2011-05-30

මතකද ??

            බ්ලොග් එක පටන් අරන් දෙවනි දවසෙම මම දාපු පලවෙනි කවියටම බ්ලොග් අවකාශයේ  දැවැන්තයෙක්   හොද ප්‍රතිචාරයක් දුන්නා ... හිතට ආව සන්තෝසෙ නිසාම ඔන්න දැම්ම තවත් කවියක්.. කවියක් කිවුවට කවි පෙලක්.. කලින් එක වගේම...



                                               
                                                
                                එක දවසක් රෑ ගල් පඩි පෙල උඩ
                                ඉදගෙන අපි හද බැලු හැටි මතකද....
                                නුඹෙ ඔය වත මගෙ උරයෙ හොවාගෙන
                                හද අල්ලන්නට හැදු හැටි මතකද....

                                බිංදු බිංදු පිනි එක එක වැටි වැටි 

                                අපි දෙන්නා රෑ තෙමුනා මතකද....                        
                                හමනා හුලගට හීතල දැනුනම
                                නුඹ තව තුරුලට ආ හැටි මතකද....

                                ඇසි දෙක පියාන තුරුලේ හිදගෙන
                                ඉද හිට ටික ටික හිනැහුන මතකද...
                                ඔය කොපුලේ පිනි බිදු එක එක මම
                                සැරින් සැරේ රස බැලුවා මතකද....

2 comments:

  1. ඇත්තටම මේක හොඳයි සින්දුවකට. ටියුන් එකක් දාල ගන්න.

    මං අවුරුදු දහනමයේ දී ලියපු ගී පද මාලා 25 පොත මතක් වුණා. මේක ඒවාට වඩා හොඳයි.

    හැබැයි හද (heart) නෙමේ හඳ (moon) නේද?

    ReplyDelete
  2. ආ... ඔවු කතන්දර.. ඒක පොඩි මිස්ටේක් එකක් තමයි.. මූණුපොතේ මේ කවි පෙල කියවපු තවත් කෙනෙකුත් ඔය කතාව කිවුවා..වැඩේ කියන්නෙ සින්දුවක් කියනකොට තාලෙට මොකකට හරි තඩිබාගන්න පුලුවන් උනාට වෙන සංගීතය ගැන දැනුමක් නෑ.. තියෙන කෙනෙක් අල්ලගෙන පොඩි ට්‍රියි එකක් දාල බලන්න ඕනෙ වෙලාවක...
    ස්තූතියි කමෙන්ට් එකට....

    ReplyDelete