ ඉදලම කමෙන් දාල මට ෆුල් සප් එක් දුන්නා... ඒත් ඉතිං මේ එකපාර හෙන වැදුන වගේ වෙන්න  මොක්ද හත්වලාමෙ වෙලා තියෙන්නෙ.. ??

බැලින්නම් මේකනෙ..... කතන්දර මට පොඩි තල්ලුවක් දාලා..... කතන්දර දැම්මෙ පොඩි තල්ලුවක් උනාට මටනම් පුකට පෙට්‍රල් ගැහුව වගේ...ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ... කතන්දර මම කියවන බ්ලොග් ගොඩට මගේ එකත් දාල ඒකයි මේ ශනික විපර්යාසෙට හේතුව..

බොහොම ස්තූතියි කතන්දර.......

අපිවගේ අලුත් බ්ලොග් කාරයෙක්ට ලියපු දේකට කමෙන්ට් එක් වැටෙනව කියන්නෙ ආයෙ...... ආයෙ..... ම්හ්... ඒ සතුටට කියන්න උපමාවක් හිතාගන්න බෑ මේ වෙලාවෙදි...



කලකට කලින් මූනු පොතේ කතාලියන ගෲප් එකට  දාපු මීට අවුරුදු 4කට  විතර කලින් පරන ඩයිරි එකක දිගට ලියාගෙන ගිය මග දිගට කතාවට තමයි වැඩිම ප්‍රතිචාර ඊලගට අවජාතකයාගෙ යුතුකමට.. මගදිගට කතාව දිගටම ලියන්න කියල මූනු පොතෙත් ඉල්ලීම් ගොඩක් තිබුනා... දැන් බ්ලොග් එකෙත්.. කට්ටිය කියවනකොට කමෙන්ට් වැටෙනකොට..අම්බානෙක ආතල් එකෙක් දැනෙනකොට කොහොමද ඉතිං නොලිය ඉන්නෙ...

මම ලියනවා .... අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ...

කමෙන්ට් කරපු අයට, කතා කියවපු අයට බොහොම ස්තූතියි... කතන්දරටත් ආයෙ බොහොම ස්තූතියි..

කථාව එක්කම හැමදාම මම ආස කරපු සදැස් නිසැදැස් ටිකුත් දාන්න අයිඩියා එක තියෙනවා... හැමදාම මූනුපොතේ නම් දහයක් විතර ලියනව.. ඒවයින් තෝරල ටිකක් දානව මේකෙත්...

වෙලාව තමයි ප්‍රස්නෙ... වෙලාවක් හදාගෙන හරි දාන්නම්කො...
එතකන් හැමෝටම හා මට ජයවේවා.... !!!

ප.ලි

පයනු අතදිග ලෝයනු කිවුවලු..... මේක ලියල පබ්ලිශ් කරල බස් පැත්තෙ රවුමක් දාද්දිනෙ හත්වලාමෙ වැප් අයියා මගේ කතාව ගැන වරුනනාවකුත් එක්ක බස් එක් දාල තියෙනව දැක්කෙ.... ඔන්න එහෙනම් වැප් අයියේ... ටැන්කූ කිවුවා... බොක්කෙන්ම තමයි.. ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

2011-06-14

අවජාතකයෙක් ගේ යුතුකම් ඉටුකිරීම


                                මම නැමති කාලකන්නියාගේ
                                මුල් බීජයවූ
                                ශුක්‍රාණුව.....
                                අයිති එකාට,
                                වැදෑමහේ ඕජස් සමග
                                මා....
                                කුණු ගොඩට විසිකර
                                ගැහැනියට
                                ගබ්සාවේ පාඩම
                                කියා නුදුන් නිසා....
                                යුතුකම් ඉටු කරන්නට
                                උපත්පාලන කොපුවක් යැවීමි....

2011-06-11

ගොතාපු ඒවා 3



                            ඔය ලොකු ඇස් දෙක මවන සිතුම් වල
                            හෙවනැලි වැටිලා ඔය සුදු මූනට
                            පෙම්පාටින් තව තව දිලිසෙනකොට
                            සිපගන්නැතුවම ඉන්නේ කොහොමද

                           දේ දුනු ලෝකෙන් සිහින ගෙනත් මම
                           එක එක තියලා ඇහිපිල්ලම් යට
                           කඩුපුල් මලකින් සුවද නෙලාගෙන
                           සරසිමි සිහිනය තව හැඩ වන්නට

                          මගෙ අත ගෙන ඔය බදවට දාගෙන
                          සිවුමැලි කොපුලක් පපුවෙ රුවාගෙන
                          නිදියන්නැතුවම දෑස් පියාගෙන
                          එලිවෙනක්ම් විදිනෙමි නුඹ උණුහුම

2011-06-06

මග දිගට 1



අප්පට සිරි වෙලාව 7.30 පහුවෙලා... පංති 8.00 . කොහෙද ඉතිං, මේ දවස් ටිකේම දුන් දදා නිදාගෙන වස කම්මැලිනෙ ... ආයිත් කලාස් යනව කියල මතක් වෙනකොටත් මරනව වගේ හපෝයි..... ඕ ලෙවල් ඉවර වෙලා ඒ ලෙවලුත් පටන් ගත්තනෙ ඉතිං. කලාස් පටන් ගෙන තාම සති දෙකයි.දවස් දෙකේම ගියෙත් පරක්කු වෙලා.ඒක ගානක් නෑ සෙට් එකත් එක්ක ගිය නිසා.අදනම් සේරටම වඩා පරක්කුයි.අපේ එකෙක් බේතකටවත් ඉන්න  එකක්ක් නෑ..

                                              මම මූන හොදල ඩෙනිම දාගෙන ටී එකකුත් දාගෙන එලියට බැස්සා.
" ඒයි මේ කොහෙද යන්නෙ ??"
අපෙ අක්ක දැන් තමයි මාව දැකල තියෙන්නෙ
"ඇයි පන්ති යන්නෙ පේන්නෙ නැද්ද ?"
"පංති...? මේ වෙලාවට ?"
එයා හිටතන්න ඇති මම නිදාගෙන ඉන්න කොට අද පංති නෑ කියල
"ඔවු හලෝ පරක්කු උනා"
මම එහෙම කියාගෙන ගේටුව ඇරියා...
"හනෙ හනෙ තමුසෙනම් කරයි ඒලෙවල්ම"
උදේ පාන්දරම අපෙ අක්කක්කගෙ සෙත් පිරිත් ගායනය මැද්දෙ මම පාරට ආව. වෙලාවට අම්ම වැඩට ගිහින්. නැත්නම් ඉතිං අයෙ ආටානාටියත් කියවනව. අයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ. කොහොම කොහොම හරි හෝල්ට් එකටත් දුවගෙන වගේ ආව. බේතකටවත් අපේ එකෙක් ඉදීවිද ?... ම්ම්ම්ම්ග් එකෙක්වත් නෑ... දැන් ඉතින් මොකද කරන්නෙ පන්තියට යනකොට 8.40 වත් වේවි. දාහක් විතර සෙන අස්සෙ ෆුල් ඇඩ් එක වෙන්න තමයි වෙන්නෙ ගෙදර යනවද... පංති යනවද ... පුග්.. කොහේ ගෙදර යන්නද අර මාර දූති අද ගෙදරනෙ. මතක්වෙන මතක් වෙන සැරේට බනීවි මට. යනව ටවුන් එකට ගිහිල්ලම බලනව කාසිය වාසිය උඩ දාල.
                     හෝල්ට් එකට වෙලා මම ඔටුවෙක් වගේ බෙල්ල දික් කරගෙන බලන් ඉදියා. පරක්කු වෙලා තියෙනව මදිවට අද බසුත් නෑ.. ශික්..!!! සීටී බී එකක් ආවොත් හොදයි නැත්නම් ඉතින් අතේ තියෙන දහයට තමයි කෙලවෙන්නෙ. එහෙම හිතල ඉවර කරන්න උනේ නෑ වංගුවෙන් මතු උනේ ප්‍රයිවට් එකක්.. නොදකින් විතරක් අදනම් ලබපු ග්‍රහය නම් අන්තිමයි. මොනව කරන්නද ඉතිං.සීටීබී එනකම් ඉදියොත් පන්ති අරින්න තමයි යන්න වෙන්නෙ . කරන්න දෙයක් නෑ මේකෙ යනව.කොට කොට ඇවිත් මාගේ ලග නවත්තපු බස් එකට සයිබීරියාවට පිටුවහල් කරපු වහලෙක් වගේ මමත් නැග්ගා.ඔෆිස් ටයිමුත් පහුවෙලා නිසා බස් එකේ සෙනගත් නෑ. දොරගාවම සීට් එක එහෙමත් පිහිදාල වාඩියකුත් දැම්මා 
                           ශික් විතරක්.. බලපන්කො මේයකා යන්නෙ නෑනෙ කොටනවනෙ.අම්මප අනින්න හිතයි මූට දෙකක් .වෙන වෙලාවට නගිනක ඉන්නෙත් නෑ තදියම. අද බඩගානව මෙහෙම ගියොත් ඉතින් යාවි පංතිම.. හපෝයි... පැයක් විතර පරක්කුවෙලා පන්තියට යනකොට ආයෙ ඉතිං හොදි ඕනෙ නෑ... 
                                   බස් එක ඊලග හෝල්ට් එකෙත් නැවැත්තුවා... නොදකින් විතරක් මෙ යකා යනකොට හෙට එලිවයි.අදනම් පංති යන්නෙ නෑ... මම හිත හදාගෙන ශීට් එකට හේත්තු වෙලා ඇස් දෙකත් පියාගත්තා.
                       
මම ඇස් දෙක පියාගෙන විනාඩියක්වත් ගියේ නෑ කොහෙදෝ ඉදල නහය ගලවගෙන යන සුවදක් එන්න පටන් ගත්තා... අප්පට සිරි කවුද යකඩෝ මේ. මගේ ඇස් දෙක මම හිතන්නත් කලින් බලෙන්ම ඇරිල සුවදෙ අයිති කාරයව හොයන්න ගත්ත.... ම්ම්ම්ම්ම්ම්ම් චොකලට් පාට ස්කර්ට් එකක් එක්ක කහපාට ටී එක් ඇදගත්තු කෙල්ලෙක් හිටගෙන ඉන්නව මට ටිකක් එහායින්. එයා පැත්තට හැරිල ඉදපු නිසා මට එයාගෙ මූන පෙනුනෙ යාන්තමට වගේ. ඒකත් මූන පුරා වැටිච්ච කොන්ඩෙට වැහිල... අම්මපා මුන්ට කොන්ඩෙ පීරන්න බැරි හැටි. එතකොට මෙයාද මේ සුවදෙ අයිතිකාරි... වෙන්න්න එපයි එහෙම... මෙච්චර වෙලා තිබුනෙ මල පෙරේත් ගදක්නෙ බස් එක ඇතුලෙ. මෙයා නැග්ගට පස්සෙ තමයි අයෙ මේ සුවද... අම්මා......ග්... නහය ගලවගෙන යනව.. අම්මප මෙයාගෙ තාත්ත කපුරුබෝල කාරයෙක්ද දන්නෙ නෑ... පේන විදියට කෙල්ලත් කපුරුබෝලයක් වගේ සුදුයි.. අම්මප තාත්තනම් කපුරුබෝල කාරයෙක්ම තමයි ආයෙ හෝදන්න දෙයක් නෑ ...කොහෙද ඉතිං.. උදේ පාන්දර ඉදලම අවටියල් වැඩ සිද්ද වෙලා ඒ ව අමතක කරල දාන්න අර කපුරුබෝලයක් වගේ සුදු මූන බලාගන්න බැරි හැටි... කොච්චරවත් නැග්ගත් හරි තාම අහක බලාගෙන.. මේ පැත්ත බලනවකො ඕයි..ම හිතින් කෑ ගහල කිවුවා ම්ග්.... බලන්නෙම නෑ... ඇහැත් රිදෙනව රබර් ඇහැ දාලම

2011-06-01

සසර දුකෙන් එතෙර වෙන්න මට.... දහම් දෙසාපන් අම්මෙ...

                            සමහරු සසර කලකිරිල මහණ වෙනවා..තවත් සමහරු කරන්න දෙකක් නැතිව මහණ වෙනවා. තවත්සමහරු කන්න බොන්න විදියක් නැති නිසා තමන්ගෙ බඩ වියත රැකගන්න මහණ වෙනවා.. සමහර හාමුදුරුවෝ තමන්ට ගෝලයන් නැති නිසා කවුරුහරු නෑදෑවෙන කෙනෙක් මහණ කරගන්නවා..ඒ ඉතිං පන්සලේ දේපල පිට යනවටනෙ......තවත්සමහරු "අම්මට හුඩු පන්සල්වල තියෙන සැප.. කාල බීල නිකන් ඉන්නෙ තියෙන්නෙ" කියල සැප විදින්න මහණ වෙනවා....ආයෙ හෝදන්න දෙයක් නෑ ඒකෙ..

                           බුදුහාමුදුරුවො සසර දුකින් එතෙරවෙන්න පෘතග්ජනායාට ඒ මග කියාදෙන්න සාසනේ පිහිටෙවුවාට හැමදේම තාවකාලිකයි කියන සම්බුද්ධ දෙශාවම සත්‍ය කරමින් සම්බුද්ද සාසනෙත් ටිකෙන් ටික පරිහානියට පත්වෙලා....කාටවත් ඕක නෑ කියන්නනම් බෑ.....
                                            
                           දැන් ඉතිං ඔය එක එක හේතු නිසා සාසනේට ඇතුල්වෙන අයගෙ ඔය හේතු පිටිපස්සෙ තියෙන සමහර කතා දිහා බැලුවහම ඔය හේතු සාදාරණද නැද්ද කියලත් වෙලාවකට හිතෙනවා...මට මොකටද හාමුදුරුවො සාසනේට ඇතුල් උන හේතුව..පන්සලට ගියා.. කියලදෙන බණපදයක් අහගත්තා..වදිනවනම් වැන්ද... ආව එච්චරයි.......වෙලාවකට එහෙම හිතුනත් වෙලාවකට... අනේ මම දන්නෑ..

                            මාරයාගෙ පන්සල් ජීවිතය කියවගෙන යද්දි එක්තරා පන්සලක පොඩි හාමුදුරුනමක් කියපු ඔයවගේ සිද්දියක් මතක් වෙලා කුරුටුගාල මූනූ පොතේ ටික කාලෙකට කලින් දාල තිබුන වචන ටිකකට අද කවුදෝ ආයෙ කමෙන්ට් එකක් දාල ගිහින් ....

                          ඉතිං මට හිතුනා ඒක බ්ලොග් එකෙත් දාන්න..අර කවුදෝ දාපු කමෙන්ට් එක නෙවෙයි... මම කුරුටුගාපු වචන ටික


                          

                           මේ වැලි මලුවෙ වැලි කැටයක් ගානට
                           මම අඩන්න ඇති අම්මෙ...
                           මේ වැලි මලුවෙ වැලි කැටයක් ගානට
                           මම උඹට අඩගහන්න ඇති අම්මෙ..
                           අතින් අල්ලගෙන උඹ මාව ,
                           පන්සලට එක්කගෙන එන කොට
                           මේ වැලි මලුවෙම මම පෙරලුනා
                           උඹට මතකද අම්මෙ..
                           ලොකු හාමුදුරුවන්ට මාව බාරදීල
                           උඹ ගිය වෙලාවෙත්
                           මේ වැලි මලුවෙම මම
                           පෙරලිලා ඇඩුව අම්මෙ..
                           අවජාතකය කියල,
                           ගමේ එවුන් කියපු වචනේ තේරුම
                           ගල් කඩල මහන්සියට පිලේ
                           ඇලවෙලා උන්න උඹෙන් මම ඇහුවාම
                           උඹ වචනයක්වත් මට
                           කිවුවෙ නෑ අම්මෙ...
                           ඒ වෙනුවට උඹ චීත්තෙන්
                           කදුලු පිහිදුවා මට මතකයි අම්මෙ...
                           බුදුහාමුදුරුවන්ගෙ ඇගිල්ලෙ එල්ලිලා
                           ගිය රාහුල කුමාරය
                           මහණ කරාම,
                           දෙමාපියන්ගෙ කැමැත්ත නැතිව
                           මහණ කරන්න එපා කියල
                           සුද්දෝදන රජතුමාගෙ ඉල්ලීම
                           බුදුහාමුදුරුවො පිලිගත්ත කියල
                           ලොකු හාමුදුරුවො අපට ඉගැන්නුව අම්මෙ....
                           දෙමාපියන්ගෙ කැමත්ත විතරද ඕනෙ
                           මහණ වෙන්න තමන්ගෙ කැමැත්ත ඕනෙ නැද්ද
                           මේ වැලි මලුවෙදිම
                           මම ලොකු හාමුදුරුවන්ගෙන් ඇහුව අම්මෙ..
                           උන්වහන්සෙ මගේ ඔලුව අතගෑව
                           උඹ වගේම උත්තරයක් දුන්නෙ නෑ අම්මෙ...
                                     ඒත්.................
අවුරුදු ගානක් මේ වැලි මලුව අමදිද්දි.....
මේ වැලි කැට ගානට උඹ නොදැක කදුලු වැටෙද්දි.......
ඒ හැම ප්‍රස්නෙකටම උත්තරේ
මේ වැලි මලුව මට කියාදුන්න අම්මෙ......
අදත් මේ වැලි මලුව ඇමදලා
මේ වැලි මලුවටම වෙලා
මම එක දෙයක් ඉල්ලනව අම්මෙ.......
උඹ මතු බුදු උනාම
මේ වාගේම වැලි මලුවක

සසර දුකෙන් එතෙර වෙන්න
මට........
දහම් දෙසාපන් අම්මෙ......
                                        


ප.ව  :-  

         
නදීගෙ කමෙන්ට් එක දැක්කාමයි මට මේ ටිකත් දාන්න හිතුනෙ......
මේ හාමුදුරුවොත් පොලොන්නරුව පැත්තෙ පන්සලක තමයි මහණ කරවල තියෙන්නෙ පොඩි හාමුදුරුවො කිවුවෙ පන්සලට පොඩි හාමුදුරුවො නිසා.. නැත්නම් මටත් වඩා අවුරුදු  6ක්   විතර වැඩුමල්.. කතාව කිවුවෙ හාමුදුරුවො ඇස් දෙකේ කදුලු පුරවගෙන.. එතකන් කතාව කාටවත් කියල නෑ...කතාව කියල ඉවර වෙලා මගේ අම්ම බුදු වෙන්න ඕනෙ කියල අත් දෙක එකතු කරල අහසට වැන්දා...
 

තින්තතෙතයියා දැකල තියෙනවද ... ???

             

                                               
                                 කස්ටියම සත්තු වත්ත ගාවින් බහිනකොට උදේ දහයට විතර ඇති... සතියෙ දවසක් උනත් පෝලිමත් ටිකක් තියෙනවා.. මුන්ටිකනම් පෝලිමේදිම අතින් අල්ලන හිකි හිකිය.. ඇතුලය ගියාම ඉතිං කුරුලු තොරන් තමයි අපිට බලන්න වෙන්නෙ.. ඔන්න වෙන ඔයවගේ සීන් එකක් යනවනම් රබර් ඇහැ දාලවත් බලතෑකි.. ඒත් මේව බලන්නවත් කියලද ?? කොච්චර උනත් එකටම ඉන්න සෙට් එකේ උන් ටිකයි උන්ගෙ පාටි ටිකයිනෙ..  අපි තුන් දෙනාට පාන් වාටි තමයි.....
                            
                            කස්ටියම කෙල්ලො ටිකත් එක්ක වන්ඩේ ට්‍රිප් එකක් දාගන්න කතා උනේ A/L කරන්න මාසෙකට කලින් ඉදලා... ඒත් ඕක ක්‍රියාවට නංවන්න උනේ රිසල්ට් ඇවිල්ලත් මාස 4කට විතර පස්සෙ...
                            
                           හුම්මානෙ අරමානෙ මේමානෙ කන්දෙ විහාරෙ ඔය ඔක්කොම යෝජනා ආවත් මොන්ඩිසෝරියෙනුත් ට්‍රිප් එකට ගිහින් බලල තියෙන සත්තු වත්ත බලන්නමයි කට්ටියට එන්න ඕනෙ උනේ... ඔවු ඉතිං කල්පනා කරල බලද්දි ඒකෙත් වැරද්දක් නෑ.. ඔය කොයි විහාරෙත් වැදගන්න පුලුවන් තැනක් තමයි සත්තු වත්ත කියන්නෙත් ඒ ගැන ඉතිං මොකට කතාකරනවද..
                          
                          කපල් 5ක් මේ ගමනට එන්න සෙට් උනත් ආවෙ කපල් 4යි දානෙගෙවල් මලගෙවල් විකුනල ආව ස්ත්‍රී පරාණවල වල්ග තුනකුත් එනව කියල ආරංචිය ආව නිසාම.. ඩබල්වීමේ බලාපොරොත්තුව ඇතිව අපි සිංගල් තුනකුත් ගමනට සෙට් උනා... ඒත් ඩබල් වෙන්න මවපු හීන ඔක්කොටම shift + Delete වැදුනෙ ආව වල්ග ටික දැක්ක ගමන්මයි.. නොදෝමකින්....දෙකක් තෙමිච්ච අටපට්ටම් වගේ...  එකක්නම් ටිකක් විතර ශේප්... ඒත් දැන් තුන්දෙනාම ඕකට එන්ටර් උනාම ඔතන පිහි ඇනිලි ඩප්පි ගැසිලි ගෙල සිරකර මැරිලි... තනිකර 007 ගෙ ෆිල්ම් එකක් වගේ වෙනවා ලෙසටම ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ...
                          
                          ඔන්න නමෝවිත්තියෙන් ගමන ආරම්භ කරා කියමුකො.. ගමන ආව අනිත් සිංගල් පරානියො දෙන්න ගාල්ලෙන් කෝච්චියේ නැග්ග වෙලාවෙ ඉදලම අනෙකා පරයා නැගෙන ඩබල් වීමේ මහා අමානුෂීය මෙහෙහෙයුමේ යෙදෙන්න ගත්තතා... එයින් මෙයින් උනේ,අර තෙමිච්ච අටපට්ටන් දෙකම මගේ පැත්තට කැරකෙන් කූඩුදෙකක් වෙන එකයි.... හුම්ම්.... ඔවු ඉතිං කපල්ස් විතරක්  යන ට්‍රිප් එකකට යාලුවත් එක්කනෙ එන්නෙ කියල බයිල දාල මුනුත් හොට දාල තියෙන්නෙ අහවල් එකකටයැ... අර දඹදිව යන්න බැරිව අපේ ආච්චිත් ෆොටෝ එකක් තියන් වදින්නෙ.එහෙම හරි වැන්දාම හිතට සැනසීමයි කියන්නෙ....

                      ඔයින් මෙයින් එකසිය ගානට කරකැවෙන කැරකෙනෙ කූඩු දෙකේ පිහිටෙන් මාත් පාලුව කාන්සිය මකාගෙන දෙහිවලට එනකම් ඇවිත් සත්තු වත්ත ගාවටත් ආවා.. පැය දෙකහමාරක  ඇවෑමෙන් අපේ එක සිංගල් ප්‍රානියෙක්ට විරුද්ද පාර්ශවයෙන් වැඩිපුර ලකුණුලු  

                           ආවෙ කපල් 4 උනාට 5ක් යන පෙරලකුණු දැන්මම පහල වෙලා.. මොනව උනත් එකට ඉන්න එකා නේද කියල අනිත් එකත් කැරකෙන් කූඩුවලට විරිදු කියන්න මාත් එක්ක සෙට් උනා.. හොද වෙලාවට..

                         ඔන්න සත්තු වත්තට ඇතුල් වෙලා මින් මැදුර එහෙම බලල ඉවර වෙනකොට අර කපල් ආපු අයනම් හොයාගන්න ඉදියෙ නෑ.. අනේ අපිට මොකො.. අපි හොයන්න ගියෙත් නෑ.. ඇත්තටම ආවෙ සත්තුවත්ත බලන්න නෙවෙයිනෙ..ඒත් අපිට කරන්න වෙන වැඩකුත් නැති නිසා ඔන්න අපි සත්තු වත්ත බලාගෙන යනව බෝඩ් පිලිවෙලට...අපි කිවුවෙ... මම, මානුශික මෙහෙයුමෙන් පැරදුන සිංගල් ප්‍රානියා කැරකෙන කූඩු දෙක, වගේම අලුත් සෙට් වේගෙන යන කපල් එක.. අනිත් අය මිසින් උනාට මෙයාලට තාම නාමයෝජනා අනුමත් වෙලා නැති නිසා ඒ කෙරුවාව කරන්න බෑ වගේ ... හැබැයි නිතරම අපි හතර දෙනාගෙ පස්සෙන්මයි ආවෙ...
                      
                       දැන්නම් අඩුදෙක කකියනව ලෙසටම.. සියලු දෙනාගෙ එකගත්වය මත අපි වාඩි උනා එතන තියෙන සිමෙන්ති බැම්මක.. ඒ හරියෙ ගොඩක්ම වගේ තිබුනෙ සත්තු දාල නැති අලුත් කූඩු... තුරුලුවෙන්න ගිය කට්ටිය නැතුව අපි ඒ වෙනකොට කුරුලු උයනයි බල බල ඉදියෙ... මතක හැටියට..

                      ඔන්න කට්ටියම කයියක් දාගෙන ඉන්නවා.. කස්ටියම කිවුවෙ ඩබල් වේගෙන එන දෙන්නයි.. කැරකෙන කූඩු දෙකයි... අපි දෙන්නට ගමන දැන් එකසිය ගානට බෝරින් මොනව කරන්නද මෝඩ කන් වල මහත..  අනිත් අයටනම් ආයෙ හෝදන්න දෙයක් නෑ.....
කස්ටිය බරටම කයිය...

"මේ හරියෙ කූඩු ගොඩක් අලුතෙන් හදාගෙන යනව නේද  අනේ?? ලගදිම තව සත්තු ටිකක් දාවි ගෙනත්.."
"ඔවු... කලින් අවුරුදු දෙකට විතර කලින් එනකොට මෙච්චර ඉදියෙත් නෑ දැන් අලුතෙන් හදල.."
"ඒකනෙ ජීවිතේටට අහල නැති සත්තු ජාති ඉන්නවනෙ අනේ.. බලන්න කුරුල්ලො කොච්චර ඉන්නවද අපි අහලවත් නැති"
"ඒකනෙ අන්න අතන කූඩුවෙත් අලුත් සතෙක් ඉදියා නම ගහල තිබුනට දැක්කෙනම් නෑ"
"මොකාද?"
"තින්තතෙතයියා... ඔයා අහල තියෙනවද ඒහෙම කුරුල්ලෙක්.."
ඈ... තින්තතෙතයියා.. ඒ මොකාද ඒ... අපෙත් කන් ඉස්සුනා ඒ කතාවට..
"කොහෙද බං එහෙම එකෙක් ඉන්නෙ ??"
"අන්න අර කූඩුවෙ නම දැක්කට මමත් දැක්කෙ නෑ කූඩුවනම් ලොකුයි පත සයිස් කුරුල්ලෙක් වෙන්න ඇති.."

                        එහෙම කියාගෙන පොරම ඇවිදගෙන ගියා කූඩුව ලගට ගිහිල්ල කූඩුවෙ දැලෙත් එල්ලීගෙන තින්තතෙතයිය හොයනවා... යකෝ මේ අමුතු කුරුල්ල බලන්න අපිත් සෙට් උනා කූඩුව වටේට.. අපේ සෙට් එකම එබිල බලනව දැකපු සත්තුවත්ත බලන්න ආව වෙන සෙට් එකකුත් එතනට පිරුනා තින්තතෙතයියා බලන්න .. මොකද ඒ හරියෙ සත්තු ඉන්න කූඩු තිබුනෙ ටිකයි අනිත්ව හදාගෙන එන ඒව මිනිස්සුත් හිතන්න ඇති මෙතන අරුම පුදුම සතෙන් ඉන්නෙ කියලා..
මාත් ඇහැ කරකවල බැලුවා ම්හුග්.... පේන්න තින්නතෙතයියෙක් නැති නිසා නිකමට වගේ බෝඩ් එක බැලුවා... කෝ බෝඩ් එකක්.. බෝඩ් එකක් තියෙනව කාඩ්බෝඩ් එකක ලියල පැත්ත්කක ගහල... බෝඩ් එක දැක්කාමයි මට ඉන්න තැන අමතක උනේ..

               
                   " තීන්ත තෙතයි"
                      අලුත් කූඩුවේ දැලේ තීන්ත ගාල... තීන්ත තෙතයි කියලනෙ යකෝ මේ ගහල තියෙන්නෙ..... බෝඩ් එක ලියල තියෙන්නෙත් අපේ එකාටත් වඩා ගොනෙක්...

                      මේ ගොන් අලියත් ප්‍රේමයෙන් මනරණ්ජිත වෙලා නන්දිත වෙලා ඔක්කොම වෙලා තීන්ත තෙතයි කියල ගහල තියෙන බෝඩ් එක කියවල තියෙන්නෙ තින්තතෙතයිය කියලයි... මට තැන නොතැන අමතක වෙලා බක බක ගාල හිනා යද්දි මාත් එක්ක ඉදපු අනිත් එකත් බෝඩ් එක දැක්ක පොරටත් එකසියගානට හිනා... ඔන්න මුගෙ ලවු සික් එකේ තරම.... ඒ මදිවට දැලේ එල්ලිලා අත් දෙකේමත් කොලපාට තීන්ත.. වැඩේ මීටර් උනාට පස්සෙ එතන ඉදපු අපේ සෙට් එක විතරක් නෙවෙයි අනිත් හැම කෙනාම බඩවල් අල්ලගෙන හිනා උනා..
                         ආයෙ හෝදන්න දෙයක් නෑනෙ... එදා ඉදන් ඌ තින්තතෙතයියම තමයි..

                         තින්තතෙතයිය උනාට මොකද තාමත් ඔය ඉන්නෙ එදා ඩබල් උන ගමන්නම...
කෙල්ල ඌට කතාකරන්නෙත් මගෙ තෙතයිතෝ කියලද දන්නෙ නෑ.. මොකද මාර ස්වීට් මතකයක්නෙ... ඌට නම වැටුනෙයි දෙන්න සෙට් උනෙයි එකම දවසෙ...